IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලංකාවේ මොඩලින් පැත්ත ගත්තොත් අපට බොහෝ අසාධාරණයක් වෙනවා

2016-08-04-ent-41

කුඩා කල නිවේදනය තම ජීවිතය කරගත් දුමිදු ධනංජය වත්මන විට නිරූපණ ක්ෂේත‍්‍රයේ දිගුගමනක් යෑමට බලාපොරොත්තුවෙන් සිටියි. දුමිදු අපිත් සමගින් එකතු වූයේ ඔහුගේ මේ දිනවල වැඩ කටයුතු "සාරවිට" තරු කතා බහ හා බෙදා හදා ගැනීමටයි.

 

දුමිදු කොහොමද ජීවිතේ ? මේ දිනවල මොකද කරන්නේ ?

2016-08-04-ent-43හොඳයි හොඳින් සුපුරුදු පරිදි ජීවිතය ගෙවෙනවා. මං රැකියාව කරන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ. ඒ නිසා මේ දිනවල නම් මගේ රැකියාව නිසා ටිකක් කාර්ය බහුල වෙලයි ඉන්නේ.

 

මේ ක්ෂේත‍්‍රයට පැමිණීම ගැන සඳහන් කළොත් ?

ඒක සිද්ධවෙන්නේ මෙහෙමයි. මම මුලින්ම "ෆැෂන් ටෙක්" ආයතනයේ අකිල රන්වල මහතා යටතේ "ෆැෂන් ඩිසයිනින්" ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඊට පසුව ලංකා "මොඩල් ඇන්ඩ් ෆැෂන් ඇකඩමි" හා සම්බන්ධ වෙනවා. අනුෂ්ක සිල්වා මහතා ඒ සඳහා මට උපරිම සහායක් ලබාදෙනවා. මේ ක්ෂේත‍්‍රයට පැමිණීමට මුල්ම අඩිතාලම වැටෙන්නේ එහෙමයි.

 

නිරූපණ ක්ෂේත‍්‍රයේ දැන් ඔබ දායකවී ඇති වැඩ කටයුතු ගැන සඳහන් කළොත් ?

මම දැනට මේ ක්ෂේත‍්‍රයට පැමිණ ටික කාලයයි. ඒත් මම මේ වනවිට වෙළෙඳ දැන්වීම් කිහිපයකට, ෆොටෝ ෂූට් වලට හා මියුසික් වීඩියෝ එකකට සහභාගි වෙලා තියෙනවා. මගේ රැකියාවත් එක්ක මට මේ ක්ෂේත‍්‍රයට දායක වෙන්න කාලය බොහෝම අඩුයි. ඒ නිසා රැකියාවත් සමග සමබරව දෙකම කරගෙන යනවා.

 

නිරූපණ ක්ෂේත‍්‍රයට පැමිණීම කුඩා කල පටන් තිබූ ඔබේ හීනයක්ද ?

නෑ. මම කුඩා කාලයේ මේ ක්ෂේත‍්‍රයට පැමිණීම ගැන කිසිම ආසාවක් තිබුණේ නෑ. කුඩා කල පටන් නිවේදන කටයුතු වලටයි මම මුල්තැන දුන්නේ. පාසල් යන කාලයේ සිට නිවේදන අංශයෙන් බොහෝ ජයග‍්‍රහණ අත්කරගෙන තිබෙනවා. කොහොම වුණත් අවසානයේ නතර වෙන්නේ නිරූපණ ක්ෂේත‍්‍රයෙන් කියලා මම හිතනවා.

 

ඔබ දැන් මේ යන ගමන ගැන ඔබේ පවුලෙන් ලැබෙන සහාය මොනවගේද ?

මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි නංගියි. එයාලා මට උපරිම සහයෝගයක් ලබාදෙනවා. මගේ ශක්තිය වන්නේ මගේ පවුල. ඔවුන් මගේ හැමදේකටම උදවු කරනවා.

 

ලංකාවේ මොඩලින් ගත්තොත් එය හොඳ තැනක තියනවා කියලා හිතනවාද ?

මට හිතෙන විදියටනම් ලංකාවේ මොඩලින් පැත්ත ගත්තොත් අපට බොහෝ සෙයින් අසාධාරණයක් වෙනවා. අද වනවිට පිරිමි පාර්ශ්වයට වඩා කාන්තා පාර්ශ්වය මොඩලින්වලින් ඉදිරියෙන් ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක් ඒ වුණත් හැමෝටම එක වගේ සහභාගීත්වයක් තියෙන්න ඕනේ. ඒ මගේ අදහසයි.

 

ඉදිරියේදී ඔබව දකින්න පුළුවන් අලුත් වැඩකටයුතු මොනවාද ?

ඉදිරියට නම් මියුසික් වීඩියෝවලට, ටෙලිනාට්‍ය වලට සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සමගම මගේ රැකියාවටත් මුල්තැන දෙන්න මම අමතක කරන්නේ නෑ.

 

ඔබේ මේ ගමනට සෙවණැල්ල මෙන් ඔබ පසුපස රැඳී සිට උදවු කළ පිරිසකුත් ඇති නේද ?

ඔව් මගේ පවුලේ අයට මම මුලින්ම ස්තුති කරන්න ඕනේ මීට අමතරව මට මේ ක්ෂේත‍්‍රයට එන්න උදවු කළ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා.

 

සටහන සහ ඡායාරූප - චමත් වින්දුල

 

2016-08-04-ent-42
2016-08-04-ent-40



අදහස් (0)

ලංකාවේ මොඩලින් පැත්ත ගත්තොත් අපට බොහෝ අසාධාරණයක් වෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 24 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජනපති කටුවාපිටියට යයි
2024 ඔක්තෝබර් මස 06 26 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 117 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 61 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 58 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 376 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site