‘ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට පාසල් දරුවන් හතලිස් ලක්ෂයක් රක්ෂණය කිරීමේ වැඩසටහන ඔක්තෝබර් පළමුවැනිදා ලෝක ළමා දිනයේදී ආරම්භ කරන බවත් එහි පළමු අදියර කොළඹ රාජකීය විද්‍යාලයයෙන් පටන් ගන්නා බවත් අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
රුපියල් අට කෝටියක වියදමින් කොළඹ රාජකීය විද්‍යාලයයේ ඉදි කෙරෙන මහල් හතරකින් යුත් නව හරිත ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අද (12) පැවති උත්සවයේදී අමාත්‍යවරයා එසේ කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට ඕනේ කරන්නේ අද්‍යාපනය මිසක් රක්ෂණය නොවෙයි. මේක ළමයින් වෙනුවෙන් ගානක් හූරාගන්න දාන උප්පරවැට්ටියක් වගෙයි පෙනෙන්නේ.(නදී)
ඔය ඉතින් කරරොත් කරන්නෙ බුරැවැඩක් තමා.ඒක කරන්නෙත් සුපිරි පසලකට.අසරණ ලමයි දුෂ්කර පලාත්වල ඒමටයි (අ)
අප්පුහාමිගේ කටට මසුරන් දාන්ඩ වටිනවා (අ)
වැඩේ හොදයි. ඔය දවසෙම පළාත් මට්ටමෙන් ගම්වල පොඩි පාසලකිනුත් ඕක පටන් ගන්න. එතකොට වැඩේ වටිනාකම වැඩි වෙනවා (නි)
රටේම ළමුන්ට සමාන අධ්‍යාපනය දෙන්න ක්‍රමයක් යෙදුවොත් නරකද, මේ ලෝකේ නැති විකාර නොකර,(අ)
රටේම ළමුන්ට සමාන අධ්‍යාපනය දෙන්න ක්‍රමයක් යෙදුවොත් නරකද, මේ ලෝකේ නැති විකාර නොකර,(අ)
මේ රටේ විකුනන්න පුළුවන් හැම දේම විකුණලා ලාබ ලබන මේ පාලකයෝ දැන් පාසල් ළමයින්වත් ඉන්සුරන්ස් කරලා එකෙනුත් ලාභ ලබනවා පුදුම පාලකයෝ ටිකක් (අ)
නැ ඕක හරි යන්නේ නැ. ඕක පටන් ගන්න ඕන රෝහණ රටෙන්.(අ)
දැන් මේක දෙන්නේ නොමිලේද? ගෙවන්න ඕන නම්,එයට තමන් අකමැතිනම් නොකර නිකම් ඉන්න. මේක ලැබෙන්නේ නොමිලේ නම්,කටයි,අර ශරීරයේ පිට පැත්තේ, පිටට පහලින් තියෙන එකත් වහගෙන අරගන්න.(නදී)
රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණයක් කියලා තියනවා. ඒකෙ ප්‍රතිලාබ හම්බවෙන්නේ අහවල් ඉස්පිරිතාලේ නැවතුනොත් විතරයි ලු.ඉතින් අහිංසක රජයේ සේවකයන්ගේ සල්ලි ආපහු රජයටමයි.මේ රක්ෂණයත් ඒ වගේ වෙයි.ළමයකුට කීයක් අය කරයිද දන්නේ නැහැ. (ස)
මේ වගේ උදවියට අධයාපනය හදන්න දුන්නම කරන්නේ ඔහොම පිස්සු වැඩ තමයි. (ස)
රට යන අයත් රක්ෂණය කරනවා සල්ලි අරන්. ඒ වුණාට අතරමං වුණහම මොනවත් නැහැ (නි)
වැඩේ හොඳයි.විශ්ව විද්‍යාලවලට ඇතුලත් වන විටම ජීවිත රක්ෂණයක් අනිවාර්යය කරන්න. (ස)
මේ වගේ බහුබූත වැඩ වලට නම් දරාපු රටක්නේ අපේ රට. (ස)
