IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලක්ෂ 25ක කුඩු නිට්ටඹුවෙන් අල්ලයි

හෙරොයින් මත් කුඩු තොග වශයෙන් ගනැවිත් මිලි ග්‍රෑම් 20 පැකට්සේ ඔතා  නිට්ටඹුව, වේයන්ගොඩ, මීරිගම, තිහාරිය, බෙම්මුල්ල, පස්යාල ඇතුළු ප්‍රදේශ ගණනාවකට බෙදා හරින බව කියන පුද්ගලයකු නිට්ටඹුව උනගහදෙනියේ නිවෙසක් වටලා මත් කුඩු ග්‍රෑම් සියයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හෙරොයින් තොගයේ වීදි වටිනාකම රුපියල් විසි පන් ලක්ෂයක් බව ද පොලිසිය සදහන් කරයි.

 

 



අදහස් (0)

ලක්ෂ 25ක කුඩු නිට්ටඹුවෙන් අල්ලයි

චමල් Sunday, 08 September 2013 01:14 PM

පසුගිය දින කීපයේ පකිස්ථානයේ සිට කුඩු මෙහෙට ඇවිත් අහු උනා . පකිස්ථානයේ , ඇෆ්ගනිස්ථානයේ වගේ රටවල් වල ත්‍රස්තවාදී කණ්ඩායම් සල්ලි එකතු කරන්නේ මේ වගේ පියපර වලින් . මේවා ලංකාවටත් එන්නේ මෙහෙත් අන්තවාදී ත්‍රස්තවාදයක් පටන් ගන්න . මේක දැන්මම නැවැත්තුවේ නැත්නම් කොටින්ට අන්ත වෙනවා . මගේ අදහස ආගමික සහජීවන අසහන කාරයෝ ඉන්නවනම් මට බැනපල්ලා . (දී)

:       0       0

උපාලි Sunday, 08 September 2013 01:18 PM

චන්ද්‍රා, අහසින් වැඩිපුර එනවා කියල තමයි හිතාගෙන හිටියේ නේද? හැබැයි පළමු වතාවට වැටහුනා මුහුදෙන් තමයි වැඩිපුරම එන්නේ කියල. පකිස්තානයේ තොග ගබඩාවලින් නැව් ගත කරලා අපේ ලක්බිමට එනවා. අපි අපේ හදවතින් අහමු. උත්තරේ දන්නවා නේද?

:       0       0

මිලින්ද Sunday, 08 September 2013 02:05 PM

මේ කුඩු පිටු පස ඉන්න මහා මොළ කරු අත්අඩංගුවට ගන්න

:       0       0

මාධව Sunday, 08 September 2013 02:27 PM

ලංකාවේ කුඩු වල ප්‍රභෝදයක් උනා කියලා මට හිතෙනවා. රටේ කි තැනින් ඇල්ලුවද (දී)

:       0       0

සෙනරත් Sunday, 08 September 2013 02:41 PM

කුඩු ගෙන්නන ලොක්කන්ව අල්ලන්න් නැතුව පොඩ්ඩන්ව අල්ලල්ල වැඩක් නැහැ (දී)

:       0       0

ජනිත් Sunday, 08 September 2013 02:53 PM

හොයන්න ඕනේ මේවා කොහොමද ලංකාවට ආවේ කියලා (දී)

:       0       0

ප්‍රදීපා Sunday, 08 September 2013 03:18 PM

තෝරු, මෝරු කුඩු ව්‍යාපාර වලින් සුර සැප විඳිද්දී හාල්මැස්සෝ අල්ලලා වැඩක් තියෙයිද? ලංකාවට කුඩු කිලෝ 250-260 එනකොට මේ ග්රෑම් 100 මොන කජ්ජක්ද? අර කෝටි 250ක කුඩු තොගය ආනයනය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා එලි කෙරුවනම් වටිනවා නේද? (දී)

