IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලංකාවේ බර ඉසිලීමේ පිලට බැංකොක් ගුවන්තොටුපළේදී ‘‘සපත්තු වාසනාවක්’’

ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවීම සඳහා මියන්මාරය බලා යමින් සිටි ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිවුදෙනා බැංකොක් ගුවන් තොටුපළේ රැදී සිටියදී ශ්‍රී ලාංකිකයකු විසින් ඔවුන්ට එතෙක් අඩුවක්ව පැවැති ක‍්‍රීඩා පාවහන් ඒ මොහොතේදීම බැංකොක් ගුවන් තොටුපළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිලදී ගෙන ඔවුන්ට ලබාදීමට කටයුතු කර තිබේ. මෙම ශ්‍රී ලාංකිකයා වන්නේ නිශාන්ත මීගල්ල මහතායි. මීගල්ල මහතා ජපානය බලා යෑමට එම අවස්ථාවේදී තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපළේ රැුදී සිටි බවත්, ඔහු වසර ගණනාවකින් පසුව මුණ ගැසුණු තමාගේ මිතුරෙකු බවත් මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ කළමනාකරු ලෙස කටයුතු කළ පූර්ණ කාහිංගල මහතා ‘ලංකාදීපයට’ පැවසීය. මීගල්ල මහතා සමග තරග සංචාරය පිළිබඳව සාකච්ඡුා කරමින් සිටියදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දුෂ්කරතා අසා ඒ ගැන අවධානය යොමු කළ ඔහු මෙම පරිත්‍යාගය කිරීමට ඉදිරිපත් වු බව කාහිංගල මහතා වැඩිදුරටත් පැවසීය. මීගල්ල මහතා කළ මෙම පරිත්‍යාගයෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරිමත් වු බවත් කාහිංගල මහතා පවසයි. ශෂික ඒකනායක, ඉසුරු සේනාධීර, දිනුදා අබේසේකර සහ ඞී.වී.පලගසිංහ මෙම බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවුහ. ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාව සහ ක‍්‍රීඩකයන් තිදෙනා කොළඹින් පිට පළාත්වලින් තරගාවලියට සුදුසුකම් ලබාගත් බවත්, ඔවුන් මෙම තරග සංචාරයට සහභාගිවීමේදී ආර්ථික අපහසුතා රැසකට මුහුණ දුන් බවත් කාහිංගල මහතා පැවසීය. රටවල් 34 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගීත්වයෙන් පෙරේදා (11) අවසන් වු මෙම තරගාවලියේ්දී ශෂික ඒකනායක කිලෝග‍්‍රෑම් 50 බර පංතියෙන් (පිරිමි) රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා බර ඉසිලීමේ පිල ඊයේ (12) දිවයිනට පැමිණියේය.නිශාන්ත මීගල්ල මහතා බැංකොක් ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිවු දෙනා සමග



අදහස් (0)

ලංකාවේ බර ඉසිලීමේ පිලට බැංකොක් ගුවන්තොටුපළේදී ‘‘සපත්තු වාසනාවක්’’

චින්තක Wednesday, 14 November 2012 11:11 AM

හොඳ කියාවක් මේ මහත්මයා කරලා තියෙන්නේ (ස)

:       0       0

ග්‍රිෂාණි Wednesday, 14 November 2012 08:46 PM

ඔය විවිධ ක්‍රීඩා කරන්නේ නැතුව අර 'අපේ පුතාලා' කරන ක්‍රීඩා කරන්නකො. (නි)

:       0       0

යසස් Wednesday, 14 November 2012 08:56 PM

මෙවන් මිනිසුන් අද සමාජයේ සොයාගැනීම ඉතා අපහසුයි. (නි)

:       0       0

දිලරුක් Wednesday, 14 November 2012 12:30 AM

නියම ලාංකිකයෙක්. ඔබතුමාට බොහෝ පින්. (නි)

