IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරැළිය ප්‍රශංසනීයයි‘

ගතවුණු මාස 12ක කාලය තුළදී  අගමැති වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සිදුවුණු දේශපාලන මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරැළිය ප‍්‍රසංශනීය බවත් ,මේ කෙටි කාලය තුළදී ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ප‍්‍රතිසන්ධානය ඇති කිරීමේ  කටයුතු වල ප‍්‍රගතියක් දක්නට ලැබෙන බවත් නවසීලන්ත අග‍්‍රාමාත්‍ය හා ජාත්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රීය සංගමයේ සභාපති ජෝන් කී අද (26) කොළඹදී පැවසීය.

නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අභියෝග මැද සාමය සහ ප‍්‍රතිසංධාන කටයුතු සම්බන්ධයෙන් ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ මෙහෙවර අතිමහත් වන බවය.

ජාත්‍යන්තර ප‍්‍රජාතාන්ත‍්‍රීය සංගමයේ විධායක කමිටු රැුස්වීමේ සමාරම්භක උත්සවය ඊයේ (26)කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවැති අතර එහි නිලධාරීන් අමතමින් නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා මේ බව කිවේය.

‘මා 2013 දීත් මෙරටට පැමිණියා. එහෙත්, ආසියා ශාන්තිකර ප‍්‍රජාතන්ත‍්‍රීය සමුළුවට සහභාගී වීමට පැමිණි පළමු අවස්ථාව මෙයයි. දීර්ඝ කාලයක් තිස්සේ ඔබේ පරිණත දේශපාලන දැක්ම පිළිබඳ මා අගය කරනවා. නැවත වතාවක් මා ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා සත්කාර රට ලෙස කටයුතු කිරීම ගැන. වාණිජ කටයුතු දිනෙන් දින නව මුහුණුවරක් ගන්නවා. අභිනවයෙන් පිහිටුවූ ආසියා ශාන්තිකර ප‍්‍රජාතන්ත‍්‍රීය සමුළුවට අයත් සාමාජික රටවල් ද වානිජ ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. කැනඩාව,  ඕස්ටේ‍්‍රලියාව සහ ඇමෙරිකාව යන ප‍්‍රධාන පෙළේ රටවල නියෝජිතයන් ද අද මෙහි රැස්ව සිටිනවා. එය සතුටට කරුණක්. නව ආයෝජන අවස්ථා විවෘත කළොත්, අපට ලොකු ඉදිරි ගමනක් යන්න පුළුවන්. කළ හැකි දේ බොහොමයි. ආසියා ශාන්තිකර ප‍්‍රජාතන්ත‍්‍රීය අලූත් සාමාජිකයන් බදවා ගැනීම සම්බන්ධයෙන් ද අප සාකච්ඡා කරන්න සූදානමින් සිටිනවා. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින්, රාම් ජී මෙහි පැමිණ සිටිනවා. ලොකු වැඩිම ජනගහනයක් ඇති ඉන්දියාවේ පාලක පක්ෂය නියෝජනය කරමින් නියෝජිතයකු පැමිණීම අපේ මේ නව සංවිධානය ලොකු ශක්තියක්‘ යැයිද නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ගෙවුණු වසර දහයක කාලය තුළ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැඩි හානි සිදුවූ බවත්,වසරකට පෙර  මෙරට ප‍්‍රධාන පක්ෂ දෙකෙහි එකතුවෙන් ගොඩනැඟුනු යහපාලන ආණ්ඩුව හරහා නැතිවී ගිය රටේ ප‍්‍රජතන්ත‍්‍රවාදය ශක්තිමත් කරමින් එය යළි තහවුරු කිරීමට කටයුතු කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම අවස්ථාවට එක්වෙමින් පැවසීය. 

