වැලිපැන්නේ ගල්කොරියක ලොරියක් මතට ලොරියකටත් වඩා ලොකු ගල් කුට්ටියක් වැටී රියදුරා මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලැබු බව වැලිපැන්න පොලීසිය කියයි.
වැලිපැන්නේ ගල්කොරියක ලොරියක් මතට ලොරියකටත් වඩා ලොකු ගල් කුට්ටියක් වැටී රියදුරා මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලැබු බව වැලිපැන්න පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! මේ මොන කරුමයක් පටිසන් දීලද? හතුරෙකුටවත් මේ වගේ වෙන්න එපා (නි)
මේවා වෙන්නේ පෙරකළ කරුමයකටවත්,අහම්බයකටවත් නෙවෙයි නොසැලකිල්ල හා නොදැනුවත්කම නිසයි. අපේ රටේ කර්මාන්තශාලා හා වැඩබිම් අනතුරු වලක්වගන්න්න දක්වන සැලකිල්ල හා උනන්දුව බොහොම අඩුයි ඒ ගැන කම්කරු අමාන්ත්‍යංශයෙන් ඇහුවොත් නම් බොහොම ගාම්ම්බීර ප්‍රකාශන කියනවා. ඒත් ප්‍රායෝගික වැඩ පිලිවෙලක් නම් පේන්න නැහැ.(නදී)
මේ දවස් වල මාර්ග වල ගමන් කරද්දී පරිස්සම් වෙන්න. විශේෂයෙන් කදු සහිත මාර්ග වලදි. මිය ගිය පුද්ගලයාට නිවන් සුව! (නදී)
සොබා දහමේ විපත් එන්න එන්නම දරුණු වෙලා. නියගය, ගංවතුර, ඒ මදිවට මිනිස්සුත් නැතිවෙනවා. මේ පුද්ගලයගෙ දරු මල්ලන්ට දැන් ඉතින් අසරණ වෙනවනෙ. නිවන් සුව පතමි. (ස)
මේ දවස් ටිකේ ඇදහැළුණු වරුසාවෙන් ගල් සහ පස් බුරුල් වෙන්ට ඇති. ගල් කොරියේ වැඩ කරන අය පොඩ්ඩක් මේවා ගැන විමසිලිමත් නොවුනා වත්දෝ. ඔහු ගියේ රැකියාවට නොසිතු විදියකට අත් වුනේ මරණය. මිය ගිය රියදුරාට නිවන් සුව පතමි !(නදී)
සනත් :- මිසදිටුවාට කොහොමත් යලි මිනිස් ආත්මයක් නැහැ. ඒ නිසා ඔබ ඒ ගැන සිතන්න එපා.(නදී)
අපේ රටේ මෙවැනි අනතුරු සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ. අනතුරක් සිදුවූ පසු මොන දේ කළත් පලක් නොමැත. සියලුම වැඩබිම් හා රැකියා ස්ථාන වලට ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කළයුතුය. ඒ සියලුම ස්ථාන ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරනවද සොයා බැලීම සදහා පුහුණුවලත් අත්දැකීම් සහිත රජයේ නිලධාරීන් පත්කළ යුතුය. එවැනි ක්‍රමවේදයක් ආරම්භ කිරීමෙන් මෙවැනි අනතුරු අවම කරගත හැක. (නි)
වාහනේ විනාශ වෙලා තියෙන විදිහට ජීවිත දෙකක් බේරුනා ඇති.මිය ගිය රියදුරාට නිවන් සුව ලැබේවා.මෙවන් විපතක් කිසි කෙනෙකුට නොම වේවා.(ස)
මොහුගේ පෙර පව නිසා වුන දෙයක් කියා සමහරු පවසනවා . එසේනම් මොහු පව ඉවරවී වෙන කොහේ හෝ ඉපිද දැන් සුර සැප ලබනවා වෙන්නට පුළුවන් . මනස්ගාත !!!!! (ස)
කණගාටුදායක සිදුවීමක්! පින්තුර බැලුවම තවත් අනතුරක් වෙන්න පුළුවන් තත්ත්වයක් පේනවා,පහල ඉන්න අයත් පරිස්සම් වෙන්න.(ස)
පව් මේ අසරණ මනුස්සය..ඔබට නිවන් සුව.. සොබාදහමට විරුද්ධ වීම...(ස)
අනේ මන්දා අපේ රටට මොනවා වෙලාද කියලා. මිය ගිය පුද්ගලයට නිවන් සුව.තුවාල ලැබූ අයට ඉක්මන් සුව පතමි. (ස)
හරිම අවාසනාවන්ත මරණයක්. පවුලක් නඩත්තු කළා නම් ඒ දරු පවුලත් ඉතා අසරණ වෙනවා. මියගිය ඇත්තට නිවන් සැප ලැබේවා! (නි)
හරිම කණගාටුදායක සිදුවීමක් (නි)
අපි දකින්නේ මේ ආත්මය පමණකි. අපි නොදන්නා කොච්චර අාත්ම ඇතිද මෙවැනි සිදුවීම් සිදුවූණ? එම නිසා මිනිසුනේ පුළුවන් තරම් පින් කරන්න. බුදුන් වහන්සේ නොයෙකුත් දේශනා වල පෙන්වා දුන්නේ ප්‍රාණඝාතය අකල් මරණයකට හේතුපාදන බවයි (නි)
දකිනකොටත් ඇඟ හිරිවැටෙනවා (නි)
මම නම් සිතන්නේ මේවා පෙර කරුම හෝ සැබැවින් කළ පව් වෙන්න ඇති. ඔය තවත් කෙනෙකුට ගින්දර දීලා කොඩිවින. හූනියම්. දූෂණ, වංචා, හොරකම් කරලා ජීවත් වෙන අය මේවා සිතට ගන්න. (නි)
කණ කැස්බෑවා විය සිදුරෙන් බලනවා වාගේ අහම්බෙන් වෙන අනතුරක් මේක. නිවන් සැප ලැබේවා! මතු උපදින ආත්ම වලදී මෙවන් විපත් නැවත නොවේවා ඔබට! (නි)
පුදුම දේවල්නේ සිංහලයන්ට වෙන්නේ (නි)
සියලුම විපත් දුක් කරදර ජනාතාවට අත්වෙන්නේත්, ස්වාභාව ධර්මයත් රටට එරෙහි වන්නේ ඇයි? අනේ මන්දා! (නි)
පරිසරයට කරන හානි වල සීමාවක් නැහැ. පවු, මේ අසරණයෝ මොනවා කරන්නද? දරුමල්ලන් වෙනුවෙන් දහසක් දුක් විඳ, ඒ මදිවට මහත් වේදනා විද නොකල්හි මිය යනවා. (නි)