IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


විග්නේෂ්වරන් නවදිල්ලි නොයයි

ඉන්දියාවේ නව නායක නරේන්ද්‍ර මෝදි අගමැති පදවියේ දිවුරුම් දීමේ උත්සවයට දකුණු ආසියා සාක් හා රාජ්‍ය නායකයනට හා මුරුසි රජ්‍ය නායකයාට පමණක් ඇරැයුම් කර ඇතැයි ඉන්දියා විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා නවදිල්ලියේ දී අද පැවසීය.

තම නියෝජිත පිරිසට එක් වන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතාට ඇරැයුම් කළත් ඔහු ඒ ගමනට එක් නොවන බව දැනගන්නට ඇත.

‘එම උත්සවයේ ඇරැයුම ශ්‍රී ලංකාවෙන් ශ්‍රී ලංකා ජනපතිට පමණයි. ‘ යනුවෙන් විග්නේෂ්වරන් මහතාගේ පෞද්ගලික සහකාර නිලධරයා කීවේය.

 

 



අදහස් (0)

විග්නේෂ්වරන් නවදිල්ලි නොයයි

අජිත් Friday, 23 May 2014 07:34 PM

පට කන්නාඩි දාන අයට කියන්නේ මේක දැන එහෙනම් මොදිට ඔය උත්සවේට අරාධනා කරන්න තිබ්බ උතුරේ මහා ඇමැතිට මහින්ද අමතක් කරලා .එත් මෝඩි දන්නවා මේ රටේ මහින්ද නොවේ වෙන ජනාධිපති කෙනෙක් හිටියත් එයාට තමා අරාධනා කරන්නේ (අ)

:       0       0

පූර්ණ Saturday, 24 May 2014 01:42 PM

මෙහි අදහස් පල කරන සමහර උදවිය නම් කියන්නෙ රජය උතුරු පලාත් සභාවට සලකන විදිය වැරදියි කියල​.රටේ ජනතාව හැටියට අපට නම් තේරුම් ගන්න බැහැ උතුරට තව මොනවද දෙන්න ඕනෙ කියල​.උතුරට සාපේක්‍ෂකව අනෙකුත් පලාත් සභා ගැන බැලුවොත් අහන්න නම් ප්‍රශ්නයක් තියෙනව.අනෙකුත් පලාත්වල ජනතාවට විශේෂයෙන් සිංහල බහුතරයට උතුරට ලැබෙන තරම් සැලකිලි ලැබෙනවද.? උතුරු පලාත් සභාව ඒවට කල ගුන සලකනවද .? (අ)

:       0       0

විමල් Friday, 23 May 2014 08:09 PM

ඒක තමයි අනෙක් මහ ඇමතිලාට ආරාධනා නොකළ එක කුහක කමක් නෙමේද? (නදී)

:       0       0

කමල් Friday, 23 May 2014 08:11 PM

ඔන්න වෙලාව කොක්ක ගහගන්න (නදී)

:       0       0

සිල්වා Friday, 23 May 2014 08:21 PM

මෙයා දන්නවා ජයලිතට දැන් දගලන්න අමාරුයි මොකද මෝදිට ලලිතාගේ ජැක් අවශ්‍ය නැහැ.(නදී)

:       0       0

ජයශ්‍රී Saturday, 24 May 2014 03:35 PM

ජයකීතන්, නිශාර්ඩ් ප්‍රීනා, පුර්ණ සහ ජෙහාන් ගේ අදහස් වලට එකග වෙමි (අ)

:       0       0

කමල් Friday, 23 May 2014 11:11 PM

මම කිව්වේ මුරුසි රජ්‍ය නායකයා එන නිසා එයා යාළුකරගන්න කියලා, ජිනීවා වලදී එයා අනිත් පැත්තේ නේද හිටියේ. (ස)

:       0       0

පූර්ණ Friday, 23 May 2014 11:47 PM

විග්නේෂ්වරන් උතුරේ මහ ඇමති උනාට ඔහුට වුවමනා ආකාරයට තීරණ ගැනීමේ හැකියාව නැති බව මෙයින් පැහැදිලියි.දෙමළ සංධානයේ ඇම ගිල්ල මේ උගත් විනිසුරුවරයා අද ඉන්නෙ දෙකොන මූට්ටු උන තත්වයක​.ඔහුට දැන් බැඳ ගත් බෙරය ගහනවා හැර වෙනත් විකල්පයකුත් නැහැ.අවසන ඔහුට ඉතිරි වන්නේ අපකීර්තිය පමණයි.!! (ස)

