සිරුර පැහැපත් කැර ගැනීම සදහා බම්බලපිටියේ රූපලාවන්‍යගාරයකින් එන්නතක් ලබාගත් බව කියන වෛද්‍යවරියක (48) එහිදීම මිය ගිය බව පොලීසිය කියයි.
එම වෛද්‍යවරිය කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා රෝහලේ වෛද්‍යවරියකි.
සිරුර පැහැපත් කැර ගැනීම සදහා බම්බලපිටියේ රූපලාවන්‍යගාරයකින් එන්නතක් ලබාගත් බව කියන වෛද්‍යවරියක (48) එහිදීම මිය ගිය බව පොලීසිය කියයි.
එම වෛද්‍යවරිය කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා රෝහලේ වෛද්‍යවරියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් කාන්තාවන්ගේ මොළයත් දැන්වත් පෑදුනොත් හොඳයි (නි)
දොස්තරවරුන් අතර මෙහෙම දොස්තරලත් ඉන්නවා (නි)
අනේ පව්! අපිට හොඳ පාඩමක් නේද මේක? (නි)
හොඳ පාඩමක් කාටත්.... (නි)
දොස්තරවරු ලස්සන වෙන්න අමුතුවෙන් බෙහෙත් ගන්න ඕනෑ නැහැ. තමන් ළඟට එන රෝගීන්ට හොඳින් කරුණාවෙන් නියමිත ප්‍රතිකාර කරනවා නම් ඉබේම ලස්සන වෙනවා, පැහැපත් වෙනවා. ඒක සොබාදහමේ රහසක්. (නි)
මෙයාගේ ඇති වරදක් නැහැ. ලංකාවේ වැඩිදෙනෙක් තමන්ගේ රූපය ගැන උනන්දු නොවුණාට බොහෝ රටවල කාන්තාවන් මෙන්ම පිරිමිද තමන්ගේ රුව රැකගැනීමට මෙවැනි ප්‍රතිකාර ගන්නවා. අවාසනාවකට මෙහිදී ඇයට ප්‍රතිකාර කළ දොස්තර අතින් සිදුවූ වරදක් හෝ ලබාදුන් එන්නතේ අසාත්මිකතාවයක් නිසා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇත. (නි)
මෛත්‍රීය වැඩීමෙන්, විශේෂයෙන් කරණීය මෙත්ත සුත්‍රය සිහිකිරීමෙන් සෑම කෙනෙකුටම ප්‍රිය වෙනවා. ලස්සන වෙනවා. ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රසන්න, පැහැපත් ස්වභාවයෙන් ඒ බව ඔප්පුවෙනවා. අමුතුවෙන් එන්නත් අවශ්‍ය නැහැ. (නි)
මිට පෙරත් මීගමුවේදී මුහුණ පේෂල් කරන්න ගිය ගුරුවරියක් එතනම මියගියා. අද මේ සිද්ධිය. රට වටේ හැමතැනම රූපලාවන්‍යාගාර. කාන්තාවනි, රුව රැකගන්න පලතුරු,එළවලු කන්න. (නි)
හිත හොඳ නම් නිකම්ම ලස්සන වෙනවා. ඇත්තටම කණගාටුයි. පොතපතේ දැනුම පමණක් ප්‍රමාණවත් නැතිබව, සමාජය ගැන අවදියෙන් සිටිය යුතු බව මේ වගේ දේවල් වලින් පෙනෙනවා.එතුමියට නිවන් සුව..! (නි)