:       0       0

තුෂාර Friday, 16 November 2012 05:31 AM

නියම ශ්‍රී ලාංකිකයෙක්. (නි)

:       0       0

ෂැනෝන් Thursday, 15 November 2012 12:25 PM

සුභ පැතුම්! ඔබට දෙවි පිහිටයි මහත්මයාණෙනි. (නි)

:       0       0

මාලි Wednesday, 14 November 2012 11:48 AM

සන්තෝසයි නොවෙයි අපි කනගාටු වෙන්න ඕනේ

:       0       0

රවී Wednesday, 14 November 2012 12:05 PM

ඔය බර උසුලන තරඟ දැන් කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ඇයි මේගොල්ලන්ව රේසිං කාර් පදින තරඟ වලට යොමු කරන්න බැරි ??(ස)

:       0       0

රුවන් පෙරේරා Wednesday, 14 November 2012 12:37 PM

ජපානය බලා යන ගුවන් මාගියෙකුගෙන් සපත්තු කුට්ටම් ලබා ගැනීමට තරම් අපේ ක්‍රීඩා අමාත්‍යංශය පහත් මට්ටමකද ඉන්නේ..ජනතාවගේ බදු මුදල් වලට මොනවාද කරන්නේ.. මේකද ආශ්චර්යය..!(නු)

:       0       0

නිවන්ත Thursday, 15 November 2012 12:34 PM

නිශාන්ත අයියේ, ස්තූතියි. හුගක් දවසකට පස්සේ උත්තමයෙක් දැකගත්තේ. (නි)

:       0       0

මංජුල Monday, 19 November 2012 05:05 PM

ඉතා හොද මහත්තයෙක්. රටට ආඩම්බරයක්. (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 14 November 2012 11:32 PM

සියල්ලන් අතරින් සුවිශේෂී පුද්ගලයෙක්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 14 November 2012 01:50 AM

ඔබට වැඩිවැඩියෙන් ලැබේවා! (නි)

:       0       0

මේරි Wednesday, 14 November 2012 01:58 AM

ශශික, ඔබ දැයට කිරුළක්. (නි)

:       0       0

රාම්රසී Wednesday, 14 November 2012 04:06 PM

විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙක් !! ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇස් ඇරේවා (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 14 November 2012 03:20 AM

හිත උණුවන මහතෙක්. ඇත්තමයි හරි සතුටුයි. (නි)

:       0       0

හර්ෂණ Wednesday, 14 November 2012 01:08 PM

අන්න නියම සිංහල ලේ (ස)

:       0       0

චන්දන Sunday, 18 November 2012 10:21 AM

නිශා, ඔබට මගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

වසනා Tuesday, 20 November 2012 06:03 PM

වාසනාවක් නොවෙයි කනගාටුවට කාරණාවක් මොකද ස[පත්තු නැතුවද තරගෙට ගියේ (දී)

:       0       0

හේමන්ත Wednesday, 14 November 2012 04:34 AM

ඒ සපත්තු බලන්න ලස්සන ඇති. කෝ ඉතිං අපිට ඒ වාසනාව නැහැනේ. (නි)

:       0       0

නලීන්ද්‍ර Tuesday, 20 November 2012 06:42 AM

ඔබගේ කාරුණිකභාවයට ස්තූතියි. (නි)

:       0       0

චාමර Wednesday, 14 November 2012 07:37 AM

පුදුමයි. සපත්තු නැතුව කොහොමද තරගයට ගියේ? (නි)

:       0       0

අචිනි Wednesday, 14 November 2012 01:21 PM

සහභාගි වුණූ සියලු ක්‍රීඩකයන්ට සුබ පැතුම්! මහතාණෙනි, ඔබට පින්. (නි)

:       0       0

චන්දන Thursday, 15 November 2012 05:54 AM

සැප කැමැත්තෝ පින් කෙරෙත්වා! (නි)

