බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ක්‍රිකට් සැණකෙළියේ සංවිධායක මණ්ඩලය විසින් පසුගියදා කරාපිටිය ශීක්ෂණ රෝහල සහ යාපනය මහ රෝහල වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කැරුණු බව එම සංවිධානයේ සභාපති වික්‍රම ද එස් වෛද්‍යනාථ මහතා පවසයි.
වසරක් පාසා ලන්ඩන් නුවර පැවැත්වෙන ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රසිද්ධ පාසල්වල ආදි ශිෂ්‍යයින් සහභාගීවන ක්‍රිකට් සැණකෙළිය යුරෝපයේ පැවැත්වෙන විශාලතම ශ්‍රී ලාංකික උත්සවය බවට දැන් පත්වී ඇත.
1989 දී ජී.සී.පෙරේරා, එල්මෝ රාජසුරිය සහ කෝසල ද සිල්වා විසින් ශ්‍රී ලාංකික ආදිශිෂ්‍ය සංගම් හයක් සහභාගී කර ගනිමින් ආරම්භ කරන ලද මෙම තරඟාවලිය අද වනවිට පාසල් 26 ක කණ්ඩායම් සහභාගීවන ඉතාම ජනප්‍රිය වාර්ෂික උත්සවයක් බවට පත්වී ඇත. ආරම්භයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සැණකෙලියෙන් උපයන ලද සියලුම මුදල් මහරගම පිළිකා රෝහලේ අවශ්‍යතාවයන් සඳහා පරිත්‍යාග කරන ලද අතර උත්සවයේ ජනප්‍රියත්වය ඉහළයාමත් සමඟම එම සේවා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි අනෙකුත් රජයේ රෝහල් අවශ්‍යතා සැපයීම සඳහාද යොදාගැනීමට කටයුතු කරන ලද බව වෛද්‍යනාථ මහතා කියයි.
ක්‍රිකට් සැණකෙළියේ නිලධාරි මඬුල්ලේ වික්‍රම ද එස් වෛද්‍යනාථ, නැත්කුනම් විමලේන්ද්‍රන් සහ ආනන්ද තෙවදාසන්පසුගියදා පෞද්ගලික නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේදී මෙම භාණ්ඩ ගාල්ලේ කරාපිටිය ශීක්ෂණ රෝහලට සහ යාපනය මහ රෝහලට ගියහ.
මේවසරේ ක්‍රිකට් සැණකෙළිය ඔවුන්ගේ රිදී ජුබිලිය සමරයි. එහිදී උපයන මුදල් යොදවා මඩකලපුව පිළිකා රෝහලේ අලුතින් ඉදිකර ඇති වාට්ටු සඳහා ඇඳන් 30ක් සැපයීමටද සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ හොද දෙයක්ද ජාති බේද නැතුව හැම දෙනාම මෙහෙම කරනවා නම්? ලංකාව තරම් සාමකාමී රටක් තවත් නැහැ (නි)
අපි මැරෙන්නේ. තවත් කට්ටියක් තනියෙන් ගිහිල්ල ෆොටෝ පත්තරවල දාගන්නේ.(නදී)
කට්ටිය හොරෙන්ම ලංකාවට ගිහිල්ල බඩු බෙදල ෆොටෝ ගහලත් ඉවරයිනේ.(නදී)
මේ දේවල් වලට දර දිය ඇදපු අපේත් පොටෝ දෙක තුනක් දාගන්න විදියක් නැද්ද ලංකාදීප කතුතුමනි.
අජිත්, ජයසුරිය, තේනබදු හිතන විදිහ හරි නැහැ. ඔයාලා හිත හොදින් කලා නම් ඒ මදිද?(නදී)
අනේ මේ ගොල්ලෝ ලංකාවට ගිහිල්ලා දීලත් ඉවරද? මෙහෙ පන යනකම් උදව් කරපු අපිවත් තියල ගහපු ෆොටෝ කෝ?(නදී)
ඕකනේ කියන්නේ පින් කරන්නේ පත්තරේට නම් දා ගන්නද? මහත්වරුණේ සතුටු වෙන්න අපි දර දීය ඇදලා යන ලෝකෙට සෙතක් වෙන්න පිනක් කර ගත්තා කීයලා.(නදී)
කොටන් ඇදපු අපිව තියල සැහෙන්න ෆොටෝ ගොඩක් ගත්තා. ඒත් ඒවා පත්තරේට දාල නැහැනේ.(නදී)
ලංකාවේ අය මොන වැඩේ කලත් අවසානේ විරසක වෙනවා. ඔක්කොටම එක වෙන්න ඕනෑ. පැය 24ම බුදු බන අහනවා. ඒත් තාම බැරි වුනා දහමට අනුව හැඩ ගැහෙන්න (නි)