ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය මෙවරත් වෙසක් පුන් පොහොය වෙනුවෙන් දාන ශීල භාවනා සහ සිරි ගෞතම බෝධි වන්දනා වැඩසටහනක් පැවැත්විය.
ලන්ඩන් මහමෙව්නා අසපුව පිහිටා ඇත්තේ ලන්ඩන් නුවරින් බැහැර ගම්බද සාමකාමී නිසංසල පරිසරයක පිහිටි විශාල භුමි භාගයකය.
එහි පින්කම් සඳහා සහභාගීවන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව ශීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙවර වෙසක් පිංකම පැවැත්වීමට සිදුවුයේ ඒ අසල පිහිටි මනරම් ශාලාවකදීය.
මහමෙව්නාවේ තරුණ දායක පිරිස විසින් පිංකම සඳහා එහි ඉතා අලංකාර බුදුමැදුරක් ඉදි කළහ
එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්, විශාල තඹ පාත්‍රයක රෝපණය කර ඇති බෝධීන් වහන්සේ නමක් සහ සධාතුක ධාතු කරඬුවක් තැන්පත් කර තිබුණි.
මේදිනවල ලංඩන් නුවර දැඩි ශීතලත් ,වර්ෂාවත් පැවතුණද එදින පිංකම සඳහා සුදුවතින් සැරසුණ ලොකු කුඩා සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වුහ. ඒ අතරින් බොහෝ දෙනෙක් අට සිල් සමාදන්ව සිටියහ.
එහි ප්‍රධාන ශාලාවත් එයට අමතරව දෙවැනි ශාලාවත් සැදැහැවතුන්ගෙන් පිරී තිබුණි. ප්‍රධාන ශාලාවේ සිදුවූ සියලු පිංකම් දෙවැනි ශාලාවේ විශාල තිරයක් මත පෙන්වීම සඳහා පියවර ගෙන තිබුණි.
දවස පුරාවටම මහමෙව්නා අසපු වාසී භික්ෂුන් වහන්සේ බුද්ධ පුජා, ගිලම්පස පුජා, ධර්ම දේශනා, ධර්ම සාකච්චා සහ භාවනා වැඩ සටහන් පැවැත්වුහ.
දරු දැරියන් වෙනුවෙන් උදෑසන 8 සිට දහවල 3 දක්වා විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබුණි. දරු දැරියෝ බෙහෝ දෙනෙක් ද අට සිල් සමාදන්වුහ.
පිංකම අවසන් වුයේ සිරි ගෞතම බෝධි බෝධි වන්දනාවෙනි.
එහිදී මීට පෙර කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද වන්දනා වැඩ සටහනක් අනුගමනය කැරිණි.
මෙම වැඩ සටහන අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා සජීවීව බෙදා හැරිණි.
ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල සැදහවතුන් විශාල පිරිසක්ද අන්තර්ජාලය ඔස්සේ පිංකම සඳහා සහභාගීවනු දැකගත හැකිවිය.
මුළු දවස පුරාවටම පවත්වන ලද මෙම වෙසක් පිංකම ඉතාමත් සැලසුම් සහගත අන්දමට හා නියමිත වෙලාවට සියලු වැඩකටයුතු සිදුවන ආකාරයෙන් ක්‍රියාත්මකවීම මෙන්ම ඒ සඳහා සහභාගීවූ ලොකු කුඩා සියලුම දෙනා ඉතාමත් සැනසුණු සිතින් හා සංවර භාවයෙන් යුතුව ක්‍රියා කරනු දැකගත හැකිවීම විශේෂත්වයකි.