මොකක් හරි පරණ වූ බෙහෙතක් අහුවෙලා ඇති. (නි)
අනේ දෙවියනේ! මේ දොස්තර කෙනෙක් නේද? (නි)
පවු කියලා කියන්න දිව නැමෙන්නෙ නැහැ (නි)
උගත්කම ජීවිතයට කොතරම් අලංකාරයක්ද? (නි)
සුනිල්, ඔබ හරි. ඇයට නිවන් සුව ලැබේවා! චාම්ව ජීවත්වෙන්න (නි)
සෙසු අයටත් සිහිබුද්ධියෙන් කටයුතු කිරීම සඳහා මෙම පුවත වැදගත් වේවි (නි)
දැන් ඉන්න දොස්තරලා දොස්තරලාම ඕවා බේරාගත්තදෙන්. අපි වැඩිය කතා කළොත් මේ අය අහිංසක ලෙඩ්ඩු අමාරුවේ දාලා වර්ජන කරාවි. (නි)
මුහුණ ලස්සන කරගන්න පින්බර බවක් උපදවාගන්න ''මෙත්තා '' භාවනාවක් විනාඩි 10 ක් දිනකට කරන්න (නි)
කටපාඩම් කරලා විභාග සමත්වෙන, අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරන්නේ නැති, පොතේ දැනුම තිබෙන දොස්තරලා ටිකක් හදාගන්න තමා දැන් කාලේ බොහෝ දෙනෙකුට ඕනෑ. අවසානය යථාර්ථයට මුහුණ දෙන්න තරම්වත් බුද්ධියක් නැහැ. ජීවිතය ඛේදවාචකයක් කරගෙන. (නි)
මේ ජරාජීර්ණ වන ශරීරය මෙතරම් ලස්සන කරන්නේ කුමකටද? (නි)
බෙහෙත ගත් එකේ නෙමෙයි වරද තියෙන්නේ. ක්‍රීම් එකක් වුණත් සමේ කුඩා පරාසයක ගාලා ටික වෙලාවක් තියලා ඒක අහිතකර නැත්නම් තමයි නිර්දේශ කරන්නේ. (නි)
මට තියෙන ප්‍රශ්නය තමයි බෙහෙතක් ඇඟට ඇතුළු වූ පමණින් මියයන්නේ කෙසේද කියායි. බෙහෙතේ කුමක් හෝ වැරදි රසායන ද්‍රව්‍යයක් තියෙන්න ඇති (නි)
ඇයි ජිවත්වෙන්න ලස්සන ඕනමද ?කොහොම වෙතත් පොඩි දරුවකු හොද කරන්න හිටි වෛද්‍යවරියක් නැතිවුණා. (නදී)
හේමන්ත, ඔබ කිවූ දේ හරියට හරි. ඒක එයාගේ පෞද්ගලික කැමැත්ත. එතන එවන් හදිසි අවශ්‍යතාවන් වලට බෙහෙත් නැති එක තමයි ප්‍රශ්නය. (නි)
ලස්සන වෙන්නේ නැහැ කුහකකම තිබෙනවා නම්. ඇයට නිවන් සුව පතමි! (නි)
කෘතිමව ලස්සන වැඩි කරගැනීමට ගිය ලෝකයේ බොහෝ දෙනෙක් ඒවායෙහි අතුරු ප්‍රථිඵල ලෙස වැඩිකල් ජීවත් වී නැහැ. අනෙක් අය අතර කැපීපෙනෙන්නට( විශේෂයෙන් කාන්තාවන්) කෘතීම දේවල් කරන අය දිහා සමාජය බලන්නේ වැරදි ස්වරූපයකින් (නි)
අපරාදේ ජීවිතේ.විහින් විනාශ වුණා (අ) අපරාදේ ජීවිතේ විහින්නේ විනාස උනේ...............
