අද පස්වරු තුනයි අටට පමණ ලුණුගල පොළොව හෙල්ලී ගිය බව ගැමියෝ කියති.
තත්ත්පර දහයක් පමණ පොළොව හෙල්ලී ගිය බව කියති.
භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ බර්නාඩ් බ්‍රේම් මහතා කියනුයේ රිච්ටර් මාපකයේ තුනට අඩු භූ කම්පනයක් ඉන්දියා සාගර ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි.
එවැනි කම්පනයකින් මිනිසුනට හා දේපලවලට හානියක් සිදු නොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු සෙළවීමකුත් අත ළග (නි)
වෙනදේවල් වල හැටියට මෙහෙම නොවුණොත් තමයි පුදුම (නි)
ලුණු ගොඩාක් අහක ගිහිල්ලද ?(නදී)
21 වැනිදාට තමයි ලොකුම සෙළවිල්ල වෙන්නේ (නි)
අද සවස 2.35 ට පමණ එරිත්‍රියාවේ හා සුඩානයේ පිළිවෙලින් රික්ටර් මාපකයේ 5 සහ 4.2 ක අගයන් වල භූ චලන සිදුවුණා. ඉන්දියන් සාගරයේ නිකොබාර් දූපත් අසළ 4.6 ක භූ චලනය සිදුවුනේ අද උදේ පාන්දර 4.41 ට පමණ. ඉන්පසු ඉන්දියන් සාගරයේ එවැනි සිදුවීමක් සවස තුනට ආසන්නයේ වාර්තා වෙලා නැහැ. එම නිසා මෙම භූ චලනය ගැන විදයාත්මකව සොයා බැලීම භූ විද්‍යා හා පතල් කාර්යංශයේ වගකීමක්.(නදී)
1970 වර්ෂයේ මුලදී ලුණුගල තේ වත්තක අක්කර ගානක් පොළව යටට ගිලාබැස්ස අතර එම ප්‍රදේශය යටින් ගංගාවක් ගලන ශබ්දයක් පැවතුනි. එම ජලය ඊට සැතපුම් 40 පමණ පහළින් මඩ පාටට හුලන්දාවෙන් මතුවිය (නි)
ලුණුගල අද ගොඩක් වෙලා හෙල්ලුණා.කතාව හරි . (දී)
මමත් ඔය භූ චලනයකට මුහුණ දුන්නා. පැය බාගයකට දෙවරක් මන් ඉන්න රටේදී . අම්මෝ මතක් වෙන කොටත් බයයි මේ උස බිල්ඩින් පැද්දුනේ හරියට ඔන්චිල්ලාවක් වගේ.(නදී)
ඉස්සර අපි භුගෝලේ ඉගෙන ගන්නකොට සර්ලා කිව්වා 'ලංකාව භූමිකම්පා ගිනිකඳුවලින් තොර ක්ෂේම භූමියක්' කියලා. ඇත්තනේ. ඒ කාලේ එවැනි දේ වාර්තා වුනේ නැහැ. සුනාමි කියලා දෙයක් අහලවත් නොතිබුන නිසානේ අපේ වැඩිදෙනෙක් ඒකෙන් මැරුණේ. මොනවා කරන්නද, අපිත් ඉන්නේ "මේ ලෝ කුහරේ" නේ. (නි)
මේ දවස්වල ඡන්දේ බොරු බේගල් අදින නිසා මහා පොළව කම්පා වෙනවා වගේ (නි)