නීතී විරෝධිව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා යෑමට සුදානම්ව සිටි උතුර හා නැගෙනහිර ප්‍රදේශයේ 39 දෙනකු මාතර කනත්තගොඩ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය කියයි.
පිරිමි දහ අටක් කාන්තාවෝ හතක් හා ළමුයි දාහතක් ඒ අතර සිටිති.
ඔවුන් ලක්ෂ 20 ක් ගෙවා යාත්‍රාවක් ගෙන්වාගෙන දකුණු මුහුදු තීරයෙන් පිටත් වීමට සුදානම්න් සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජාවාරම නැති කිරීමට කවුරුත් උදවු කල යුතුයි. විශේෂයෙන්ම දකුණේ බෝට්ටු කරුවන්. පහුගියදා බෝට්ටුවෙන් යමින් සිටියදී ඕස්ට්‍රේලියාව ආසන්නයේදී මියගිය පොඩි ළමයට උන දේ දැක්කනම් මේ අය මෙහෙම අනතුරුදායක ගමනක් යන්නේ නැහැ. (ස)
මෙය ඉතාම කේදනීය තත්වයකි. මෙහි සිටින අයෙක් වශයෙන් කිව හැක්කේ ජීවිතය ආරක්ෂා කරගැනීම වැදගත් බව තමා.(ස)
නීතිය ගරු නොකරන අය. යන කෙනාට වඩා අරගෙන යනකෙනාට ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ. (ස)
මෙතරම්ම මිනිසුන් මෝඩද? (නි)
මෙම ජාවාරමට මමත් විරුද්ධයි. නමුත් මාතර නිවසක උතුරේ වැසියෝ සිටියා කියලා කොහොමද අත්අඩංගුවට ගන්නේ? ආගමන විගමන නීති කඩන්න නම් මේගොල්ලෝ බෝටුවක නැගලා ලංකාවේ මුහුදු සිමාවෙන් පිට වෙන්න හෝ ඒ අසලට එන්න ඕනෑ නේද? මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. (නි)
ඔය ජාවාරම් කරුවෝ අල්ලන්ඩ බැරි මොකද? දැන් ඖෂ්ට්‍රලියාවට සරණාගතයෝ ගන්නේ නැහැ. රැවටෙන්න එපා . රජය මේ ගැන ප්‍රචාරය කල යුතුයි (දී)
සල්ලි දැක්කහම මළ මිනියත් දිව දික්කරනවලු !! (නි)