IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලොව හොඳම සරසවි හයක්ම එංගලන්තේ

ලෝ පතල බ්‍රිතාන්‍ය සමීක්ෂණ සමාගමක් වන ක්වාකොරේලි සිමන්ඩ්ස් විසින් මෑතදී පවත්වන ලද සමීක්ෂණයක් අනුව ලෝකයේ ඉස්තරම්ම විශ්වවිද්‍යාල දහය අතරෙන් හයක්ම බ්‍රිතාන්‍ය අධ්‍යාපන ආයතන බවට හෙළිවී ඇත.

එම විද්‍යා ආයතන වන්නේ  කේම්බ්‍රිජ්, ලන්ඩන් කිංග්ස් කොලේජ්, සෙන්ට්‍රල් ලන්ඩන්. ලන්ඩන් ඉම්පීරියල්, ඔක්ස්ෆර්ඩ් සහ ස්කොට්ලන්තයේ එඩිම්බරා විශ්ව විද්‍යාල හයයි.

ඇමෙරිකාවේ  මැසචුසෙට් විශ්ව විද්‍යාලය මෙම සමීක්ෂණයට අනුව ලොව හොඳම විශ්වවිද්‍යාලය බවට පත්ව ඇති අතර දෙවැනි තැනට තේරී ඇත්තේ ඇමෙරිකාවේම හාවර්ඩ් සරසවියයි. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය තුන් වන තැනට තේරී ඇත.

මෙම සමීක්ෂණය සඳහා අධ්‍යාපන සැලසුම්, ඒවායේ ඇති ගුණාත්මක භාවය, උසස් තත්ත්වය, ශිෂ්‍යයන් සඳහා සපයනු ලබන පහසුකම් මෙන්ම රැකියා ලබාගැනීමේදී එක එක ආයතනයන්ගේ උපාධිය පිළිබඳව සේවා යෝජකයින් දක්වන කැමැත්ත ආදී කරුණු සැලකිල්ලට භාජනය කර ඇත.

රැකියා සඳහා තෝරාගැනීමේදී බ්‍රිතාන්‍ය උපාධිධාරීන් පිළිබඳව ලොව බොහෝ රටවල හාම්පුතුන් දක්වන්නේ අන් කිසිම රටක උපාධිධාරීන්ට වඩා වැඩි කැමැත්තකි. 

විශේෂයෙන් කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ්  විශ්වවිද්‍යාලා උපාධි අනිවාර්යයෙන්ම උසස් රැකියාවන් ලබාගැනීම සඳහා ඇති විශේෂ සුදුසුකමක් ලෙස ලොව සියල්ලෝම සලකනු ලබති.

ශ්‍රී ලංකාවේ  කීර්තිමත් දේශපාලකයින්ව සිටි එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක,ලලිත් ඇතුලත්මුදලි මා ලක්ෂ්මන් කදිරගාමර්  උසස් අධ්‍යාපනය හැදැරුවේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයයෙනි.

 



අදහස් (0)

ලොව හොඳම සරසවි හයක්ම එංගලන්තේ

කටා මාමා Sunday, 15 September 2013 12:53 PM

පුදුමේ කියන්නේ තුන්දෙනාම මැරුණේ වෙඩි කාලා.(නදී)

:       0       0

සෙනෙවි Monday, 16 September 2013 07:30 PM

ලංකාවේ විශ්ව විද්‍යාල වලින් එන අයගේ ඉංග්‍රීසි දුර්වලයි කියන එක මම නම් පිළිගන්නෙ නැහැ (නි)

:       0       0

පන්සිළු Sunday, 15 September 2013 02:00 PM

අපේ ලංකාවේ කියලා කවුරු කියනවා අහුනාද (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 15 September 2013 02:48 PM

ඔය කැම්පස් වලට මෙහෙ අන්තරෙන් හතර පස් දෙනෙක් ඇරියා නම් ලබන අවුරුද්දේ ඔය ලිස්ට් එකේ අන්තිමටම ඔය නම් ටික දමා ගන්න තිබුනා.(නදී)

:       0       0

උපාලි Sunday, 15 September 2013 03:18 PM

සබරගමුව කී වෙනි එකද දන්නේ නෑ. ඒත් දහවැනි තැනටවත් ඇවිත් ඇති කියල හිතනවා (කොයි පැත්තෙන් හරි) .(නදී)

:       0       0

සුධීර Sunday, 15 September 2013 03:40 PM

මගේ විශ්ව විද්‍යාලය ලෝකෙන්ම දෙවෙනි තැනට පත් වෙලා. ලංකාවේ ඒවාට නොගිහින් මෙහෙ ආපු එක ලොකු දෙයක්. අපිට පොර කතා දාන ලංකාවේ අය මේවා බලන්ඩ ඕනේ. ලංකාවේ එකක් වත් මේ ලිස්ට් එකේ නැහැ. ඒ උනාට කතාව නම් රජ වංශෙන්. (නදී)

:       0       0

උපුලි Sunday, 15 September 2013 04:13 PM

මටත් යන්න ඇතිනම් (දී)

:       0       0

දීපානි Sunday, 15 September 2013 04:43 PM

මමත් ඉන්නේ එංගලන්තයේ කාටද ආඩම්බර (දී)

:       0       0

සමන් Sunday, 15 September 2013 04:51 PM

අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා කීදෙනෙක් ඉන්නවාද ඔක්ස්ෆෝර්ඩ්වල ඉගෙන ගත්තු කට්ටිය.

:       0       0

පුක්කුස වීරසිංහ එඩ්මන්ටන් Monday, 16 September 2013 05:09 AM

අපෝ ලංකාවේ විශ්ව විද්‍යාල ලිස්ට් එකේ අන්තිමටම තියෙන්නේ. කිසිම පිළිගැනීමක් නැහැ. ලංකාවේ විශ්ව විද්‍යාල වලින් එන අයගේ ඉංග්‍රීසි දුර්වලයි.(නදී)

:       0       0

කුමාර Sunday, 15 September 2013 11:13 AM

මේවා බිස්නස් ට්‍රික්ස්.(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 15 September 2013 12:24 PM

ලංකාවේ සමීක්ෂන කණ්ඩායමක් කළා නම් ඕකේ අනිත් පැත්ත.(නදී)

:       0       0

ලතිකා Sunday, 15 September 2013 12:37 PM

අහන්නත් සතුටුයි ඇත්තමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 987 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6098 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3407 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 289 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1481 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1592 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28506 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site