(එස් හේරත් )
සපත්තු නිශ්පාදන කර්මාන්ත ශාලාවකින් රුපියල් නව ලක්ෂ පනස් හතර දහස් හත්සිය පනහක් වටිනා කාන්තා සපත්තු ජෝඩු 355ක් සොරකම් කළ පුද්ගලයෙකු සපත්තු සමග මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අවුරුදු හතළිස් නවයක් (49) වයසැති මාදම්පේ පැරණි නගරයේ පදිංචිකරුවෙකි.
මෙම සොරකම සිදු වී ඇත්තේ මාදම්පේ පැරණි නගරයේ කාන්තා පාවහන් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවකය.
රාත්‍රී කාලයේ කර්මාන්ත ශාලාවේ ජනේලයක් කඩා කර්මාන්ත ශාලාව තුළට ඇතුළු වී ඇති සැකකරු සපත්තු තොගය සොරා ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මාදම්පේ පොලීසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ එම අංශයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් සිදුකර සඟවා තිබූ සපත්තු තොගයද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සොරාගන්න ගන්නා ලද සපත්තු තොගය පසුව අලෙවි කිරීමේ අරමුණින් මෙම සපත්තු තොගය සඟවා තබන්නට ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය අත්අඩංගුවට ගන්නා ලද සපත්තු තොගය සමග සැකකරු හලාවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්ෂ නවයක සපත්තු උස්සලා