කාටත් හොඳ ආදර්ශයක් මේක. සිරුරට වඩා හදවත් අලංකාර කරගැනීම හොඳය (නි)
හොඳට කෑම බීම තියනවා නම් උඹයි මායි දෙන්නත් ලස්සන වේවි මලිත් (නි)
අපරාදේ තරුණ ජීවිතයක්! (නි)
උගත්කම සහ බුද්ධිමත්කම යනු දෙකකි. තමාගේ රැකියාව කුමක් වුවත් බුදුන් වහන්සේ දේශනා කළ උතුම් වූ ධර්මය තම ජීවිතයට ගළපා නොගත් ඕනෑම පුහුදුන් මනුස්ස දුවෙක් , පුතෙක් මාරයාගේ වසඟයට පත්වීම පුදුමයක් නොවේ. මෙවැනි දේ ජීවත්ව සිටින්නන් තමන්ගේ ජීවිතයට ගළපා තමාගේ මෙලොව පරලොව ජීවිතය පමා නොවී යහපත් කරගැනීම සඳහා කුසල් දහම් කළ යුතුය. (නි)
මේ දොස්තර කෙනෙකුට ලබා දුන් පළවැනිම එන්නත නොවෙන්න ඇති. ඒ වගේම පළමු කෙනාත් නොවෙන්න ඇති.දොස්තර නෝනාගේ නරක වෙලාවට එන්නතේ අසාත්මිකතාවයක් නිසා මේ දේ වුණාද දන්නේ නැහැ. (නි)
මේක හොද පාඩමක් අපේ කාන්තා පක්ෂයට (දිල්)
සමහර එන්නත් තියනවා අසාත්මිකතා පරීක්ෂණයක් නොකර දෙන්න බැහැ පෙනිසිලින් වගේ ඒවා එහෙම එන්නතක් සුදුසුකම් තියනදොස්තර කෙනෙක් කවදාවත් කෙලින්ම දෙන්නේ නැහැ මේ එන්නත මොකද්ද දන්නේ නැහැ ස්ථානීය නිර්වින්දනයට දෙන එකක් නම් සාමාන්‍යයෙන් මුලින් පරීක්ෂණ කරන්න ඕන නැහැ අනික ශල්‍යකර්මයක් නම් අනිවාර්යයෙන්ම මුලින් රෝගියා ගෙන් අත්සන් ගන්නවා මෙතන මේ දොස්තර නෝනත් වැරදි නැහැ මොකද තමන්ට අයිතියක් තියනවා තමන්ගේ රූසපුව ගැන දොස්තරත් සුදුසුකම් තියන කෙනෙක් නම් වැරදි නැහැ මොකද මොතරම්මරන්න වර්ජන කරත් කෙනෙක් මරන්න හිතාගෙන කව්රුවත් එන්නතක් දෙන්නේ නැහැ මේ වගේ අසාත්මිකතා සමහවිට මිලියන ගණනකට එකක් වෙන්නද තියනවා මතක ඇති නේ පහු ගිය කාලේ රුබෙල්ල එන්නත සමහරුන්ට ප්‍රශ්න ඇති කරා (දිල්)
ජීවිතය අනිත්‍යයි. කවදා හෝ මැරෙනවාමයි... (නි)
අනේ මන්දා? මොනවා වුණත් පවු ජීවිතයක්!! ඔබට නිවන් සුව! (නි)
අනුන්ගේ දියුණුවට,වාසනාවට කුහකකම්,ඊර්ෂ්‍යාකම් නොකර ඒ ගැන හදපතුලෙන්ම සතුටු වෙන්න. තමුන් බලා ඉඳිද්දී ලස්සන වෙනවා. ඒ වගේම ධනවත් වෙනවා. (නි)
මොරිස් ,දොස්තර කෙනෙක් වෙන්න කොච්චර මහන්සියක් වෙන්න ඕනෑද කියලා ඔයා වගේ අයට තේරෙන්නෙ නැහැ. ඇය පිළිබඳව මට හරිම කණගාටුයි. මේ වෛද්‍යවරියට නිවන් සැප ලැබේවා !! (නි)
ඉස්සර කාලේ මෝඩ මිනිස්සු කළ වැඩ ගැන කියපු සින්දුවක් මතක් වුණා."අනේ මගේ එමලි පනේ කියන්නකෝ ඇත්ත අනේ බිව්වා නේද වදකහ සුදිය" (නි)
බෙහෙත් වට්ටෝරුව දොස්තරවරියම ලියා ගන්න ඇති . (අ)
අනේ ඇත්තටම මටත් හිතුනේ මෙයා ඩොක්ටර් කෙනෙක් උනේ විභාග පාස් කරලද?මළාම අපි කාටත් නිවන් සුව පතනවා තමා.ඒත්? (අ)
දෙමාපියනි ඔබලාගේ ගිනි නිවේවා !!! (අ)
මේ වැනි ආයතන පවත්වාගෙන යාමට අවසර දෙන අයත් හිරේ දාන්න ඕනේ ආයතනයේ අයිති කාරයෝ එක්ක (අ)
පව් දෙමව්පියෝ සහ සහෝදර සහෝදරයෝ . ඔබට නිවන් සුව (අ)
අදනේ දන්නේ එහෙම එන්නත් තියෙනවා කියල..ගාන කීයද දන්නේ නැහැ..අපේ නැන්දම්මටත් එකක් ගෙනත් විදින්න..එයත් හරි ආසයි ලස්සන වෙන්න..