අසපු භූමියද අලකාර බුදුරුවකින් සහ පහන් කුඩු යොදා මනාව සරසා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදූ ! සාදූ ! සාදූ (ස)
සාදූ සාදූ සාදූ !!!!(ස)
සිරි, මහමෙව්නාව කියන්නේ පින්වත් හිමි වරුන් වැඩ සිටින බෞද්ධ සිද්ධස්ථානයක් මිසක් මිතුරෙක් නෙවෙයි. දරුවන් කුඩා කල සිටම දහම් පාසල් යවා හරි මාර්ගය පුරුදු පුහුණු කල යුතුයි නැත්නම් දරුවෝ ලොකු වුනාම මේ රටවල පහසුවෙන් ලබා ගත හැකි මත් ද්‍රව්‍ය වැනි දේවල් වලට ඇබ්බැහි වෙනවා එසේත් නැත්නම් එක එක විදේශිකයන් සමග අයාලේ යනවා. (අ)
මහමෙව්නාව කියන්නෙ අපට හරි මාර්ගය පාදා දෙන කලණ මිතුරෙක් (නි)
සාදු! සාදු!! සාදු!!! ඉතා ලස්සන වෙසක් මංගල්‍යයක්! (නි)
පින් අස්වනු නෙලාගන්න කැමති අය පාතැබිය යුත්තේ මහමෙව්නාව නම් පින් බිමටමයි. එහි සෑම තැනම ශ්‍රී සද්ධර්මයම ඇත.එනිසාම සියල්ලෝම අප්‍රමාදීව මහමෙව්නාව වෙතම පැමිණෙත්වා! සාදු සාදු සාදු!!! (නි)
සංජීව, නිකන්ම සාදු! කියල නම් වැඩක් නැහැ. අපේ බැතිමතුන් ගොඩක් හිතන්නේ සාදු! කිව්වම ඔක්කොම හරි කියලා.(දිල්)
ලන්ඩනයේ සමහර පන්සල් වල (මහමෙව්නාවේ නොවේ) හාමුදුරුවරුන්ගේ උපන්දින සාද පවා පැවැත්වෙනවා. (නි)
මහමෙව්නා අසපුවේ තිබෙන ශාන්ත බවත්, කෙරෙන වැඩසටහනුත් සමඟ දිනක් ගත කර, අනෙක් පන්සල් වලට ගිය විට සිදුවන, දකින දේවල් වලින් සිත කළකිරෙනවා. (නි)
ඉතාලියේ මිලානො නුවරත් මෙවැනිම පින්කමක් පැවැත්වුණා.කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට මෙවැනි පින්කම් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. (ස)
බුදු දහමේ මූළික හරයනම් හිත දියුණු කර ගැනීමයි. නමුත් මෙහි ඇති ඇතැම් අදහස් දෙස බැලීමේදී අපේ බෞද්ධයැයි කියාගන්නා බොහෝ පිරිසක් පන්සලින් පන්සලට ගොස් කුණු අවුස්සනවා මිස තමා විසින් කර ගත යුතු මූළික දෙය අමතක කොට කටයුතු කිරීම කණගාටුවට කරුණකි. ගිහිවේවා පැවිදි වේවා යමෙක් අකුසල් කර ගනීනම් එය ඔහු රැගෙන යයි .එනිසා අපි අනුන්ගේ කුණු අවුස්සනවට වඩා තමාගේ කුණු සුද්ධකොටගෙන හිත දියුණු කරගැනීමට කටයුතු කරනවානම් වඩාත් හොදයි යන්න මගේ අදහස්යි බමුණෙක් හෝ වසලයෙක් උපතින් බිහි නොවේ ක්‍රියාවට අනුව සිදුවන බව බුද්ධ දේශනාවයි.අවස්ථාවාදී අයකු නොවී බුද්ධිමතකු වන්න .තෙරුවන් සරණයි ! (ස)
සතුටුයි.(ස)
ලන්ඩන් වල අනිත් පන්සල් වලට මහමෙව්නාවෙන් උදව් කරමුකෝ. (ස)
මහමෙව්නාවේ ස්වාමින් වහන්සේලා ළඟට ගැහැණු උදවියට යන්න තහනමක් නැහැ. හැම වෙලාවකම පිරිමි කෙනෙක් සමග ගිහින් කතාකරන්න පුළුවන්. (නි)
රෑ පානේ හාමුදුරුවරු කාර් එළවන්නේ නැති, නිර්මාංශ දානයක් බය නැතුව ගෙන ගොස් පුජා කළ හැකි එකම පන්සල මහමෙවුනාවයි. (නි)
මහමෙවුනාවට අරක්ගත් සමහර දායකයෝ කියා ගන්නා අය එහි වැඩවසන හාමුදුරුවරුන් ළඟට ගැහැණු උදවියට යාම තහනම් යැයි කියා අපව බය කරන නමුත් ඡායාරූප වලින් නම් එසේ නොවන බව තේරෙනවා. මෙම උතුම් වූ සිල්වත් හාමුදුරුවන් ළඟට නොගොස් ධර්මය සාකච්ඡා කරන්නේ කවුරුන් සමඟද? (නි)
මෙවන් අලංකාරයෙන් සහ පින්වතුන්ගේ සහබාගීත්වයෙන් ධර්ම කටයුතු කරන මහමෙව්නා අසපුවට ලන්ඩනයේ අනෙක් කිසිම පන්සලකින් සහයෝගයක් ලැබෙන්නේ නැති එක ගැන මම කනගාටු වෙමි. (ස)