ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (10) තෙවැනි දිනටත් කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් ගල්කිස්ස කලාපුරයේ ඒ මහතාගේ නිවසට පැමිණෙමින් සිටිති.
අද ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද එහි ගියේය.
විජය නන්දසිරි මහතා පසුගිය 8 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඔහු 69 වැනි වියේ පසුවිය.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කළුබෝවිල රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව වෛද්‍ය අධිකාරී අසේල ගුණවර්ධන මහතා පවසයි.
මනමේ වේදිකා නාට්‍යයෙන් සිය රංග ප්‍රතිභාව විදහා පෑ විජය නන්දසිරි මහතා රංගන ශිල්පියකු, නිවේදකයකු හා ගායකයකු ලෙස ද කටයුතු කළේය.
ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි ගේ සැමියා වූ ඔහු දෙදරු පියෙකි. ‘පුංචි පහේ මං‘වැනි වැඩසටහන් මගින් ඔහු නිසග දක්ෂතා විදහා පෑවේය.
1947 දී උපත ලබා මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ නන්දසිරි මහතා නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, මෙතුමා, සිකුරු හතේ, සුහද කොකා වැනි විකට ටෙලි නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.
1966 වසරේදී අමරදාස ගුණවර්ධනයන්ගේ ‘විදුර දිව‘ වේදිකා නාට්‍යයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඔහු සිංහබාහු, මහාසාර, නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, රත්නාවලී, තාරාවෝ ඉගිලෙති, හුණුවටයේ කතාව, කුවේණි, වෘෂභ රාජ, සුබ සහ යස, කුස පබාවතී ආදී වේදිකා නාට්‍ය 40කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා ඇත.
යස ඉසුරු, නෑදෑයෝ, රේල්පාර, සසර, සඳකඩ පහණ, බංගලි වලලු ඔහු රඟපෑ චිත්‍රපට අතර වේ.
දකුණු කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය එච්.කේ.ආර්. සංජීව මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර හදිසි මරණ පරීක්ෂක විපුල කරසිංහ මහතා මෙය හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුවූ ස්වභාවික මරණයක් බව තීන්දු කළේය.
විජය නන්දසිරි මහතාගේ දේහය ගල්කිස්ස කලාපුරයේ 156/1 නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අගෝස්තු 11 වැනිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
(ඡායාරූප අන්තර්ජාලයෙනි)
ඡායාරූප - ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය

























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් ප්‍රතිභාපූර්ණ ගරුකටයුතු නළුවෙක්. ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මෙම ශ්‍රේෂ්ඨ කලාකරුවාට අපගේ ප්‍රණාමය! රටට විශාල පාඩුවක් සිදුවුණේ (නි)
අයියෝ! සුන්දර නිහතමානී ආදරණිය කලාකරුවෙක්. ඔබට නිවන් සුව අත්වේවා!! (නි)
සුන්දර, නිහතමානී කලාකරුවාණෙනි, ඔබට සදා අමාමහ නිවන් සුවය ලැබේවා....!!! (නි)
නොන්වරුනි මහත්වරුනි තුළින් අප සිනා සාගරයක කිමිදු ඔබට අමාමහ නිවන්සුව අත්වේවා! ඔබගේ නික්මයාම කලා ලොවට දැරිය නොහැකි පාඩුවක්. (නි)
හරිම ශෝකජනක පුවතක් (නි)
අසහාය කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව! (නි)
මෑත ඉතිහාසයේ බිහිවුණ කුසලතාපිරි අසහාය රංගන ශිල්පියෙක්. තවමත් අදහාගන්න බැරි සිදුවීමක්. අසහාය රංගධරයාණෙනි, ඔබට අමාමහ නිවන් සුව ලැබේවා! ඔබගේ නික්මයාම අපගේ කලාවට පමණක් නොව රටටම පිරිමැසිය නොහැකි පාඩුවකි. (නි)
මොනතරම් ලොකු පාඩුවක්ද? ඔබට නිවන් සුව! (නි)
ඉතාම කණගාටුදායක පුවතක්. ඔබට නිවන් සුව සහෘදයාණනි! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
විජය නන්දසිරි කලාකරුවාණනි, ඔබට නිවන් සුව ලබේවා! (නි)
ඔබට නිවන් සුව අත්වේවා! (නි)
අහිංසක කලාකරු විජය නන්දසිරි මැතිතුමනි, ඔබගේ අභාවය මගේ සිත වැඩියෙන්ම දුක් වූ මොහොතක්. ඔබ වැනි අංගසම්පූර්ණ මිනිසෙකු අායෙත් කවදා හමුවෙවිද. දිවය කෙතරම් අකාරුණිකද? මේ ලොවට කිසිදු වැඩක් නැති අය අවුරුදු 80 90 ජීවත්වෙති, ඔබල වැනි හොඳ මිනිසුන් මියයනවා ඉක්මණින්ම. මට තවම නොතේරෙන දෙය එයයි. මගේ තාත්තත් හරිම හොඳ කෙනෙක්. එ්ත් අවුරුදු 63න් මියගියා. මට තවම එ්ක හීනයක් වගෙයි (නි)
ඔබට නිවන් සුව අත්වේවා!! (නි)
සසර භව ගමන ඉතාමත් කෙටිවේවා! මතුභවය සුගතිගාමී වේවා!! අවසානය අජරාමර නිවනින් සැනසේවා!!! (නි)
ඉතාමත්ම කණගාටුයි. මා ඉතා ප්‍රියකරන චරිතයකි. ඔබතුමාට නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි! (නි)
ඉතාම හොඳ කලාකරුවෙක් . මිය යනතුරු ඔහුගේ වයස කිව නොහැක. ඔබට නිවන් සුව! (නි)
ශ්‍රී ලංකාවේ බිහිවු විශිෂ්ටතම කලාකරුවන් අතලොස්සගෙන් එක් අයකු වූ ඔබ නිසා මා රසිකාවියක ලෙස විඳි සතුට බොහෝයි. ඒත් ඔබ අද මා හඬවයි. මනමේ කුමාරයා, ජයම්පති ලෙස පාසල් වේදිකාවෙදි අප මුසපත් කළ ඔබ අවසන් වරට මා දුටුවේ මෙල්බර්න් නුවරදි. ඔබ සැබෑම දක්‍ෂයෙක්. අනේ අපේ කලාකෙත දිනෙන් දින පුරන්වන හැටි? ඔබත් නික්ම ගිය පසු කොහොමද අපි ඉඳහිටවත් හිනාවෙන්නේ? ඔබට සුභ ගමන් ප්‍රිය කලාකරුවාණනි! (නි)
