IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වැට් නිසා පවුලකට 40000ක් වැයවන කතාව බොරු

(අංජුල මහික වීරරත්න)

වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් මෙම කාර්යය කරන බවද තනූජා පෙරේරා මහත්මිය කීවාය.

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළේ “එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත සහ එහි බලපෑම” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

ආර්ථික විද්‍යාව පිළිබඳ විෂය දැනුම ඇති ඇතැම් පිරිස් පවා ජනවාරි 01 වනදා සිට වැට් බද්ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට මතයක් සමාජගත කරමින් සිටින නමුත් එම ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

තවද, අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවන බවත් මෙහිදී සඳහන් විය.

දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි හා අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ යන මහත්ම මහත්මීහූ ද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූහ. 

 

 



අදහස් (17)

වැට් නිසා පවුලකට 40000ක් වැයවන කතාව බොරු

gobbels theoram Friday, 29 December 2023 11:02 AM

රාජ්‍ය නිලධාරයිනි, ඔබ දේශපාලකයින්ගේ ලණු කෑමට මොහොතකට පෙර, හිටපු සෞඛ්‍ය ලේකම්, චන්ද්‍රගුප්ත ලොක්කන්ගේ සිහියට නගාගන්න... ධර්මය කුමක් වුවත් කර්මය එකයි කාටත්...!

:       6       25

සිල්වා Friday, 29 December 2023 11:12 AM

ආර්ථික විෂය දැනුමක් අවශ්‍ය නෑ.. බදු ගැහුවාම ඊට සාපේක්ෂව මිල වැඩිවන බව තේරුම් ගන්න...!

:       4       27

Perera Friday, 29 December 2023 11:15 AM

ඉතින් එහෙමනම් මාසික වියදම කීයකින් වැඩි වෙනවාද කියලා ආසන්න වශයෙන්වත් කියන්නකෝ...!

:       3       29

Sajeewa Friday, 29 December 2023 11:23 AM

රෙදි වලට වැට් තියෙනවද?

:       0       16

abeygunasekarasampath95 Friday, 29 December 2023 11:47 AM

මේවා රජය පැත්තෙන් නිවැරැදිව දැනුවත් කරන එක හොඳයි... නැතිනම් පටු අරමුණු වලට බොරු ප්‍රචාර කරලා ඡන්ද ගන්න කට්ටියක් බලන් ඉන්නවා.

:       24       13

විජේFriday, 29 December 2023 01:54 PM

සම්පත් අබේගුණසේකර උන්නැහේ, තමුන්ගේ වල්ගේ සහ අන්දෙක විතරයි අඩුපාඩු...!

:       4       9

සුපුන් චාමර Friday, 29 December 2023 12:25 PM

තමන්ගේ තනතුර රැකගන්න කෝටි මිනිස්සුන්ට බදුබර පටවන එක සාදාරනීයකරන එකට හෙන ගහනවා කියන්න ඇර වෙන දෙයක් ඔළුවට ආවේ නෑ. හරි 40000ක් යන්නේ නෑ කියමුකෝ. 20000ක් ගියා කියමු. කොහ‍ොමද මේවා මිනිස්සු ගෙවන්නේ කියලා IMF එකෙන් අහන්න. ඔවුන් කියන පදේටම නටන්න ඕනෑ නෑ...

:       4       23

NuvankumaraFriday, 29 December 2023 02:25 PM

චාමර මහත්තයා IMF එකෙන් කියලා හරි, නොකියා හරි ජනතාවට බදු නොපෙන්වා, රජයේ පැවැත්ම ගෙන යන්න අවශ්‍ය මුදල් ගෝඨාභය වගේ අච්චුගහන්න කියලද කියන්නේ... මට හිතෙන්නේ චාමර කියන්නේ මාලිමාවේ පුරුකක් කියලා වෙනත් කාටවත් බදු නැතිව ආණ්ඩුවක් කරන්න බැහැ..

:       11       8

Amal Friday, 29 December 2023 12:47 PM

ඒ අයත් එකයි !!! මේ අයත් එකයි. !!!

:       2       7

Aravinda Monarawila Friday, 29 December 2023 01:13 PM

හතළිස් දාහක් නොවෙයි, තිස් නව දහස් නවසිය අනූනමයක් වෙන්නැති වඩි වෙන්නේ. මේ ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන හරක් තවම රාජ්‍ය සේවයේ ඉන්නවා කියලා තමයි මෙයා මේ කියන්නේ...!

:       4       15

Nadadawa withanage sisira kumara Friday, 29 December 2023 01:26 PM

මේ ගොල්ලෝ කරන්න දන්නේම බදු ගහන එක විතරයි...

:       2       13

Sk Friday, 29 December 2023 01:27 PM

චණ්ඩිද? අපිත් හරියටම ගන්න උස්සන්නම්කෝ...!

:       2       5

Hafeel Friday, 29 December 2023 01:45 PM

රජය පැත්තෙන් නිවැරැදිව දැනුවත් කරන්න අමුතු දෙයක් නැහැ. බදු වැඩි කළා නම්, සියලු දේ වැඩි වෙනවාමයි.

:       1       14

Latha Friday, 29 December 2023 02:08 PM

රජයේ වියදම් අඩු නොකර පෙන්ෂන්, පඩි අනවශ්‍ය විදිහට ගෙවලා රටේ මිනිස්සුන්ට බදුබර වැඩි කළාම හරි යයිද?

:       3       14

chinthaka Friday, 29 December 2023 05:49 PM

තනුජා, ඔයා ඉස්කෝලේ ගියේ කීයටද? ගණන් සාස්තරේ ඉගෙන ගත්තාද? නැතිනම් ඔය ජොබ් එකට ගියේ ඇමතියා ....ඉඳලාද? හරි හරි අපි බලමුකෝ පෙබරවාරි වෙනකොට...!

:       0       3

Bamunuarachchi Friday, 29 December 2023 07:38 PM

ජෙප්පො දන්නවද ගණන් හදන්න.... ඔවුන් දන්නේ ගණන් දාන්න...

:       0       0

සල්ලි Friday, 29 December 2023 09:07 PM

තනූජා ඔයාලාට ඔය අමාත්‍යාංශයේ තියන පහසුකම් ටික ලබාගන්න පට්ට කෙබර කියනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 4 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 43 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 81 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 625 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 530 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 730 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site