(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම් ඉවත් කළ පසු සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමේ හැකියාව ඇති බවත් ලංවීම ගාස්තු යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ උපදේශන පත්‍රිකාවෙන් අනාවරණය කර තිබේ.
විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබූ රුපියල් කෝටි 4,800 ක පමණ ලාභය මෙම මිල සංශෝධන යෝජනාවලියෙන් සම්පූර්ණයෙන්ම අතහැර ඇති බව කියන එම පත්‍රිකාව සම්ප්‍රේෂණ වියදම් ලෙස රුපියල් කෝටි 9,500 ක සහ අතිරේක වියදම් කෝටි 20,000 ක් සහ හදිසි මිලදීගැනීම්වලට ද විශාල වියදමක් එකතු කර ඇති බව ද සඳහන් කළේය.
ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ වියදම් පිළිබඳව ගැටලුවක් ඇති බවත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති වියදම් තව දුරටත් සමාලෝචනය කළ යුතු බවත් එම පත්‍රිකාවේ සඳහන් වේ.
විදුලිබල මණ්ඩලය සියයට 3.34 ක විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය 13 වැනිදා පස්වරුවේ භාරදුන් අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට මහජන අදහස් ගනිමින් සිටින බවත් ගාස්තු සංශෝධනය ලබන මස මැද වන විට ක්‍රියාත්මක කළ හැකි බවත් එම පත්‍රිකාව වැඩි දුරටත් කීයයි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංවිම කෝටි 20,000ක වියදම් වැඩියෙන් පෙන්නලා