අදහාගත නොහැකි පුවතක්. ප්‍රතිභාපූර්ණ නළුවෙක්. යහපත් මනුෂ්‍යයෙක්. ඔබතුමාට නිවන් සුව ලැබේවා..! (නි)
අසහාය කළාකරුවාණනි, ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ලැබේවා මහත්මයාණනි! ඔබතුමන් කළ සේවය ඉතාමත් ඉහළයි. (නි)
නිවන් අවබෝධ වෙත්වා (බ)
මෙම ශ්‍රේෂ්ඨ කලාකරුවාට අපගේ ප්‍රණාමය! රටට විශාල පාඩුවක් සිදුවුණේ (ම)
හදවත කම්පා කරවූ පුවතක්.තවමත් අදහා ගන්නට බැහැ.ඔබ යළිත් අප අතරම ඉපදේවා.............ඔබට නිවන් සුව (ම)
ඔබට නිවන් සුව.... හරිම දුකයි (ම)
සොදුරු කලාකරුවාණෙනි ඔබ ගෙවා ආ සසර මඟ කෙටි වේවා ! පතනා බෝධියකින් නිර්වාණාවබෝධ වේවා ! තෙරුවන් සරණයි! (ම)
මෙතුමා ඉතා මෑතකදී තමයි හාස්‍ය චරිත වලට ආවෙ. ඉස්සර මෙතුමා කලාත්මක සම්හාව්‍ය චරිත දිහා බැලුවම මේ තමයි නියම නලුවො. ජෝ අබේවික්‍රම වගේ ඕන චරිතයක් කරන්න පුලුවන් මනුස්සයෙක් (ම)
නිවන් සුව ලැබේවා....!!! (ම)
යුගයේ අසහය කළාකරුවානෙනි ... නොසිතු මොහොතක ඹබ අපෙන් වෙන්වීම දුකකි කනගාටුවකි. ඹබට නිවන් සුව... (ම)
ඔබට නිවන් සුව ලැබේවා! (ම)
දේශපාලකයින්ට කඩේ නොගිය අති දක්ෂ කලා කරුවෙක්. අපගේ සාතිශය සංවේගය. (බ)
විජය නන්දසිරි මහතාණෙනි ඔබ වැනි කලාකරුවෙකු අපට අහිමිවීම දරා ගන්න බැරි දුකකි ඔබගේ විවිධ වූ රංගන ප්‍රතිභාවෙන් මුළු රටම වසග කළ මහා කලාකරුවාණෙනි ඔබට අජරාමර නිවන්සුව අත්වේවා යි පතමි (බ)
ඉතා හොද ගුණවත් ඉතා දක්ෂ කලා කරුවෙක් ඔබට නිවන් සුව (බ)
ඔබට නිවන් සුව ලැබේවා. ...(බ)
මේ කාලය තුල අහන්න ලැබුණු ඉතාම කනගටුම පුවත. ඔබ මේ තරම් ඉක්මනට ඔබ අප අතරින් වෙන් වීම අදහාගත නොහැකි පුවතක්. ඔබ අප අතරම ඉපදේවා (ම)
ඉන්න ඕනේ අය මැරෙන ,මැරෙන්න ඕනේ එවුන් යහතින් ඉන්න විදියට කරුමය වෙනස් වුණේ (ම)
ප්‍රතිභාපූර්ණ නළුවෙක්. යහපත් මනුෂ්‍යයෙක්. ඔබතුමාට නිවන් සුව ලැබේවා..! (ම)
ඹබ අපෙන් වෙන්වීම දුකකි කනගාටුවකි. පතනා බෝධියකින් නිර්වාණාවබෝධ වේවා. (ම)
ඹබ අපෙන් වෙන්වීම දුකකි කනගාටුවකි. පතනා බෝධියකින් නිර්වාණාවබෝධ වේවා. (ම)
සිනහව කියන්නේ කොච්චර මිරිඟුවක්ද? නිවන් සුව ලැබේවා! (ම)
මේ කාලය තුල අහන්න ලැබුණු ඉතාම කණගාටුදායක පුවත ඉතා හොද ගුණවත් ඉතා දක්ෂ කලා කරුවෙක්. ඹබට නිවන් සුව (ම)
ඔබට නිවන් සුව ලැබේවා (බ)
මට තාමත් හිතාගන්න බැ. ඔබට නිවන් සුව. (බ)
බොරු වැඩ නැති ආදරණිය කලා කරුවාණෙනි ඔබට නිවන් සුව පතමි (බ)
ඔබට භව ගමන කෙටි වේවා. ඉතාමත් කෙටි කාලයකදී නිවන් සුව ලැබේවා (බ)
සිනහවෙන් රසික හදවත් පිනවු සහෘදයාණනි ඔබට නිවන් සුව! (බ)
හිතට පුදුම වේදනාවක් දැනෙන්නේ ඔබට අජරාමර නිවන්සුව ලැබේවා (බ)
ඔබට නිවන් සුව ලැබේවා. (බ)
මේ වසරේ අහපු ගොඩාක් කනගාටුදායක පුවතක්..කලාකරුවාණෙනි ඔබට නිවන් සුව..!! (බ)
වසර 35 පෙර ඔබ සමග දේවිකා අක්කත් ගම්පහ නයිවල අපගේ මිතුරකුගේ ගෙදර දානයකට පැමිණ දවස පුරාම අප සිනා සයුරේ ගිල්වා අප සමග සිටිය අද වගේ සිහිවනවා ඔබට තෙරුවන් සරණ පතමු (ම)
විජය නන්දසිරි කලාකරුවානේනී, අප පිනවූ ඔබට නිවන් සුව! (ම)
නිවන් සුව ලැබේවා. (ම)
කෙනෙක්ට සිනහව උපදවන්න ඔබ කුණුහරුප ජෝක් කීවේ නැත.. මහා ලොකුවට විකට නළුවෝ කියාගන්න තුට්ටු දෙකේ අහිකුන්ටිකයින් කියන විහිළුවලට හිනාවෙන්න අපේ රටේ තුට්ටු දෙකේ පිස්සෝ තවමත් සිටී. නමුත් ඔබගේ විහිළු පමණක් නෙවෙයි ඔබව දකිනකොටම අපිට හිනහ යන්නේ ඔබගේ හුදු දක්ෂතාවය නිසාමය .. ඔබ යුග පුරුෂයෙකි.. නිවන් සුව පතමි. (ම).
දහස් දෙනාගේ සිත් සතුටුකළ මහතමයණනි ඔබට නිවන්සුව (ම)
අවසානයට පෙර නික්ම ගියද ඔබ ඉතා පින්වන්ත කලාකරුවෙකි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සිත් සතන් අමන්දානන්දයට පත්කළ පිනෙන් ඔබට අජරාමර නිවන් සුව ඇත වේවා...! (ම)
ඔබට අජරාමර නිවන්සුව රටන් සිනහවෙන් රස ගැන්වු ඔබ අපගේ මතකයේ සදා රැදේ (ම)
ඉතාමත්ම කනගාටුදායක පුවතක්.. සුවහසක් රසික සිත් සනහාලූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවානෙනි.. ඔබතුමන්ට අජරාමර නිවන්සුව ප්‍රාර්ථනා කරනවා (ම)
ඔබගේ මිහිරි මතකයන් සදා අප හිත තුල රැදෙනු ඇත. මෙතෙක් තුරාවට අප හැම සතුටු කලාට බොහෝ පින්. ඔබට නිවන් සුව පතමි. පව්ලේ සැමට අපගේ හද පිටි කණගාටුව (ම)
සාමයේ සැතපේවා කලාකරුවානණි (ම)
දහසක් දුක් කම්කටොලු මැද දිවි ගෙවන බොහෝ මිනිසුන්ට තම නිසඟ රංගන හැකියාවෙන් මුවඟ සිනා රැළි නැංවූ නිර්ව්‍යාජ කලා කරුවාණෙනි..ඔබේ වියෝව දුරු කතර සිටින ලක්ෂ සන්ක්‍යාත ශ්‍රී ලාංකිකයින්ට ඉමහත් කම්පනයකි...දේවිකා සොයුරිය ඇතුළු පවුලේ සැමට අපේ ශෝකය පළකරමු.... (ම)
ඔබට නිවන් සුව කළා කරුවාණෙනි!!!!!!!!!!!!! (ම)
ඔබේ රංගනය අපේ සිත්වල සදාකල් රැදවී , ඔබට නිවන් සුව (බ).
