සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි නුවරඑළියේ එච්.ඒ. ජේසුදාසන් හිරගෙදරදී මියගිය බව ත්‍රස්තවිමර්ශන අංශය ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතාට දැනුම් දුන්නේය. මේ අතර නඩුවේ තවත් සැකකරුවකු වු හිටපු හමුදා සෙබළ කන්දෙගෙදර පියවංශ නීතිපති නියමයෙන් නඩුවෙන් මුදා හරින බව මහේස්ත්‍රාත් පැවැසීය. 2009.ජනවාරි .8 වැනි දා වික්‍රමතුංග දෙහිවලදී මරාදැමී යැයි සැකපිට මේ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔවුන් ළඟ සැකකටයුතු ජංගම දුරකතන තිබීම නිසාය. ඝාතනය ගැන දිගටම පරීක්ෂණ පවත්වන බව ත්‍රස්ත විමර්ශන අංශය අධිකරණයට දැන්වීය. එකම හඳුනුම්පතට ලබාගත් දුරකතන පහක් තිබීමත්, දෙහිවල ප්‍රදේශයේ දුරකතන කුළුණුවලින් එක් දුරකතනයකින් පණිවිඩ හුමාරුවීමත්, ගැන සැකසිතා හිටපු හමුදා සෙබළ පියවංශ අත්අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යුගයේ දේශපාලන චින්තනය ගොඩ නැගී තිබෙන්නේ ඝාතන සංස්කෘතිය විසින් නිර්මාණය කර ඇති නීතියක් නැති, සාධාරණයක් නැති සමාජ ක්‍රමයක් මතය. (නි)
අපි නම් මොකවත් කියන්නේ නැහැ වැඩක් නැහැ (දී)
මේවා නීතියටම භාර දෙමු (දී)
මේ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔවුන් ළඟ සැකකටයුතු ජංගම දුරකතන තිබීම නිසාය. එතකොට ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල අය කෝ? (දී)
වාර්තා කරුවන්ට බය වැඩිහරියක් දෙශපලක්යෝ එතකොට් කව්ද මේ අයට ගහන්නේ මරන්නේ ? (අ)
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ අය අපිට නම් හිතාගන්න පුළුවන් (නි)
රටේ මෝඩයන්ගේ ඇස් පාදන්න ගිහින් මොනතරම් ජනමාධ්‍යවේදීන් පිරිසක් දේශප්‍රේමී අයගෙන් මැරුම් කාලා තියෙනවද?කී දෙනෙක් අත පය කඩාගෙන සදාකාලිකව අබ්බගාත වෙලා තියෙනවද?මාධය අර්යතන කීයක් ගිනි වැදිලා තියෙනවද? (නි)
ඇත්ත ඕනෑම කෙනෙකුට තේරෙනවා. (නි)
ආශ්චර්යය කියන වචනේ නීතිය සම්බන්ධවත් තේරුමක් තියනවා වගේ අපි නොදැන හිටියට. (නි)
මාධ්‍යවේදි ලසන්තගේ ඝාතකයෝ එළිදරව් වෙන්න තව කොපමණ කල් යාවිද? (නි)
විභුති කියන දේම තමා මමත් කියන්නේ.අපේ අදහස්වලට ඉඩ දෙන්න.රටක් ගොඩ ගන්න පුළුවන් වෙන්නේ, ප්‍රසංශා, සුභපැතුම් වලින් විතරක් නෙමෙයි. (නි)
පිටිගල මහත්තයට මට දිනය කවද්ද ? කියන්න නම් මට දිවැස් නෑ එත් එහෙම වෙනකල් මේවගේ දේවල් වල සුලමුල හොයන එකනම් බොරු (දී)
මේක අමුතු වෙන්න කාරණයක් නොවේ. මක් නිසාද යත් මේ දනේශ්වර පන්තියේ තවත් ප්‍රතිබිම්බයක් බැවිනි. මෙය ඒ අයගේ සුළු ක්‍රියාවක් පමණි. මෙය ඉදිරියට වැඩි වෙනු මිස අඩු නොවණු ඇත. ඔඹලාගේ අද ක්‍රියාකලාපය අප ඉවසුවත් හෙටත් එසේම ඉවසයි කියා නොසිතන්නෙමු. අද ධනපති පන්තිය කෙරෙහි කලකිරී හෙට ධනපති පන්තිය පාගා ඊට එරෙහිව නැගී සිටින්නෙමු.(නදී)
"කුමට මෙරට අදිකරණය නීතිය සහ විනිසුරන් " ගීතයකින් උපට ගත් කොටසකි.(නදී)
අභූත චෝදනා මත මානව හිමිකම් අහිමි කර වසර කිහිපයක් රදවා තැබීම වෙනුවෙන් පිඩාවට පත් හිටපු හමුදා සෙබළ කන්දෙ ගෙදර පියවංශ වෙත සුදුසු වන්දියක් ලබාදිය යුතුයි.(නදී)
ඔය වැඩේ කෙරෙව්වේ කවුද කියලා මුළු ලංකාවම දන්නවා. දැනට කාලය හොඳ නිසා යහතින් ඉන්නවා. බලමු මොකද වෙන්නේ කියලා කවදා හරි. මොකද මේක බෞද්ධ රටක්.(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වැඩිය මහන්සි වෙන්න ඕනේ නැහැ මොකද පුහුල් හොරා කරෙන් දැනෙන නිසා.(නදී)
ඔය ඝාතනය කලේ කවුද කියන එක ගොඩක් අය දන්නවා. එයාට තමයි හමුදාවේ ඉහලම නිලය ඉස්සෙල්ලම හම්බ උනේ. කාලයක් මිනිහා රජ වෙන්නත් කල්පනා කලා. සමහරු නම් කියනවා මිනිහා කන්න දීපු අත හපා කාපු කෙනෙක් කියලා. කලවැද්දා කියන හුරතල් නාමයෙනුත් මිනිහව හඳුන්වනවා. මෙතන අදහස් දාපු සමහර අය නම් මේ ගැන දන්නේ නැහැ වගේ.(නදී)
දේශපාලකයන්ට බනින්න එපා. රටේ ජනතාව තමයි කතිරය ගහන්නේ. (නි)
මම කියන්නේ යලිත් මේවා වෙන එක නවත්තන්න කියලා (දී)
කපිල ඔයා ව්‍යංගයෙන් කිව්වාට ඔයා අදහස් කරන්නේ කාවද කියල බත් කන අයට තේරෙනවා.