එස්කොලේට දාගන්ඩ වියදම් කල මුදල බලනකොට ළයින්ට රක්ෂණය කරන්න ආණ්ඩුවෙන් දෙන්නම වෙනවා . නැතිනම් දෙමුපියන්ට අයෙත් නයවෙන්න වනවා .(අ)
මට නම් තේරෙන්නේ නැහැ මෙතන මොකද්ද වෙන්නේ කියලා. මේකෙන් වෙන්නේ මේ ළමයින්ට/දෙමවුපියන්ට අදායම නැතිකමින් අධ්‍යාපනය කඩාකප්පල් වෙන එක නැවත්වීම කියල මම හිතනවා. රක්ෂණ වාරික ගෙවන්නේ ආණ්ඩුව වෙන්න ඇති? ළමයින්ට දෙන්නේ ජීවිත් රක්ෂණයක් නම් ඒක වෙනම එකක්. මම අහල නම් නැහැ මේ වගේ එකක් වෙනත් දියුණු රටවල. (නදී)
ලෝක සම්මත නීතියට අනුව වයස අවුරුදු 15ට අඩු අයව රක්ෂණය කරන්න බැහැ නේද? (නි)
ලුම්බිණි ඔයා දන්නේ නැති උනාට අපි දන්නවා. හැම පාසල් අලුත් වාරයකම ගෙදරට ලියවිල්ලක් එවල ළමයින්ව රක්ෂණය කරන රටක මම ඉන්නේ . මේකෙන් කරන්නේ ළමයින්ගේ පාසැල් කාලය ,මග තොටේ වෙන අනතුරු වගේම අද්‍යාපනය කඩාකප්පල් වීම් වලදී මැදිහත්වීම. මේක හරියට කරොත් හොඳ වැඩක්.(නදී)
වාරිකය කීයක් විතර දෙමව්පියන්ට ගෙවන්න සිද්දවෙයිද? (නදී)
මුල් වාරිකය ඇමතිතුමාගෙන්, ඊට පස්සේ දෙමාපියන් දිගටම ගෙවන්න වෙනවා, රෝයල් එකට මරු. අපිට ගිනි.කෙරෙන දෙයක් ද . වෙන මොකක් හරි කියන්න තිබුනේ. (නදී)
වෙඩි වැදිලා මිය යන ළමයින්ටත් මෙම රක්ෂණය වලංගුද? (ස)
ගොඩනැගිලි නම් ප්‍රයෝජනවත් (නි)
රක්ෂණය හොඳයි. ඒත් ඇමතිතුමා ඔය විද්‍යාලයේ ඉන්න හැම ළමයෙක්ම වගේ දෙමවු පියන්ගේ මාර්ගයෙන් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ රක්ෂණය වෙලා ඇති කියල හිතෙන්නේ නැද්ද? උතුරු මැද පළාතේ පාසල් කොපමණ තියෙනවද පාසැල් දරුවන්ට බීමට ජල පහසුකම් නැති. ඔබ තුමා ඒකට සැලැස්මක් හදල රටට දැනුම් දුන්නොත් කීදෙනෙක් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරන්න ඉතිරිපත් වෙයිද. ඒ පිනම ඇති . (දී)
ඔය වැඩේ කරන්න ඕනෑ ඉතාම දුෂ්කර පිටිසර ගම්මානයක ඉදලා (නි)
අනුරාධපුරේ දරුවන්ගේ ලොකු අඩුවක් සම්පූර්ණ වුණා (නි)
බොහොම හොද වැඩක් (දී)
රක්ෂණය කරන්න යන්නේ හැමොමද? (දී)
ගොවි රක්ෂණයට වෙලාතියෙන දේ දන්නවනේ. (දී)
කොළඹයි හම්බන්තොටයි ඉන්න දුල පුතාල හැරුනම අනිකුත් පළාත් වල ඉන්න පුත්තු? (දී)
ඔව් රාජකීයේ ඉන්න ටික ඉස්සර වෙලා කරන්න.අනික් දුප්පත් දරුවෝ වතුර ඉල්ලුවත් වෙඩි තියල මරමු. (දී)
ඔව්...ඔව් කන්න නැති වුනත් රක්ෂණය කරලා තියමු මොකද මේ අහිංසකයින් බැරි වෙලාවත් බොන්න වතුර ඉල්ලුවොත්.... (දී)
මෝඩ වැඩක් (දී)
ළමයි වෙනුවෙන් ඒ කල වැඩේ බොහොම වටිනවා (දී)