‘වසරකට පෙර මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය යළි තහවුරු කෙරුණු අවස්ථාවක ජාත්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රීය සංගමයේ විධායක කමිටු රැස්වීම පැවැත්වීම ශ්‍රී ලංකාවට ලැබුණු සුවිශේෂි අවස්ථාවක් ලෙස සලකනවා.මෙරටේ පවතින ප‍්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් යහපාලන ආණ්ඩුවක් මීට වසරකට පෙර බලයට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවමින් සිටිනවා. දශක දෙකක් තිස්සේ බලයේ සිටි පක්ෂ විසින් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැඩි හානි සිදුකළා.නමුත් මෙම යහපාලන ආණ්ඩු පෙරළියත් සමඟ නැතිවී ගිය මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළිත් අපි තහවුරු කරමින් සිටින බව ජාත්‍යන්තර ප‍්‍රජාතන්ත්‍රීය සංගමයට දන්වන්නේ සතුටින්.‘ යැයි ද අගමැතිවරයා කීය.

DSC_0PMVPM201626763 pmvpm2016226_6906 pmvpm2016226_6906-2



අදහස් (0)

‘ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරැළිය ප්‍රශංසනීයයි‘

රොහාන් Friday, 26 February 2016 12:42 PM

ලංකාව කියල රටවල් දෙකක් තියනවද ? මොකද ඔය කියන කතාව අපි ඉන්න ලංකාවටනම් වලංගු නැත (හේ)

:       0       0

කපිල Friday, 26 February 2016 12:46 PM

දී කිරට බළල්ලු සාක්කිලු.... (ර)

:       0       0

දිල්ෂාන් Friday, 26 February 2016 01:25 PM

ජ්හොන් කී දැකපු ලංකාව කොහෙද තියෙන්නේ? අපිට නම් පේන්නේ හැමතැනම උද්ඝෝෂණ. (ර)

:       0       0

ලසිත් ගමනායක Friday, 26 February 2016 01:46 PM

අපේ ජනාදිපති තුමත් ගොඩක් උදවු කලා නේද? ඇයි එතුමා ගැන සඳහනක් නැත්තේ. (ර)

:       0       0

සාලිය Friday, 26 February 2016 02:03 PM

සහතික ඇත්ත. කොච්චර හොදද කිවොත් මීලගට ලංකාවට එන්න ඉන්දියන් විසා වලින් පුළුවන්. (ර)

:       0       0

ජයදේව Friday, 26 February 2016 02:05 PM

මේ අය කොහොමද මෙහෙ වෙන දේ දන්නේ. (ර)

:       0       0

නිමල්ලාලිත Friday, 26 February 2016 02:46 PM

ඔව් සහතික ඇත්ත. (ර)

:       0       0

මහින්ද සෞදි Saturday, 27 February 2016 09:22 AM

පෙරලිය ප්‍රසංසනීයයි,නමුත් පංච මහා බලවේග මහ පාරෙයි. (බ)

:       0       0

බමුණු ආරච්චි Sunday, 28 February 2016 12:43 AM

පෙරැළිය ප්‍රශංසනීය නැතුවායැ කියන විදිහට වැඩ කරනකොට (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 28 February 2016 12:54 AM

දිල්ෂාන්, කියන්න දෙයක්යැ ඒක? (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 28 February 2016 12:50 AM

මම නම් නවසීලන්ත අගමැති ජෝන් කියූ දේ ප්‍රතික්ෂේප කරමි. (නි)

:       0       0

නිම්මි Friday, 26 February 2016 03:47 PM

අනේද කියන්නේ. ලංකාව කියලා වෙන රටකට ගිහිල්ලද කොහෙද. (ර)

:       0       0

ජයවි Sunday, 28 February 2016 04:07 AM

පෙරළිය කරපු අයම කියනවා එය නියමයි කියලා. පුදුම විහිළු (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 27 February 2016 05:08 AM

මෙයාලා ඔහොම තමයි. අපේ රටේදී එකක් කියලා එහාට ගියාම තවත් එකක් කියන්නේ. (නි)

:       0       0

කලණි විතානගේ Friday, 26 February 2016 10:57 AM

නවසිලන්ත අගමැති ජෝන් කී කියූ දේ අපි පහන් සිතින් තහවුරු කරමු. (ර)

:       0       0

නුවන් Saturday, 27 February 2016 12:03 PM

හොඳයි හොඳයි. වෙන ඉතින් මොනවා කියන්නද අපි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 894 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4030 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1451 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site