මෙවන් කලාකරුවෙක් නැවත අප සිරිලකේ ඉපදෙන්නේ නැත. ඔබ මා දුටු ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. නිවන් සුව පතමි. (බ)
ඔබට නිවන් සුව! දරාගත නොහැකි දුකක් දැනුණා (බ)
විජේ අය්යේ උඹ නියම වැඩකාරයෙක් (බ)
ඔබට නිවන් සුව ලැබේවා! (බ)
අප පිනවූ ඔබට අනේක වාරයක් ස්තුතිය...නිවන් සුව ප්‍රර්ථනා කිරීමට හිත දෙන්නේ නැත..(බ)
නළු මහත්මයෙක් .....වැදගත් විදියට අපිව හිනැසුවාට ඔබට තුති....... නිවන් සුව ඔබට (බ)
නොසිතු ඉක්මනින් කිමද ඔහු අප අතරින් වෙන් වුනේ ? මම හිතන් හිටියේ ඔහුට තවම වයස 60 ක් වත් නැහැ කියලයි . ඔහු වයස 72 ක් පෙන්නුම් කළේ නැහැ . විජය නන්දසිරි මහතාට නිවන් සුව අත්වේවා . විජය නන්දසිරි මහතා සමාදානයේ සැතපේවා. (බ)
අපේ මිනිහෙක්. නිවන් සුව (බ)
ඔබට නිවන් සුව අත්වේවා (බ)
අනේ මේ අගනා මනුස්සයාගේ ජීවිතේ බේරාගන්න බැරි වුනනේ (බ)
දැරිය නොහැකි කනගාටුවකි. රටම මිලට ගත නොහැකි සිනහවට පත්කළ අසහාය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව පතමි. (බ)
අසහාය නළු විජය නන්දසිරි කලාකරුවාණෙනි ඔබට අජරාමර නිවන් සුව! ලොවටම ආදර්ශයක් වූ ඔබ වැන්නෙකු අහිමි වීම ශ්‍රී ලාංකිකයන් වන අපට ඉමහත් පාඩුවකි. (බ)
අදහාගත නොහැකි පුවතක්. ප්‍රතිභාපූර්ණ නළුවෙක්. යහපත් මනුෂ්‍යයෙක්. ඔබතුමාට නිවන් සුව ලැබේවා..! (බ)
අගෝස්තු 08 ලංකාවට අපල දවසක්ද? මීට අවුරුදු 25 කලින් කොබ්බෑකඩුව සෙනෙවිතුමා ජාතියෙන් සමුගත්ත. අද විජය නන්දසිරි මහත්මය. මරණය කාටත් පොදුයි. ඒත් ඔබ මෙතරම් ඉක්මනින් සමුගනියි කියල අපි හිතුවෙ නැහැ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රතිභාපූර්ණ දක්ෂ කලාකරුවෙකු සේම යහපත් නිහතමානී මිනිසෙකු ලෙස රසික හද දිනූ විජය නන්දසිරි මහත්මාණනි, ඔබට නිවන් සුව ලැබේවා!!! (බ)
පණිවුඩය ලද සැනෙකින් හදවත කම්පා වුනා. අසාහය දක්ෂතා වලින් හෙබි රංගධරයෙක්. දක්ෂයන් අතරද දක්ෂයෙක්. ඔබට නිවන් සුව පතමි. (බ)
ඔබට නිවන් සුවය ලැබේවා (බ)
මට කියාගන්න බැරි දුකක් දැනෙනවා,,, අද උදේ මම මගේ බිරිදට කිව්ව මට විජේ නන්දසිරිගේ නාට්‍යයක් බලන්න ඕනනේ කියලා කවදාවත් මම මෙතුමාගේ සජීවී වේදිකා නාට්‍යයක් බලලා තිබුනේ නෑ.කවදාවත් බලන්න වෙන්නේත් නෑ. (ම)
ඔබට නිවන් සුව...(හේ)
ඔබට නිවන් සුව. අපිට සිටි ඉතාම ප්‍රතිභාපුර්ණ කලාකරුවෙක්, එතුමාට විදත් ගැඹුරු නාට්‍ය (සිංහබාහු, මනමේ, මහාසාර වැනි), චිත්‍රපට හෝ රුපවාහිනිය ඕනෑම තැනක ඕනෑම චරිතයක් ඇති දක්ෂ ලෙස රඟපා හැකි අති දක්ෂයෙක්, සුන්දර කලාකරුවෙක්. ඇඟ පුම්බන් ඩෙගා නටන මෝඩ ජෝක් කාරයින්ට රඟපාම යනු මේ යයි නිහඬවම කියා දුන් කෙනෙක්. ඉතින් අපි සැනහු පිනෙන් ඔබගේ සසර ගමන සරු වේවා! (හේ)
සොයුර ඔබට නිවන්සුව ලැබේවා! මේ වචන ටික අමුණා ගත්තේ බොහොම ආයාසයකින් ඒ තරමටම හිතට දුකයි.(ෆහ්)
මේ වගේ දෙයක් හිතා ගන්නත් අමාරුයි.(හේ)
හිතා ගන්නවත් බෑ. මට කම්පනයක් වගේ. තරගකාරි ලෝකයේ දුවන මිනිස්සුන්ගේ හිත හිනා සාගරයක දැම්මේ ඔහු. නිවන් සුව ලැබේවා.(හේ)
සුන්දර නිහතමානී ආදරණිය කලාකරුවෙක්. ඔබට නිවන් සුව අත්වේවා!!! (හේ)
ඔබගේ වියෝව අපගේ කලාවට ඉතාමත් පාඩුවකි!! ඔබට නිවන් සුව ලැබේවා නැවත මේ ශ්‍රී ලක්දෙරණේ ඉපදේවා!! (බ)
අපගේ මුවගට සිනා ගෙන ආ නුඹ ,මෙතරම් ඉක්මනින් අපගේ නෙතගට කඳුලක් ගෙනාවේ ඇයි . ආදරණීය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ! (බ)
විජය අයියාට නිවන් සුව පතන්නේ සන්ද්‍යා සහ සුමේධ (හේ)
විඩා බර සිත් නිමේසයකට හෝ සනසා ලු ඔබට පින් උතුම් මිනිසත් බවම ලබා ඉපිද මතු බුදුන් දවස නිවනින් පහන් වන්නට අපි පින් දෙමි ! (හේ)
ඇත්තටම ලොකු කනගාටුවක් දැනෙනවා. ලෝක ධර්මය කාටත් පොදු දෙයක්. ඔබතුමාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.(හේ)
ඔබට නිවන් සුව ලැබේවා (හේ)
ප්‍රතිභාපුර්ණ කලාකරුවෙක්වූ ඔබ අද දින අපගෙන් සමුගත්තද ඔබගේ නාමය ප්‍රේක්ෂක සිත්වල සදාකල් පවතින්නේය, එහෙත් සුවහසක් ප්‍රේක්ෂක සිත් සතුටු කළ නිර්ව්‍යාජ කලා කරුවකුගේ ජීවය මේ වාතලයට මුසුවී හමාරය, ඉතින් ඔබ නැති අඩුව සැමදා ප්‍රේක්ෂක අපහට දැනෙනු ඇත. ඔබට නිවන්සුව පතමි. (බ)
දහසක් දුක් කම්කටලු මැද ජීවිතයට මුහුණදෙන මිනිසුන් ,දවසේ එක මොහොතක් හෝ තම සන්තාපය මගහරවා ගත්තේ ඔබ රඟපෑ ජවනිකාවක හාස්‍ය තම ජීවිතයට යාකර ගැනීමෙනි .එයම ඔබට කරගත්තාවූ මහඟු පිනකි . ඔබට නිවන්සුව පතමු .(බ)
