ගාල්ල - මාපලගම මාර්ගයේ ලබුදුව ප්‍රදේශයේදී අද (09) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පසු 38 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ගාල්ලේ සිට හියාරේ හරහා බෝගහගොඩ දක්වා ධාවනය වූ බසයක් සහ මාපලගම සිට ගාල්ල දක්වා ධාවනයවූ බසයක් ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි අක්මීමන පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර හොඳට දෙපැත්තට යන්න මංතීරු දෙකක් තියෙද්දී, ඉක්මන් කොට බව නොදන්නා පුද්ගලික බස් රියදුරන්ට මොනවා කියන්නද? අසරණ මගීන්ට දෙවියන්ගේම පිහිටයි! එකම විසඳුම පුද්ගලික බස් ජනසතු කර පරණ තිබුන ලංගමය නැවත පිහිටවිමයි. මාර්ගවල අධික තදබදය අඩුකර ගැනීමටද හොදම ක්‍රමයක් (නි)
පුද්ගලික බස් සියල්ලම ජනසතුකොට, විනීත රියදුරන් පුහුණුකොට ලංකා ගමනාගමන මණ්ඩලයට මෙම කාර්ය නැවත බාරදුන්නොත් මාර්ග අනතුරු සහ මෙම විනයක් නොමැතිව බස් එළවීම නවතිනු ඇත. (නි)
ඔන්න ඉන්දියන් බස්! මොනවට ගේනවද මන්දා (නි)
අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙන්නේ මේ වගේ රියදුරන් නිසා තමයි (නි)
අනේ දෙවියනේ, මෙහෙමත් හදිස්සියක්? (නි)
බස් රථ දෙක මුහුණට මුහුණ ගැටී ඇති සැටි දකිනවිට රියදුරන් දෙදෙනාගෙන් කෙනෙකුගේ හෝ දෙදෙනාගේම නොසැළකිළිමත් රිය පැදවීම හොඳින් පැහැදිලි වෙනවා. මේ රිය පැදවීම කළවුන්ට වැඩිම තුවාල ලබා ඇත්නම් මම ඒ ගැන සතුටුවෙනවා. තුවාල ලැබූ මඟීන් සුවපත් වේවා! (නි)
බස්රථ රියදුරන්ගේ රිය පැදවීමේ දක්ෂතාවය මොනවට පැහැදිලි වෙනවා (නි)
මේ වගේ දේවල් වලට ගැමුණුලා මොනවාද කියන්නේ? පුද්ගලික බස් රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න එපාද? (නි)
මේ පුද්ගලික බස් පදවන්නන් සහ ත්‍රී රෝද රථ රියදුරන් මාර්ගයෙන් ඉවත්කරලම දාන්න ඕනෑ (නි)
පෞද්ගලික බස් සංගමය කියන එකේ සභාපති ට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ කියල දැනගන්න කැමති. ඉල්ලීම් පමණයි. සේවයේ ගුණාත්මකභාවය ගැන කිසිම දෙයක් කතා කරන්නේ නෑ. නියම මුදලාලිලා (බ)
මෙතන වරද කරලා තියෙන්නේ විරුද්ද දිශාවට බස් එක පදවපු රියදුරු පමණයි. විරුද්ද දිශාවට වාහනයක් එනකොට නිවැරදි දිශාවෙන් එන කෙනා මොනවා කරන්නද?. මෙම රියදුරු ගේ බලපත්‍රය සදාතනික ලෙස අහෝසි කළ යුතුයි (ම)
පෞද්ගලික හෝ ලංගම වෙනසක් නෑ මේ දෙගොල්ලම ලොකු ආයෝජනයක් කරලා තියෙන්නේ දෙගොල්ලම ආදායම බලාපොරොත්තු වෙනවා ලංගම අයට වැටුප කලින්නම තීරණය වෙනවා නමුත් පෞද්ගලික අයට දවසේ වැටුපෙන් තමයි පඩි ගෙවන්නේ රජය ලංගමයට පඩි ගෙවන්න විතරක් කෝටි 135ක් මාසිකව දෙනවා එක ලංගම බස් එකකට සේවකයන් 07 කට ආසන්න ගණනක් ඉන්නවා මෙි ඔක්කොම රජයෙන් නඩත්තු වෙන්නේ මෙි තියෙන බස් ඔක්කෝම රජය දුවන්න ගත්තොත් ලක්ෂ ගණනක් සේවකයො දාන්න වෙවි රජයෙන් කරන්න තියෙන්නේ මෙවා පාලනයට නිති ගෙන එක ප්‍රවාහනයට ජාතික ප්‍රතිපත්තියක් හදන එක බොරැවට කුහක විදියට බලන එක නෙවෙයි පෞද්ගලික බස් රථ වලින් කෝටි සියගණනක් වාර්ෂකව රජයට ගෙවන බවත් හිතන්න (හේ)
රියදුරන්ගේ නොසැළකිලිමත්කම නිසා මෙවැනි අනතුරු අපේ රටේ කවදත් අහන්න දකින්න ලැබෙනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට මංතීරු දෙකක් වෙන්වෙද්දී එක්කෝ පාර මැදින් පේමන්ට් එකක් හෝ වැටකින් වෙන්කරනවා නම් ඔය ඉගිලෙන්න හදන අයට ගොඩක් දුරට වැට බැදේවි. (නි)