මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි කොරියා සංචාරක පිරිසකට ඩෙංගු උණ වැළඳී ඇති බව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසීයැයි කොරියා ප්‍රවෘත්ති වෙබ් අඩවි වාර්තා කරයි.
එම පිරිස ලංකාවට පැමිණ ඇත්තේ ස්වේච්ඡා සේවය සඳහා බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් එම වෙබ් අඩවි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙංගු හැමතැනම වැහි වැහැලා. ගන්න දෙයක් නැහැ. දෙහිවල ගල්කිස්සේ පිරිලා. තව ගම්පහ පැත්තේ ඩෙංගු මැලේරියාව. කිසි දේශපාලන පක්ෂයක් මදුරු ප්‍රශ්නෙට විසඳුමක් කළේ නැහැ. සේරම කටින් බතල කොළ හිටවනවා. අහිංසකයා ඩෙංගු හැදිලා මැරෙනවා (නි)
දැන් ඉතින් විදපු මදුරුවෝයි, බිත්තර දාන මදුරුවෝයි යහතින් සිටිද්දී, වත්ත පහළ පොල්පිති වල, පොල්කටුවල, ගස්බෙන වල, වැහි වතුර එකතු වෙනවට කිහිප දෙනෙක් අල්ලලා දඩගැහුවහම හරි. (නි)
මේකට ස්ථිර විසඳුමක් දෙන්න ඕනෑ. එහෙම නැතුව පැලැස්තර ක්‍රමයෙන් වැඩක් නැහැ. දැන් ප්‍රාදේශිය සභා නගර සභා කුණු එකතුකරන වැඩේ ඇනහිටලා. විශේෂයෙන් පානදුර, මොරටුව, කළුතර එකතු කරන්නෙම නැහැ. මේ දේවල් වලට විධිමත් ක්‍රමයක් රජය විසින් යොදවන්න ඕනෑ (නි)
මේ රටේ කොයි ප්‍රශ්නෙටද යම පාලන රජයෙන් විසඳුමක් ලැබුනේ? හැමදාම කරන්නේ ඉස්සර තිබුන ආණ්ඩු වලට බනින එක. ඕක කරන්න පාර්ලිමේන්තු යන්න ඕනද කියල නම් කවුරුවත් අහන්නේ නැහැ.(අ)
ඩෙංගු උවදුර මැඩලීමට/ මදුරුවන් විනාශ කිරීමට මීට කලින් කොරියාවෙන්ම ක්‍රමවේදයක් සකස් කර තිබුනා වගේ මතකයි. ඒවාට කුමක් සිදුවීද? (නි)