දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමාසරිස් කාර්යාලය ඉදිරිපිට තමිල්නාඩුවේ ද්‍රවිඩ පක්ෂයක් ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණයක් පැවැත්වීය.
යුද සමයේ ශ්‍රී ලංකාවේ අනාථ කඳවුරුවල සිදුවීයැයි කියන මරණ 104ක් ගැන ඔවුහු අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලති.
නියෝජ්‍ය මහ කොමාසරිස් කාර්යාලයයට බලෙන් කඩා වදින්නට ගිය 200ක් පමණ වැසියන් අත්අඩංගුවට ගත් බව තමිල්නාඩු පොලිසිය කියයි.
උද්ඝෝෂකයන් කියා සිටියේ මහින්ද රාජපක්ෂ රජයත්, යහපාලන රජයත් දෙකම ශ්‍රී ලංකා දෙමළ ජනයාගේ අයිතිවාසිකම් නොරකින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ මේ අයට මොකක්ද තියෙන අමාරුව? තමිල්නාඩුවේ ප්‍රශ්න නැද්ද? (හේ)
ඉන්දියාවට ඕනවෙලා තියෙන්නේ ලංකාව මුරුංග අත්තේ තියන්න ඒක වටහා ගන්න අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා අපි අතරේ (හේ)
අනේ මන්දා මොනවද කියලා මේ සිද්ධවෙන්නේ (නි)
ඕකත් අපේ රටේ වෙන දේවල් වගේම තමා. අද අත්අඩංගුවට ගත්තාට හෙට උදේ වෙනකොට ඔක්කොම නිදහස් කරාවි, අපේ රටේ වගේම. තාම ජයලලිතාට මේ ගැන දැනගන්න ලැබිලා නැහැ වගෙයි (නි)
අපි මෙහෙම දෙයක් කළා නම් කොහොමද? (නි)
ඕක දැන් ලංකාවේදී වුණා නම් උද්ඝෝෂකයින්ට හොඳහැටි සළකලා, කන්න බොන්නත් දීල, සාක්කි නැතත් හමුදාවේ කිහිප දෙනෙක් හිරෙත් දාලා තියෙයි (නි)