ලංගම සේවකයන් 540 දෙනකු වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු රුපියල් තිස් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරීම ගැන කරුණු විමසීමට ලංගම අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද වරෙන්තු නිකුත් කළාය.
ඔවුන් එම වාරික ගෙවීමට අධිකරණයට නොපැමිණි නිසා එසේ වරෙන්තු නිකුත් කැරිණි.
කම්කරු දෙපාර්තමේන්තුව මේ පැමිණිල්ල ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 30ක් 40ක් කඹුරලා කඹුරලා ගෙදර යනකොට ගන්න හිටිය පරිතොශිතේ බහිරවය ගිලින කොට මේ මිනිස්සුන්ට වහ බොන්න තමයි වෙන්නේ, සමහර විට ගේ කැල්ලක් හදාගන්න වෙන්න ඇති ඉන්න ඇත්තේ, දුවගේ පුතාගේ මගුල ගන්න වෙන්න ඇති ඉන්න ඇත්තේ,රටේ අහස අල්ලන්න සංවර්ධන කතාවල් නම් කියවෙනවා මිනිස්සුන්ගේ සල්ලි ගෙවා ගන්න බැහැ තාමත්, (දී)
ලංගම දේශපාලනීකරණය වුනේ 1970 චන්දෙන් පස්සේ . මේගොල්ලන්ගේ අර්ථසාධකේ තියෙන්නේ වෙනම නේද ?අර චන්ද පෝස්ටරය බස් එකේ අලවපු හාදයා තවම ප්‍රදාන ප්‍රධාන කාර්යාලයෙනේද ? ගණිතය නොදන්නා ගනකාධිවරු ඉන්නෙත් ඕකෙම නේද ? (දී)
ඒගොල්ලෝ තිස්කොටියක් නොගෙවනකල් බකන් නිලාගෙන හිටපු කම්කරු ජනරාල් වරියත් උසාවියට කැඳවන එක හොඳ නැද්ද? තිස් කෝටියක් නොගෙව්වේ මාසෙකින් දෙකකින් නොවෙඉනේ (දී)
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා පුද්ගලික බස් ජනසතු කරලා සමස්ත රට වැසියන්ට හොඳ ප්‍රවාහන සේවයක් ලබා දුන්නා. කලකට පස්සේ, මේ සේවකයෝ දේශපාලන බලපුලුවන්කාරකම් ඔලුවට අරන් ආයතනය විනාශ උනත් කමක් නෑ කියන තැනට පත් උනා. එහෙම බලනකොට ලං ග ම සේවකයෝ වැඩි දෙනෙක් දුර්ජන ගති ඇති උදවිය. 1977 පස්සේ පුද්ගලික බස් ඒ ජා ප රජයෙන් හදුන්වල දුන්නා. එදා ඉදල ලං ග ම පිරිහෙන්න පටන් ගත්ත. විවිධ දේශපාලන වන්දි භට්ටයන් වරින් වර බලයන් වූ ආණ්ඩු යටතේ පුද්ගලික බස් ධාවනයට පටන් ගත්ත , ලං ග ම බස් එක්ක වෛරයෙන් තමා මේ උදවිය බස් ධාවනය කලේ. කාලයක් යනකොට, පුද්ගලික බස් වැඩි උනා, ලංගම අදායම අඩු උනා. තෙල් වියදම වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ හවසට, එකේ පාඩුව භාණ්ඩාගාරය හැර පියවෙන්නේ මහජන මුදලින්. අදටත් ලං ග ම සේවකයන්ට පඩියෙන් කොටසක්, ගෙවන්නේ භාණ්ඩාගාරයෙන්. ඉතුරු ටික බස් දුවවල හොයාගන්න ඕන. පුද්ගලික බස් චන්ඩිත් එක්ක හැප්පෙන්න ඕන, නැති