IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලංකාවේ සංහිඳියාවට ජගත් සංවිධානයේ අතහිත

ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය සහ වගවීමේ  යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාම සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

විශේෂයෙන්ම උතුරේ අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු, ජාතික සංහිඳියාව සහ මානව හිමිකම් යාන්ත්‍රණය  ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධාන ආධාර කරන බවත් දැනටමත් නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයකට වැඩි මුදලක් ශ්‍රී ලංකාවට ලබාදුන් බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පැවසූ  බව එම සංවිධානයේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ  පැවති  දෛනික මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් පිරිසක්  එරට සංචාරයක් නිරතවූ උතුරු පළාත් මහ ඇමතිවරයා උතුරේ ජනතාවට සහාය දක්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ ඉල්ලීම ගැන  නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගේ ප්‍රකාශකවරයා මේ බව කියා සිටීයේය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගේ ප්‍රකාශක කියා සිටියේ උතුරු පළාතේ ජනතාව තුළ සාම ක්‍රියාවලිය කෙරෙහි  විශ්වාසය ගොඩ නැංවීම සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා  තාක්ෂ‚ක සහ මූල්‍ය සහාය ලබා දීමට කටයුතු කරන බවය.

ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡාකර උතුරු පළාත් සභාව ඇතුළු සියලූ පාර්ශවකරුවන්ට ආධාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හැමවිටම සූදානම් බවද ස්ටෙෆාන් ඩුජාරික් මහතා කියා සිටී.

මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර යාන්ත්‍රණය යටතේ සොයා බලන්නේ දැයි  තවත් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දක්වමින් ස්ටෙෆාන් ඩුජාරික් මහතා කියා සිටියේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සහ එහි නිර්දේශ මුලින් අධ්‍යයන කල යුතු බවය.

 



අදහස් (0)

ලංකාවේ සංහිඳියාවට ජගත් සංවිධානයේ අතහිත

දුමින්ද Sunday, 02 August 2015 11:28 AM

යාන්ත්‍රනය යනු රණවිරු දඩයමක් නොවිය යුතුය (ම)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 03 August 2015 04:15 AM

යුධ සහ ත්‍රස්තවාදී වාතාවරණයක් යටතේ සහ සාමාන්‍ය හෝ හදිසි නිතිය දඩමීමා කරගෙන පෞද්ගලික අමනාපකම්, ඉරිසියාව මත කරන නිරායුධ සහ අහිංසක මිනිසුනට පැවති සෑම රජයක් යටතේ, බලය ආරක්ෂා කර ගැනීම සඳහා සිදු කල මනුෂ්‍ය ඝාතන වැනි මානව හිමිකම් උල්ලංගනය කිරීම් කිසිසේත්ම අනුමත කල නොහැක. මෙවැනි තත්වයන් සමහර රටවල පාලනය කරන්ට දුෂ්කර වුවත් යම්තාක් දුරට හෝ බොහෝ රටවල පාලනය වී ඇත්තේ යම් යම් ජාත්‍යන්තර සංවිධානවල බලපෑම් නිසාය. කෙසේ නමුත් යම් කෙනෙක් අපරාධයක් කලානම් ඔහු/ඇය දඬුවම් ලැබිය යුතුය. තමන් දරන ලද තානාන්තරය එම වරදින් නිදහස් වීමට සුදුසුකමක් නොවිය යුතුය. (නදී)

:       0       0

නාමල් Monday, 03 August 2015 04:28 AM

දුමින්ද, රණවිරුවන් කියන්නේ රටේ නීතියට උඩින් ඉන්න අමුතු කට්ටියක් නෙමෙයි. ඒ අයත් අපරාධ කර තිබෙනවා නම් දඬුවම් දියයුතුයි... (නි)

:       0       0

සුදත් Monday, 03 August 2015 04:30 AM

මේ දේ ඉතා හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 904 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1836 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2301 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5700 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1707 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6270 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18160 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site