ඔබ වචනයේ පරිසමාපත්තියෙන්ම සැබෑ කලාකරුවෙක්. සත සහසක් සිත් සතන් සනසා කලා දිවි ගමනේ පමණක් නොව සංසාර ගමනේද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනුයි ඔබ ඔබගේ ප්‍රේක්ෂකයින් ගෙන් සමුගත්තේ. ඔබට බොහොම පින්. (බ)
ඉතාමත් ප්‍රතිභාපූර්ණ ගරුකටයුතු නළුවෙක්. ඔබට නිවන් සුව! මේ වචන ටික අමුණා ගත්තේ බොහොම ආයාසයකින් ඒ තරමටම හිතට දුකයි.සුන්දර නිහතමානී ආදරණිය කලාකරුවෙක්. (බ)
ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම නළුවෙක්, නමුත් අවාසනාවකට පසු කාලයේ විකට චරිත වලටම කොටුවුණා (බ)
ඔබට නිවන් සුව ලැබේවා! (බ)
දක්ෂ කලාකරුවෙක් අපට අහිමි වීමනම් ලොකු වේදනාවක් , එහෙත් ඇතිවෙන සියල්ල නැති විය යුතුය යන සනාතන දහමට ඔබද මුහුණ දී සිටි , දයාබර කලාකරුවාණෙනි ඔබට නිවන් සුව නොපතමි මක් නිසාද යත් ඔබ නැවත අප වෙතම පැමිණිය යුතු නිසාවෙනි මේ ගොර සසරේදී නැවත ඔබ හමු වෙනතුරා ඔබට සමු දෙමි (බ)
විජය කුමාරතුංග මහතා මැරුණු දවසේ වගේ දුකක් විජය නන්දසිරි මහතා මැරුණු බව ඇහුවම දැනුණා (බ)
හරිම වේදනාවක් දැනෙන දවසක් නිහතමානී මනුෂ්‍යයෙක් , නැවත අපේ රටේම ඉපදේවා ...(බ)
ඔබට නිවන් සුව ලැබේවා ! ‘දෙහදක ආදරේ‘ වැඩසටහන මට මතක් වුනා. (බ)
කලාවට කළ සේවය අගනේය ඔබට නිවන් සුව ! (බ)
ගරු මැතිතුමනි ඔබතුමාට නිවන් සුව අත්වේවා. (බ)
මෙවන් කලාකරුවෙක් නැවත අප සිරිලකේ ඉපදෙන්නේ නැත. ඔබ මා දුටු ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. නිවන් සුව පතමි (බ)
රටක් වටිනා මනුෂයෙක්. (බ)
විජය නන්දසිරි අපට සිටි ඉතාම ප්‍රතිභාපුර්ණ කලාකරුවෙක්. මෑතක අප ඔහු වැඩිපුර දුටුවේ ප්‍රහසන වල වුවත්, අනිත් අදහස් දක්වන්නන් කීප දෙනෙක් කියා ඇති පරිදි ඔහු ඕනෑම තැනක ඕනෑම චරිතයක් අති දක්ෂ ලෙස රඟපෑ හැකි දක්ෂයෙක්. එසේම කිසිම දේශපාලුවෙකුට කඩේ නොයාම අප ඔහුගේ දුටු උසස් ගතිගුණයක්. (බ)
ඔබට නිවන් සුවය ලැබේවා (බ)
පොලිස් නිලධාරින් වන අපගේ බලවත් ශෝකය ඔබට නිවන් සුව ලැබේවා....(බ)
ඔබට නිවන් සුව ලැබේවා ! (බ)
නිවන් සුව පතමි කලාකරුවාණනේ (බ)
අති දක්ෂ කලාකරුවෙක් නික්ම යාම වේදනා ගෙන දෙන්නකි ඔබට නිවන් සුව ! (බ)
අසහාය කලාකරුවණනි, ඔබට නිවන් සුව..(බ)
සුන්දර, නිහතමානී කලාකරුවාණෙනි, ඔබට අමාමහ නිවන් සුවය ලැබේවා. (බ)
ඔබට අපගේ උත්තමාචාරය (බ)
ඔබ අපේ රුධිරය පිරිසිදු කළේය. ඔබට නිවන්සුව (බ)
ගරු කටයුතු අසහාය දක්ෂතාවයකින් හෙබි කලාකරුවානණි. ඔබට නිවන් සුව !! 2016 වර්ෂය වැදගත් මිනිසුන් එක්කෙනෙක්වත් ඉතුරු කරයිද? (බ)
ශ්‍රේෂ්ඨ කලාකරුවාණනි, ඔබට නිවන්සුව. නැවත අප ආතරම ඉපදේවා. (බ)
ඔබට නිවන් සුව ලැබේවා. (බ)
ආදරණීය කලාකරුව්නෙනි. මගේ ප්‍රියතම රංගන ශිල්පියාණෙනි. ඔබට නිවන්සුව.! (ර)
ඇත්තටම හරිම කණගාටුයි මෙතුමා අපෙන් වෙන්වීම... කවමදාවත් අමතක වෙන්නේ නැහැ මෙතුමාගේ රැගුම්... ඔබට අමාමහ නිවන් සුවය ලැබේවා ...! (ර)
නිවන් සුව ලැබෙිවා! (ර)
ඔබට නිවන් සුව අත්වේවා (ම)
ඔබට අජරාමර නිවන් සුව.! (ර)
මුළු කලා ලෝකයම පාලු උනා වගේ. ඔබ තුමාට නිවන් සැප ලැබේවා.! (ර)
අසහාය කලා කරුවෙක්..... ටෙලි නාට්‍ය ප්‍රහසනයේ රජු ඔබයි. (ර)
ඔබ නැවත අපව සිනහ සාගරයක ගෙනයන්නට ඔබ අප අතරම ඉපදේව.! ඔබට නිවන් සුවය ලැබේව.! (ර)
ඔබට නිවන් සුව අත්වේවා.! (ර)
ඔබ මියගියද අප හදවත්වල සදා ජීවත් වේ, සුන්දර මිනිසා ඔබට නිවන්සුව.! (ර)
සොඳුරු කලාකරුවකුගේ වෙන්වීම සැබවින්ම කණගාටුවට හේතුවකි එහෙත් මෙලොව ඇත්තේ යැම් ඒම් පමණකි ඔබතුමාට නිවන් සුව පතමි.! (ර)
අදහන්නත් බැහැ..... ඇස්වල කදුළු පිරුණා. මෙතුමාට අවුරුදු 72 කියන්නත් බැහැනේ... අති දක්ෂ රංගධරයාණෙනි... සිත් තැවුලෙන් යුතුව පතන්නම් සදා මොක් සුව.... ! (ර)
අපව සිනහවකින් ජීවත් කල සොදුරු කලාකරුවානෙනි... ශ්‍රේෂ්ට පියාණෙනි ඔබට හදපිරි කෘතගුන පිරිනමමින් සදා නිවන් සුව පතමු.! නිවන් දක්නා තුරු අප අතරම ඉපදේවා සොදුරු පියාණෙනි.! (ර)
ඔබට නිවන් සුව !!! (ර)
අදහන්නත් බැහැ. ඔබට නිවන් සුව අත්වේවා.! (ර)
කතාකරගන්න බැහැ පපුව හිරවෙන්න තරම් දුකයි ඔබ අපව සිනාසු හැටි මතකයි ශ්‍රේෂ්ට කලාකරු පියාණෙනි.! (ර)
ඉතාමත් ප්‍රතිභාපූර්ණ ගරුකටයුතු නළුවෙක්. ඔබට නිවන් සුව අත්වේවා.! (ර)
නළුවෝ ගායකයෝ මෙලොවින් සමුගැනීම ස්වබාවික දෙයක් නමුත් ඔබගේ දිවියෙන් සමු ගැනීම මට දරාගන්න බැහැ මට කවදාකවත් නැති පාළුවක් දැනුනා හරියටම අපගේ සදාදරණිය ගායක ජෝති නැතිවූන දවසේ වගේ මම හැමදාම යුටියුබ් එකෙන් ඔබගේ එක නාට්‍යක කොටසක් හරි බලලා නින්දට යන්නේ ඒක මට පුරුද්දක් වෙලා වගේ ඔබට මම ඉත සිතින්ම නිවන් සුව පතන්නේ ඔබ තුමාට මේ කරදකාරී ලෝකයේ නැවත ඉපදෙන්න කියල පතන්නවත් මට හිතෙන්නේ නැති නිසා ඔබ තුමා එතරම් උතුම්. එවැනි කෙනෙකුට නිවනම තමා පතන්න වටින්නේ ඔබ තුමාට නිවන් සුව ලැබේවා.! (ර)
