පසුගිය වසරේ සැප්තැම්බර් 15 දා අනුමත කර 24 දා අවලංගු කළ සන්නිවේදන දීමනාව ඉල්ලා රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරුන් සඳුදා සිට ලෙඩ නිවාඩු මගින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරුන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය ඩී.ඒ.සෙනරත් මහතා කියයි. උපාධිධාරී වෛද්‍යවරුන්ට ගෙවන මෙම දීමනාව තමන්ට අනුමත කළත් රජයේ වෛද්‍යවරුන්ගේ විරෝධය නිසා නොලැබුණු බව සෙනරත් මහතා පවසයි. 1500 ක් පමණ වන මෙම වෛද්‍ය පිරිස මෙම දීමනාව ඉල්ලා අප්‍රේල් මාසයේ සිට අකුරට වැඩ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් මං මේ හිත හිතා හිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජනයක් නැත්තේ ඇයි කියලා. එක කට්ටියක් නවත්වනකොට තව කට්ටියක් ආරම්භ කිරීමේ සම්ප්‍රදාය කඩන්න හොඳ නැහැ. (නි)
ලෙඩ්ඩුන්ටත් කලින් ලෙඩ වෙන බව දැන ගන්න ක්‍රමයක් තියේ නම් කලින් බෙහෙත් ගන්න තිබුණා. (ස)
අනේ කාලේ.. කටුස්සෝ ගිය උඩක් කිවුවලු. දොස්තර මහත්තුරු නම් පැය 24 ම වැඩ කරන නිසා දුරකථන දීමනාවක් දෙන එක සාධාරනයි. ඒත් මෙයාලට මොකටද දුරකථන දීමනා? මොකෝ ලේ රිපෝර්ට් එක ටෙලිපොන් එකෙන් කියන්නැයි? (නි)