අනේ රක්ෂණයට වඩා දුප්පත් ළමයි ඉන්නවා පොත් ටික ගන්න නොහැකිව, කෑම ටික ගන්න නොහැකිව. අපිත් ඉගෙන ගත්තා. එහෙත් රක්ෂණ ඕනෑ වුණේ නැහැ (නි)
ලෝක ළමා දිනය වෙනුවෙන් ආබාදිත දරු දැරියන් සොයා ඔවුනට ජය මාවතේ යාමට පියවර නගන්න. සමහර ආබාදිත දරුවන්ට රෝද පුටු පවා නොමැති නිසා දෙමාපියන් දුක් විදිනවා. රෝහල් වල ළමා වාට්ටු වලින් අහලා විස්තර ගන්න. මෙවැනි දෙයක් කරනවා නම් ඔබ තුමාට විදෙස් වල සිටින උදවියත් උදව් කරවී(දී)
සද්ද දාල පටන් ගත්තට ගොවි විශ්‍රාම වැටුපට මොකද උනේ .වර්ත මානයේ කොයි වැඩෙත් ඒ වගේ තමයි (අ)
මෙතන තියෙන සමහර අදහස් දෙකකම ලැජ්ජා හිතෙනවා .රාජකීය විද්‍යාලය කියන්නේ රජයේ පාසල් අතර තිබෙන ඉහලම තත්ත්වයේ පාසැල.එය තවදුරටත් ඉහල පැලැන්තියේ මිනිස්සුන්ටම වෙන්වුන පාසලක් නොවේ.එත් සමහර කුහක මිනිස්සු එයාලගේ ළමයින්ව රාජකීය විද්‍යාලයට දාගන්න ලැබුනේ නැහැ කියල රාජකීය දරුවනට වෛර කරනවා.දුමින්ද දිසානායක ඇමතිතුමාගේ දේශපාලන දර්ශනය කුමක් වුවත් එය ආදී රාජකීයයෙක් විදියට තමුන්ගේ පාසලට ආදරය කරන්න අයිතියක් සහ යුතුකමක් තියෙනවා.එක නිසා එයාගේ වැඩසටහනක් ලංකාවේ ප්‍රමුකතම පාසලවන රාජකීය විද්‍යාලයෙන් පටන ගන්න හිතන්න ඇති.අනික වසරකට රාජකීය විද්‍යාලයෙන් බිහිවන වෛද්‍ය ශිෂ්‍යයෝ ප්‍රමාණයම ඇති රාජකීය විද්‍යාලය ලංකාවේ ප්‍රදාන පාසැල වන්න. (දී)
ළමයින්ව රක්ෂණය කරාම ළමයට වේන වාසිය මොකක්ද? රක්ෂණය කරන සමාගම මොකක්ද? පැහැදිලි මදි. (දී)
අමිත් ඔයාගේ මොලේ හොද නැද්ද මම අහල නැහැ වෛද්‍යවරු රාජකීය විද්‍යාලයෙන් බිහි වෙනවා නොදන්නා නිසයි අහන්නේ රාජකීය කියන්නේ වෛද්‍ය පිටියක්ද (දී)
මොනවා හරි අලුතෙන් දෙයක් කරන්න ගියාම ලංකාවේ මෝඩ මිනිස්සු හිතන්නේ ඒක මෝඩ වැඩක් කියල.. ඉහලින් ඇති අදහස් වලින් ඒක පේනවා... (දී)
ලංකාවේ ඉන්න දොස්තර්ලා බහුතරය අදක්ෂයි. කොච්චර මිනිසුන් හැමදාම මැරෙනවද? අපේ දොස්තරලා හරි කම්මැලියි. ඒකයි... (නි)
අපි ඉගෙන ගත්තේ රක්ෂණය වෙලා නොවේ. මේ දේවල් නැතුව දුප්පත් ඉස්කෝල ළමයින්ට ඉස්කෝලේ දාන්න සපත්තු දෙකක් අරන් දුන්නා නම් හොදයි.ක්‍රීඩා තරග වලට යන්න සපත්තු දෙකක් නැතුව කොච්චර ළමයි ඉන්නවද?සමහර අය අදහස් දාලා තියෙන්නේ ලංකාව ගැන දන්නේ නැහැ වාගෙයි (නි)
හැමදේටම වියදම් කරනවා. අනේ මේ රට වහල්කමට යන ගැහැනුන්ට මොකක්හරි ජීවත් වෙන්න මාර්ගයක් රට ඇතුලේදීම හොයලා දෙන්නකෝ. කෝටි 40 යොදලා මොකක්හරි පටන් ගෙන රස්සාවල් දෙන්න තිබුනා. ඕනෑම දේ සංවර්ධනය වෙලා නැහැ. පවුල් ඒකකය කඩා වැටිලා (නි)