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. සත්තකින්ම දෑසට කදුළක් නැගුණි. ඔබට නිවන්සුවම ලබේවා.! (ර)
හරිම කණගාටුයි ඔබතුමාට නිවන් සැප ලැබේවා!. (ර)
ඔබට නිවන්සුව! (ර)
මගේ ජිවිතයේ දෙකපු සොදුරුතම කලාකරුවනනේ ඔබට නිවන් සුවන් ලැබේවා... (හේ)
ඔබට නිවන් සුව!! (ර)
ඔබ අප අතරේම ඉපදේව හරිම කණගාටු දවසක්. (ර)
මා ජීවිතයේ දුටු හොදම නලුවා. (ර)
ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
ඉදීරි පරපුරට ඉතාමත් වටිනා හොද නළුවෙක් හා ආදර්ශමත් සමාජ මෙහෙවරක් ඉතිරි කර මානවයෙක් ඔහු හැම දිනම මතකයේ හිදිවී ..කොළඹ අහස ටෙලි නාට්‍යය හොද පණිවිඩයක් ඉතිරි කර මතකයේ රැදෙන චරිත රංගනයක් ඉතිරි කර දැයෙන් සමු ගත්තා ... නිවන් සුව ලැබේවා ..(බ)
ශ්‍රේෂ්ඨ කලාකරුවාණනි, ඔබට නිවන්සුව ලැබේවා (බ)
දැනෙන දුක අපමණයි මෙවැනි අය අප අතරින් ඈත් වෙද්දී. ඔබට නිවන් සුව පතමි. (බ)
නළුවෝ ගායකයෝ මෙලොවින් සමුගැනීම ස්වභාවික දෙයක් නමුත් ඔබගේ දිවියෙන් සමු ගැනීම මට හරියට ගෙදර කෙනෙක් නැති වුනා වගේ.ඇත්තටම හරිම කණගාටුයි මෙතුමා අපෙන් වෙන්වීම... කවමදාවත් අමතක වෙන්නේ නැහැ මෙතුමාගේ රැගුම්... ඔබට අමාමහ නිවන් සුවය ලැබේවා (බ)
ඔබට නිවන් සුව පතමි! මෙය සොබාදහම වුනත්, තව ටික කලක් ඔබ අප අතර සිටියා නම්.. යන සිතුවිල්ල රටේ ඕනෑම කෙනෙකුට සිතෙයි. ඔබේ නාට්‍යය නිකන්ම කතන්දරයක් විදිහට බැහැර කළ නොහැක. ඔබ නාට්‍යය හරහා රටට ලොකු පණිවිඩයක් දුන්නා. මිනිසුන් එය තේරුම්ගත යුතුයි. නිවන් මගට යනතුරු, ඔබ නැවත අප අතරම ඉපදේවා යන්න මගේ පැතුමයි. (බ)
ඉතා දුක්මුසු පුවතක් ඔබට නිවන් සුව ! (බ)
මගේ හොඳම නළුවා (බ)
අනිච්චාවත සංඛාරා! (බ)
මගේ ප්‍රියතම කලා ශිල්පියෙක් නිහතමානී මනුස්සයෙක් .... ඔබට නිවන් සුව ලැබේවා... (හේ)
ඔබට නිවන් සුව ලැබේවා! (හේ)
මෙම කලා ශිල්පී මරණය අර අනාවැකි කියපු අය කිව්වද? (බ)
ඔබට නිවන් සුව (බ)
ඔබ ආදර්ශමත් පියෙකි ,දක්ෂ රංගධරයෙකි,යහපත් පුරවැසියෙකි, ඔබගේ නික්ම යෑම මුළුමහත් ලොවටම පාඩුවකි පලුවකි,,,අප දුරුරටක ජීවත් කරවුයේ ඔබය් පියතුමනි ....අපේ ජාතියේ අවාසනාවට ඔබ තවත් වසර 10 ජීවත් නොවුයේ අපේ කරුමෙටය,,මගේ හදට කදුලක් ගෙනා මේ පුවත දුකබරයි, ඔබට නිවන් සුව (බ)
නියම මිනිහෙක් (බ)
ඔබ නැති නිසයි දුක මරණය නිසා නොව , නිවන් සැප ලැබේවා , (හේ)
මෙතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්ෂ කලාකරුවෙක්. අසහාය ප්‍රතිභාවයකින් හෙබි ඔබවන් විශ්ෂ්ටයන් හෙළ කලා කෙතෙන් නික්මීම දරාගත නොහැකි පාඩුවක්. ඔබට සුභ ගමන්..!!! (හේ)
නිවන් සුව ලැබේවා ! දයාබර කලාකරුවාට (බ)
ඔබට නිවන් සුව ලැබේවා! (හේ)
අති විශිෂ්ට කලාකරුවෙකුගේ අභාවය ඇසීමට ලැබීම ගැන ශෝක නොවෙන කවුරුත් නැති තරම්. මෙවැනි කලාකරුවන්ගෙන් හිස් වන තැන පිරවීමට කවදාවත් නොහැකියි. අපි සියලු දෙනාම ඔහුට නිවන් සුව පතමු . (හේ)
ඔබ වැනි අය අපේ රටේ වාසනාවට බිහි වු අය.......ඔබට නිවන් සුව (අ)
අතිවිශිෂ්ට රංගධරයෙක් ඔබට නිවන් සුව ලැබේවා! (අ)
ඔබට නිවන් සුව! (අ)
මට නම් හිතාගන්නවත් බැහැ මේක (නි)
විජය නන්දසිරි කලාකරුවාණනි, ඔබට නිවන් සුව! බොහෝ කලාකරුවන් අතර ඔබ සැබෑ කලාකරුවෙක්ම විය. දේවිකා මිහිරාණි මහත්මිය සහ දූ දරුවන්ට මගේ ශෝකය. (නි)
ඔබට නිවන් සුව මගේ ආදරණිය කලාකරුවාණෙනි! (නි)
ඔබ නැති කලාකෙත පුරන් වූ කුඹුරක් මෙන් වනු ඇත (නි)
ඔබගේ නිර්මාණ දායකත්වය තුල හාස්‍යයට ලක් කළයුතු තැන් හාස්‍යයට ලක්කරමින් සමාජයේ යහපත් ප්‍රගමනයට කලාව තුලින් සිදුකළ මෙහෙය ඉතා ප්‍රභලයි. එමෙන්ම ඔබ පනපෙවූ චරිත තුලින් බාල මහලු සියළු දෙනාම සතුටු විය. සියළු දොම්නස් දුරුකර සොම්නසින් සිත පුරවාගෙන නින්දට ගියහ. එලෙසින් ලාංකීය කලාකෙත පෝෂණය කළ සුහද කලාකරුවාණෙනි, ඔබට හදවතින්ම නිවන් සුව පතමි! (නි)
ලාංකීකයන් සිනා සයුරේ ගිල්වූ ඔබට නිවන් සුව පතමි. (නි)
හිතවතාණෙනි, ඔබ අප මනසත් සපුරා, සිත් සතුටුකොට, අප සැම සිනහගන්වා, සිරුරත් නිරෝගී කළා. අපෙන් හදිසියේ වෙන්වුණත් ඔබගේ රසවතකු ලෙස ඔබට සදා නිවන ප්‍රාර්ථනා කරමි! මොක් සුව පතමි! (නි)
බැඳීම් ඇති සසරේ බැදීම් මඟහැරේවා. මතු දිනක අප අතර නොඉපිද බුදුන් දෙසාවදහළ දහමේ නිවන් සුව අත්වේවා!
