රුපියල් විසි දෙලක්ෂ හැටදහසක් වටිනා රන් කැබලි හතරක් ගමන් මල්ලක සගවාගෙන සිංගප්පුරුව බලා යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අද අළුයම අත්අඩංගුවට ගෙන රේගුවට බාර දුන් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කිවේය.
සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි හතලිස් තුන් හැවිරිදි පුද්ගලයෙකු බව රේගුව කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග‍්‍රෑම් 452 කි. සැකකරු මෙම රන් කැබලි තම ගමන් මල්ලේ යටි පතුලේ සගවා තිබූ බව රේගුව කියයි.
ඔහු ඊයේ අළුයම දෙකයි තිහට පමණ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 306 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබ‍්ද රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කර එම රන් කැබලි රාජ සන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී පරාක‍්‍රම ජිනදාස, සහකාර රේගු අධිකාරීවරුන් වන පී.ඒ.ඞී.පී පෙරේරා, තුසිත අධිකාරම්, කසුන් ගමගේ, නිෂාද් රණසිංහ, අසංග පෙරේරා, තිලංක සමරවීර යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනේ ලංකාවේ නීතියේ හිල් කියන්නේ. ඔච්චර හරියක් කරපු එකාට දඩේ 25,000, 50,000 යි. ගහන්න ඕන දඩේ ලක්ෂ 50ක් විතර. නැත්තන් හිරේ. එතකොට ආයිත් කරන්න තියා හිතන්නේ වත් නැ. (නදී)
පාලිත මෝඩයෙක් වගේ දොඩ වන්න එපා, ඕනෙම වරදකට තීන්දුවක් දෙන්න පෙර ඒ පිලිබදව ලියවී ඇති නීති මාලාවන් කියවා බලා තමයි තීන්දුව දෙන්නේ. නඩුකර තුමාට ඕනේ විදිහට ඕවා දෙන්න බැහැ.(නදී)
රත්තරන්,රත්තරන්,තණ්හාව ආසාව දුකට හේතුවේ.(නදී)
මේක ගුද මාර්ගයෙන් නෙමේ නෙමේ වගේ අරන් යන්න හදල තියෙන්නේ. කොහොම උනත් මෙයාගේ ගුද මාර්ගයත් පරික්ෂා කල යුතුය. තව රන් කැබලි තිබේද බලන්න.(නදී)
මට මෙතන නොතේරන ගැටලුවක් තියෙනවා. ලංකාවෙන් සිංගප්පුරුවට රත්‍රන්? මේක වෙන්න ඕන අනිත් පැත්තනේ.(නදී)
රත්රන් කොහෙත් එක වගේ ඉල්ලුම . ලෙහෙසියෙන් මුදල් කරන්න පුළුවන් . මල්ලේ හෝ අධෝ මාර්ගයේ රන් ගිනියන්නේ ඒකයි.(නදී)
පාලිත, අපි මෙහෙම වත් හිතමු හිත හදා ගන්න. ලොකු දඩ ගැහැව්වොත් කිසි කෙනෙක් රත්රන් හොරෙන් ගෙන යාම නවත්වනවා. එතකොට රේගුවේදී අල්ලලා රාජසන්තක කරන්න රත්තරන් නැති උනාම ඒක රජයට පාඩුවක්.(නදී)
මේකත් කරලා තියෙන්නේ මුස්ලිම් කෙනෙක්ද? (නි)
අපේ රටේ මෙච්චර රත්තරන් තියෙනවද ?(නදී)