IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලන්ඩන් දම්පල් ගුණ සැමරුම ශනිදා

මෙයට වසර 87 කට පෙර වර්ෂ 1926 දී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් පිවිතුරු ථෙරවාද බුදුදහමේ තිරශ්චිතිය උදෙසා ආරම්භ කරනලද ලන්ඩන් බෞද්ධ විහාරය අද යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්වී ඇත.

ධර්මපාලතුමන්ගේ අභිමතාර්ථ යථාර්තයක් බවට පමුණුවාලමින් ලන්ඩන් බෞද්ධ විහාරය බුදුන්වහන්සේ වදාළ චතුරාර්ය සත්‍යය පිළිබඳව දැනගැනීමට උනන්දුවක් දක්වන යුරෝපියයන්හට එම ධර්මඥානය සපයන උත්තම ධර්මදුත සේවා මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

 එපමණක් නොව බ්‍රිතාන්‍යයයේ අගනගරය වන ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රධාන අනෙකුත් බෞද්ධයනට අත්‍යාවශ්‍ය ආගමික සේවා නිසිපරිද්දෙන් සපුරාගනීමෙහිලා අනුපමේය සේවාවක්ද මෙම විහාරස්ථානය මඟින් සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලයෙන් පාලනය කැරෙන  ලන්ඩන් බෞද්ධ විහාරයේ වර්තමාන විහාරාධිපතින් වහන්සේ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියෝය.

උන්වහන්සේගේ අනුසාශකත්වයෙන් සහ විහාරස්ත දායක කාරකාදීන්ගේ සහ සියලුම හිත මිත්‍රාදීන්ගේ සංවිධායකත්වයෙන් අනගාරික ධර්මපාල තුමාට පින් පමුණුවාලීමේ වාර්ෂික ගුණසමරු පිංකම මෙවරත් මෙම සති අන්තයේදී පැවැත්වීමට යයි.

 මෙම 14 වෙනි සෙනසුරාදා සවස 5 සිට ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්මපාල ශාලාවේදී පැවැත්වෙන ගුණසමරු පිංකම ආරම්භ කෙරෙන්නේ " බටහිරට බුදුදහම පැමිණීම" යන මාර්තුකාවෙන් ලන්ඩන් නුවර බෞද්ධ සංගමයේ සභාපති දොස්තර ඩෙස්මන්ඩ් බිඩල්ෆ් පවත්වන ගුණ සමරු දේශනයෙනි.

ඉන් පසුව එදින මධ්‍යම රාත්‍රිය දක්වා පරිත්‍රාණ ධර්මදේශනයකි.

මහා සංඝ රත්නය උදෙසා පසුදින හීල් දානමය පින්කමක්ද පැවැත්වෙයි. පිරිත් පිංකම සඳහා මහා බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි මහා සංඝ රත්නය වැඩම කරනු ඇත.



අදහස් (0)

ලන්ඩන් දම්පල් ගුණ සැමරුම ශනිදා

රෝහණ සල්ගාදු Friday, 13 September 2013 01:07 PM

බෝධි සත්වයානෙනි, ඔබය අපේ කාලයේ ඇසූ සැබෑ බෝධි සත්වයන් ඔබ නිසා බෞධයන්ට ලැබුණු ප්‍රතිලාබ අපමණය. බුදුවීමට පෙර නැවත එක්වරක් හෝ ශ්‍රී ලංන්කාද්වීපයේ අප අතර ඉපදී සම්බුද්ධ සාසනයේ පැවැත්ම සක්තිමත් කරන සේක. ඔබකළ සියලුම පාරමී බලයෙන් මතු බුදුවේවා! තෙරුවන් සරණි.(නදී)

:       0       0

සරත්- ක්‍රොයිදන් Friday, 13 September 2013 01:09 PM

රට, ජාතිය සහ බුදු දහම දිනෙන් දින විනාශ වෙනවා. මේ හැමෝම බලාගෙන ඉන්නවා. අද ධර්මපාල තුමා බලාපොරොත්තු වූ දෙය ඉටුවෙනවා දැයි සැකයි. හැමෝම සර්ව ආගමික පුට්ටු වල පැටලිලා. ආගම දහම විනාශ වෙනවා. අයියෝ සල්ලි.(නදී)

:       0       0

කුමාරි Friday, 13 September 2013 01:14 PM

අවංකවම ලංකාවේ ඉන්න බෞද්ධයන්ට වඩා පිටරටවල ඉන්න ලංකාවේ අය බුදු දහම සුරකින්න කටයුතු කරනවා. අපි වන්දනාමාන කළ යුතු උත්තමයෙක්. බුදු දහම පැවැතෙන තාක් නමත් බැබලේවි.(නදී)

:       0       0

පුක්කුස වීරසිංහ එඩ්මන්ටන් Friday, 13 September 2013 02:57 PM

අද පිටරට වල පන්සල් වල උත්සව සහ සැණකෙළි වලට ප්‍රධානම තැන දෙනවා. ළඟදි ලන්ඩනයේ එක්තරා පන්සලක් එල්ලේ සැණකෙළිය නමින් ශුරතා තරඟාවලියක් පැවැත්වුවා. අසපු වලින් බෞද්ධ ප්‍රතිපත්ත්තිමය වැඩසටහන් පමණක් කරන බැවින් එම වැඩ සටහන් වලට බැතිමතුන් බොහෝ සහභාගි වෙනවා. නමුත් අසපු වලට යම් යම් පාර්ශව එල්ල කරන 'දෙහි කැපීම්' වල නම් කෙළවරක් නැත. (නි)

:       0       0

ලාල් කින්ස්බරි Friday, 13 September 2013 08:55 PM

අනේ.....පන්සල් වලින්ම කාලා, රෙදිත් ඇඳගෙනද මෙහෙම කතා කියන්නේ. අසපුවකටම ගන්න වටිනා පුද්ගලයා.(දී)

:       0       0

අජිත් බාකින්සයිඩ් Friday, 13 September 2013 10:49 PM

පුක්කුසයා අකුරු ඉගෙනගෙන හැමෝටම කරදරයක් වෙලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1216 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 7946 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 4039 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 328 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1607 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1705 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29116 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23625 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 130 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 409 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site