1999 වසරේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහභාගී වූ රැස්වීමකදී වෙඩි තබා එච් එම් දයාරත්න සහ එච් එම් ප්‍රේමචන්ද්‍ර වෙඩිතබා මරා දැමූ පස් දෙනකුට මොනරාගල පළාත්බද මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග මහතා අද මරණ දඩුවම නියම කළේය.
මොවුන්ගෙන් දෙදෙනෙක් ඌව හිටපු මහ ඇමැති හා වත්මන් වනජීවී ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතාගේ ආරක්ෂකයෝය. සෙස්සෝ ආධාරකරුවෝය.
ඩී එම් චමින්ද දිසානායක, කේ එච් උදයකාන්ත විජිතවීර, සුජිත් අශෝක පුංචිහේනා, එච් එම් මංජුල සිසිර කුමාර සහ ඩී එම් අමරසේන එලෙස මරණ දඩුවම ලැබුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 14කට පස්සේ හරි දඩුවම ලැබීම ගැන සතුටුයි..!(නු)
අපි මොවුන්ව සමාව දීලා නිදහස් කරමුකෝ. (නි)
මෙහෙම අයව පත්කළ අයටයි ඉස්සෙල්ලාම ගහන්න ඕනෑ. (නි)
දෙයියනේ (දී)
අනේ මම නම් අහලා තියෙන්නේ ඇමතිතුමන්ලා තමන්ගේ පිරිවර එක්ක හතර පෝයටම සිල් ගන්නවා කියලයි. (නි)
ජය වේවා! දිනුවත් දිනුම්. පැරදුණත් දිනුම්. (නි)
මේ ආත්මයේදී හිරේ වුණාට ඊළග ආත්මයේදී කල්ප ගාණක් අපායේ ඉන්න වෙයි. (නි)
දැන් නම් නිතුය අකුරටම (දී)
මොකද වෙන්නේ (දී)
අයියෝ සල්ලි (දී)
ඒත් ඇමතිතුමා වැලි මුවාටත් බෙහෙත් කළානේ. (නි)
එදා ඇමතිතුමාට හොද කියපු අය අද මොකද මේ වෙනත් කතා කියන්නේ..!(නු)
1999 එකකට දැං තමයි දඩුම් දීලා තියෙන්නේ... දැං කාලෙ සිදුවෙන ඒවාට දුඩුවම් ලැබෙනකොට එයාලා නිකම්ම මැරිලා තියෙයි.. (නු)
මේ ඇමතිතුමා නම් සත්වකරුණාව උපරිමයෙන් තියෙන කෙනෙක් අපි දැක්කා මුවෙකුට බෙහෙත් කරනවා මාධ්‍යවලින්..!(නු)
මෙන්න අපේ අය ඡන්දය දින්නන ගොඩක් මහන්සියෙන් කරන දේවල්..!(නු)
මෙහෙමද අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ..!(නු)
උසාවිය මේ විදියට හරි තීන්දුවක් දුන්නා ඇතිනේ.. වෙන පළාතක එහෙම උනානම්..!(නු)
ලංකාවෙ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නේ කවදාද?(නු)
මෙය නියමවී පළක් නැත.. ක්‍රියාත්මක විය යුතුයි..!(නු)
මෙන්න රටේ නීතිය ගැන කළකිරුණු අයට සැණසීමට කරුණක්.. ලංකාවේ මරණ දඩුවමක් නැත..!(නු)
ලංකාවේ මරණ දඩුවම නැතත් මැදපෙරදිග, ඇමරිකාවෙ, චීනය, ඉන්දුනීසියාව බොහොමයක් අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල ඇත..!(නු)
අපරාධවලින් කලකිරුණු අයට මෙන්න පොඩි අස්වැසිල්ලක් (ස)
ලංකාවේ මරණ දණ්ඩණය නැත.. එය අක්‍රීය නීතියකි..!(නු)
අවුරුදු 14කට පස්සේ තමයි සැකකරුවන්ට දඩුවම් නියම කරන්නේ.. මොකද්ද මේ නඩු ක්‍රමය.. අපට තියෙන. මේ නීති ක්‍රමය වෙනස් කිරීමට කාලයයි..!(නු)