‘විජේ සඳුදා (08) උදේ කිරිබත් ඉල්ලුවා. මම කිරිබත් හදලා දුන්නා. පස්සේ මම බාත් රූම් එකේ ඉන්න විට පපුව දැවිල්ලයි දැවිල්ලයි කියා කෑගහනවා ඇහුනා. මම විගහට එයා ළඟට ආවා. පසුව පුතා ඇවිත් උගුරට ගහන ස්ප්‍රේ එක දුන්නා. ටික වේලාවක් යන විට මගේ අත උඩට මුහුණ ඇලවුණා. මම විජේ විජේ කියලා කතා කළා. ඇස් ඇර මා දිහා බැලුවා. ඒ සමගම පපුවේ ශබ්දයක් ආවා.‘ යැයි ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරිගේ මරණ පරීක්ෂණයේ සාක්කි දෙමින් ඔහුගේ බිරිය දේවිකා මිහිරානි පෙරේරා (60) මහත්මිය පැවසුවාය.
දකුණු කොළඹ මහා රෝහලේ හදිසි මරණ පරීක්ෂක විපුල නරසිංහ මහතා ඉදිරියේ සාක්කි දුන් ඇය මෙසේ ද කීවාය.
‘අපට දරුවන් දෙදෙනකු සිටිනවා. අවුරුදු 25ක පමණ සිට මගේ සැමියාට දියවැඩියාව තිබුණා. අවුරුදු නවයක දහයක සිට වම් කකුළේ තුවාලයක් තිබුණා. ඔහුට 2000 වසරේ දී බයිපාස් සැත්කමක් කළා.
සඳුදා(08) උදේ සිදුවීමත් සමග මගේ නංගිලා අපේ නිවසට ආවා. ගිලන් රථයක් ගෙන්වා ගෙන කලුබෝවිල රෝහලට ගෙන ආවා. මම පුතා සමග මෝටර් රථයෙන් රෝහලට ආවා. බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා සැමියා මිය ගිය බව මට පැවසුවා. මරණය සම්බන්ධයෙන් මට සැකයක් නෑ. ‘
විජය නන්දසිරිගේ බාල සොයුරා වන සරත් නිර්මල ප්‍රේමලාල් (61) මහතා සාක්කි දෙමින් මෙසේ කීවේය.
‘මිය ගොස් ඇත්තේ මගේ අයියා. මට තවත් මල්ලි කෙනෙක් ඉන්නවා. අයියාට දියවැඩියාව ඇති බව දැන ගත්තේ මීට වසර දහයකට පමණ පෙරයි. වසර හතරකට පෙර අයියාගේ රෝගී තත්ත්වය ගැන හොඳට දන්නවා. සඳුදා (08) 12ට පමණ අයියා අසනීප වී රෝහල් ගත කළ බවත්, පසුව මිය ගිය බවත් නංගීගෙන් දැන ගත්තා.
දකුණු කොළඹ මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච් කේ ආර් සංජීව මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.
ඉදිරිපත් වූ සාක්කි සැලකිල්ලට ගත් විපුල නරසිංහ මහා විජය නන්දසිරිගේ මරණය හෘද්ද රෝගය නිසා සිදුවූ ස්වභාවික මරණයක් බවට තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසික හදවත් පිනවූ නිහතමානී කලාකරුවාට නිවන් සුව පතමි! (නි)
අපේ ලේ පිරිසිදු කළ ඔබ අප අතරම ඉපදේවා! (නි)
ඉතාමත්ම කණගාටුදායක පුවතක් (නි)
සුබ ගමන් සහෘදයාණනි! (නි)
කොච්චර අපිව සතුටු කලත් අවුරුදු 25 ක විතර ඉඳල ලොකු දුකක් දරාගෙන ඉඳලා තියෙන්නේ . අවුරුදු 10 ක ඉඳල ලොකු වේදනාවකුත් දරාගෙන ඉඳල තියෙනවා . ඔබට නිවන් සුව පතමි ..(ම)
ඔබට අජරාමර නිවන් සුව ලැබේවා! (ම)
කලා කරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේව ! ඔබ අප හිනැහෙව් නමුත් අපි අද වැලපෙමු . (ම)
ඔබට නිවන් සුව.(හේ)
මුදලට ලබාගත නොහැකි දෙයක් ඔබ අපට තිළිණ කළා නන්දසිරි මහතාණනි ඔබ අප අතරම යළි ඉපදේවා (ම)
ඔබට නිවන් සුව ලැබේවා ඔබට සිනහවෙන් අප සිත් සතන් පින වු ඔබ අද අප කඳුලින් පුරවා නික්ම ගියා (ම)
මම ඉතාමත්ම ගරු කරන කලාකරුවෙක්.කලාකරුවාණනි, ඔබට නිවන් සුව ලැබේවා!!! (බ)
ඉතා ශ්‍රේෂ්ඨ දක්ෂ කලාකරුවකු වූ ඔබට නිවන් සුව..(බ)
ආදර්ශමත් චරිත ඉක්මනින් අපෙන් ඈත්වෙනවා (නි)
මෙතෙක් අප හිනැස්සු සතුටුකළ ඔබ අපට දුක දී නිහඬවෙලා. අමාමහා නිවන් සුව පතමි! (නි)
ජීවිතය අනියතයි, මරණය නියතයි. උතුම් බුදු වදන එයයි. මෙවන් උතුම් මිනිසුන් ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්. වචනයේ පරිසමාප්තියෙන්ම මොහු නිර්ව්‍යාජ මිනිසෙක්. අප විසින් මොහුට දිය හැකි ඉහළම ගෞරවය නම් මොහුගේ ජීවන මඟ ආදර්ශයට ගෙන ජීවත්වීමයි. ආදරණීය විජය, ඔබට නිවන් සුව! (නි)
අපේ කලාකරුවාට නිවන් සුවය පතමි! (නි)
ඔබට නිවන් සුව අත්වේවා! (නි)
හොඳ මිනිසුන් ඉක්මනට අපිව දාලා යනවා. ඔබට නිවන් සුව! (නි)
මේවැනි කලාකරුවකු රටට අහිමිවීම බලවත් පාඩුවක්. එම අඩුව පිරවීමට තවකෙකුට නොහැකිය. ඔබට නිවන් සුව අත් වේවා! (නි)
නිවන් සැප ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
දෙවියෙක් වගේ මනුස්සයෙක් අපෙන් වෙන්වුණා. (නි)
අපිට හිටිය ප්‍රතිභාවෙන් අනුන කලාකරුවෙක් රටට අහිමිවීම දරාගත නොහැකි පාඩුවක්. කලාකරුවාණනි, ඔබට නිවන් සුව ලැබේවා!!! (නි)
ඔබගේ සේවය මිලකළ නොහැකිය. ඔබට නිවන් සුව අත්වේවා! (නි)
ආයේ කවදා මේ හඬ අසන්නද? (නි)
ඉතා සතුටින් අපි බලාසිටි පවුල් ජීවිතයක්. එසේම සතුටින් ගතකළ ජීවිතයක්. දුක දරාගන්න බැහැ අපිට (නි)
යළිත් ඔබ අපි අතරම ඉපදේවා! (නි)
මේවා කියවද්දී හිතට ලොකු දුකක් දැනෙනවා (නි)
ආදර්ශවත් පවුල් ජීවිතයක් ගතකළ හා කලාවට ඉතා උතුම් සේවාවක් කළ, සිය පවුලට සියලු යුතුකම් ඉටුකළ ගුණගරුක අයෙක්. බුදුදහමට අනුව මතුදිනයක නිවන් අවබෝධ වේවා! (නි)