ලොවම සිනහගැන්වූ ඔබ අපට දුකක් දී ගිය අරුමය! ලොව දහම තවත් පසක්වේය. ඔබට සුභ ගමන්..!!! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඇයි මන්දා, මම මේ දවස් ටිකේම සුහද කොකා එක දිගටම බැලුවා. ඔබේ වියෝව දරාගන්න අමාරුයි විජය අයියේ. ඔබ ඉතාම දුර්ලභ කලාකරුවෙක්. ඔබට නිවන් සුව පතමි. (නි)
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. කණගාටුව කියන්නට බැරි තරම්. ඔබට නිවන් සුව! (නි)
දිවි රංග මඩලෙන් බැසගියත්, ඔබගේ අසහාය රංගනයන් අපේ හදේ සැමදා රැඳෙනු ඇති. ඔබට සුබ ගමන් කලාකරුවාණෙනි! (නි)
ඔබගේ හදිසි නික්මයාම අපට විශ්වාස කළ නොහැකිය. ඔබ හැමදාම අපේ හදවතේ ජීවත්වෙනවා. අපේ ජීවිත වලට සතුට ගෙනාවට ඔබට පින්. එපින් බලෙන් ඔබගේ සසර ගමන කෙටි වේවා! නිවන් සුව අවබෝධ වේවා! දේවිකා මිහිරානි මහත්මිය හා දුදරුවන්ට අපගේ බලවත් කණගාටුව. එතුමාගේ වියෝව අපටත් දරාගත නොහැක. (නි)
බොහොම දුක්මුසු පුවතක්. ඔබතුමාට නිවන් සුව! (නි)
ආදරණීය විජය මහත්තයෝ, දුක කියා නිමක් කළනොහැක. අප හැර ගිය වේදනාව සදහටම අප හදවත් තුළ පවතිනු ඇත. දක්ෂ නිර්මාණකරුවෙකුත්, ආදරණීය සැමියෙකුත්, සෙනෙහෙබර පියෙකුත්, විශ්වාසවන්ත මිතුරෙකුත්, රටට ලෝකෙට වැඩදායී පුරවසියෙකුත් අපට අහිමි වී හමාරය. ඔබ සසර වසනතුරු නිවන් දකිනතුරු මේ අපේ පුංචි රටේ නැවතත් ජනිතවන්නට හේතු වේවා වාසනා වේවා! (නි)
රටක් හිනැස්සු ඔබතුමාට, නිවන් සුව ලැබේවායි පතමි!! (නි)
ඔබ අතිදක්ෂ කලාකරුවෙක්. තවත් කාලයක් කලාව පෝෂණය කරන්නට සිටි ඔබ, අපෙන් සමුගත්තේ ඇයි? 72ක් වයස බව නොපෙනුනෙත් ඔබේ වාසනාවට. අජරාමර නිවනින් සැනසේවා! (නි)
ඔබට නිවන් සුව දයාබර කලාකරුවාණෙනි! (නි)
විජය, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
සසර ගමන ඉතාමත් කෙටිවේවා! මතුභවය සුගතිගාමී වේවා!! අවසානය අජරාමර නිවනින් සැනසේවා!! (නි)
සුවහසක් රසික කැල නිති සිනහවෙන් සැරසු ඔබට නිවන් සුව! අපි මෙහෙ දාන අදහස් එතුමාට පෙනෙන්නෙ නැහැනෙ. ඒ නිසා මෙහෙ ඉන්න අනෙක් කලාකරුවො මේවා බලලා එතුමාගෙන් ගතහැකි යම් යහගුණයක් තියෙනවා නම් ගන්න කියා ඉල්ලනවා (නි)
ඔබ වැනි කෙනෙක් නැතිවීම දරාගන්න බැරිතරම් දුකක් (නි)
ඔබ සිනහනොවී අපව හිනැස්සු සුහද කලාකරුවාණනි, ඔබගේ අභාවය දැරිය නොහැකි දුකක් ගෙන දෙන්නකි. ඔබට අජරාමර නිවන් සුව පතමි! (නි)
මුලු රටටම පාඩුවක් සිදුවිය (නි)
ප්‍රතිභාපූර්ණ නළුවෙක්. ඔබගේ නික්මයාම දරාගත නොහැකි කණගාටුවක්. කුණුහරුප නැති ඔබගේ විහිළු වලට සිනා සී නොසිටීමට කිසිවෙකුටත් හැකි වූයේ නැත. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නි)
ඔබ සමුගත් කම්පනය ගෙන ආ කඳුළ වැළකිය යුතුය, මා සිනහගැන්වූ ගුණයට මගේ ස්තුතිය ඔබට පුදකළ යුතු බැවින් (නි)
ඔබට නිවන් සුව ලැබේවා!!! (ම)
විජය නන්දසිරි කලාකරුවානේනී, අප පිනවූ ඔබට නිවන් සුව! (ම)
ඔබගේ වියෝවෙන් පසු මට වැටහෙන එකම දේ ඔබ මිල මුදල් ජනප්‍රියත්වයට වඩා හම්බ කර ඇත්තේ මිනිසුන් බවය... ඔබට නිවන් සුව !!! (ම)
ඉතා විශිෂ්ට කලා කරුවෙක්. ඔබට නිවන් සුව පතමි.(ම)
මගේ ජිවිතේ මම බලපු ආසම කතාව \"නොනා වරැනි මහත් වරැනි\" මම හැමදාම ආදරය කරපු චරිතය , ඔබ වගෙ නලුවෙක් අයෙ ජිවිතෙට පහළ වෙන්නේ නෑ සර් ., නිවන් සුව සර් (ම)
ලබන ආත්මයත් ලංකාවේම ඉපදේවා (ම)
ඔබ මගේ හිතවත්ම මිතුරන්ගෙන් කෙනෙකි ඔබ අවසාන වරට ඇමෙරිකාවට පැමිණි විට මා හමුවිය ඔබට සමාන කලහෙකි කලාකරුවෙකු ලංකාවේ නැත ඇමෙරිකාවේ සිට මා ලංකාවට එන්නේ ඔබට නිවන් සුව පතමි (ම)
රූපවාහිනී තිරය තුලින් නිතර අප ආලින්දයට ගොඩවන අපගේ හිතවත් අසල්වැසියෙකු වන් ඔබට ගෞරව පිනිස මෙම සටහන තබන අතර ඔබට දෙව් මිනිස් සැප කෙලවර නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (ම)
කොයි යන්නේද අප තනි කරලා..සදාදරණිය කලාකරුවණනි, ඔබට නිවන් සුව පතමි.(ම)
හුඟක් හිතට දැනුන කලාකරුවෙක්. ඇත්තටම හිතට ලොකු දුකක් දැනුනා. ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ලැබේවා!!! යුගයේ විශිෂ්ට කලාකරුවාණනි (ම)
දේවිකා මිහිරාණි හිතවතිය , අපගේ බලවත් ශෝකය පිළිගන්න ! (ම)
විජය නන්දසිරි කලාකරුවානන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
ඉතාමත් ප්‍රතිභාපූර්ණ ගරුකටයුතු නළුවෙක් මිනිස් හදවත් දිග්විජය කල කලාකරුවෙක් විදියට දිවි මඩලට සමුදෙන්නේ ජෝති, විජේ වැනි රසික හදවත් තුල කිසිදා නොමියෙන මිනිසෙක්වී. ඔබතුමා ශ්‍රී ලාංකීය සිනමාවට කල සේවයට වගේම රසික හදවත් සුවපත් කිරීමට කල සේවයට ඔබ තුමාට ගොඩක් පින්. (ම)