:       0       0

සුගත් Thursday, 15 November 2012 06:02 AM

මම දන්නවා මෙයා , පොළොන්නරුවේ නේද හිටියේ 1998 ජපානෙට ගියා...(ස)

:       0       0

දේවප්‍රිය Wednesday, 14 November 2012 05:35 PM

නැති අවස්ථාවෙදි පිහිට වීම තමයි උතුම්ම දේ. (නි)

:       0       0

සංජීව Wednesday, 14 November 2012 01:44 PM

ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් සපත්තු වගේ දේවල් බදු වලින් නිදහස් කළා නම් හොදයි. (නි)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 08:15 AM

අයියෝ සල්ලි හොදයි හොදයි

:       0       0

වරුණ Wednesday, 14 November 2012 08:18 AM

ඔබ වැනි පුද්ගලයින් අපගේ ක්‍රීඩා පරිපාලනයේ නොසිටීම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 08:20 AM

අපේ අය පදක්කම් ගෙන්වන්න කතාකරාට අපේ ක්‍රීඩකයොන්ට ඕනි සපත්තුවත් නෑ..අනේ මේවා කාටද කියන්නේ (ස)

:       0       0

කමල් Wednesday, 14 November 2012 01:42 PM

උතුම් පරිත්‍යාගයක්. උදවුවක් කළ යුත්තේ උදවුවක් ලැබිය යුතු අයටයි. (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 07:16 AM

ආදර්ශවත් ශ්‍රී ලංකා පුතෙක්. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

සංජු Wednesday, 14 November 2012 05:52 PM

ඔබගේ උතුම් වැඩේ සාර්ථකයි. අපේ කොල්ලෝ ටික දිනුවා. (නි)

:       0       0

අපොන්සු Wednesday, 14 November 2012 01:53 PM

දැන්නම් සල්ලි නැතුව ඇති මෙයා, තිබ්බ ටික අධිවේගට දැම්මනේ. වරද්දනේ නැතුවම ආශ්චර්යයට ගියගමන් සපත්තු අරන් දෙයි. (නි)

:       0       0

කුමුදු Wednesday, 14 November 2012 02:11 PM

ලක් මවගේ පින්බර පුතුණුවනි ඔබට සඳා ජය (ස)

:       0       0

ක්‍රිස්ටි Wednesday, 14 November 2012 09:13 AM

නියම වැඩක් (ස)

:       0       0

උපුල් Wednesday, 14 November 2012 06:20 PM

හොද ශ්‍රී ලංකාවක්. (නි)

:       0       0

පෙරේරා Tuesday, 13 November 2012 09:20 PM

හොද පින්වත් වැඩක්. ඔබට සදා ජය! (නි)

:       0       0

කිත්සිරි Wednesday, 14 November 2012 09:16 AM

මීගල්ල මහතාණෙනි, ඔබ වැනි අය තව තවත් ලක් මවට වාසනාවන් ! (ස)

:       0       0

ජූඩ් Tuesday, 20 November 2012 10:06 AM

අයියෝ සල්ලි

:       0       0

සදුන් Thursday, 15 November 2012 08:46 AM

ගොඩක් සතුටුයි (ස)

:       0       0

එරංග Wednesday, 14 November 2012 06:42 PM

ඇත්තටම සන්තෝෂයි. ඔහොම මිනිස්සු අඩුම ගණනේ 50ක් වත් හිටියා නම්? (නි)

:       0       0

ලලිත් Wednesday, 14 November 2012 02:15 PM

මෙන්න නියම ලාංකීය මහත්තයෙක් .බොරු කයිවාරු කාරයින්ට ඔබතුමා ආදර්ශයක්. මේ වගේ අහිංසක දරුවන්ට ඔබතුමා මිහිපිට දෙවියෙක් , බුදු සරණයි (ස)

:       0       0

කුවේට් රොෂාන් Tuesday, 13 November 2012 09:48 PM

මිනිසුන් අතර මිනිසෙක්........හොද මහත්මයෙක්...