:       0       0

පිටිගල Sunday, 08 September 2013 03:22 PM

හඬක් නගන්න කැමති වෙන්න නම් පුළුවන් .සුදු වැන් හීනෙන් පෙන්න ගත්තම බය හිතෙනවා නේ. ළමයි ලපටි ගෙදර උන්දැ ගැනහෙම මතක් වෙන කොට .අනේ මට බැහැ. . (දී)

:       0       0

ජගත් Monday, 09 September 2013 07:52 AM

රන්පොකුණුගම තියන කුඩු නවත්වන්න පොලිසියට හැකිවේව (දී)

:       0       0

රෝහණ Monday, 09 September 2013 09:39 AM

සෙනරත් මහත්තයෝ ඔයා හරියටම හරි ඒ දෙය කරන්නේ නැති එක තමයි දැන් වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

මිනිපෙ Sunday, 08 September 2013 07:12 PM

හැම ගමකම කුඩු වෙළෙන්දන් කව්ද කියලා ගමේ හැමෝම දන්නවා. ඒත් ඒ ගමේම පොලිසිය දන්නේ නැහැ. වෙස් වලා ගත් පොලිස් නිලදාරීන් මේ කාර්යට යොදවා නීතියට කොටු කර ගත හැක. දැන් ඔබ කියාවි මේ අයව ඇල්ලුවම දේශපාලකයෝ විසින් ඔවුන්ව මුදා ගන්නවා කියලා. පොලීසිය සැකයකින් තොරව හොද හැටි දන්නවා නම් හරියටම කුඩු වෙළෙන්දා කව්ද කියලා. සැකකරු නිදහස් කල පසුව ඒ පුද්ගලයා ගැන පුද්ගලිකව වග බලා ගත යුතුය.(නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 08 September 2013 11:57 AM

ලංකාවට මත්කුඩු එන්නේ අහසින්ද කියලත් හිතෙනවා ,මුළු සමාජයම විනාස කරන ජාවාරම් නවත්වන්න නීති නැත්තේ ඇයි, නීති හදන අය භයද , නැත්තම් මේ ව්‍යාපාර කරන්නේ නීති හදන්නොමද ? ඇත්තටම සැබැ උවමනාවක් ඇත්නම් මේ වගේ දේවල් නතරකරන්න අදම හඩක් නගමු මොකද කියන්නේ කැමතිද ? (දී)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Sunday, 08 September 2013 12:02 PM

මෙච්චර කුඩු ඇල්ලුවට දඬුවම් ලබෙනහැටි කොහොමද කියල අපි දැනගන්නේ කවදද? (දී)

:       0       0

මෝරලා Sunday, 08 September 2013 12:24 PM

මොනවා කීවත් වැඩක් නැහැ මේ අයට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ ඕනේ අදම. එතකොටය් මේ අයට බයක් හිතෙන්නේ. නැතිනම් අපේ සමාජය කවදාවත් හදන්ඩ බැරි වෙයි.(නදී)

:       0       0

දර්ශන් Sunday, 08 September 2013 12:42 PM

ආගමීක ආයතන , ස්වෙච්ඡා ආයතන ,සමාජ සේවා දෙපාර්ත්තුමේන්තුව ,මහජනයා ,පොලීසිය හමුදාව ,රේගුව,මාද්‍ය එකතුවී වැඩකළ යුතුයි.(නදී)

:       0       0

චන්දි Sunday, 08 September 2013 12:47 PM

චන්ද්‍රා, අපි කැමතිවෙලා මොනා කරන්නද? කවදාවත් මේවා නතර වෙන්නේ නැහැ. මොකද අපේ රටේ නිතිය පන මදි නිසා. කොච්චර ඇල්ලුවත් දඩයක් ගහලා නිදහස් කරනවානේ අනෙක ඔය ඇල්ලුවේ හාල් මැස්සෙක් .කකුළුවෙක් විතරයි.(නදී) තෝරු,මෝරු,අහුවෙන්නේ නැහැ !! නැහැ නැහැ උන්ව අල්ලන්නේ නැහැ (අනේ අපොයි මගේ රට )

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 902 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 56 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1057 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 209 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5165 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1658 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31154 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23746 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site