දේශපාලනයට නොගිය කලාකරුවෙක් වශයෙන් ඔබ ඉතාමත් ශ්‍රේෂ්ඨයි. ඔබගේ සමුගැනීම ලෝකවාසී සැමගේ හදවත් කම්පා කරවයි. ඔබට නිවන් සුව අත්වේවාෙ! (නි)
ඔබට නිවන් සුව!! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
සුන්දර මිනිසාණෙනි, ඔබට නිවන් සුව! (නි)
වෙන් වී ගියත් අද - සදා මතකයි ඔබේ ගුණ කඳ... නිවන් සුව ලැබේවා! (නි)
රටටම හිනැස්සූ ඔබගේ වියෝව මට හා අපේ ගෙදරටම දැනෙන්නේ අපේම කෙනෙක් නැතිවුණා වගේ. රටින් පිට හිටියත් මගේ පුංචි දරුවෝ පවා ඔබතුමාගේ විහිළු ගැන සතුටුවුණා. ඔබට නිවන් සුව මහ කලාකරුවාණෙනි! ඔබගේ පවුල් ජීවිතය මේ මුළු ලෝකයටම ආදර්ශයක් (නි)
කලා ලොව බොහොමත්ම සුන්දර වුනේ ඔබවැනි නිහතමානී පුද්ගලයන්ගෙනි. ඔබට නිවන් සුව පතමි !!!! (හේ)
ගිහින් එන්න. ඔබට සුබ ගමන්! (නි)
ඔබට නිවන් සුව ලේබේවා !!!!!!!!!!! (ම)
සියල්ල අනිත්‍යයයි. (නි)
කියන්න බොහෝ දේ තිබුනත් කියන්නේ කාට ඇසෙන්නද නිවන් සුව පතමි (බ)
මෙම ශ්‍රේෂ්ඨ කලාකරුවාට අපගේ ප්‍රණාමය! (බ)
ඔබට නිවන් සුව ලැබේවා...!!! (බ)
දේශපාලකයින්ට කඩේ නොගිය ශ්‍රේෂ්ඨ නළුවෙක්. (බ)
නිවන් සුව පතමි (බ)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව. ඔබ නිසා අපි ගොඩක් සතුටින් හිටියා. ගොඩක් පින්. (බ)
ඔබ සැබෑ මිනිසෙකි. තවත් මිනිසෙකු මියගියේය. ඔබට නිවන් සුව! (ම)
ප්‍රිය විජය නන්දසිරි මහතාණනි, ඔබට මේ ගෞතම බුදුසසුනේ දිම උතුම් අමා මහා නිවනින් සැනසිමේ භග්‍ය උදා වේවා! (ම)
ඔබේ වියෝව රටට මහත් පාඩුවකි,බිරිදට ආදරණිය සැමියෙක් ,දරුවන්ට සෙනෙහබර පියෙක්,අපිට දක්ෂ කළාකරුවෙක් ,නමුත් මරණය ඉදිරියේ සැගවෙන්නට බැරිය.මෙයයි ජීවිතය කියන්නේ ඔබට නිවන්සුව. (ම)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා!!! බොහොම දුක් මුසු පුවතක් !!!! (ම)
ඔබට නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි.අතිශයින්ම කණගාටුදායක පුවතකි.(හේ)
විජය අද ඊයේ ඔබ කිසි කෙනෙකුට කරදරයක් නැතුව ජිවත් වුනේ.ඔබට නම් නිවන දැනටමත් උදා වෙලා.ඔබ නියම බෞද්ධයෙක් .(හේ)
රටක් වටිනා මනුෂයෙක්. ඔබට නිවන් සැප
රත්තරන් වටිනා මනුස්සයෙක් ලංකාවට අහිමි වුනේ ..(බ)
ආදරණීය විජය මහත්තයෝ, දේශපාලනයට නොගිය කලාකරුවෙක් වශයෙන් ඔබ ඉතාමත් ශ්‍රේෂ්ඨයි. ඔබගේ සමුගැනීම ලෝකවාසී සැමගේ හදවත් කම්පා කරවයි. ඔබට නිවන් සුව අත්වේවාෙ (බ)
රටක් වටින මනුස්සයෙක් .කුණුහරුප නොකියා මිනිස්සු හිනස්සනව (බ)
මිනිසත් බවින් යුත් ඔබ වැනි මිනිසුන් අප අතරේ සිටින්නේ ඉතා අල්ප දෙනෙකි. ඔබගේ වියෝව දරාගත නොහැක. නමුත් ලෝක ධර්මතාවයට අප සැමදෙනාම මුහුණ දිය යුතුයි. මා කවදාවත් ඔබව සජීවීව දැක නැත. කවදා හෝ දිනෙක ඔබ රඟන නාට්‍යක් බැලීමට ආශාවෙන් සිටියෙමි. එහෙත් එම සිහිනය දැන් බොඳවී ගිහින්. නැවත ඔබ මේ ලක් දෙරණේම අප අතරේ ඉපදී කවරදාක හෝ නිවන් සුව අත්කර ගනිත්වා! (බ)
මනුස්සකමත්, කලා හැකියාවත් එක ලෙස පිහිටි, අග්‍රගණයේ සත්පුරුෂයෙක්, විජය නන්දසිරි ශුරීන්. අපට මතක් වෙන්නේ, වරක් (ඕස්ට්‍රේලියාවේ) පර්ත් නුවරට (2003 දී) කලා සන්දර්ශන කිහිපයකට සහභාගිවීම සඳහා, තම බිරිඳ හා දියණිවරුන් සමග පැමිණි අවස්ථාවේ සුදු සරමකින් සැරසී සරල, චාම් නියම සිංහලයෙක් ලෙස නිහතමානීව කා සමගත් කෙතරම් ඇසුරු කළ, කතාබහ කළ ආකාරයයි. (බ)
ඔබට නිවන් සුව ලැබේවා! (බ)
ඔබට නිවන් සුව! (බ)
මගේ පියාගේ වියෝවීම මම තුනීකර ගත්තේ , ඔබගේ රංගනයන් නිසාය.ඔබගේ වියෝව නිසා මම හොඳටම දුක් වුණා. අපේ සිත් සනසපු මනමේ කුමරු අපිව දාලා ගිහින් කොහොම හිත හදා ගන්ඩද? (බ)
රෝමානු කතෝලික ආගමේ හැටියට ඔහුට මොක් සුව පතමි. අපිව කොච්චරනම් හිනගස්සවල ඇතිද මෙතුමා. ඇත්තටම අඩනවා අපි. (බ)
ඔබ මහන්සි වුනා වැඩි ද කියලත් සිතේ ...නිවන් සුව...(බ)
අසහාය කලාකරුවාණනි ඔබ කවදත් අප හද තුල ලැගුම්ගෙන සිටි !! ඔබට නිවන් සුව ! (බ)
ඔබ නැති පාළුව..(බ)
යහපත් මනුෂ්‍යයෙක්. ඔබතුමාට නිවන් සුව ලැබේවා..(බ)
ඔබට නිවන් සුව! අද අපට අසන්නට ලැබෙන හිනා යන්නේ නැති කුණුහරුප විහිලුකාරයෙක් නොවුන ඔබට ජාතියේ ප්‍රණාමය! (බ)
නොමියෙන මිනිසෙකි (නි)
ඔබට නිවන් සුව! (නි)
නිවන් සුව පතනවා! (නි)
