IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ලංකාවේ මූල්‍ය විනය ගැන අයි.එම්.එෆ්. නියෝජිතයෝ සතුටින්

(අංජුල මහික වීරරත්න)

නැවත වතාවක් ලංකාවේ මූල්‍ය විනය ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  සන්නිවේදන අංශය බාර නියෝජිතයින් සතුටට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන  මූල්‍ය  පහසුකම සම්බන්ධයෙන් ද මුල්‍ය අරමුදලේ  නියෝජිතයන් රුවන් විජයවර්ධන මහතා සමඟ සාකච්ඡා කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  සන්නිවේදන අංශය බාර නිලධාරීන්  සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අතර ඉකුත් සඳුදා පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කටයුතු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සඳහා  පුහුණු වැඩමුළුවක් සංවිධාන කිරීමට තීරණය කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලාංකික ජනතාවට ලබා දීම  අරමුණු කර ගනිමින් මෙම වැඩමුළුව පැවැත්වීමට එහි නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් රුවන් විජයවර්ධන මහතා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව ලාංකික  මාධ්‍යවේදීන්ට මූල්‍ය අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළ යුතු බවට තීරණය වී ඇත.

මෙරට දී මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මූලස්ථානය පිහිටි වොෂින්ටනයේදී  ද මෙි වැඩමුළු පැවැත්වීමට සාකච්ඡා පවත්වා තිබේ. 

මූල්‍ය අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හරහා උපරිම  දායකත්වය ලබා ගත යුතු බව ද මූල්‍ය අරමුදලේ  සන්නිවේදන නිලධාරීන් රුවන් විජයවර්ධන මහතා සමඟ පවසා ඇත.



අදහස් (6)

ලංකාවේ මූල්‍ය විනය ගැන අයි.එම්.එෆ්. නියෝජිතයෝ සතුටින්

Lakmal Wednesday, 29 June 2022 04:41 PM

ඔබත් එක්ක සාකච්ඡාව කරන්නේ මොකටද?

:       7       12

fairoosWednesday, 29 June 2022 06:02 PM

මෙයා හිතාගෙන ඉන්නේ ආණ්ඩුව එජාපෙ එකක් කියලා... පින් අගමැති සහ නන්දසේන එකතුවෙලා රට කනවා.

:       5       8

chandima Wednesday, 29 June 2022 06:03 PM

මම දැන් වයස නිසා මාමාගෙන් පස්සේ ඔයත් එක්කලා වැඩ කරන්නම් කිව්වද?

:       3       8

ranjith Wednesday, 29 June 2022 07:46 PM

මෙයාලා ලකුණු දාගන්න ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා.

:       0       1

Perera Thursday, 30 June 2022 01:28 AM

මෙයා ලෝක බැංකුවේ කෙනෙක්ද?

:       0       0

mp Thursday, 30 June 2022 06:52 AM

රටේ මිනිසුන් අසන්තෝෂයෙන්....!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 20 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 343 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 945 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2311 2

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 675 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1557 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site