
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රෝහණ විජේවීරගේ අදහස් මේ වන විට ආණ්ඩුවේ දර්ශනයෙන් චුත වී යාම ඉතා කණගාටුවට කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"මේ ආණ්ඩුව පැමිණියේ 76 වසරක ගොවියාගේ සාපය සෞභාගයක් බවට පත්කරන බව කියමිනුයි.මේ වන විට ගොවි ජන ජීවිතය ආර්ථික සංහාරයක් බවට පත්වෙලා.අපි යෝජනා කරපු වැඩපිළිවෙළ වලින් එකක් හෝ ක්‍රියාත්මක කරන්නට කටයුතු කිරීම පිළිබඳව ස්තුතිය පළ කරනවා නමුත් මෙය ප්‍රමාණවත් වන්නේ නැහැ.අප රටේ සියයට 76ක ඉල්ලුම තියෙන්නේ රතු නාඩු සහ සුදු නාඩු වලටයි.ලාල් කාන්ත ඇමතිවරයා වී වගාව සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ආදායම් වියදම් සංඛ්‍යා දත්ත අනුව සලකා බැලුවහොත් ගොවියාට මාස හයක් සඳහා ලැබෙන ලාභය රුපියල් ලක්ෂයක් පමණයි.මාසයකට ලැබෙන ලාභය රුපියල් 16600යි.එවන් මුදලකින් ගොවියා ජීවත් වෙන්නේ කොහොමද?ඒ නිසා සහතික මිල ලබාදීමේ ක්‍රමවේදය ගැන ඔබතුමන්ලාට අලුතෙන් සිතන්නට සිදුවෙනවා.ඔබතුමන්ලාගේ සූත්‍රය වගේම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම දෝෂ සහගතයි.ගොවියා රජ කරනවා කියන එක රටේ හැමදෙනාම කියන කතාවක්.නමුත් ඔබලා ගොවියාට කසිප්පු කාරයා යැයි අමතනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒ ප්රතිපත්තිද ඕන . තමන්ගේ තාත්තා විජේවීර මැරුවේ නැත්නම් ඒ ප්‍රතිපත්ති එන්න ඉඩ තිබුනා
එහෙනම් ඔහෙලා W S J B කියලා ආයේ ප්‍රතිපත්ති අනුගමනයේ කරන්නේ.
ඉතිං හොඳයිනෙ අපේ විස්සෝප නායක, නැත්තං ඔය අය ඒ අයව හොයල පන පිටින් බාබක්‍යු කරනවනේ
ගොවියා රජකරන්න කතා කලේ ගොවියව අන්දල, මෝඩකරල තමන්ගේ අවශ්‍යතාවලට ඔහුව යොදාගන්න. ඒව කෙරුවේ බල තන්හාකාරයෝ. ලාල්කාන්ත ඒ මුරුංග අත්තෙන් බිමට ගත්ත එක විතරයි කෙරුවේ. හීන ලෝකවලට ජීවත්වෙන්නැතුව යථාර්ථ ලෝකයට දැන්වත් එන්න බලන්න.
වීජේවීරගේ අදහස් තමයි මේ රජය ක්‍රියාත්මක කරන්නේ කියල නොකී එකයි පුදුමෙ.
තාම මේ රජයට අවුරුදු දෙකක් පිරුනෙත් නැ, මේ හරක ඇතුලු රජයන් ගොවිතැනට රටට කල අවුරුදු 76 ව්‍යසනය ව්‍යසනය මෙවැනි කෙටිකාලයකින් නිම කරන්න රජයට මැජික් බලයක් නැ. නමුත් මෙම කෙටි කාලය තුල ඉටු කල දේ , මෙරට මෙතෙක් පාලනය කිසිම රජයකින් ඉටුවෙල නැ.එකක් , අව බාවිතා කල, දේශ පාලුවන් හිතේහැටියට ගසා කැ ජනාදිපති අරමුදලම පොදු ජන යහපතට යෙදවිම මේ රජය බලයට ගෙන ඒම ගැන සතුටුවිය හැකියි
තමුන් ඇමතිකම් දරපු කාලේ කරපුවා දන්නෝ හොන්දාකාරවම දන්නවා.පක්ෂයවත් හරියට කරගන්ඩ බැරිඋනාට කටේ නරිවාදම නම් තියෙනවා?
අයිසේ උස මිටි මනුස්සයෝ. පිස්සුද නැත්නම් හැටිද? තාත්තලා නිසා දේශපාලනයට ආව හැම මිනිහටම පිස්සු.