ඕක කලේ කව්ද කියල හැමෝම දන්නවා. ළඟදීම දඬුවම් හම්බ වෙයි.(නදී)
ඝාතනය ගැන දිගටම පරීක්ෂණ පවත්වන බව ඔය කියන්නේ ඇත්තටමද? (නදී)
අපි හිතුව හරි එහෙනම්. මේවා මෙහෙම වේවි කියල අපි කලින්ම හිතුවා. මේ යන විදියට මේවා මෙහෙම නොවෙනවා නම් තමා පුදුමේ. පිල්ලේ මහත්මියගේ ප්‍රකාශ වල සත්‍ය හා නිවැරදි බව මේ සිද්ධීන්ගෙන් මනාව තහවුරු වෙනවා.(නදී)
අපි හිතුවා හරි එහෙනම්.මේවා මෙහෙම වේවි කියලා අපි කලින්ම හිතුවා.මේ යන විදියට මේවා මෙහෙම නොවෙනවා නම් තමා පුදුමේ. පිල්ලේ මහත්මියගේ ප්‍රකාශ වල සත්‍ය අසත්‍ය බව මේ සිද්ධීන්ගෙන් මනාව තහවුරු වෙනවා. (නි)
එයා තමන්ටම වෙඩි තියා ගත්තාවද්ද? (නි)
මුදා හරින්න දෙයක් නැහැ. ඕක කලේ කව්ද කියලා දන්නවනේ.(නදී)
අපේ අදහස් දන්න්න ඇයි ඕච්චර බය.(නදී)
මේවා සහගහන අපරාද , අවුරුදු කීයක් මේ දෙන්නව හිරේ තියාගෙන ඉදලද ? ඇයි බැරි මේවගේ පරීක්ෂණ ඉක්මන් කරලා වැරදි නිවැරදි බව හදුනාගෙන , ක්‍රියා කරන්න , මිය ගියාද මරා දැමුවද ? (නදී)
සමීර හරි, අපේ අදහස් දාන්න ඔච්චර බය ඇයි. මාධ්‍ය යුතුකම හරියට කරන්න බැරි නම් පාඨකයාගේ යුතුකමවත් කරන්න දෙන්න.(නදී)
මේක දේශපාලන ඝාතනයක් මේ ආණ්ඩුව පෙරලුනු පසුව සත්‍ය සොයා ගැනීමට හැකිවේ.(නදී)
සමීර, මම හිතාගෙන හිටියේ ඕක මන් විතරක් කියන මෝඩ කතවක් කියලා. බලනකොට තවත් අයට ඕකම වෙලා තියෙනවනේ ?(නදී)
මට නම් මේවට මුකුත් කියන්න බැහැ.(නදී)
කෝ අද බන්දුල පෙරේරාගේ අදහස්? (නි)
සැකකරුවන් දෙන්නා නිවැරදි නම් ඒ අයට අවුරුදු ගානක් තියාගෙන හිටියට වන්දියක් දෙන්න අවශ්‍යයි නේද? (නි)
මේ මිනිස්සු දෙන්නා මේ සිදුවීමට සම්බන්ධයක් නැති අහිංසකයෝද? (නි)
එතකොට එයාලා වෙඩි තැබුවේ කාගේ වුවමනාවටද? (නි)
ලංකාවේ ඉදිරි ගමන අපැහැදිලි (දී)
මේවා කවදාහරි දවසක හෙළි වෙනවා .අද පිල්ලේ මහත්මියට බනින අයම එදාට කියාවි පිල්ලේ මහත්මියත් විපක්සයත් කියපු දේ හරි කියල .මෙය කියවන සියලුම සොයුරියනි ඔබේ ස්වාමියට මේ ඉරණම අත්වුනොත් ඔබට ඇතිවන හැගීම කුමක්ද ? (දී)
රත්නායක කවදද මේ ආණ්ඩුව පෙරලෙන්නේ? කවුද පෙරලන්නේ? (දී)
මේ ක්‍රමය වෙනස් කරන්න නම්, කිසිම මැරයෙකුට ඡන්දෙ දෙන්න එපා (අ)
නීතියේ පිහිට තමයි