හරිම කණගාටුයි.උගත් ශාස්ත්‍රය විශ්වාස කලා නම් මෙවැන්නක් නොවෙන්න තිබුනා.ඇයට නිවන්සුව...!(අ)
සිල්වා මහත්තයෝ ඉස්සර බිව්වේ පෙරුම්කායම් නෙවෙයි. වදකහ. (අ)
වදකහ සුදිය සිදු උනේ මෙහෙමයි. 1953දි සිදුඋන සම්පුර්ණ සුර්යග්‍රහණය දවසේ කව්දෝ වෙද මහත්තයෙක් කියල තිබුනලු ඒ වෙලාවට වදකහ කුඩු කර දියකරලා බිව්වොත් ඕනෙම කළු හමක් තියෙන කෙනෙක්ගේ මුළු ඇඟම සුදු පාටවෙලා ලස්සන වෙනවා කියල. ඉතින් ලංකාවේ හිටපු කළු කෙල්ලෝ පෝලිමේ වදකහ දියකරගෙන බිලා වමනේ දාන්න ගත්තලු. සමහර ය අමාරු වෙලා ඉස්පිරිතාලෙටත් අරන් ගියාලු.(අ)
මටනම් මතක් උනේ සුර්යයක් ග්‍රහනයවෙලාවේ අපේ කාන්තාවෝ ලස්සන වෙන්න කියලා වදකහ සුදිය බිවුවා කියල..(අ)
කෙසේ වෙතත් මෙම යුවතියට මම නිවන් සුව ප්‍රර්ථනා කරනවා මේවා හොඳ පාඩම් අපේ අනිත් කාන්තාවන්ට........පිටින් ලස්සන වැඩක් නැහැ තමන්ලගේ හිත ලස්සන නැතිනම් (අ)
වදකහ සුදිය මතක් වෙනවා. (අ)
පෙරුම්කායම් නොවේ වදකහ බීලා. (අ)
දොස්තර වරු මෙච්චර මෝඩද ?(අ)
අපෝ මෙහෙමත් මිනිස්සු.උගත්කම තිබ්බට මොලේ නැහැ කියන්නේ ඕකටනේ.(අ)
මෙයා ඇත්තටම දොස්තර විභාගෙ පාස්ද? (අ)
මට මතක් වෙන්නේ අපේ කාන්තාවන් ඒකාලෙ ලස්සන වෙන්න පෙරුම්කායම් බීලා බුරැතු පිටින් ඉස්පිරිතාලෙ ගිය හැටි(අ)
මේ වෛද්‍යවරියට නිවන් සැප ලැබේවා! ඉතා කණගාටුදායක් සිද්ධියක්. මෙවැනි ආයතන සහ සියලුම සම්බාහන ආයතන තාවකාලිකව වසා, පරීක්ෂණයක් කොට නියමිත ප්‍රමිතියකට නැවත පවත්වාගෙන යන්නඅවසර පත්‍ර නිකුත් කරන්න. (නි)
ඖෂධ හා සුවඳ විලවුන් අධිකාරිය මෙවැනි තැන් නිරතුරු පරීක්ෂාවකට ලක්කිරීමක් නොකරන්නේද? එසේ වී තිබුණා නම් මෙවන් ජීවිත හානියක් සිදු නොවන්නටත් ඉඩ තිබුණි. රජයේ පළපුරුදු වෛද්‍යවරියකගේ සේවය අහිමි වීම විශාල පාඩුවකි. ඇයට නිවන් සුව පතමු. (නි)
පහත් මානසිකත්වයෙන් යුතු සමහර අදහස් දකිද්දී හරිම දුකයි (නි)
