මාතලේ දිස්ත්‍රික්කය පුරා දෙකන්නයේම ලොකු ලූනු වගා කිරීමට පියවර ගෙන ඇතැයි මාතලේ මහ දිසාපති හෙලන් මීගස්මුල්ල මහත්මිය කියයි.
දඹුල්ල ,නාවුල,සීගිරිය,කිඹිස්ස හා දේවහුව යන ප්‍රදේශයන්හි දැනටම ලූනු වගා කැර ඇත.
යල් කන්නයේදී ලූනු බීජ කිලෝ විසිදහසක් නිෂ්පාදනය කිරීම අරමුණ බවද දිසාපතිනිය කියන්නිය.
2016 වන විට මාතලේ දිසාවේ හෙක්ටයාර් 4000 ක ලූනු වවා මෙට්‍රික් ටොන් හැත්තෑදහසක අස්වැන්නක් බලාපොරොත්තු වන බව දිසාපතිනිය පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමේ සිනි සම්බල් හදල බෝතල් කරලා විකුණන්න බලන්න කුණු වෙන්න නොදී පිට රට ඉන්න ලංකාවේ අයට මේක ගොඩක් වටිනවා (දිල්)
පිරිසිදු පොහොර යොදන්නත් කියලා දෙන්න ලාබ විතරක් ම බලන්නේ නැතුව. ලෝකේ වැඩියෙන්ම කෘතීම දේ යොදන රට ලංකාව කියලා ඇමරිකාව කියලා තිබුනා. මේ තත්වේ වෙනස් කරන්නත් ගොවියන්ට කියලා දෙන්න ඕනේ. නැත්නම් පිටරට වලින් අපේ දේ ගන්න එක නවත්තන්න වුනත් ඉඩ තියෙනවා. (නදී)
පෙර සහ පසු අස්වනු කාලය ගැන අවධානය යොමු කරන්න තුති (දී)
ඔය මොනවා කියුවත් ලුණු ගැලවෙනකොට කොමිස් කාක්කෝ ඉන්දියාවෙන් හරි පාකිස්තානෙන් හරි ලුණු නොගෙන ඉඳීද ? එතකොට දහසක් බලාපොරොතු තියාගෙන හා දුක් වින්ද මේ මිනිසුන්ට ලුණු කුණු ගොඩට විසි කරන්නයි වෙන්නේ (දී)
දිසාපති තුමියගේ සිනහවේ මල් පළ ගැනෙන්නේ මේ අසරණ ගොවියන්ට සෑහීමකට පත්වෙන්න පුළුවන් විදියේ සහනයක් ලැබුණොත් පමණයි.(දිල්)
නියමයිනේ. මේ ලංකාවද ඕස්ට්‍රේලියාවද ? (නදී)
නෝනත් ලස්සනයි , ලූනුත් ලස්සනයි (දී)
අස්වැන්න වැඩි කාලයට දේශීය ගොවියා රැකගැනීම සදහා විදේශීය වෙළද පොළකුත් දැන්ම ඉදන් ලකලෑස්ති කොලොත් නේද හොඳ. (දී)
ගොවියන් වෙනුවෙන් දිසාපතිනියක් මෙහෙම උදව්වීම ආඩම්බරයක්! ඒවගේම ඉලක්කයක් කර ගොවිමහතුන්ට බලාපොරොත්තු ඇතිකිරීමත් ! ඊලග වැදගත්ම කාරණය මේවා කල් තබාගන්න ක්‍රම ගැන ගොවිමහතුන් දැනුවත්කිරීම සහ වෙළදපොල ඔවුන්ට සාධාරණ මිලක් ලබාදීමටත් කැපවිය හැකිනම් එය අංග සම්පුර්ණ සේවාවක් වනු ඇත. ඔබට ඒ සදහා ධර්යය ලැබේවා! (නදී)
ඔය ලූනූ සාදාරණ මිලකට විකුණගන්න ක්‍රමයක් හදන්න කව්රුවත් හිතුවාද?(දිල්)
ගොවිතැන හන්දා කරගන්න දෙයක් නැතිව අසරණ වෙච්ච අයත් ඉන්නවා . රජය සාධාරණ මිලදී ගැනිමේ ක්‍රමයක් සකස් කළයුතු වෙනවා. ඡන්දය තියන දිනය කියනවට වඩා මේ ගැන හිතුවොත් හොඳා. (දිල්)
කෘෂි භෝග වලට සාධාරණ මිලක් ඇතිකර ගොවියා,පාරිභෝගිකයා ,වෙළෙන්දා ආරක්ෂා කරන ක්‍රමයක් හොයාගන්නට ලංකාවේ අයට තවම බැරි ඇයි?දන්නේ නැත්ද,කරන්න දෙන්නේ නැත්ද? (දී)
ළඟ එන සිංහල, හින්දු අලුත් අවුරුද්දටත්,වෙසක් මහේ දන්සල් වලදීත් කටට රහට සීනි සම්බෝලයක රස විඳින්න පුළුවන් වේවි. අපරාදේ කියන්න බැහැ මාතලේ ගොවියා වෙන මහන්සියේ හැටියට අස්වැන්න සරුවෙවායි ප්‍රර්ථනා කරනුයේ ඉත සිතිනි. (නදී)
මේක වැරදි ප්‍රතිපතියක්. අද ලෝකේ තියනවා පාරිසරික හිතකාමී කියල ක්‍රමයක්. ඒ විදියට අපි ජෛව විවිදත්වය ඇතුළුව වගා කරන්න ඕනා. තනි බීජයක් වගා කිරීම වැරදියි. (නදී)
දිසපතිනියගේ හිනාවත් ලස්සනට පිපුන මලක් වගේ . (දිල්)
හොඳ වැඩක් වැඩි වුණොත් පිටරට යවමු (දිල්)
ගොවියාගේ අස්වැන්න සාධාරණ මිළට ලබා ගෙන පාරිභෝගිකයාටත් අසාධාරණයක් නොවන විධියට වැඩපිළිවෙළක් යෙදීමට මහ දිසාපතිතුමිය මුල්වී කටයුතු කළොත් ඉතාමත් අගෙයි.(දිල්)
ලස්සනට හැදුනට මේවා අපිට කන්න වෙන්නේ ගිනි ගණන් වලටයි,එහෙමත් නැත්නම් සමහර විට මේවා දඹුල්ලේ ආර්ථිකයේ කුණු ගොඩේ දකින්න පුළුවන් වේවි,මේක තමයි තත්වේ (දිල්)