මැතිවරණ ජයෙන් පසු කියෙර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩවුනිං වීදියේ අංක 10 බලා පැමිණියේය. පසුගිය කාලය පුරාවට, අගමැතිවරුන් ආවා ගියත්, ඩවුනිං වීදියේ අගමැති නිවසේ හිමිකරුවෙක් සිටී. ඒ, ලැරී නමැති බළල් සුරතලාය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු පහක් සමඟ වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී වාසනාවන්ත විය. ස්ටාර්මර්, ලැරීට හමුවන හය වැනි අග්‍රාමාත්‍යවරයාය.
දේශපාලන කැලඹීම වලින් පිරි පසුගිය වසර 14 ක කාලයේ නොසැලී සිටි එකම තැනැත්තා ලෙස ලැරී බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. ලැරී උපත ලැබුවේ 2007 වසරේ ජනවාරි 13 වැනිදාය. ලැරීගේ වයස අවුරුදු 17 ක් බව පැවැසෙයි.
ලැරී, කම්කරු පක්ෂ අග්‍රාමාත්‍යවරයකු ඇසුරු කරන පළමු අවස්ථාව මෙයයි.
අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගෙන රිෂි සුනාක් නිල නිවසින් යද්දී ඔහුගේ බලු සුරතලා ලැබ්‍රඩොර් රිට්‍රීවර් වර්ගයට අයත් නෝවා ද නිල නිවසට සමුදුන්නේය. එය ලැරීගේ සතුටට හේතුවක් වන්න ඇත. ඒ බලලුන් සහ බල්ලන් අතරේ නොහොඳ නෝක්කඩු පවතින නිසාය.
කෙසේ නමුත් ගැටලුවක් ද ඇත. නව අග්‍රාමාත්‍යවරයා සමඟ නව සුරතලෙක් ද නිල නිවසට පැමිණෙයි. එම සුරතලාගෙන් ලැරීට අභියෝගයක් එල්ල වනු ඇති බවත් ලැරීගේ ප්‍රතිවාදියා වීමට ඉඩ ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දෙයි.
මේ සුරතලා ජෝ ජෝ ය. ජෝ ජෝ ද ලැරී මෙන්ම බළල් තඩියෙකි.
ලැරී සහ ජෝ ජෝ අතරේ හරි හරියට රණ්ඩුසරුවල් ඇතිවීමට ඉඩ ඇතැයි මාධ්‍ය වාර්තා බිය පළ කරයි. ඊට හේතුව, ඩවුනිං වීදියේ අංක 10 අසලින් වෙන කිසිම බළලකු ගමන් කරනවාට පවා ලැරී අකමැති වීමය.
මීයන් ඇල්ලීම පැත්තකට දමා ලැරී ජෝ ජෝ සමඟ සටන් කරාවිද? මෙය ද බොහෝ දෙනකුට ගැටලුවකි. ලැරීගෙන් ජෝ ජෝ ට කරදර වුණොත්, රිෂී සුනාක්ට මෙන් ලැරීට ද ඩවුනිං වීදියේ අංක 10 අහිමි වනු නිසැකය.
(ඩේලිමේල් ඇසුරිනි)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලැරීට ප්‍රතිවාදියෙක් !
Pujith Saturday, 06 July 2024 09:23 PM
ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්න නැති නිසා හොඳට ගියා. නැතිනම් මේ වගේ පුවත් වලින් වැඩක් නැතිවෙනවා. දැන්නම් මේවා trending වෙන එක නවත්තන්න බෑ...!
රමණි Sunday, 07 July 2024 11:21 AM
නො. 10 කියන්නේ ලැරීගේ නිවස. පිටින් එන ඒවා බලලා පිටස්තරයෙක් වගේම තාවකාලික වැසියෙක්. අලුතින් එන අගමැති පැරදිලා එළියට යන දවසක එයත් ඒ එක්ක යන්න වෙයි. ඒත් ලැරී යන්නේ නෑ. ඒ නිසා ලැරීට ඉන්න දෙන්නේ නැති අගමැතිවරු පත් නොකරන්න අවශ්‍යයි. මේ විහිළුවක් නෙවෙයි. මනුෂ්‍යයින්ට යහපත් ගතිගුණ ඇතිකිරීමට රටේ උඩම තැන ඉඳලා ආදර්ශයක් තිබිය යුතුයි. එය අපේ රටටත් අදාලයි....!