හේමන්ත,ඔබගේ අදස් වලට ගරු කරනවා. බොහොමයක්ම ඒ වගේම දැන් ඉන්න ලංකාවාසීන්ගේ අදහස් කියෙව්වම අපි දැන් යන්නේ මොන අතටද කියලා හිතාගන්න පුළුවන්. (නි)
මියගිය වෛද්‍යවරියට නිවන් සුව අත්වේවා! ජීවත්වන යුවතියන්ට මේවායේ අවදානම තේරුම් ගැනීමට නැණස පහළ වේවා! බම්බලපිටියේ රූපලාවන්‍යගාරය පවත්වාගෙන යන අයට නීතිප්‍රකාර දඬුවම් ලැබේවා! (නි)
හේමන්ත, ඔබ හරි. (නි)
ඕකටත් ඉතින් සමහරු කියයි ලක්ෂ ගානකින් එක්කෙනෙකුට ඔහොම වෙනවයි කියලා. (නි)
හේමන්තගේ කටේ මසුරන් දාන්න වටිනවා ඔය කතාවට. (නි)
හේමන්ත, ඔයා හරි (නි)
දැන් ඉතින් ඊලඟ ආත්මෙවත් ලස්සන වෙලා උපදින්නේ නැතෑ ! (අ)
හේමන්ත, ඔයා හරියටම හරි.මේ තැනැත්තිය මියගියේ අසාත්මිකතාවයකින් වෙන්න පුලුවන්. සමහරුන්ට පෙනිසිලින් වගේ ප්‍රතිජීවකත් මරණීය ප්‍රතිඵල ගෙනෙනවා. (නි)
ඊළඟ ආත්මයේදී ඔය ප්‍රාර්ථනාව ඉටු වී ඔබ රුවැති කතක් වේවි (නි)
48 ක් වුණහම ලස්සන ගැන හිතන්න අවශ්‍යද? (නි)
මුහුණේ රැලි නොවැටෙන්න එන්නත් තිබෙනවා. බලන්න එපායැ මෙහෙ වයස 90 වයස කාන්තාවන්ගේත් ලස්සන. (නි)
රූපලාවන්‍යගාරය පවත්වන්නේත් දොස්තර කෙනෙක්ද? මම අහලා තිබෙන විදියට එන්නතක් දෙන්න නිර්දේශ කරන්න ඕනෑ දොස්තර කෙනෙක්. ආවාට ගියාට එන්නත් දෙන්න බැහැ. (නි)
ලෝකයේ ගැහැණු ගත්තාම පොදුවේ අදහස් එක හා සමානයි. අනෙකාට වඩා ලස්සන වෙන්න මොන කාන්තාවත් ආසයි. ඊර්ෂාව ගැහැණු අතර තිබෙනවා (නි)
මෙතන කොමෙන්ට්ස් දාන ගොඩක් ය කිසිම සන්වේදී බවක් නැති ගානයි. මොනවා වෙලා හරි කෙනෙක් මිය ගිහින්, එයා තරුණියක්, වෛද්‍ය වරියක්. ලොකු බලා පොරොත්තුවක් තියාගෙනයි බෙහෙත් ගන්න යන්න ඇත්තේ. අද ලෝකේ ලස්සන වීමට නොයෙක් ප්‍රතිකර්ම තිබෙනවා. වෛද්‍ය වරියක් වුනත් ඇයත් මනුෂ්‍ය දියණියක්. කවුද දන්නේ එයාගේ ලස්සන ගැන එයා සැහීමකට පත් වී සිටියාද කියා. තමන් අවලස්සන වුනාමයි ඒ දුක දැනෙන්නේ.(අ)
ලස්සන වෙන්න හොදම බෙහෙත තමයි,අවලස්සන අය සමග ගැවසෙන්න.මම කොහේ ගියත් යන්නේ බන්දුල මාමාත් එක්ක.(අ)