අසහාය කලාකරුවානනි, ඔබට නිවන් සුව ලැබේවා! මේ සිදුවීම දරාගැනීමට නොහැකිය. ඔබ වන් කලාකරුවෙක් මිහිපිට නොදැක සිටි තරම්ය. මේ වේදනාකාරී සිදුවීම ඔබගේ දරු පවුලට දරාගැනීමට ශක්තිය ලැබේවා! ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අසහාය කලාකරුවාණනි, ඔබට නිවන් සුව! (නි)
කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව! ඔබ වැනි නිහතමානී ප්‍රතිභාපූර්ණ කලාකරුවන් අද ඉතාමත් දුර්ලභයි (නි)
අන්තර්ජාලයේ කිසිම පුවතකට මෙච්චර ප්‍රතිචාරයක් මම දැක්කේ නැහැ. මම එංගලන්තේ ඉන්න නිසා පත්තරය කියවන්නේ අන්තර්ජාලයෙන්. ඒ වගේම, අපහාසයක් වෙන වදනක් එක් කෙනෙක්වත් ලියා තිබුනේත් නැහැ. ඔබතුමාට නිවන් සුව පතමි! (නි)
නිහතමානී කලාකරුවාණනි, ඔබට නිවන් සුව අත්වේවා! (නි)
එතුමා නැතිවීම රටට ලොකු පාඩුවක් (නි)
ඔබට නිවන් සුව ලැබේවා මහා ගාන්ධර්වයාණනි (ම)
විජය නන්දසිරි කලාකරුවානන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
අසහාය කලාකරුවාණනි ඔබට නිවන් සුව (බ)
සුවහසක් දනන් අමන්දානන්දයට පත්කළ අසහාය කලාකරු විජය නන්දසිරි ඔබට මොක්පුර රුවන් දොරටු විවර වේවා. (බ)
දයාබර කලා ශිල්පියණනි ඔබට නිවන් සුව ! (බ)
දේශපාලනයට නොගිය කලාකරුවෙක් වශයෙන් ඔබ ඉතාමත් ශ්‍රේෂ්ඨයි. ඔබට නිවන් සුව අත්වේවාෙ! (නි)
නිවන් සුව පතමු! (නි)
දයාබර කලාකරුවාණනි ඔබ අම මහ නිවනින් සැනසේවා! (බ)
මෙවන් මිනිසෙක් අපට නැතිවුණේ අපේ පවට. කොච්චර වටිනා මනුස්සයෙක්ද අපව සතුටින් තියන්න කොපමණ දේවල් කළාද ? ඔබතුමාට නිවන් සුව කලාකරුවාණනි (බ)
මෙලෙස ජන ප්‍රසාදය ලැබෙන්නේ ජනතාවගේ හදවතේ සිටින නිසා. ඔබට නිවන් සුව අත්වේවා (බ)
ඔබට කළ හැකි වූ දේ ඔබට පමණකි. ඔබ අමා මහ නිවනින් සැනසේවා! (ම)
ඉතාමත්ම දක්ෂ නළුවෙක්. ඔබට නිවන් සුව! (නි)
ජනතා හදවත් තුළ ඔහු සැමදා ජීවමානය. ඉතා නිහතමානී, කිසිවෙකුටත් කඩේ නොගිය, සැමට ආදර්ශවත්, අවංක කලාකරුවෙකි. (නි)
එක එක දේශපාලකයන්ට කඩේ ගිහින් නොයෙක් වරප්‍රසාද ලබාගනිමින් ඔවුන්ව මහා ඉහළින් පුම්බා තබමින් තම සුඛ විහරණයට මහජන දේපල දේශපාලුවන් සමග උලාකාපු අය සිටින සමාජයක ඔබවන් නිහතමානී සැබෑ කලාකාරයෙක් රටට අහිමිවීම ගැන ප්‍රේක්ෂකයෙක් විදිහට මා කණගාටු වෙමි (නි)
ගුණ ගී වරුසා පැසසුම් ඝෝෂා... රැව්දෙන්නේ මරණින් පස්සේ.... කී දොස් නැවතී එතුවක් පැවතී හොඳ මතුවේ මරණින් මත්තේ... (නි)
ප්‍රතිභාපූර්ණ නළුවෙක්. යහපත් මනුෂ්‍යයෙක්. ඔබතුමාට නිවන් සුව ලැබේවා..! (බ)
මෙච්චර කලක් අපිව හිනගස්සපු ඔබතුමා ඇයි අප මේ විදියට ඇඬෙව්වේ....(බ)
ඔබ වන් කලාකරුවෙකු නොමැති වේදිකාව රුපවාහිනිය සිනමාව පාලුවට ගොසින්. ඔබේ නිසඟ දක්ෂ රංගනයට සමවන කිසිවකු අද නැත ඔබට නිවන් සුව පතමි (බ)
ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
ඔබ වැනි කළාකරුවෙකු අප රටට අහිමි වීම දරා ගත ෙනාහැකි පාඩුවකි. ආදරණිය විජය නන්දසිරි නම් වූ සහෘද කලාකරුවානෙනි ඔබට නිවන් සුව අත්පත් වේවා! (හේ)
ඔහු ඉතා විශිෂ්ට පුද්ගලයෙකි. ඔබගේ මතකය අප අතර සදා අමරණිය වේ (ම)
උදයට පිපෙන මල හවසට පරවෙනවා උදයට නගින හිරු හවසට බේස යනවා එක්වන සියලු දෙන මෙලෙසට වෙන්වනවා ජීවත් වීම මරණින් කෙලවර වෙනවා (ම)
සිරි ලක් කලා කෙත බැබලවූ අසහාය රන්ගදරයෙක් ඔබතුමා! රටම සිනහවෙන් නහවා ලොවම හඬවා ඔබ යන්න ගියා! ඔබතුමා අපිව සතුටු කලා පිනම ඇති ඔබතුමාට නිවම් සැප ලබන්න! (ම)
ඔබට නිවන් සුව අත්වේවා(රේ)
ශ්‍රේෂ්ට කලාකරුවණනි ඔබට නිවන් සුව අත්වේවා. ඔබ කල සේවය අමරනීයයි. ඔබ වන්නෙක් අපේ ජීවිත කාලෙදී නම් නැවත දකින්න ලැබෙන එකක් නැහැ. (අ)
අපි ඉන්නේ කනඩාවේ .දෙහදක ආදරේ වැඩසටහන බලන්න . 2016-06-05 ජුලි . කියා නිමකළ නොහැකි වේදනාවක් . ඔබ තුමාට නිවන් සුව පත්මි (අ)
ඔබට අමා මහ නිවන්සුවඅත්වේවා. අපි අතරම නැවත ඉපදේව. ඔබ රටට ලොකු පාඩුවක් ඒවගේම සහුර්දින්ට ලොකු ඈත්\' වීමක් . දරාගත නොහැකි දුකක්.(රේ)
ඔබ වගේ දක්ෂ රංගන ශිල්පියෙක් අහිමිවීම දුකක්. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ වගේ දක්ෂ රංගන ශිල්පියෙක් අහිමිවීම කලා ක්ෂේත්‍රයට දුකක් ඔබට නිවන් සුව ලැබේවා ! (බ)
අසහාය කලාකරුවාණනි, ඔබට නිවන් සුව! ඔබගේ රංගනයන් අති අමරණීයයි (නි)
ඔබට නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි!!! (නි)
ඔබේ අඩුව පිරිමැසීමට කිසිවෙකුට නොහැක (නි)
කලා ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක්. (නි)
හරිම ශෝකජනක පුවතකි. ඔබට නිවන් සුව (ම)