මාලිගාවත්තේ වකුගඩු රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ කටයුතු දස මාසයක සිට නැවතී ඇතැයි ලැබුණු තොරතුරක් අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) හදිසියේම එහි ගියේය.
රෝහලේ වෛද්‍යවරු කීවේ දැඩි සත්කාර ඒකකයට විෂ බීජයක් ඇතුළුවීමෙන් වකුගඩු බද්ධ කිරීම නැවතී ඇති බවයි. මේ ගැන අදාල අංශවලට දැනුම් දුන්න ද පිළියමක් නොලැබුණු බව ඔවුහු කීහ.
මේ ගැටළුව වහාම නිරාකරණය කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා සිය කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේය. එය ඉටුවන්නේ දැයි දෛනිකව පරීක්ෂා කරන්නැයි ද කීවේය.
වකුගඩු රෝහලට යාබදව පිහිටි පළාත් සභා ඉඩම රෝහලට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද ජනපති උපදෙස් දුන්නේය. රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් හමුවූ ජනාධිපතිවරයා කීවේ වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.
(ඡායාරූප හා වීඩියෝ දර්ශන ජනාධිපති මාධ්‍ය අංශය)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුව ඇමතිගේ වකුගඩු අධ්‍යක්ෂක පුතා නිදිද ? (නදී)
ජනපතිතුමනි, දේශීය ප්‍රතිකාර ක්‍රම වලින් බටහිර ප්‍රතිකාර වලට වඩා සාර්ථකව වකුගඩු රෝගය සුව කල හැකි නිසාත්, අතුරු ආබාධ අඩු නිසාත් දේශීය ප්‍රතිකාර මධ්‍යස්ථාන නගා සිටුවා ඒවා රට පුරා ව්‍යාප්ත කිරීමත් සිදු කිරීමට මුලික වියයුතු වෙනවා.ඔබට ජය...!(නදී)
ඔබට නීරෝගී සුව ලැබේවා ජනපතිතුමනි! (නි)
වකුගඩු රෝගය සෑදුණූ පසු කරන ප්‍රතිකාර ගැන සොයන එක බොහොම හොඳ වැඩක්. ඒ වගේම නීරෝගී අයගෙත් වකුගඩු පරීක්ෂා කර වකුගඩු ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය උපදෙස් දෙන මධ්‍යස්ථාන දිස්ත්‍රික්කයට එක බැගින් වත් ඇති කරන්නේනම් ඉතා අගනා කාර්යයකි.(ම)
අනේ පණ්ඩුක වැටිච්ච තැන (ම)
ජනපති තුමනි ජාතික රෝහලේ 65 වාටුටුවේ (මෞත්‍ර ලිංගික ඒකකයේ) මුත්‍රාශය පරීක්ෂණ යන්ත්‍රයක්(අඩු) කැඩිල මාස ගානක්ලු. අනේ ඒ ගැනත් හොයල බලන්න. ඒ පරීක්ෂණය කරන්න පුද්ගලික රෝහල් වලට රුපියල් 15000-25000 අතර මුදලක් යනවා. (නදී)
අදාළ නිලධාරින් නිසි ලෙස කටයුතු කර නැති නිසා නම් එය විමසිය යුතු වෙනවා. මෙවන් ජනතාවට සංවේදී කරුණු ගැන වැරදි ක්‍රියාමාර්ග ඉදිරියට නොවන්නට පියවර ගත යුතු වෙනවා කඩිනමින්ම.(ම)
අසරණ දුප්පත් මිනිසුන්ගේ දුක හදුනන අපේ ජනාධිපති .ඔබතුමාට තෙරුවන් සරණයි . (ම)
ඔබට ජය වේවා ජනාදිපති තුමා (නදී)
ඇයි ඇමති කෙනෙක් නැද්ද? (නදී)
පොළවේ පය ගහල ජීවත් වන මිනිසුන්ගේ දුක හඳුනන ඔබ සදා කල් දිනේවා. (නදී)
ඒකට අපේ හිටපු ජනපති? එතුමා යන්නේ හිරගෙදර ඉන්න ලෙඩ්ඩු බලන්න (නි)
හැම දෙයකටම ජනාධිපති ඉන්න ඕනෑ. නැත්නම් වැඩේ කෙරෙන්නේ නැහැ . (නි)
ඔබතුමාගේ අවංක මැදිහත්වීම අගය කරමු. (නි)
සතියකට වතාවක්වත් රටේ දුප්පතුන්ගේ අවශ්‍යතාවන් සොයා බලනවා නම් රටේ මිනිසුන්ගේ ප්‍රශ්න ඉබේම විසඳෙනවා.පව් අසරණ ජීවිත! රටේ ඉදිරි අනාගතය බාරව ඉන්න තරුණ කොලු පැටවු ජීවිතේට පය තැබුවා පමණයි.ඔවුන්ගේ අසරණ මුහුණු දකිනවිට මේකද ජීවිතේ කියලා හිතෙනවා.පව් දෙවියනේ! (නි)
බොහොම හොඳ වැඩක්. මේකටත් බනින කට්ටියක් ඉඳීවි. (නි)
හරිම සතුටුයි (නි)
ඔබට නීරෝගී ශක්තිය ලැබේවා! (නි)
සමහර නිලධාරීන් තම රාජකාරිය නිසිපරිදි ඉටු නොකිරීම නිසා අහිංසක ජීවිත විනාශ වෙනවා. මාස නමයක් මේ අය මොනවාද කළේ? (නි)
මගේ අම්මටත් වකුගඩු අමාරුව හැදුනා. මම රටෙන් පිටවුණා සල්ලි සොයාගන්න. වයස වැඩි නිසා බද්ද කරන්නේ නැහැ.අම්මා මාස 18 ජීවත්වුණා (නි)
අපේ ජනපති මෛත්‍රී සිය නම ඔපවත් කරනවා. (නි)
ඔබතුමාට වකුගඩු රෝගය ඉවත් කරන්න ශක්තිය ලැබේවා! (නි)