ශ්‍රි ලංකා යුද හමුදාවේ නව බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයා වශයෙන් බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක (50) වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇත.
හමුදා මාධ්‍ය ප්‍රකාශය බ්‍රිගේඩියර් රෝෂාන් සෙනවිරත්න පැවසුවේ යුද හමුදාපති ක්‍රිෂාන්තද සිල්වා මහතා මෙම පත්වීම කර ඇති බවයි.
හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි හමුදා බුද්ධි රෙජිමේන්තුවට මාරු කර ඇත.
යුද හමුදා වාර්ෂික ස්ථාන මාරු ක්‍රියා පටිපාටිය අනුව මෙම පත්කිරිම සිදු කර ඇති බවද යුද හමුදාව සඳහන් කරයි.
නව බුද්ධි අංශ අධ්‍යක්ෂක වශයෙන් පත්ව ඇති විජේන්ද්‍ර ගුණතිලක මහතා පාඨමාලා අංක 26 යටතේ 1986.10.27 දින යුද හමුදාවට එක්ව ඇති අතර 1987.7.23 වැනි දා ඔහු අධිකාරිය ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ තීරණයක් (නි)
ඒකත් එහෙමද..?
අනිත් රටවල් වේගයෙන් දියුණු වෙනවා. මේ රටේ මිනිස්සු තාමත් ගෝත්‍රිකයෝ වගේ
මේ වගේ දේවල් වෙන එක අහන්නත් දෙයක්ද. සලේ කියන්නේ අපේ රටට කියලා නිම කරන්න බැරි සේවයක් කරපු කෙනෙක්. මෙහෙම ගියොත් අන්තිමට හමුදාවේ ඉතුරු වෙන්නේ කවුද? (නි)
පරණ ආණ්ඩුවෙන් උසස්වීම් ලබා පැමිණ අලුත් ආණ්ඩුව කඩාකප්පල් කරන්නට හමුදා කුමන්ත්‍රණ ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා බොරු ඔත්තු දෙන අයත් ඉන්නවා කියලා අපි දන්නවා (නි)
මේ වගේ ආණ්ඩුවක් යුද්ධ කාලේ තිබුනා නම් මේ රට නිදහස්වීම හීනයක්ම වනු ඇත. යුද්ධයේ විජයග්‍රහණය මහින්දගෙන් ඉවත් කරන්න උත්සාහ කරන මිනිස්සු දැන්වත් තේරුම් ගන්න, රටේ නායකයාගේ කෙළින් තීරණ ගැනීමේ හැකියාව නොමැති වූවා නම් තවමත් ප්‍රභාකරන් රජකරන බව (නි)
නාමල්, ඔබ විශේෂඥයෙක්ද යුධ කටයුතු ගැන. සලේ මහතා විශ්‍රාම ගියේ නැහැ.වෙන අංශයකට මාරුකළා. සලේ මහතා ඉවත්කළේ ඇයි කියලා අපි දන්නවා. මේ වගේ වැඩ සිදුවන්නේ අපේ රටේම පමණි. කණගාටුව වන්නේ මේවාට වන්දි ගෙවන්න වන්නේ ඔවුන් බලයට පත්කළ අයටම පමණක් නොව රටේ සියලු දෙනාටම වීමය. (නි)
මහජන ඡන්දයෙන් පත්වුණ රජයකට අයිතිය තියෙනවා තමගේ ආණ්ඩුව පරිස්සමින් ගෙනයාම සඳහා නීතියට අදාළව ආයතන නිලධාරීන් මාරුකිරීම් හා පත්කිරීම් කිරීමට. ඒකට වෙන කාගෙන්වත් අවසර ගන්න ඕනෑ නැහැ (නි)
ඔන්න යහපාලනය! (නි)
මේ යන විදිහට රටක් නම් හදනවා බොරු (නි)
බුද්ධි අංශ නම් ප්‍රසිද්ධියට පත්කිරීමේ පළමුවන ගෞරවය ලෝකයෙන්ම මෙම රජයට හිමි වේවි. (නි)
රටටම අණබෙර ගහලා බුද්ධි අංශ නිලධාරීන් පත්කරන්න අවශ්‍ය නැහැනේ රජයට (නි)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)
සලේ නෙවෙයි මේ හැලුනේ දක්ෂ නිලධරයෙක්ගේ සේවය රටට අහිමි කළා . නුවනැත්තෝ සිතත්වා ..රටට මොකද වෙන්නේ . (ම)
එන.ජි.ඔ ඉල්ලීම මනා ලෙස යහ පාලකයන් ඉටුකර ඇත.(අ)
සලේ කියලා කෙනෙක් හිටියාද කියලා අප දන්නේ දැන්. බුද්ධි රහස් රැකෙන්නේ එහෙමයි. දැන් පත්කරනකොටම එළිදරව් කරනවා. ඒකයි අප ඉල්ලු වෙනස. (අ)
මෙතන ප්‍රතාචාර දාන අය හිතාගෙන ඉන්නේ තමන් විශේෂඥයො කියල වෙන්නැති.. සලෙ නෙමෙ කාටත් නියමිත පටිපාටියට අනුව විශ්‍රාම යන දවසක් තියෙනව. (අ)
සාලෙට නම් සැලෙන්න දෙයක් නෑ. පහුගිය යුද්ධ කාලේ එයාලගේ වැඩ පෙන්නුවා. සැලෙන්න වෙන්නේ ඉතින් අපිට තමා (අ)
සලේ හැලුනේ නැත. අපි වලේ. ජනතාවම වලේ. එන් ගී ඕ කාක්කන්ට ඔටුන්න ලැබුනා. (අ)
හමුදාවට නායකන් පත් කරන්නේ රටේ ප්‍රධානීන්ගේ උවමනාවට මිසක් කොහෙවත් යන අයගේ ඉල්ලීමට නොවේ. (අ)
ලෝකේ කිසිම රටක බුද්ධි අංශයට කෙරෙන පත් කිරීම් ගැන මෙහෙම තොරතුරු එළිදක්වන්නේ නෑ. යහපාලනය නිසා වෙන්න ඇති. (අ)
පිටරටින් අාපු අංකල්ලා, අැන්ටිලා කීපසැරයක්ම අපිට සැරකරලා ගියා නේද ලංකාවේ හමුදාවේ ඉක්මනටම වෙනස්කම් කරන්න කියලා. (නි)
එහෙම රටට තාම අමුතු වැරදි දෙයක් වෙලත් නැහැ, රටට මොකුත් වෙන්නේත් නැහැ. යහපාලනය ජන බහුතරයේ පරම විශ්වාසයයි. (නි)
ලොකු දෙයක්. ඉතා හොඳ තීරණයක් (නි)
එන්.ජී.ඕ. කාකක්න්ගේ ඉල්ලීම් ඉටු කිරීමක්. (අ)
සලේව අයින් කරන්න කියලා එන ජී ඕවලින් ඉල්ලුවාම අපේ නායකයෝ ඉල්ලීම ඉටු කරා. (අ)