
(යොහාන් භාසුර)
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමාගම ඊයේ (17) පස්වරුවේ නිවේදනය කළේය.
ඒ අනුව කිලෝග්රැම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 745 කින් පහළ දැමූ බව ලාෆ් සමාගම පැවසීය.
ලාෆ් කිලෝග්රැම් 5 ගෑස් ලින්ඩරයක මිල ද රුපියල් 322 කින් පහළ දැමූ බවත් ලාෆ් කිලෝග්රැම් 12.5 සිලින්ඩරයක නව මිල රුපියල් 5,995 ක් සහ කිලෝග්රැම් 5 ගෑස් ලින්ඩරයක නව මිල රුපියල් 2,398 ක් බවත් එම සමාගම කීය.
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කළ ඉල්ලීමක් සහ පාරිභෝගික ජනතාව මූණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කර මෙසේ ගෑස් මිල පහත දැමූ බවත් මැදපෙරදිග යුද්ධය සහ ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම ආදී හේතු නිසා ගෑස් සඳහා පිරිවැය ඉහළ ගියද මාස කීපයක් මිල ඉහළ නොදැමීම හේතුවෙන් ලාස් සමාගම අඛණ්ඩව පාඩු ලබන එම සමාගම පැවසීය.
ලාෆ් ගෑස් සමාගම පසුගිය 11 වැනිදා ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්රැම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775 කින් ද, කිලෝග්රැම් 5 ගෑස් ලින්ඩරයක මිල ද රුපියල් 732 කින් ද, ඉහළ දැමූ අතර ඒ අනුව ලාෆ් කිලෝග්රැම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 6,740 ක් සහ කිලෝග්රැම් 5 ගෑස් ලින්ඩරයක මිල රුපියල් 2,720 ක් බවට පත්විය.
මෙම මිල ඉහළ දැමීමත් සමග ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර කීපයක් ගත් අතර ගෑස් සැපයුම අඛණ්ඩව සිදු නොවන්නේ නම් හිස් සිලින්ඩරය බාරගෙන තැන්පතු මුදල නැවත පාරිභෝගිකයාට දෙන ලෙස දැනුම් දී තිබුණි. තවද ලාෆ් සමාගම ඉහළ දැමූ මිලට අනුමැතිය නොදෙන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දී තිබුණි.
එම මිල ඉහළ දැමීමට පෙර ලාෆ් කිලෝග්රැම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4,965 ක් සහ කිලෝග්රැම් 5 ගෑස් ලින්ඩරයක මිල රුපියල් 1,988 ක පැවතුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd