IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු වූ අසල්වාසියකු ඇයගේ සිරුරට ගිනි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලද කාන්තාව රෝහල් ගත කරනු ලැබ සිටි

සැකකරු නිවෙස තුළට රැගෙන ආ මන්නා පිහියක් සහ පැට්‍රල් අඩක් තිබෙන බෝතලයක් ද සිය බාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන් බරපතළ පිළිස්සීම් තුවාල ලබා ඇත්තේ 63 හැවිරිදි විවාහක කාන්තාවක බව ද පොලිසිය කියයි.

පිළිස්සුම් තුවාල ලද කාන්තාවගේ නිවෙස ආසන්නයේම පදිංචි සැකකරු ඔහුට අයත් නිවෙස සහ ඉඩම කලක සිට විකිණීම සඳහා උත්සහ දරා ඇති අතර මුල් දිනවල එය රුපියල් ලක්ෂ 60 ක මුදලකට විකුණන බව ප්‍රචාරය කර ඇතත් එම අවස්ථාවේදී ගැනුම්කරුවකු ඉදිරිපත් වී නැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුකාලීනව ඔහු ප්‍රදේශයේ දියුණුවත් සමගම නිවෙස සහ ඉඩම රුපියල් ලක්ෂ 80 කට විකුණන බව පවසා විවිධ පාර්ශව අතර ප්‍රචාරය කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගැනුම්කරුවකු ඉදිරිපත් වී ඒ වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 3 ක අත්තිකාරම් මුදලක් ද මීට දින කීපයකට ඉහතදී ලබා දී ඇතැයි පොලිසිය කියයි.

මෙම ගැනුම්කරුට පිළිස්සුම් තුවාල ලද කාන්තාව එම ඉඩම ලක්ෂ හැටකට විකිණීමට තිබූ ඉඩමක් බව පැවැසීමෙන් අනතුරුව ගැනුම්කරු ඉඩම් හිමියා (සැකකරු) හමුවී පිළිසුම් තුවාල ලද කාන්තාව මෙම ඉඩම ලක්ෂ හැටකට විකිණීමට තිබූ ඉඩමක් බවට පැවැසූ බව පවසා තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව ගැනුම්කරු ඔහුට එම මුදලට ඉඩම අනවශ්‍ය බව පවසා ලබා දුන් අත්තිකාරම් මුදල් නැවත ඉල්ලා ඇතැයිද එම අවස්ථාවේදී ඉඩම් හිමි සැකකරු තමන්ට එම මුදල වියදම් වූ බවත් ඉඩම විකිණීමෙන් පසු මුදල් නැවත ලබාදිය හැකි බවත් එම පුද්ගලයා සමග පවසා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් දැඩි කෝපයට පත් ඉඩම් හිමිකරු ඊයේ (24) සවස මන්නා පිහියක් සහ පැට්‍රල් පිරවූ බෝතලයක් රැගෙන තාප්පයෙන් පැන කාන්තාවගේ නිවෙසට ඇතුළු වී ඇයගේ සිරුරට පැට්‍රල් විසිකර ගිනි තබා පලා ගොස් සි‍‍ටි බව පොලිසිය කියයි.



අදහස් (9)

ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා

Janii Thursday, 25 April 2024 09:14 PM

අනේ මන්දා මේ‍ ගෑණුත් ඔන නැති වැඩමයි කරන්නේ

:       0       30

Prabha Thursday, 25 April 2024 11:35 PM

දැන් ඉතින් සල්ලි වෙනුවට ගැනපන් කරූ

:       2       18

Bamunuarachchi Friday, 26 April 2024 03:47 AM

මේ ගැහැණි කරපු නොපනත් වැඩේට මගෙනුත් නම් සමාවක් නැහැ. අර මිනිහාගේ බිස්නස් එකට මේ ගැහැණි මොකටද හොම්බ දැම්මේ?

:       5       28

නලින් Friday, 26 April 2024 10:20 AM

අනුන්ගේ දේවල් වලට අනවශ්‍ය ලෙස මැදිහත් වුණාම පෙනවනේ වෙන දේවල් ගැනුන්ටත් ඔනේ නැති ... තක් නැ.

:       1       15

බාසුර Friday, 26 April 2024 10:48 AM

ගෑනු හැමෝම ඔහොමයි. අනුන්ගේ සමගිය විනාශ කරනවා එහෙම නැත්තම් අනුන්ට ලැබෙන්න තියෙන ලාභයක් නැති කරනවා. නැත්තම් අනුන් රවට්ටනවා.

:       0       10

රන්ගන Friday, 26 April 2024 10:51 AM

ගෑනු උතුම් කියන අස්වාභාවික දර්ශනය කාන්තාවාදිනියෝ තමයි පැතිරුවේ. ඒත් මොලේ තියෙන මිනිස්සු ඇත්ත දන්නවා.

:       2       9

manojFriday, 26 April 2024 07:42 PM

දෙන්නා ගැනම කණගාටුයි. තමුත් ගැන කණගාටු අඩුයි. කාට වුණත් ලක්ෂ ගානක පාඩුව දරා ගන්න බෑ..

:       0       1

Nihal Friday, 26 April 2024 11:35 AM

කතගේ දුෂ්ට ඊර්ෂ්‍යාව,ඕනෑම ප්‍රශ්නයක මුලටම ගියොත් ගෑණියෙක් ඇත. අහල පහල වැඩිපුරම සාමය නැති කරන්නේම ගැහැණු

:       1       11

Sunil Friday, 26 April 2024 02:17 PM

දැඩි දඬුවම් දිය යුතුයි.

:       3       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 18 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 58 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 28 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 206 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 177 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 555 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site