IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලයිට් බිල අඩු වෙන්නේ මෙහෙමයි

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු ලබන ජූලි මස 1 වැනිදා  සිට අඩු කරන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (6) පැවසීය.

විදුලි ගාස්තු අඩු කිරීමේදී විදුලි ඒකකයක මිල අඩුවන ආකාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (6) ඉදිරිපත් කළේය.

ඒ අනුව විදුලි  ඒකක 0 -30 දක්වා ඒකකයක මිල රුපියල් 8 සිට රුපියල්  6 දක්වා ද, ඒකක 31 සිට 60 දක්වා එකකයක මිල රුපියල් 20 සිට රුපියල්  9 දක්වා ද, ඒකක 61 සිට 90 දක්වා  ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා ද, ඒකක 91- 180 දක්වා ඒකකයක මිල රුපියල් 50 සිට 30 දක්වා ද, අඩුකරන බව ඇමැති  කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය. 

විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධ යෝජනාව හෙට හෝ සදුදා මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (12)

ලයිට් බිල අඩු වෙන්නේ මෙහෙමයි

Bandula Thursday, 06 June 2024 12:39 PM

ඇමතිතුමො ඇයි ඔච්චර අඩු කරෙ ඔබලාට සැප ගන්න මුදල් අඩු පාඩු වෙයි. අපි තව ඉදිරියටත් පෙර පරිදී ගෙවන්නමි.

:       60       31

පුරවැසියා Thursday, 06 June 2024 12:57 PM

ජනතාව ගේ අයිතිවාසිකම් උන් ලබා දෙන සහන කියලා ජනතාව ට පෙන්වන කාලකන්නි මජර දේශපාලන ක්‍රමය ඉක්මනින් ම අවසන් කරන්න ඕන

:       15       42

gamanayakaThursday, 06 June 2024 01:22 PM

ඔහේගේ තර්කය හරි නම් ඔක්කොම ජනතාවට තනි තනිව කරගන්න ඇරලා හිටියහම හරිනේද? ජනතාවගේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු යවන අය කටයුතු හරි හැටි කළමනාකරණය කරලා ජනතාවට පහසුකමක් දුන්නහම කුහක නොවී එය අගයකන්රන්න පුරුදුවෙන්න . ඔහේ හදවතට එකඟව කල්පනාකලොත් මතක් වේවි අඩුම තරමින් බස් එකේ හොරෙන් යාමවත් කරලා නැතිද කියල . අර්ථය පැහැදිලි ඇතිනේ ?

:       25       23

නිහාල් ........Thursday, 06 June 2024 01:57 PM

මොකක්ද මේ අපබ්‍රංශය . කාගේ තර්කයක් ගැනද මේ කතා කරන්නෙ .

:       4       8

Ashoka Thursday, 06 June 2024 01:08 PM

විදුලි බිලට සමගාමිව වතුර බිලත් අඩුවෙන්න ඕනේ , දැන් එන වතුර බිලත් හුඟක් වැඩි

:       1       52

අරවින්ද මොනරවිල Thursday, 06 June 2024 01:10 PM

ජාතික ජනබල වේගය විසින් ආණ්ඩුවක් පිහිටුවීමට පෙරම ජනතාවට සහන ලබාදීමට කටයුතු කිරිම පිලිබදව එහි නායකත්වයට අපගේ බලවත් ප්‍රසාදය !

:       70       32

gamanayaka Thursday, 06 June 2024 01:18 PM

පුරවැසියා ,ඔහේගේ තර්කය හරි නම් ඔක්කොම ජනතාවට තනි තනිව කරගන්න ඇරලා හිටියහම හරිනේද? ජනතාවගේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු යවන අය කටයුතු හරි හැටි කළමනාකරණය කරලා ජනතාවට පහසුකමක් දුන්නහම කුහක නොවී එය අගයකන්රන්න පුරුදුවෙන්න . ඔහේ හදවතට එකඟව කල්පනාකලොත් මතක් වේවි අඩුම තරමින් බස් එකේ හොරෙන් යාමවත් කරලා නැතිද කියල . අර්ථය පැහැදිලි ඇතිනේ ?

:       21       25

පුරවැසියා Thursday, 06 June 2024 01:53 PM

රටේ සියලුම පුරවැසියන් එක අරමුණක් වෙනුවෙන් කටයුතු කරනකොට තමන්ව බිමටම සමතලා කරපු පාලකයන් ගේ සපත්තු ලෙවකන බෙල්ලන් උඩ පාලුවට ගිය දේශපාලන අඳබාලයන් අකුල් හෙළනවා. නමුත් ඔවුන් වත් පුරවැසියන් බවට පත් කර මේ ක්‍රමය කෙසේ හෝ වෙනස් කරන්න දායක කර ගත යුතුයි

:       32       11

Dewa Thursday, 06 June 2024 01:18 PM

ඇමතිතුමා තව අඩුකරන්න අපි දන්නවා.මේවා චන්ද ගුණ්ඩු කියලා.වාරය ආවම රටේ බිද්ධිමත් ජනතාව නිසි පරිදි පිළිතුරු අඩු නැතුවම දෙයි

:       9       40

Saman Thursday, 06 June 2024 02:23 PM

මෙතන තියෙන ගොඩක් කමෙන්ට් වලින් පැහැදිලිවෙන්නේ ජනතාව නොමිලේ ලයිට් බලාපොරොත්තුවෙන බවයි. ඉතින් ඔය තර්කයම අනිත් පැත්තට ගනිමුකෝ එතකොට අඩු වැටුපකට රජයට වැඩ කරන්න ඔබලාට හිතේවි . අපේ උන් පුරුදුවෙලා ඉන්නේ නිකන් රු100 පොල් ගෙඩිය රු 25 ට ගන්න, පැය 8 න් පැය 4 ක් වැඩකරලා අනිත් වෙලාව හොරට ඉන්න. හොරට ඕටී දාගන්න ගමන් කෝකටත් තෙල කියල රජයටම බැන බැන ඉන්න .

:       9       44

lawrence tissera Thursday, 06 June 2024 03:51 PM

තිබිච්චි මිල අහස උසට නංගලා දැන් ටික ටික අඩු කරපුවහම ඒක අඩුම මිලි වෙනවාද ඇමැතිතුමෝ...?

:       6       32

Ruwan De Silva Thursday, 06 June 2024 06:22 PM

පුතත් විඳවලා තමයි මැරෙන්නේ. කොච්චර ළමයින්ට පාඩම් කරන්න බැරිව ඇද්ද?, වයෝවෘද්ධ, රෝගී මිනිස්සු කීයක් මැරුණාද? දකුණු ආසියාවේ වැඩිම මිල ලංකාවේ ශෝක් නේද? ඉස්සර රුපියල් 200-300 ආපු බිල දැන් 3000-4000ක් 30,000ක වැටුපක් ගන්න මනුස්සයෙක් නම් කොහොමද ගෙවන්නේ?

:       3       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 880 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 314 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3998 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1440 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 690 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2437 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site