ලන්ඩන් බෞද්ධ විහාරයේ වැඩ කටයුතු සඳහා ආධාර ලබාගැනීමේ අරමුණෙන් පසුගිය දින පවත්වන ලද ආහාර සල්පිල සඳහා බලාපොරොත්තු නොවූ අන්දමේ සෙනඟක් ඇදී ආහ.
විහාරස්ථ දායක කාරකාදීන්ගේ සංවිධායකත්වයෙන් පවත්වන ලෙස එම ආහාර සල්පිලේ දී නිර්මාංශ සැබෑ ශ්‍රී ලාංකික ආහාර ඉතාම අඩු මිලට සපයනු ලැබීය.
මෙම ආහාර සියල්ලම ස්වේච්ඡාවෙන් පිළියෙළ කර ඇත්තේ දායක දායිකාවන් විසින් ඔවුන්ගේ නිවෙස් වලදී වීම හේතුවෙන් සැබෑ ශ්‍රී ලාංකික ආහාර වේලක රසය එමඟින් ලබාදීමට ද හැකි විය.
ආහාර සල්පිල සඳහා වැඩි වශයෙන්ම පැමිණියේ ඉංග්‍රීසි ජාතිකයන් වීමද විශේෂත්වයකි.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මිතුරු හමුවේ සභාපති හිටපු බ්‍රිතාන්‍ය තානාපති නිලධාරී ශ්‍රීමත් පීටර් හීප් සහ එම මහත්මිය ද ඒ අතර වූහ.
ආහාර සල්පිල සාර්ථක පැවැත්වීම සදහා වෙහෙස මහන්සි වී කටයුතු කළ සහ අවශ්‍ය සියලුම දේ ස්වේච්ඡාවෙන් සපයා දුන් දායක කාරකාදීන් හට මෙන්ම සල්පිල සදහා සහභාගී වූ සියලුම දෙනා හට ද සීලවිමල නාහිමියෝ පුණ්‍යානුමෝදනා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට බලන්න ෆොටෝ දාන්නකෝ. (ස)
ෆොටෝ තියෙනවනම් දාන්නකො. අපිට බලන්න. (ස)
අනේ ෆොටෝ දාන්නකෝ….! (ස)
ෆොටෝ දාන්න කියන්නේ ඔයත් ඒවායේ ඉන්නවද? අපි හිතුවේ පන්සල් එක්ක අමනාපයි කියලයි. (නදී)
කෑම තියෙන තැනට මනුස්සයෝ විතරක් නොවේ යක්ෂයෝ කුම්බාන්ඩයොත් ඇවිත් පිරෙනවා. (ස)
එදා සමහරු කෑවා නොවේ වෑමෑරුවා කාපුවත්. හරිම ලැජ්ජයි සමහරු හැසිරුනු විදියට කෑම දැක්ක ගමන්. සුද්දෝ හිතුවේ කවදාවත් නොකාපු අය කියලා වෙන්න ඇති (නි)