ජේ ඒ එල් ජයසිංහ
විදෙස් රටවලින් ගෙන්වන ලයිටර් විශේෂයක් නිසා මෙරට දේශීය ගිනිකූරූ නිෂ්පාදන ආයතන වලට යන එන මං නැතිවී ඇතැයි එම ආයතන හිමිකරැවෝ පවසති.
පිටරටින් ගෙන්වන තත්ත්වයෙන් බාල ලයිටර් ඉතා අඩු මුදලකට අලෙවි කිරීම නිසා ලංකාවේ දැනට ඉතිරිවී තිබෙන ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්ත ශාලා හතරත් වැසී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි ඔවුහු කියති.
විදෙස් රටවලින් තොග ගණනේ මෙරටට ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් ගෑස් වලින් දැල්වෙන අතර ඒවායේ ගෑස් අවසන් වූ පසු ඉවත දැමීමෙන් විශාල පරිසර දූෂණයක්ද ඇතිවන බව පරිසර වේදීහුපෙන්වා දෙති.
මහනුවර පල්ලේකැලේ ශ්‍රී ලංකා ආයෝජන කලාපයේ දැනට ඉතිරී වී තිබෙන ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවල අඩු ආදායම් ලාභී පවුල් වල තරුණ තරුණියන් රැසක් සේවය කරන අතර,මෙම විදෙස් රටවලින් ගෙන්වන ලයිටර් වෙළඳාම මෙරට ව්‍යාප්ත වීම තුලින්,එම තරුණ තරුණියන්ගේ රැකියාවන් අහිමි වීමේ තර්ජනයක් උද්ගත විය හැකි බව දේශීය ගිනිපෙට්ටි කර්මාන්ත ආයතනවල සේවයේ නියුතු සේවක සේවිකාවන් සහ දේශීය කර්මාන්ත සුරැකීමේ සංවිධාන පවසයි.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලයිටරයක් නිසා ගිනි පෙට්ටිය නැති වෙයිද?
Savith Wednesday, 12 June 2024 10:14 PM
ලයිටස් වලට ලොකු බද්දක් ගැහැව්වා නම් හරි
Prabha Thursday, 13 June 2024 01:47 AM
වෙළඳපොළ හැසිරෙන්නේ ඉල්ලුම මත
lankaputha Thursday, 13 June 2024 07:06 AM
එක්කෝ ගිනි පෙට්ටියේ මිල අඩු කරන්න, නැතහොත් ඔබ දෙදෙනා අඩු මිලට ලයිටර් නිෂ්පාදනයට යොමු වන්න ... පාරිභෝගිකයාගේ තේරීමක් වූ විට තවත් අයෙකු ආරක්ෂා කර ගැනීමට තවකෙකු මරා දැමිය නොහැක.
SAM Thursday, 13 June 2024 07:12 AM
ලංකාවේ තිබේන ගිනි පෙට්ටි ඉතාම බාල තත්වයේ ඒවා.
Basnayake Thursday, 13 June 2024 08:03 AM
පැකැට්ටුවෙන් එළියට ගෙන දවසක් දෙකක් යනවිට ගිනිපෙට්ටිය පෙඟී යන, අතට අහුවෙන්නෙ නැති අඟලක් පමන දිග ගිනිකූරු, ගිනිකූර ගහනවිට ගිනි අවිලෙනවා වෙනුවට දෙකට නැවීයන ගිනිකූරු, මකබෑවෙන එකම තමයි හොඳ.
Roshan Thursday, 13 June 2024 08:22 AM
ලයිටර් වලට ලොකු බද්දක් ගැහුවම මෙහේ ගිනපෙට්ටි හදන අය ඒක දඩ මීමා කරගෙන ගිනිපෙට්ටිවල ගණන් උස්සනවා. පහුගිය කාලේ ගිනිපෙට්ටි වල ගනන් මතකනේ. ටයිල් වලට උන දේ මතකනේ...
Malaka Thursday, 13 June 2024 09:20 AM
දැන් තියන ගිනිපෙට්ටි නම් කිසිම වැඩක් නැ. පත්තු කරන්න කලින් නිවෙනවා වෙඩි බෙහෙත් ටික කූර ඇවිලෙන්නවත් මදි.
Jayantha Thursday, 13 June 2024 06:04 PM
මම දැන් තියෙන ගිනිකූරු පත්තු කරන්නෙත් ඔය කියන ප්ලාස්ටික් ලයිටරයෙන්...