IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලග්ගල කොල්ලයට පස් දෙනෙක් ඇවිත්

ලග්ගල මැණික් ව්‍යාපාරික යු.ජී. මුතුබණ්ඩා මහතාගේ නිවසින්  බදාදා රාත්‍රී මැණික් හා රත්තරං කොල්ල කෑ පිරිස නිවසට පැමිණ ඇත්තේ ඔහු දන්නා අදුණන පොලිස් සැරයන් වරයකුගේ  නම කියමිනි. අඩුගන‍ණේ කොල්ලකරුවන් පස් දෙනකුවත් එන්නට  ඇතැ බවත්  මුලින්ම ඔහුට මාංචු දමා පැය තුනක් පමණ නිවසේ  මැණික් රන් හා සල්ලි සොයා ඇති බවත් කියති.

රුපියල් ලක්ෂ පනහක් පමණ මැණික්ද කෝටියක පමණ රන් හා සල්ලිද පැහැරගෙන ගොස් ඇත.

වෛරෝඩි ,රතු, නිල් , පුෂ්පරාග ,රබස් ,තෝර හා ගෙවුඩ මොහුගේ මැණික් අතර තිබෙන්නට ඇතැයි දැනගන්නට ඇත.කොල්ලකරුවන් වෑන් රියකින් පැමිණි බවට කියති.



අදහස් (0)

ලග්ගල කොල්ලයට පස් දෙනෙක් ඇවිත්

නිල්මිනි Friday, 14 June 2013 04:54 PM

සෑම ගමකම වියක් ඇතුව ස්වේච්ඡා ආරක්ෂක සංවිධාන බිහි කළ යුතුයි. (ත)

:       0       0

කෝරාළ Saturday, 15 June 2013 01:48 AM

අනික් රටවල් ඔය තත්වෙන් මිදිලා ඉන්නේ කොහොමද කියලා හොයලා බලන එක හොඳයි. උදාහරණයක් විදිහට කැනඩාව ගැන කියන්න පුළුවන්. එහෙ රැකියාවල් නැති අයවලුන්ට රජයෙන් ජීවන වියදම් දීමනාවක් ගෙවනවා. එය තමන්ට වාහනයකුත් තියාගෙන අනෙකුත් පවුලේ වියදම් දරන්න තරම් ඇති. රැකියාවල් ඇති අයවලුන් හුඟක් බදු ගෙවනවා රජයට. නමුත් ඒ අය කිසිම බයක් නැතුව ජීවත් වෙනවා. හොරු නැහැ. මංකොල්ලකාරයෝ නැහැ. කිසි කෙනෙක් තමන්ට අයිති නැති දෙයක් ගන්නේ නැහැ. හොරුන්ට විතරක් දොස් කියලා වැඩක් නැහැ. හොරු අල්ලන්න විතරක් කට්ටිය හිටියට හරියන්නේ නැහැ . හොරකම් ඇති වෙන්නේ සමාජයේ තියෙන අඩුපාඩු නිසා. සල්ලි තියෙන මිනිස්සු හිතනවා නම් ඒගොල්ලෝ ඉන්නේ සතුටින් කියලා, ඒක වැරදි බව වැඩිකල් යාමට පෙර දැනගන්න පුළුවන් . සමාජයේ තියෙන ආර්ථික විෂමතාවය නිසා තමයි හොරු බිහිවෙන්නේ. කිසිකෙනෙක් හොරකම් කැමැත්තෙන් කරන්නේ නැහැ. (නි)

:       0       0

නිලූ සෞදි අරබිය Saturday, 15 June 2013 11:59 AM

අපේ රටේ නිතියට නිතිය උගන්න ඕනේ මුලින්ම. හැම දෙයකටම නීතියේ කෙනෙක් සම්බන්ද නිශා නැතිනම් ඔය දේවල් කවදාවත් නතර කරන්න බැ. (අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 12:20 PM

හොරකමට විතරක් ඇවිත් තියෙන්නේ,මිනිස්සු මැරුවේ නැති එක ලොකු දෙයක් සල්ලි හබුකරගන්න පුලුවනිනේ. ලංකාවේ ඉන්න හොදම හොරු. (අ)

:       0       0

ගිමාල් Saturday, 15 June 2013 07:50 AM

අනිවාර්යයෙන්ම බල පුළුවන්කාරයෙක් ඕක පිටිපස්සෙ ඇති. (නි)

:       0       0

තිසල් Friday, 14 June 2013 02:41 PM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

