අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට විපතට පත්වූ වැසියන්ට ආධාර රැගත් ගුවන් යානා දෙකක් ඉන්දියාවේ හා ජපානයේ සිට අද (21) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ජපානයෙන් ලැබුණු ආධාර තොගයක් රැගත් එමිරේට්ස් ගුවන් යානයක්ද ඉන්දියාවේ ආධාර සහිත විශේෂ ගුවන් යානයක්ද එසේ ලංකාවට පැමිණි අතර ඒවායේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම ජල පිරිසිදු කරන යන්ත්‍ර, විදුලි ජනන යන්ත්‍ර ආදිය ද ඇතුළත් බව කියති.
ඉන්දියා රජයෙන් පරිත්‍යාග කළ හාණ්ඩ තොගය ඉන්දියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් වයි.කේ.සිංග් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට නිල වශයෙන් භාර දුන් අතර ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල ගේ උපදෙස් මත කටුනායක මූලික කඳවුරේ අණදෙන නිලධාරි එයාර් කමාන්ඩෝ එච්.ඇම්.එස්.කේ.බී.කොටකදෙණියගේ අධික්ෂණයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් එක්ව සහනාධාර භාණ්ඩ තොග කඩිනමින් අවැතැන්වූවන්ට ලබාදීමට කිරීමට කටයුතු කළ බව ගුවන් හමුදාව පැවසීය.
මේ අතර තවත් ආධාර තොගයක් ඉන්දියාවේ සිට මෙරටට නැවකින් එවීමට ඉන්දීය රජය පියවර නෙ ඇත. ඒ අනුව එම නැවද ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ලැබියයුතු පුද්ගලයන්ගේ අතට යෑමට වගකිවයුත්තෝ වගබලා ගන්න (නි)
ඔය ලැබෙන ආධාර නියම පුද්ගලයන්ට ලැබෙයි. මොකද ඔය වැඩවලට බාරව ඉන්නේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් (නි)
පිටබැද්දර ජයාට පුදුම භක්තියක් වගේ තියෙන්නේ යහපාලනේ ගැන. මෝඩකමට බෙහෙත් නැහැ ජයා. ඔයා තාමත් ඉන්නේ මහා අවුල්සහගත තත්වයක වගේ. (නි)
සංගක්කාර ඉන්දියාවට ආධාර දෙන්න සුදානම් වුණා නේද පහුගිය දවස්වල. මෙන්න අපේ අයටම උදව් කරන්න අවස්ථාව දැන් (නි)
කෝ දැන් චීනය? අපිව හූරගෙන කන්න තමා බලාගෙන ඉන්නේ. චීනය පෙරටම එන්න ඕනෑ මේ වෙලාවේදී (නි)
කෝ තාම චීන අාධාර අාවේ නැද්ද? (නි)
විපතකදී පිහිට වන අය අගය කළයුතුයි (නි)
හරිම සතුටුයි. (ර)
පිටබැද්දර ජයා, යහපත් දෙයට ප්‍රශංසා කිරීමටත්, වැරදි දෙයට දොස් පැවරීමේ හැකියාවත් මිනිසෙකුට තිබිය යුතුය. ඉන්දියා රජය යහපත් දේ කළත්, කවදත් සිංහලයට වින කරන තමිල්නාඩුවේ බලපෑම පරිදි වැරදි වැඩ කරනවා. (නි)
දැන් සමහර දේශපාලඥයෝ ඔවුන්ගේ නම් ගහගෙන මේවා අසරණයින්ට බෙදන්න පටන් ගනී. පහුගිය සුනාමි කාලෙත් මේකමනේ කළේ (නි)
විපතේදී පිහිටවෙන මිතුරා තමයි සැබෑම මිතුරා (නි)
මේ ආධාර විපතටපත් අයටම ලැබුනොත් හොඳයි. වෙන අය බෙදා ගනීවිද දන්නේ නැහැ. සුනාමි දවස් වල සිදුවුණේ ඒකයි (නි)
ලොව දිනු අගමැතිගේ විජයග්‍රහණයයි මේ (නි)
නව රජයේ ජාත්‍යන්තර සබඳතා වල ප්‍රතිඵල (නි)
මේ ආධාර ලැබියයුත්තන්ට ලැබෙන්න සළස්වන එක රජයේ වගකීමක්. සුනාමි ආධාර වලට වුණ දේ මේවටත් නොවෙන්න වගබලාගන්න ඕනෑ. (නි)
මේවායෙන් කොච්චර ප්‍රමාණයක් හොර දේශපාලුවන්, සමහර ප්‍රාදේශිය සභාවල නිලධාරීන් ගසාකයිද කව්ද දන්නේ? සමහර දේවල් වලට මිලදී ගත්තා වගේ බිලුත් වැටෙයි. (නි)
බැරි වෙලාවත් අරයට දැනගන්න දෙන්න එපා. මතකනේ සුනාමි අාධාර වලට වෙච්ච දේ. (නි)
ඔය ලැබෙන ආධාර නියම පුද්ගලයන්ට ලැබෙනවා නම් මොනතරම් හොඳද? මොනතරම් ආධාර ලැබුනත් ඒවා නියම අසරණ මිනිසුන් හට ලැබෙන්නේ නැහැ. (නි)
වැඩේ හොඳයි. නමුත්, ජපානය කොහොම වෙතත්, ඉන්දියාව මේවාට වෙන වෙන දේවල් පස්සේ පොළියත් එක්ක ඉල්ලන්නේ නැතුව නැතුව දෙනවා නම් තමයි හොඳ. (නි)
නරකම නැහැ අපි හිතන තරම් ඉන්දියාව. දුකේදී පිහිටවෙන එක උතුම් ගතියක් (නි)
අසල්වැසියන් සමඟ සුහදව කටයුතු කිරීමේ ප්‍රතිඵල පේනවා නේද? දුකක් කරදරයක් ආපදාවක් වුණාම පිහිටට එනවා. කෝ දැන් ඉන්දියාවට උදේ ඉඳලා බනින කට්ටිය (නි)
දැන් ඔය දොස්තර සංගමය විරුද්ධ නැද්ද ලංකාවට ඉන්දියාවෙන් ආධාර එනවට? ඉන්දියාවේ ආධාර නැවත පිටත් කරලා ලංකාවේ ඉන්න සියලුම දොස්තරලගේ වැටුප මේ අසරණ මිනිසුන්ට දුන්නොත් හොඳයි නේද? දැන් ජලය බැස යනකොට හැදෙන ලෙඩ වලට දොස්තරලට තමයි හොඳ අදායමක් ලැබෙන්නේ (නි)
සුනාමි වෙලාවේ ලැබුණු ආධාර වලට වුණේ මොකක්ද කියලා මතකනේ. ගසාකන්නන්ගෙන් පරෙස්සම් වුණොත්, අසරණ වූ අහිංසක ජනතාවට සාධාරණයක් ඉෂ්ට වේවි. එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)