කොළඹ පුරහළ ප්‍රදේශයේ ගොඩ නැගිල්ලක නීති විරෝධී සූදුපොළක මුදල් ඔට්ටුවට බූරුවා ගසූ 24 දෙනකුට රුපියල් සියය බැගින් දඩ නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සූදු කෙළියට සහාය වූ බව කියන හත් දෙනකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
සූදු පොළ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හිමිකාරිය බව කියන වජිරා නෙත්තිකුමාර ඇගේ ලිපිනයේ නැතැයි කී පොලිසිය ඊළඟ නඩු වාරයේ උසාවියේ පෙනී සිටින්නට නොතිසී නිකුත් කරන්නැයි ඉල්ලීය.
මසකට රුපියල් පන් ලක්ෂය බැගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු ද ගෙවා නැතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
ලබන 16 වැනි දා උසාවියේ පෙනී සිටින්නැයි වජිරා නෙත්තිකුමාරට නොතීසි නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසෙට ලක්ෂ පහක් අදායම් බදු ගෙවන්න කොච්චර ආදායමක් ඇද්ද මාසෙකට? ඔය පුළුවන් තරම් වහලා හංගලා ඉතුරු වෙන ටිකටනේ.ඔක්කොම බැලුවොත්... අනේ මන්දා! මේ යන විදියට නම් යන මඟ නම් අඳුරුයි. ගොඩාක් කෙටියි වගේ පෙනෙන්නේ (නි)
සල්ලි උඩ සෙල්ලම් දානවා වගෙයිනේ! (නි)
පුදුම රටක්නේ! (නි)
වරදකරුවෙක් නම් දඩුවම් ලැබිය යුතුයි (නි)
මේ බූරු පොළ ඇල්ලුවා. ඒකෙන් පොලිසිය අතින් පාඩු කරගෙනනේ. රුපියල් සියයක් කියන්නේ දඩය?? ආදායම් බද්ද මාසෙකට ලක්ෂ 5ක්ලු??පිස්සු හැදෙනවා (නි)
අර අසුවලා මේකට සම්බන්ධ නැද්ද? (නි)
මෙන්න උසාවියෙන් දෙන දඩ. මට නිකන් අඩන්න හිතෙනවා. මේවා දකිනවිට. පනින රිලවුන්ට උඩගෙඩි දෙන උසාවියක් ද මේ. අබුද්දස්ස කාලේ ලමයෝ ලබුත් තිත්තයි කිව්වාලු. (ස)
කැසිනෝ මොන තරම් අගනේද? (නි)