චන්දි Saturday, 15 June 2013 09:48 AM

කෝරාළ,ඔය කියපු අදහසත් හොදයි ඒත්,වැඩේ තියෙන්නේ ලංකාවේ හොරකම් කරන්නේ ලොකු,ලොක්කොනේ ඔයා හිතනවද එයාල එහෙම කරන්නේ කන්න,බොන්න නැති කමට කියල ඔය පත්තරවල තිබුන ලක්ෂ ගණන් හොරකම් කරපුව පොලිසියේ ලොකු අයනේ ඔය කියන විදියට ඒ අයටද රජයෙන් දීමනාවක් දෙන්න ඕන අනේ මන්ද මට තේරුම් ගන්න බැහැ (අ)

:       0       0

ලලිත් Saturday, 15 June 2013 02:34 PM

අනේ දානයක් දෙන්න වෙන්න ඇති ඔය තරම් මුදලක් හොරකම් කරලා තියෙන්නේ (නි)

:       0       0

කුමාරි Friday, 14 June 2013 03:28 PM

ඔය හැමදෙයක් ගැනම දන්නා හොදින් අදුනන ළගින් ආශ්‍රය කරන කෙනෙක් තමයි ඕක කරලා තියෙන්නේ (නි)

:       0       0

පෙරේරා Friday, 14 June 2013 03:55 PM

මාංචු වගේ දේවල් අරන් ආවයි කියන්නේ ඉතින්?... (නි)

:       0       0

කුමාරි ඩුබායි Friday, 14 June 2013 04:21 PM

කොහොම නමුත් වටිනා ජිවිත වලට හානියක් නොකරපු හොරුන්ට ඒ ගැන ස්තූති කළ යුතුයි (නි)

:       0       0

කුමාරි ඩුබායි Friday, 14 June 2013 04:20 PM

කොහොම වුණත් වටිනා ජීවිත වලට හානියක් නොකරපු හොරුනට මගේ ප්‍රණාමය. (ත)

:       0       0

ජයසිංහ Friday, 14 June 2013 04:20 PM

යුඩය අවසන් කර නිතිය රජයන සංවර්දනයට අදිවේගී මාර්ග සංචාරක සාදන රටක ඔය වගේ දේවල් ගණන් ගන්න එපා (ත)

:       0       0

සුජි Friday, 14 June 2013 04:27 PM

හැමෝම පරිස්සමෙන් (නි)

:       0       0

ලසන්ත Friday, 14 June 2013 04:30 PM

බල්ලෝ මරනවා වගේ මිනිස්සු මරන කාලේ කරදරයක් නොකෙරුව එක ලොකු දෙයක්. (නි)

:       0       0

පද්මිණි Saturday, 15 June 2013 11:07 AM

කෝරල කියන දේ ඇත්ත. නමුත් ලංකාවේ දැන් වෙන්නේ කෝටි ගණන් මංකොල්ල .එකට හේතුව නීතියක් නැති රටක්, බිහිවීම. සල්ලි තියෙනවනම් ඕනෑම අපරාධයක් කරලා බේරෙන ක්‍රමය දන්නවා. (අ)

:       0       0

රානි Friday, 14 June 2013 04:32 PM

අර සේනා මේ සේනා මාසෙකට පාරක් පාරවල් වල ජල්ලි අල්ලමින් කෑගහන වෙලේ, මිනිසුන්ගේ පැවැත්මට තර්ජනයක් වෙන මේ වගේ දේවලට උද්ගෝෂණ කරලා තිබෙනවද? (නි)

:       0       0

චන්දි Friday, 14 June 2013 04:35 PM

දැන් තියෙන්නේ ගමක්,ගමක් ගානේ සෙනග එකතු වෙලා මුළු රටම (ආගම් බේදයකින් තොරව )මේවට වගකිවයුත්තන්ට පාඩමක් උගන්වන්න. නැත්නම් මේ සෙල්ලම් නවතින්නේ නැහැ කවදාවත්. මොන කරුමයක්ද මේ? පාඩුවේ හම්බ කරගෙන කන කෙනෙකුටවත් ඉන්න දෙන්නෙ නැති හැටි (නි)

:       0       0

ජනක Friday, 14 June 2013 04:42 PM

ලොව සාමකාමීම රටවල් තෝරපු ලැයිස්තුව දැකලා අපේ ඊනියා බටහිර විරෝදියෝ ටික විස්කෝප වෙලා හිටිය. මෙන්න එහෙම වෙන්න හේතු.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 380 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 435 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 712 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 553 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 393 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 727 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site