IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලක්ෂ 23 ක රන් කැබලි එළියට

රුපියල් විසිතුන් ලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා රන් කැබලි දෙකක් තම ගුද මාර්ගයේ සගවාගෙන  තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යාමට  පැමිණි ඉන්දීය ජාතිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  රේගු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

 සැකකරු 24 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ය.එල් 423 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගින්ගේ මාර්ගය ඔස්සේ පිටවීමට උත්සහ කරද්දී අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබු රන් කැබලි දෙකෙහි බර ග්‍රැම් 396 කි.

මේ පිළිබඳ විමර්ශනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සී. විෙජ්තුංග මහතා විසින් සැකකරුට රුපියල් දස දහසක දඩයක් නියම කොට එම රන්  කැබලි රාජ සන්තක කිරීමට නියෝග කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධයක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සී.විෙජ්තුංග මහතාගේ මෙහෙයවීමෙන්   රේගු අධිකාරීවරුන් වන  ඩී. රත්නකුමාර, ඒ.ආර් සේනාධීර,  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන  එම්.කේ.යූ ගාමිණී, ඉඳුනිල් උදයාල් සහකාර රේගු අධිකාරීවරුන් වන ආර්.එම්.කේ.ආර් රත්නායක, ජී.ඩබ්ලිව්.එම් ප්‍රසාද්, ඒ.එම්.එම් බී විෙජ්වර්ධන, ඩබ්ලිව්.ඒ.ටී.එම් විෙජ්සුරිය යන නිලධාරීහු සිදු කළහ.

 



අදහස් (0)

ලක්ෂ 23 ක රන් කැබලි එළියට

ටින් ටින් Sunday, 08 June 2014 11:49 AM

රන් කැබලි රාජ සන්තක කලා මදිවට දස දහසක දඩයක්.................. වෙන මොනාද අර මාර්ගයේ සඟවන්න පුළුවන්,? (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්දන Sunday, 08 June 2014 12:09 PM

ආදායම් මාර්ගය හදාගත් ගුද මාර්ගයට පුදුම තැනක්නේ දැන් තියෙන්නේ. (දී)

:       0       0

නාලක බස්නායක Sunday, 08 June 2014 12:13 PM

සත පහක් නොවටිනා ගුද මාර්ගය ලක්ෂ ගණන් වටිනා රත්රන් තබනට හැකි ගබඩාවක් කිරීම මොවුන්ට සහතිකයක් දෙන්න ඕනේ (දී)

:       0       0

ඇසළ Sunday, 08 June 2014 12:22 PM

මේ වගේ ගුද මාර්ග ගිනස් පොතට ඇතුලත් වෙන්නේ නැද්ද. වැඩිම බරක් සහ වැඩිම වටිනාකමක් ඇති දේවල් රට වල් අතර ප්‍රවාහනය කරන පුළුවන් අවයව හැටියට. (දී)

:       0       0

උදයකාන්ත Sunday, 08 June 2014 12:38 PM

පවුම් 50ක් ගුද මාර්ගයේ ගෙනා කෙනාව ඒ මාර්ගයේ වීරයා කරන්න. (දී)

:       0       0

ලාල් Sunday, 08 June 2014 01:32 PM

මේ වගේ අයගේ සමාජ ශාලා තායි සහ ඉන්දියාවේ තියෙනවා. මොහු එ්කේ සාමාජිකයෙක් විය හැකියි. (නදී)

:       0       0

අනුෂ්කා Monday, 09 June 2014 01:29 AM

අපෝ ගුද මාර්ගය අදායම් මාර්ගයක් කර ගත්තු අය නම් ඕන තරම් අපි අතර ඉන්නවා. හරිනම් දඩ ගහන්න ඕන එයාලට නෙමේ මෙයාලටයි. එත් මෙයාලට නම් දඩ වෙනුවට ලැබෙන්නේ සහනාධාර හා දීමනායි. (දී)

:       0       0

ජගත් ලියනගේ Sunday, 08 June 2014 01:44 PM

හදිසියේවත්, රේගු නිලදාරින්ට ඕක අහු උනේ නැත්තන් එලියට ගන්නේ කොහොමද? මට හරිම ප්‍රශ්නයක් එ්ක. (නදී)

:       0       0

ජගත් Sunday, 08 June 2014 01:49 PM

ගුද මාර්ගය, ආදායම් මාර්ගය කරගත් ජනතාවට ජය වේවා! (ස)

:       0       0

ප්‍රියාන් Sunday, 08 June 2014 02:16 PM

නාලකට ඒ මාර්ගය සත පහක් වටින්නේ නැහැ අපිට නම් අපේ ශරීරයේ තියෙන හැම දෙයක්ම මිල කරන්න බැහැ. නැති උනොත් ගන්න කඩවල් නැහැනේ ඒවට..නාලකට හදිසියක් උන වෙලාවට එකේ වටිනාකම තේරෙයි.. (දී)

:       0       0

ඉසුරන්දි Sunday, 08 June 2014 05:35 PM

පිස්සු හැදෙයි.මෙච්චර ලොකු රන් කෙබලි 2ක් ඔබන්න තරම් ගුද මාර්ගය ලොකු කරගත්තේ කොහොමද. (දී)

:       0       0

සුනිල් ගම්පහ Sunday, 08 June 2014 07:27 PM

කුඩා කාලයේ සිටම පුරුදුවූ අය වෙන්නට ඕනේ . නැතිනම් මෙපමණ බරක් සහ වටිනා වස්තුන් ගුද මාර්ගයේ සඟවා ගෙනීම අපහසුය (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 558 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 203 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 578 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 432 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2475 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2375 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37073 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24421 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 604 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site