නම් හවසට දෙන මුදල ගන්න එකඟතාවය මත හෙමින් දුවවන්න ඕන ලං ග ම බස් එක, එහෙම නැතිනම්, මග දිගට රැඳෙන්න වෙනවා. අදටත් බොහෝ රටවල උදෙන්ම එන බස් එක ලං ගම. අන්තිමටම යන බස් එකත් ලං ග ම. මහා ලොකු පුද්ගලික බස් අදායම අඩුවෙන කොට, හවස් වෙනකොට, ධාවනය කරන්නේ, මගට, නැතිනම්, ධාවනය නවත්වනවා. මේ පුද්ගලික බස් නිසා ලංගම අදායම අඩු වූ නිසාත්, චන්ද කාලෙට බලයේ ඉන්න පාලකයන් විසින්, ලංගම බස් චන්ද රැස්වීම් වලට සෙනග ගෙන්න ගන්න විවිධ බලපෑම් කරලා යොදවන නිසාත්, අද වන විට මෙවැනි ප්‍රශ්නයක් ඇතිවී තිබේ. (ස)
දකුණු ආසියාවේ ලොකුම අර්ථසාධක වංචාවද දන්නේ නැහැ. (ස)
කළ කළ දේ පළ පළ දේ කිවුවලු... (නි)
මේ ප්‍රශ්නය මොකක්ද කියන එක කවුරුවත් තේරුම් අරගෙන නැහැ වගෙයි (නි)
දඩුවම රුපියල් ලක්ශයක් ගෙවීම හෝ වසර 1200ක් මස 6කින් එකවර ගෙවී යන ලෙස (දී)
1983 ජුලි 23 දා ඔය ලංගමේ වෘත්තීය සමිතියකින් ලංගමේම බස්වල ඇවිත් රත්මලානේ තිබුන අපි 750ක් වැඩකළ විශාල කර්මාන්ත ශාලාව ගිනි තියලා මගේ මෝටර් සයිකලයත් අරන් ගියා. රස්සාවක් නැතුව අපි සිය ගණනක් අවුරුදු ගානක් දුක් වින්ද. ළමයි බඩගින්නේ අඩන කොට විවාහකයෝ ගිනි තියපු අයට ශාප කළා. ඒවාට නීතියක් ක්‍රියාත්මක උනෙත් නැහැ. ලංගමට ජයවේව! .(දී)
අසරණ මිනිසුන්ගේ සේවා අර්ථ සාදකය සොරාගෙන තිබියදී කෙසේද අර්ථ සාදක මුදල ගෙවන්නේ. මහා ලොකු සමාජ සේවකයෝ. (අ)
මාලිකා දරුවෝ මේ මක්ක දොඩනවද, හොරු ඉන්න එපාය හොරකම් වෙන්න ....(දී)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
අහිංසාගේ අදහසට මාත් එකඟයි.ලංගම බස් එකක යන්න තියෙනවා නම් ඒක ලොකු දෙයක්. අලුතෙන් ආරම්භ කළ වායුසමනය කළ බස් තව වැඩියෙන් දැම්මා නම් ආදායම වැඩි කරගන්න පුළුවන්.කොහොමත් හොඳ සේවයක් ලංගමයෙන් දැනටත් වෙනවා (නි)
ඉස්සර හිටි රියදුරු මාමා, කොන්දොස්තර මාමා ..වැනි අය හරිම කරුණාවන්ත අය.ඒ අය නිල ඇඳුමකුත් ඇන්දා.මම කියන්න ඕනෑ නැහැනේ අපේ පුද්ගලික මාෆියාවේ හැටි.මම නම් හිතන්නේ පුද්ගලික බස් ජනසතු කර දක්ෂ පරිපාලනයක් යටතේ ලංගමය ප්‍රතිසංවිධානය කළ යුතුයි. (නි)
ලංගමය පුද්ගලික අංශයට පැවරුවොත් හොඳයි කියලා හිතෙනවා මේ යන විදියට (නි)
බලාගෙන යනකොට ලංකාවේ වැඩිහරියක් වෙන්නේ හොරකම්මනේ.... (නි)
කොහොමට තිබුන ආයතනයක්ද මේ විදියට නැති නාස්ති වුණේ? (නි)
ඒ ගමන මේ මොනවද වෙන්න යන්නේ? (නි)