:       0       0

සහන් Friday, 23 May 2014 11:57 PM

කාගෙවත් ඇඟේ එල්ලිලා යනවට වඩා තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන සිටීම වඩා වැදගත් කියල කියල ඒ මහතාට හිතෙන්න ඇති. විපක්ෂ නායක තුමාට කතා කලා නම් නරකද? (ස)

:       0       0

රෝහිත සමරකෝන් Saturday, 24 May 2014 12:41 AM

විග්නේශ්වරන්ට අං ඇවිත්. නන්දිකඩාල් කලපුවෙන් වැඩේ ඉවරකරගන්න හිතිලා.(ස)

:       0       0

සරත් Saturday, 24 May 2014 12:50 AM

නරියත් කීවලු මිදී තිත්තයි කියල. (ස)

:       0       0

සරත් Saturday, 24 May 2014 01:01 AM

චැනල් 4 එකට මෙහෙ එන්න වීසා දෙන්න කියපු පණ්ඩිතයන්ම මේ උපදෙසයත් ජනපතිට දෙන්න ඇති. එහෙමනම් මෙහෙ ඔක්කොම මහා ඇමතිවරු යන්න ඕන. මේක ඒකීය රටක්. ප්‍රශ්නයක් තියනවනම් ජනපති සමග විසදගන්න ඕන. ඉන්දියාවට දුවන්න දෙන්නේ නැතුව. (ස)

:       0       0

රිහාන් දොහා Saturday, 24 May 2014 02:19 AM

උතුරේ ලොක්කා ද ?(නදී)

:       0       0

සරත් Saturday, 24 May 2014 03:00 AM

මෙයා ඉන්නේ කලබල ටික ටික ඉවර උනාට පස්සේ කූල් එකේ ගිහිල්ල ගින්න දෙන්න. ඊට පෙර දකුණේ ඉන්න මහා ඇමතිවරු තුන් හතරදෙනෙක් හා ද්‍රවිඩ මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් එහෙ යවල රාජ්‍ය තාන්ත්‍රික සුහද දුත මෙහෙයවරක යොදල අප දෙරටේ අනාදිමත් කාලයක සිට පැවත එන සම්බන්දතා ගැනත් , වත්මන් ජනපති යටතේ රට ලබා ඇති දියුණුව සහ වාර්ගික එකමුතුව ගැනත් ඉන්දීය නායකයා දැනුවත් කිරීම ඊට වඩා වටිනවා.(නදී)

:       0       0

සමන් Saturday, 24 May 2014 05:28 AM

කරුණාකරලා විග්නේශ්වරන් ලියුම ඉංගිරිසි පත්තර වලින් බලන්න ලියන්න කලින්. එයා පැහැදිලිවම කියල තියෙනවා රජය උතුරු පළාත් සභාවට සලකන විදිහ නිසා එයා මේ ගමනට එකතු වෙන්නේ නැහැ කියලා. එයා ඒ ගමන ගියොත් අනෙක් මිනිස්සු වැරදියට හිතාවි කියලා. (නදී)

:       0       0

තිලක් Saturday, 24 May 2014 05:52 AM

ලංකාවට පරිප්පු, ලුණු සහ වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් එන්නේ ඉන්දියාවෙන්. අපිට දැන්නම් බඩු මිල දරාගන්නම බැහැ. මේ සංචාරයේදී හොද සහන රැසක් අරගෙනවිත් බඩු මිල අඩු කරන්න හැකියාව ලැබේවා (නදී)

:       0       0

දර්ශන Saturday, 24 May 2014 06:21 AM

විග්නේශ්වරන් ආරාධනාව ප්‍රතික්ෂේප කරලා යවපු ලිපිය මෙතන අදහස් දාපු ගොඩක් අය කියවලා නැ වගේ. (නදී)

:       0       0

අශාන් Saturday, 24 May 2014 06:34 AM

කොහොම වුනත් මට නම් පේන්නේ මෝදිත් සෝබන කාරයෙක්. නැත්නම් දිවුරුම් දීමකට වෙන රටවල් වල නායකයෝ මොකටද? (නදී)

