IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


වී සඳහා ‘අවම’ මිලක්?

(යොහාන් භාසුර)

වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ඉදිරියේදී ප්‍රකාශ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (20) පැවසීය.  

කෘෂිකර්ම අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන පහක් සම්බන්ධ වී නිෂ්පාදන වියදම සකස් කරන බව කී නාමල් කරුණාරත්න මහතා එම නිෂ්පාදන පිරිවැයට පොහොර සහනාධාරය ඇතුළත් නොවන බව ද සඳහන් කළේය.

ගොවීන්ට ශුද්ධ ලාභයක් ලැබෙන සේ අවම මිලට රජය වී මිලදී ගන්නා බවත් අදාල ප්‍රමිතියට වී සපයන ගෙවීන්ට අමතර රුපියල් දෙක බැගින් ද දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රජය මිලදී ගන්නා වී අළෙවි නොකරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම වී සහල් කර සාධාරණ මිලට ජනතාවට අළෙවි කරන බවත්ය. 



අදහස් (5)

වී සඳහා ‘අවම’ මිලක්?

sakra Tuesday, 21 January 2025 01:07 AM

කිරිගහට ඇන්න වගේ කියන්නම් මෙවදෙන් කවදාවත් සහල් මිල පාලනය වෙන්නේ නැහැ . එහෙම වෙන්න නම් සියලුම වී රජයෙන් මිලටගෙන රජයෙන්ම සහල් බවට පත්කර විකිණීම කලයුතුයි . පවතින මිලට වඩා වැඩි මිලක් වී වලට රජයෙන් ගෙවල වෙළඳපොලේ මිලට වඩා අඩුමුදලට රජයෙන් සහල් විකිණීම යනු මහජන බදුමුදල් දේ ආකාරයකට ඵලදායි නොවන ලෙස යෙදවීම නොවෙයිද ? ඉස්සර වී අලෙවි මණ්ඩලයේ ස්ටෝකිපර්ගේ ඉඳලම හිටගෙන මාටියා ගැහැව්වා . එම ආයතන විනාශ වෙන්න ප්‍රධාන හේතුව එකයි. රජයෙන් කරන වෙළඳාම් හැමදාම් පාඩුයි . මේවා අනවශ්‍ය වැඩ . අනිත් හැමදෙයකම වගේම වී නිෂ්පාදන මිලත් වැඩි වෙලා . වී ගොවියාට එනිසා ගැලපෙන මිලක් ලැබිය යුතුයි . සහල් නිෂ්පාදකයාටත් එහෙම තමයි .

:       0       3

pj Tuesday, 21 January 2025 07:38 AM

රජයේ සහල් නිශ්පාදන මෝල්වල නඩත්තු කටයුතු , පරිපාලනය, සේවක හා හදිසි අාපදා අවස්ථා වයදම් දරන්නෙ පොලීසියෙන් ද... වෙනස් වන නිශ්පාදනයට හා දෙෙනික ජීවන වියදමට සාපේක්ෂව ගොවියා සහ පාරිභෝගිකයා දෙපාර්ශවයටම ගැලපෙන පාවෙන මිලක් පවත්වාගෙන යාමට ක්‍රමය හදුන්වාදීමට මහාචාර්ය නඩය අසමත් ද...

:       0       3

Lalla Tuesday, 21 January 2025 08:55 AM

වී ගොවිතැනට විතරක්ම දෙන පොහොර සහනාධාරය සෑම භෝගයකටම පොදු ලෙස පොහොර මිලට අදාල කරන්න. බත් විතරක්ම කාල ජීවත්වෙන්නේ.එලවලු පලතුරු පොල් එපාද?

:       0       1

de silva Tuesday, 21 January 2025 12:14 PM

අවසානේ මේ බර කරගහන්න වෙන්නේ පාරිභෝගික අපිට , ඔය සහතික මිලවල් වලින් වැඩක් නැහැ , කැමති කෙනෙකුට රටින් සහල් ගෙන්වන්න ඉඩ දෙන්න එකට කිලෝ එකට රුපියල් 10-20 පමණ සාධාරණ බද්දක් ගහන්න , වෙළද පල අනුව මිල තීරණය වෙන්න ඉඩ දෙන්න , එහෙම කලොත් සහල් මිල 150 ට අඩුවේවි, පහුගිය මාස 4 රජය එක තීරණයකට එන්නේ නැතුව එක එක පිස්සු නටපු නිසා දැන් වෙළදපලේ සහල් නැහැ , තිබෙන ඒවගේ මිල වැඩි , දුප්පත් මිනිහට කන්න නැති වුනොත් ඒවා ඉදිරි චන්ද වලට බලපාන බව රජය හිතට ගන්න

:       0       1

ජයනාත් Tuesday, 21 January 2025 12:17 PM

ඒක හොඳ දෙයක් නොවෙයි . මහ මෝල් කාරයො කියාවි ගත්තේ නැතත් 160ට ගත්තා කියලා. හාල් 300 යනවා ෂුවර් .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 21 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 14 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මෛත්‍රී ඝාතන තැතේ චෝදනා වසර 15කට පසු ගොනු කරලා
2025 අප්‍රේල් මස 28 118 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව


කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 28 995 0

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය


ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි
2025 අප්‍රේල් මස 28 665 0

මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ


තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම
2025 අප්‍රේල් මස 28 690 0

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1003 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 431 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 581 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site