සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ හා ටයිම් සඟරාවේ වාර්තාකරු ලසන්ත වික්‍රමතුංග අනුස්මරණ දේශනය ලබන 21වැනිදා කැනඩාවේ ටෙරෙන්ටෝ නුවර පැවැත්වීටම නියමිතය.
වික්‍රමතුංග 2009 ජනවාරී 08 වැනිදා ඝාතනය කැරිණි. ඇමෙරිකාවේ සරණාගත තත්ත්වයෙන් ජීවත්වන ඔහුගේ වැන්දඹු බිරිය සොනාලි සමරසිංහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීයකු වු එස් ඒ තිසෙයිනාගයගම් නැෂනල් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ස්ටුවට් බෙල් හා මාධ්‍යවේ දී සංජාන හත්තොටුව දේශන පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සේවයක් කිරීම නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවූ නිර්භීත මාධ්‍යවේදියෙක්! සදා අමරණීයයි. (නි)
අපි එකී නෙකාට කඩේ නොයමු . පක්ෂග්‍රාහී නොවෙමු . ලසන්තට සිදුවුයේ මෙය නොකළ හෙයිනි .(අ)
ප්‍රසිද්ධ නොවන දේ සිදු වෙනවා බටහිර ලෝකයේ. මං හිතන්නේ අපේ රටට වින කරන මාධ්‍යයට හෝ පුද්ගලයන්ට දඬුවම් කළාට කමක් නැහැ කියලයි (නි)
විරුද්ධ මතධාරී අයට දඩුවම මරණයද? (නි)
අනේ අපිට නම් ඔහු මාධ්‍ය කලාව තම දේශපාලනය වෙනුවෙන් ගණිකා වෘතියේ යෙදවූ පුද්ගලයෙක් පමනයි. කොහොම උනත් මේ මරණය ගැන පළවුණු කට කතානම් මම ඇත්ත කියල විස්වාස කරනවා.(නදී)
ඔහු අපක්ෂපාතිව මාධ්‍ය හැසිරුවා නම් අදත් ඔහු ඉන්නවා. කෙසේ වෙතත් ඔබ උගත් මාධ්‍යවේදියෙකි. ඔබට අල්ලාහ් දෙවියන්ගේ සරණ පතමි. දෙව් මව තුරුලේ සැතපේවා කියා පතමි (නි)
ලසන්ත වගේ අය හිටිය නම් තමයි යුද්ධේ ඉවර කරන්න වෙන්නේ. එහෙම උනානම් තාම අපේ කොල්ලෝ මැරෙනවා.(නදී)
නිරෝෂන්, ඔබ 100%ක් හරි (නි)
ඔබගේ අහිංසක සිනාව මට තවමත් මැවී පෙනෙනවා (නි)
ලසන්ත වික්‍රමතුංග කියන්නේ තමන්ගේ දිවි පරදුවට තියල ඉහලම තැන්වල සිදුවන මහාපරිමාණ දුෂණ හෙලිකල මාධ්‍යෙව්දියෙක්. ඔහුගේ අඩුව පිරවීමට හැකි මාධ්‍යෙව්දීන් බිහිවේවා. එවිටයි රටේ අනාගතය යහපත් වන්නේ.(නදී)
මොහු හොද නිර්භය පුද්ගලයෙක් (නි)
ඔහුගේ ගවේෂණාත්මක මාධ්‍යයකරණයට අපි ගරු කරමු. මේ ඝාතනයේ සුල මුල හෙළි නොවන්නේ ඇයිද? (නි)
යුද්ධය පැවති සමයේ ,ස්වාධීන වුවත් ලසන්ත එසේ මාධ්‍යය හැසිරවිම බලවත් ද්‍රෝහී ක්‍රියාවකි (නි)
ලෙස්ලි, ඔබ හරි. ලසන්ත වැනි නිර්භීත, එඩිතර පුවත්පත් කලාවේදීන් අද ඉන්නවද? තමන්ගේ මරණය සිදුවිය හැකි අයුරු පවා ඔහු දැක්කා. ඒත් ඔහු තම ජීවිතය ගැනවත් තැකුවේ නැහැ. අද රට යන ගමනේ හැටි දකින්න ඔහු නොසිටීමත් හොඳයි. ලසන්තට නිවන් සුව අත්වේවා!!! (නි)
ලසන්ත වික්‍රමසිංහ අපක්ෂපාතිව ලිව්වා නම් මෙහෙම දෙයක් සිදුවන්නේ නැත . ඔහුගේ හැකියාව ඔහු එකතරා කොටසකට කඩේ යාමට පමණක් සිදු කල නිසා ඔහුගේ මරණය සිදු උනා කියා මම සිතන්නේ . මාද්‍ය සදාචාරය අපක්ෂපාති බව අද බොහෝ දුරට නැති වී ඇත. තමන් දරනා දේශපාලන මතයන්හි සිට මාද්‍ය කරන විට අපක්ෂපාත කම නැතුව ගොස් ඉබේම කඩේ යාම සිදුවේ . කෙසේ වෙතත් මොහු දක්ෂ කතු වරයෙකි . ඔබට සර්වබලදරී දෙවි පිහිට පතමි. සාමයේ සැතපේවා. රාජ්‍ය මර්දනය ඔබට මරණය ගෙනාවා කියා සිතමි.(නදී)
අපි රටක් විදිහට ඉස්සරහට යනවා කිව්වට, මේ දේවල් මතක් වෙද්දී යන්නේ කොහාටද කියලා හිතාගන්නත් අමාරුයි. (නි)
මෙතුමා මගේ හොඳ හිතවතෙක්. ඉතා හොඳ ඉක්මනින් හිත උණුවෙන කාරුණික මහත්මයෙක්. (නි)