ලග්ගල මැණික් ව්‍යාපාරික යු.ජී. මුතුබණ්ඩා මහතාගේ නිවසින් බදාදා රාත්‍රී මැණික් හා රත්තරං කොල්ල කෑ පිරිස නිවසට පැමිණ ඇත්තේ ඔහු දන්නා අදුණන පොලිස් සැරයන් වරයකුගේ නම කියමිනි. අඩුගනණේ කොල්ලකරුවන් පස් දෙනකුවත් එන්නට ඇතැ බවත් මුලින්ම ඔහුට මාංචු දමා පැය තුනක් පමණ නිවසේ මැණික් රන් හා සල්ලි සොයා ඇති බවත් කියති.
රුපියල් ලක්ෂ පනහක් පමණ මැණික්ද කෝටියක පමණ රන් හා සල්ලිද පැහැරගෙන ගොස් ඇත.
වෛරෝඩි ,රතු, නිල් , පුෂ්පරාග ,රබස් ,තෝර හා ගෙවුඩ මොහුගේ මැණික් අතර තිබෙන්නට ඇතැයි දැනගන්නට ඇත.කොල්ලකරුවන් වෑන් රියකින් පැමිණි බවට කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නේ ගමක්,ගමක් ගානේ සෙනග එකතු වෙලා මුළු රටම (ආගම් බේදයකින් තොරව )මේවට වගකිවයුත්තන්ට පාඩමක් උගන්වන්න. නැත්නම් මේ සෙල්ලම් නවතින්නේ නැහැ කවදාවත්. මොන කරුමයක්ද මේ? පාඩුවේ හම්බ කරගෙන කන කෙනෙකුටවත් ඉන්න දෙන්නෙ නැති හැටි (නි)
අනේ දානයක් දෙන්න වෙන්න ඇති ඔය තරම් මුදලක් හොරකම් කරලා තියෙන්නේ (නි)
හොරකමට විතරක් ඇවිත් තියෙන්නේ,මිනිස්සු මැරුවේ නැති එක ලොකු දෙයක් සල්ලි හබුකරගන්න පුලුවනිනේ. ලංකාවේ ඉන්න හොදම හොරු. (අ)
අපේ රටේ නිතියට නිතිය උගන්න ඕනේ මුලින්ම. හැම දෙයකටම නීතියේ කෙනෙක් සම්බන්ද නිශා නැතිනම් ඔය දේවල් කවදාවත් නතර කරන්න බැ. (අ)
කෝරල කියන දේ ඇත්ත. නමුත් ලංකාවේ දැන් වෙන්නේ කෝටි ගණන් මංකොල්ල .එකට හේතුව නීතියක් නැති රටක්, බිහිවීම. සල්ලි තියෙනවනම් ඕනෑම අපරාධයක් කරලා බේරෙන ක්‍රමය දන්නවා. (අ)
කෝරාළ,ඔය කියපු අදහසත් හොදයි ඒත්,වැඩේ තියෙන්නේ ලංකාවේ හොරකම් කරන්නේ ලොකු,ලොක්කොනේ ඔයා හිතනවද එයාල එහෙම කරන්නේ කන්න,බොන්න නැති කමට කියල ඔය පත්තරවල තිබුන ලක්ෂ ගණන් හොරකම් කරපුව පොලිසියේ ලොකු අයනේ ඔය කියන විදියට ඒ අයටද රජයෙන් දීමනාවක් දෙන්න ඕන අනේ මන්ද මට තේරුම් ගන්න බැහැ (අ)
අනිවාර්යයෙන්ම බල පුළුවන්කාරයෙක් ඕක පිටිපස්සෙ ඇති. (නි)
අනික් රටවල් ඔය තත්වෙන් මිදිලා ඉන්නේ කොහොමද කියලා හොයලා බලන එක හොඳයි. උදාහරණයක් විදිහට කැනඩාව ගැන කියන්න පුළුවන්. එහෙ රැකියාවල් නැති අයවලුන්ට රජයෙන් ජීවන වියදම් දීමනාවක් ගෙවනවා. එය තමන්ට වාහනයකුත් තියාගෙන අනෙකුත් පවුලේ වියදම් දරන්න තරම් ඇති. රැකියාවල් ඇති අයවලුන් හුඟක් බදු ගෙවනවා රජයට. නමුත් ඒ අය කිසිම බයක් නැතුව ජීවත් වෙනවා. හොරු නැහැ. මංකොල්ලකාරයෝ නැහැ. කිසි කෙනෙක් තමන්ට අයිති නැති දෙයක් ගන්නේ නැහැ. හොරුන්ට විතරක් දොස් කියලා වැඩක් නැහැ. හොරු අල්ලන්න විතරක් කට්ටිය හිටියට හරියන්නේ නැහැ . හොරකම් ඇති වෙන්නේ සමාජයේ තියෙන අඩුපාඩු නිසා. සල්ලි තියෙන මිනිස්සු හිතනවා නම් ඒගොල්ලෝ ඉන්නේ සතුටින් කියලා, ඒක වැරදි බව වැඩිකල් යාමට පෙර දැනගන්න පුළුවන් . සමාජයේ තියෙන ආර්ථික විෂමතාවය නිසා තමයි හොරු බිහිවෙන්නේ. කිසිකෙනෙක් හොරකම් කැමැත්තෙන් කරන්නේ නැහැ. (නි)
සෑම ගමකම වියක් ඇතුව ස්වේච්ඡා ආරක්ෂක සංවිධාන බිහි කළ යුතුයි. (ත)
ලොව සාමකාමීම රටවල් තෝරපු ලැයිස්තුව දැකලා අපේ ඊනියා බටහිර විරෝදියෝ ටික විස්කෝප වෙලා හිටිය. මෙන්න එහෙම වෙන්න හේතු.... (නි)
ඔහොම යමුකෝ! (නි)
අර සේනා මේ සේනා මාසෙකට පාරක් පාරවල් වල ජල්ලි අල්ලමින් කෑගහන වෙලේ, මිනිසුන්ගේ පැවැත්මට තර්ජනයක් වෙන මේ වගේ දේවලට උද්ගෝෂණ කරලා තිබෙනවද? (නි)
බල්ලෝ මරනවා වගේ මිනිස්සු මරන කාලේ කරදරයක් නොකෙරුව එක ලොකු දෙයක්. (නි)
හැමෝම පරිස්සමෙන් (නි)
යුඩය අවසන් කර නිතිය රජයන සංවර්දනයට අදිවේගී මාර්ග සංචාරක සාදන රටක ඔය වගේ දේවල් ගණන් ගන්න එපා (ත)
කොහොම වුණත් වටිනා ජීවිත වලට හානියක් නොකරපු හොරුනට මගේ ප්‍රණාමය. (ත)
කොහොම නමුත් වටිනා ජිවිත වලට හානියක් නොකරපු හොරුන්ට ඒ ගැන ස්තූති කළ යුතුයි (නි)
මාංචු වගේ දේවල් අරන් ආවයි කියන්නේ ඉතින්?... (නි)
ඔය හැමදෙයක් ගැනම දන්නා හොදින් අදුනන ළගින් ආශ්‍රය කරන කෙනෙක් තමයි ඕක කරලා තියෙන්නේ (නි)