:       0       0

තාරක Saturday, 24 May 2014 06:43 AM

සහන් ඔබ කියන එක හරියටම හරි. තම ජනතාව වෙනුවෙන් පෙනීසිටින නායකයන් අපිට අඩු උනාට මෙතුමා දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. (නදී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 24 May 2014 07:34 AM

විග්නේස්වරන් මහත්තය ආවත් නාවත් ප්‍රශ්නයක් නැහැ. අපේ රට නියෝජනය කිරීමයි වැදගත්. ජනාධිපතිතුමනි, නයින්ට කිරි පොවලා හැදුවත් දෂ්ඨ කලාම නයි විෂම තමයි තියෙන්නේ. මෙයා කියල තියෙන දේවල් අපි දුටුවා. ඒඅනුව බලනවිට මෙයත් එල් ටී ටී ඊ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. මේ විධියට බලනකොට කරුණා අම්මාන් මහතා කොච්චර නම්‍යශීලිද? විග්නේශ්වරන් වගේ අයගේ කුහක අදහස් වලට නැවත එලියට ඒම වලක්වමු.(නදී)

:       0       0

රංජිත් Saturday, 24 May 2014 07:46 AM

ආරාධනා නොකර ඉන්නයි තිබුණේ. (ස)

:       0       0

දයාරත්න Saturday, 24 May 2014 08:11 AM

විග්නේෂ්වරම් ජනාධිපතිතුමාට විතරක් නෙමෙයි රටේ ව්‍යවස්වස්ථාවටත් එරෙහිව ක්‍රියා කරනවා. ඔයු ඔහුට ඕනේ නම් ඕනේ රටකට යනවා රජයේ අවසරයක් නැතිව. ආදාර ගන්නවා. (නදී)

:       0       0

චමින්ද Saturday, 24 May 2014 10:09 PM

ඒක ඉතින් එතුමා‍ගේ කැමැත්ත (නි)

:       0       0

ජයකීතන් Saturday, 24 May 2014 09:17 AM

ලංකාව කියන්නේ ගොඩක් පොඩි රටක්. මේ පළාත් සභා ක්‍රමය දෙමල අපිටත් සිංහල අයටත් අමතර ආර්ථික බරක්. විය යුත්තේ හැමෝටම සමාන ලෙස ඉන්න පුළුවන් ක්‍රමයක් හදන එක මිස බලය බෙදන එක නෙමේ. (ස)

:       0       0

විජිත Saturday, 24 May 2014 09:22 AM

තිලක් ඔබේ අදහස හරියටම හරි. මේ සංචාරයේදී හොද හිත දිනාගෙන සහනදායි මිලට අත්‍යවශ්‍ය ආහාර ඉන්දියාවෙන් ලබා ගැනීමටත් , බඩු මිල අඩු කිරීමටත් රජය කටයුතු කල යුතුයි (ස)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 24 May 2014 09:53 AM

මන් හිතන්නේ නැහැ උතුරේ මහා ඇමතිට, රජය සමග සාකච්ජා කොට අවංකවම උතුරේ ජනතාවට සේවය කරන්ට උවමනාවක් තියෙනවයි කියලා. එයාගේ තියෙන්නේ වෙනත් පටු අරමුණු සහිත රටට එරෙහි දුෂ්ට, දේශද්‍රෝහී න්‍යාය පත්‍රයක්. උතුරේ ජනතාවට ඔහුට හැබෑවටම සේවයක් කරන්ට අවංක උවමනාවක් තියෙනවනම් රජය සමග සාකච්ඡා කර අඩුපාඩු හදාගෙන ජනතාවට සේවයක් කිරීමයි කල යුත්තේ. උතුරේ ඉන්නෙත් ශ්‍රී ලංකිකයෝයි. එම ජනතාව ඔහුව ජන්දයෙන් පත්කළේ එම කාර්යන් කර ගැනීම සඳහායි. එහෙම නැතුව ජයලලිතව සහ ත්‍රස්තවාදී කොටස් සනසන්ට ප්‍රකාශ නිකුත් කරන්ට නෙමෙයි. (නදී)

:       0       0

සුනෙත් Friday, 23 May 2014 05:05 PM

ඔහොම කියල හොරෙන් ගිහින් හම්බ වේවි... (ස)

