IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලන්ඩන් ලාංකිකයෝ මහ පිංකමක් කරති

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ක්‍රිකට් සැණකෙළියේ සංවිධායක මණ්ඩලය විසින් පසුගියදා කරාපිටිය ශීක්ෂණ රෝහල සහ යාපනය මහ රෝහල වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කැරුණු බව එම සංවිධානයේ සභාපති වික්‍රම ද එස් වෛද්‍යනාථ මහතා පවසයි.

වසරක් පාසා ලන්ඩන් නුවර පැවැත්වෙන ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රසිද්ධ පාසල්වල ආදි ශිෂ්‍යයින් සහභාගීවන ක්‍රිකට් සැණකෙළිය යුරෝපයේ පැවැත්වෙන විශාලතම ශ්‍රී ලාංකික උත්සවය බවට දැන් පත්වී ඇත.

 1989 දී ජී.සී.පෙරේරා, එල්මෝ රාජසුරිය සහ කෝසල ද සිල්වා විසින් ශ්‍රී ලාංකික ආදිශිෂ්‍ය සංගම් හයක් සහභාගී කර ගනිමින් ආරම්භ කරන ලද මෙම තරඟාවලිය අද වනවිට පාසල් 26 ක කණ්ඩායම් සහභාගීවන ඉතාම ජනප්‍රිය වාර්ෂික උත්සවයක් බවට පත්වී ඇත. ආරම්භයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සැණකෙලියෙන් උපයන ලද සියලුම මුදල් මහරගම පිළිකා රෝහලේ අවශ්‍යතාවයන් සඳහා පරිත්‍යාග කරන ලද අතර උත්සවයේ ජනප්‍රියත්වය ඉහළයාමත් සමඟම එම සේවා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි අනෙකුත් රජයේ රෝහල් අවශ්‍යතා සැපයීම සඳහාද යොදාගැනීමට කටයුතු කරන ලද බව වෛද්‍යනාථ මහතා කියයි.

ක්‍රිකට් සැණකෙළියේ නිලධාරි මඬුල්ලේ වික්‍රම ද එස් වෛද්‍යනාථ, නැත්කුනම් විමලේන්ද්‍රන් සහ ආනන්ද තෙවදාසන්පසුගියදා පෞද්ගලික නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේදී මෙම භාණ්ඩ ගාල්ලේ කරාපිටිය ශීක්ෂණ රෝහලට සහ යාපනය මහ රෝහලට ගියහ.

 මේවසරේ ක්‍රිකට් සැණකෙළිය ඔවුන්ගේ රිදී ජුබිලිය සමරයි. එහිදී උපයන මුදල් යොදවා මඩකලපුව පිළිකා රෝහලේ අලුතින් ඉදිකර ඇති වාට්ටු සඳහා ඇඳන් 30ක් සැපයීමටද සැලසුම් කර ඇත.



අදහස් (0)

ලන්ඩන් ලාංකිකයෝ මහ පිංකමක් කරති

අජිත් (බාර්කින්) Tuesday, 11 June 2013 08:44 PM

මේ දේවල් වලට දර දිය ඇදපු අපේත් පොටෝ දෙක තුනක් දාගන්න විදියක් නැද්ද ලංකාදීප කතුතුමනි.

:       0       0

ඉන්දික Wednesday, 12 June 2013 07:25 PM

ලංකාවේ අය මොන වැඩේ කලත් අවසානේ විරසක වෙනවා. ඔක්කොටම එක වෙන්න ඕනෑ. පැය 24ම බුදු බන අහනවා. ඒත් තාම බැරි වුනා දහමට අනුව හැඩ ගැහෙන්න (නි)

:       0       0

ලක්සිත - ප්‍රංශය Tuesday, 11 June 2013 11:47 PM

අජිත්, ජයසුරිය, තේනබදු හිතන විදිහ හරි නැහැ. ඔයාලා හිත හොදින් කලා නම් ඒ මදිද?(නදී)

:       0       0

ඉන්දික Tuesday, 11 June 2013 06:42 PM

කොපමණ හොද දෙයක්ද ජාති බේද නැතුව හැම දෙනාම මෙහෙම කරනවා නම්? ලංකාව තරම් සාමකාමී රටක් තවත් නැහැ (නි)

:       0       0

චන්ද්‍රානි ලන්ඩන් Wednesday, 12 June 2013 01:11 AM

අනේ මේ ගොල්ලෝ ලංකාවට ගිහිල්ලා දීලත් ඉවරද? මෙහෙ පන යනකම් උදව් කරපු අපිවත් තියල ගහපු ෆොටෝ කෝ?(නදී)

:       0       0

ජයසූරිය ලන්ඩන් Tuesday, 11 June 2013 07:05 PM

අපි මැරෙන්නේ. තවත් කට්ටියක් තනියෙන් ගිහිල්ල ෆොටෝ පත්තරවල දාගන්නේ.(නදී)

:       0       0

ඉන්දික නිරෝසන් Wednesday, 12 June 2013 02:40 AM

ඕකනේ කියන්නේ පින් කරන්නේ පත්තරේට නම් දා ගන්නද? මහත්වරුණේ සතුටු වෙන්න අපි දර දීය ඇදලා යන ලෝකෙට සෙතක් වෙන්න පිනක් කර ගත්තා කීයලා.(නදී)

:       0       0

පුක්කුස වීරසිංහ ලන්ඩන් Wednesday, 12 June 2013 03:59 AM

කොටන් ඇදපු අපිව තියල සැහෙන්න ෆොටෝ ගොඩක් ගත්තා. ඒත් ඒවා පත්තරේට දාල නැහැනේ.(නදී)

:       0       0

තේනබදු කින්ස්බරි Tuesday, 11 June 2013 07:14 PM

කට්ටිය හොරෙන්ම ලංකාවට ගිහිල්ල බඩු බෙදල ෆොටෝ ගහලත් ඉවරයිනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1458 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 928 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1411 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 997 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 565 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1024 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37957 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site