වසර කිහිපයකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට එක්වූ ලිනි සංසලා වර්තමානය වනවිට වෘත්තීමය නිරූපිකාවක් ලෙස කටයුතු කරයි. විවිධ විලාසිතා ඔස්සේ නිරූපණ ක්ෂේත්‍රයට අලුත් යමක් එක් කිරීමට නිතරම උත්සාහ දරණ නිරූපිකාවක් ලෙස හඳුන්වන ලිනි සංසලා, නිරූපිකාවක් ලෙස නිරූපණ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යාමටද අපේක්ෂා කරමින් සිටින්නීය. මේ නිසාම අද "සාරවිට"තරු කතාබහ අපි ලිනි වෙනුවෙන් දිග හරින්නට සුදානම් වුණෙමු.
ලිනි නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ මොන කාලයේදීද?
දැනට මම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන්න අරගෙන අවුරුදු 3ක් විතර වෙනවා.
නිරූපිකාවක් වෙන්න හිතුවේ ඇයි?
පුංචි කාලේ ආසාවක් තිබුණා නිරූපිකාවක් වෙන්න. ඒ ආසාව මත තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.
නිරූපණයට විතරද කැමැත්තක් තිබුණේ?
නැහැ. මම ඩාන්සින්වලටත් ගොඩක් ආස කෙනෙක්.
නර්තනය පැත්ත තෝර ගත්තේ නැත්තේ ඇයි?
මම ඩාන්සින් කළේ ලතින් ඩාන්සින්. මම "zumba" ඩාන්සින් ක්ලාස්වලට පවා ගියා. නමුත්, නිරූපණය පැත්තට යොමු වුණාට පස්සේ ඩාන්සින්වලට තිබුණ උනන්දුව නැති වෙලා ගියා.
දැනට ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වගේ දේවල්වලට සම්බන්ධ වෙලා තියෙවාද?
එක් මියුසික් වීඩියෝවකට සම්බන්ධ වුණා. මගේ ආසාව නිරූපිකාවක් විදිහට ඒ පැත්තට වැඩිපුර යොමු වෙන්න. අමතරව ඔය වගේ දේවල්වලට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැහැ. නමුත්, හොඳ නිර්මාණයක් ආවොත් ඒ නිර්මාණ ගැන සලකලා බලනවා.
රඟපාන්න කැමැත්තක් නැද්ද?
ආසාවක් තියෙනවා. හොඳ දෙයක් ආවොත් රඟපානවා.
නිරූපිකාවක් විදිහට අද යම් තැනක් ඔබ ගොඩ නගාගෙන තියෙනවාද?
මම තාම ඉන්නෙ පොඩි තැනක. නමුත්, මම මේ ක්ෂේත්‍රය තුළින් ලොකු ගමනක් යන්න අපේක්ෂා කරනවා. ඒත්, මේ ගමනට තියෙන බාධක වැඩියි. මොකද, මේ ක්ෂේත්‍රය අද සමහරක් අය කරන වැඩ නිසා විනාශ වෙලා ගිහින්. ඉතින් මේ ක්ෂේත්‍රය තුළ මම යන ගමනේදී සමහරක් අය වැරදි ඇහැකින් අපි දිහා බලනවා. ඉතින් වැඩක් භාරගනිද්දී පවා නිතරම ඒ වැඩේ ගැන දෙපාරක් හිතන්න වෙනවා අපිට.
වර්තමානයේ නිරූපිකාවන් ඉක්මනින් ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා. ඔබත් ඒ ගොඩේද?
නැහැ. හම්බ වෙන හැම වැඩක්ම බදාගෙන මම කරන්නේ නැහැ. බොහොම සීමිත ප්‍රමාණයයි මම දායක වෙන්නේ. මට හොඳයි කියලා හිතෙන ඒවා විතරයි මම භාර අරගෙන වැඩ කරන්නේ. හැම දෙයක්ම භාර අරගෙන වැඩ කළාහම මොඩල් කෙනෙක්ට තියෙන තත්ත්වය නැති වෙනවා. මම කැමති නැහැ මම හදාගත්ත ප්‍රතිරූපය නැතිකරගන්න.
උදව් කළ අය?
මගේ පවුලේ අය. යාළුවෝ. දන්න නොදන්න වචනයකින් පවා මට උදව් කළ අය. ඒ වගේම මට නිරූපණය ක්ෂේත්‍රය තුළ මේ දක්වා එන්න අතහිත දුන්න සැමටම මම මේ වෙලාවේදී ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා.
බුද්ධික සේනාධීර / ඡායාරූප - පසන් සෙනවිරත්න
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලැබෙන හැම වැඩක්ම මම භාරගන්නේ නැහැ