:       0       0

නිශාඩ් පෙරේරා Wednesday, 14 November 2012 02:31 PM

ඔන්න නියම මිනිස්සු . එතුමාට තවත් පරිත්‍යාගයන් කරන්න වාසනාව, ධෛර්‍ය , ශක්තිය ලැබේවා !! (ස)

:       0       0

බුද්ධික Thursday, 15 November 2012 09:30 AM

ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (ස)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 09:31 AM

රට විනාස කරන මුදල් වලින් රට වෙනුවෙන් ක්‍රීඩාකරන ක්‍රීඩකයන්ට උදව්කරන්න මැති ඇමතිවරුන්ගේ සිත් යොමු වේවා ...(ස)

:       0       0

ප්‍රසාද් Wednesday, 14 November 2012 02:42 PM

ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා (ස)

:       0       0

බමුණුසිංහ Thursday, 15 November 2012 09:41 AM

රජයේ වියදමින් තමන්ගේ දරුවන්ට ක්‍රිකට් පිති පවා සාදා දුන් දේශපාඥයින් ඉන්නවා අපේ රටේ. (නි)

:       0       0

සුනිල් ජයසේන. Tuesday, 13 November 2012 10:02 PM

පදක්කම් ගත්තු නිසා මීගල්ල මහත්තයාගේ නම කියවුණා. (අ)

:       0       0

තිලක් පෙරේරා Tuesday, 13 November 2012 10:09 PM

හිත හොඳ ලක් පුතෙක් (අ)

:       0       0

නසාර් Wednesday, 14 November 2012 02:48 PM

කොටන් අදින අලියි, පෙරහැරේ යන අලියි අතර තියෙන්නෙත් ඔය වෙනසම තමයි (ස)

:       0       0

අනුරාධ Thursday, 15 November 2012 09:45 AM

දරුවෝ හතර දෙනාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් සහ ලක් මවගේ කීර්ති නාමය වෙනුවෙන් ඔබ කළ උදවුවට අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

චානක Wednesday, 14 November 2012 09:48 AM

නියම වැඩක් (ස)

:       0       0

නාලක Wednesday, 14 November 2012 10:08 AM

අයියෝ සල්ලි

:       0       0

මිනුර Sunday, 25 November 2012 09:24 AM

මේක නම් බොහොම හොද වැඩක්.ඔබට පින්. (නි)

:       0       0

රවී Wednesday, 14 November 2012 10:25 AM

ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබේවා (ස)

:       0       0

විමුක්ති Wednesday, 14 November 2012 10:56 AM

සපත්තු දෙකක්වත් අරගෙන දෙන්න බැරි අමාත්‍යංශද අපිට තියෙන්නේ? (නි)

:       0       0

රාජා Wednesday, 14 November 2012 07:54 PM

රගර් මැච් වලට වියදම් කරන්න නම් සල්ලි ඕනෑතරම්. (නි)

:       0       0

ධනුක Tuesday, 13 November 2012 10:52 PM

ඔන්න නියම මිනිස්සු. ලංකාවේ ක්‍රීඩාව හරිනම් තියෙන්න ඕනෑ මීට වැඩිය බොහොම ඉදිරියෙන්. (නි)

:       0       0

බමුණුගම Wednesday, 14 November 2012 10:43 AM

ක්‍රීඩා ඇමතිතුමා මේ අඩුපාඩු දන්නේ නැද්ද (ස)

:       0       0

බෝපගේ Wednesday, 14 November 2012 11:04 AM

හොද මහත්තයෙක්. (නි)

:       0       0

අනුරංග Thursday, 15 November 2012 11:06 AM

රේසින් කාර් වලට දීපු සහනය ඇයි මේ වගේ දේවල් වලටත් දෙන්න බැරි? (නි)

:       0       0

සුමුදු Wednesday, 14 November 2012 08:04 PM

මිනිසුන් අතර දෙවි කෙනෙක්. උතුම් සත්ක්‍රියාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 639 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1044 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 78 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 744 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 337 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1001 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site