:       0       0

ජයශ්‍රී Saturday, 24 May 2014 10:04 AM

විග්නේෂ්වරන් උතුරේ මහ ඇමති උනාට ජනපතිට මෙන්ම මුළු දෙමල ජාතියටම නිග්‍රහයක්. සිංහලයාට සාමය අවශ්‍ය වුනාට ටී.එන්.ඒ එකට තීරණ ගැනීමේ හැකියාව කොටින්ට බර බව මෙයින් පැහැදිලියි. දැන් රටේ සෑම ජන කොට්ටශකටම හිත්සේ ඕනෑම තැනක ජීවත් විය හැකිය. මහා ඇමතිට සාමයක් අවශ්‍ය නැත. එන්.ජී.ඕ ඩොලර් කාක්කන් සහ අන්තවාදීන් රටේ අහිංසක ජනතාවගේ ලේ බීමට නැවත පටන්ගනී. (නදී)

:       0       0

උඩුමලගල ගමගේ Friday, 23 May 2014 05:36 PM

මගුල් ගෙදරකට වුණත් එක්කෙනෙකුට ආරාධනා කලාම මුළු පවුලම අරන් යන සිරිතක් නැනේ. (අ)

:       0       0

ගිහාන් Friday, 23 May 2014 05:37 PM

කුහක කමක මහත. විගා කැමති උනත් අනෙක් තමයි කකුලෙන් අදින්නේ. (අ)

:       0       0

වරුෂා Friday, 23 May 2014 05:50 PM

මෙයා හිතනව ඇති උතුරේ ජනපති කියල ..හිටපු ගමන් මතූවූනේ (අ)

:       0       0

තුෂාර Saturday, 24 May 2014 11:11 AM

අපේ ලංකාවේ එක ජනාධිපති ඉන්නේ එක නිසා විග්නේෂ්වරන් කවුද (අ)

:       0       0

සිරියලතා කෙන්ය Friday, 23 May 2014 06:02 PM

මහත්තයෝ වැඩිය ඉදිමෙන්නවත් දගලන්නවත් හදන්න එපා.(නදී)

:       0       0

කුමාරි Friday, 23 May 2014 06:10 PM

ඔව් ඔව් වරුෂා, ඕකනේ කියන්නේ රුසියාවට වඩා ලොකුයි ඉරිෂියාව කියලා. (අ)

:       0       0

පිටිගල Friday, 23 May 2014 06:11 PM

මමත් හිතන්නේ විග්නේෂ්වාරන්ට ආරාධනා කලයුතු නැහැ කියලයි. (අ)

:       0       0

නිලංකා Friday, 23 May 2014 06:19 PM

අපේ ලංකාවේ මහින්ද මහත්තය විතරක් ඇති. (අ)

:       0       0

ඉන්දික Friday, 23 May 2014 06:34 PM

උඩුමලගල ගමගේ, එහෙම එක්කගෙන ගියත් මෝඩි තරහ වෙන්නේ නැහැ. හරිනම් සන්තෝසවෙයි. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 23 May 2014 06:40 PM

මෙතැනදී නම් මෙතුමා නිවරෙදියි මන් හිතන්නේ. (නදී)

:       0       0

ජෙහාන් Saturday, 24 May 2014 12:36 PM

එන්න බැහැ කියන උදවිය තියලා එන්න පුළුවන් වැදගත් කෙනෙක් අරන් ගියාම ඉවරයි. සහන් කිව්වත් වගේ ඇයි විපක්ෂ නායකයා ට ආරාධනා නොකළේ. ඔහු පංගු පේරු බලන කෙනෙක් නෙවෙයි. කතා කළා නම් එන්න ඉඩ තිබුනා . එහෙම යන එක රටක් වශයෙන් අපේ එකමුතුකම පෙන්නන්න පුළුවන්.(අ)

:       0       0

ඇල්බට් Friday, 23 May 2014 07:19 PM

රටේ ජනාධිපතිගේ ආරාධනයටත් පයින් ගහන්න තරම් මෙයාට තියෙන හයිය ! (නදී)

:       0       0

අජිත් Friday, 23 May 2014 07:22 PM

ගමගේ, විග්නේෂ්වරම් හොද කෙනෙක්. කොටි විග්ට ඕන විදියට වැඩ කරන්න දෙන්නේ නැහැ.(නදී)

:       0       0

අජිත් Friday, 23 May 2014 07:25 PM

ඇරයුම ශ්‍රී ලංකා ජනාදිපතිට පමණි කියල කියනවා. එතකොට අනිත් පළාත් වලත් මහා ඇමතිලා යනවද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 14 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10550 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5246 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7421 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4957 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1242 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36518 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24204 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 530 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site