රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට නියම කළ රුපියල් කෝටි 1198ක දඩ මුදල නොගෙවන්නේ නම් දැනට තහනම් කර ඇති ඔහුගේ දේපොළ රාජ සන්තක කිරීමට මහාධිකරණය නියෝග කළේය.
රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට නියම කළ රුපියල් කෝටි 1198ක දඩ මුදල නොගෙවන්නේ නම් දැනට තහනම් කර ඇති ඔහුගේ දේපොළ රාජ සන්තක කිරීමට මහාධිකරණය නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මදි මෙයා හම්බකරලා තියන විදියට දඩය තව දෙගුණයක් වෙන්න ඕනා.(නදී)
කොට්ටෝරුව ගස් වලට ඇණ ඇණ ගිහින් අන්තිමට කෙසෙල් ගහට ඇන්න වාගේ වැඩක් මෙයත් කරේ. (ස)
ඕන ඔට්ටුවක්. මෙයාගේ දරු පවුලම දැන් පිරටක ඇත්තේ. ළමයින් ඇති ලෝකයේ නොම්මර එකේ විශ්ව විද්‍යාල වල. මෙයාගේ සියලුම නෑදෑයන් ගේ ආදායම් වත්කම් අනිවාර්යයෙන් ම පරික්ෂා කළ යුතුයි. දැනටම තවත් දේපල නෑදෑයන් ගේ නමට හරවලා ඇති. (ස)
අනේ ඇත්තට මට දැනෙන සන්තොසෙක තරම. (ස)
පිටරට වලත් අස්සක් මුල්ලක් නෑර හොයන්න ඕන. ලංකාවේ මෙහෙම නම් පිටරට බැංකු වල කොහොම ගිණුම් ඇද්ද ? මෙයාගේ විතරක් නෙවෙයි පවුලේ අයගේ හතර වරිගයේම නමට තියෙන දේපල මුදල් සහ ඔවුන් ගේ ආදායම් වත්කම් පරික්ෂා කරන්න ඕන. (ස)
මේ හොරාට හිරේ යන්නම වෙනවා. මෙතන තියෙන්නේ මිලියන 317 විතර. දඩය මිලියන 11,980. ඉතුරු දඩය මිලියන 11,663. මෙහෙමත් හොරෙක්. මිලියන 4,000ක් හොරකන් කරලනේ. ඉතුරු ඒවත් ඇති කොහේ හරි. මමත් වැට් ගෙව්වා නිසා මටත් ගලක්වත් ගහන්න ඕන ඕකගේ ඔලුවට.(නදී)
අනේ පව් අහිංසකයා. කාගෙවත් වැඩකට බෙල්ල දීලා. (නදී)
"තෝරු මෝරු අතරේ ඇතිවෙන පොරය ඉස්සන් හාල්මැස්සන් හට කරදරය " තව කෙළක් හොරු දේශපාලන රැකවරණ යටතේ කාලාන්තරයක් තිස්සේ ඇති. (නදී)
අර ඉස්සර රජ කාලේ වැරදී කරන අයව උල තියනවා වාගේ , මෙවෙනි අයටත් දඬුවම් දෙනවා නම්. මිනිස්සු වැරදී කරන්න බය වෙනවා. හැබැයි පාලකයොත් එම දඬුවම විඳිය යුතුය.(නදී)
මෙයා උදව් කළා විතරයි අදාල අය රටේත් නැතිව ඇති (දිල්)
කීයක් හරි දීලා ෂේප් වෙන්න බැරි වුනේ මොකද? (නදී)
අර කට්ටියට දැන් ඊර්ෂ්‍යා ඇති. ඒ කට්ටියට වඩා මෙයා හොරකම් කරලානේ. (නි)
මෙන්න නියම හොරු. අල්ලපු කනොට දෙන්න හොඳ තෑග්ගක් කියන්න. (ස)
ඇමති හොරු ටිකත් අල්ලා ගන්න මේ විදියටම (නි)
මත කුඩු තොග පිටින් රටට ගෙනෙන අයටත් බැරිද මේ විදියටම සළකන්න?(නි)
මෙතන මේ වගේ ගොඩක් දේවල් තව වෙනවා. මේ එකක් විතරයි. (ස)
හරි විදියට නම් රජය මේ දේපල පවරාගෙන රටේ ඉන්න හිටින්න හරි හමන් නිවසක්, කෑම ටිකක් නැති අන්ත දුප්පත් අසරණයින්ට බෙදා දිය යුතුයි. ඒක තමයි මම නම් හදවතින් ම බලාපොරොත්තු වෙන්නේ. (ස)
මේවා කරන්න නිකන් බැහැ. සුපිරි දේශපාලන බලවතෙකුගේ සහය අවශ්‍යයි (නි)
රජකම් කලත් කල කම් පලදේ (දී)
ඇයි මේ රටේ මීට වඩා ඉහළ හොරුන්ටත් මේ වගේ දඬුවම් දෙන්නේ නැත්තේ? තක්සින් සිනවත‍්‍රාට වුනදේ බලන්ඩ. මේ වගේම විශාල මුදල් වංචා කරන දේශපාලකයෝ කොතරම් මේ රටේ ඉන්නවද? පිටරට වලත් අස්සක් මුල්ලක් නෑර හොයන්න ඕන. ලංකාවේ මෙහෙම නම් පිටරට බැංකු වල කොහොම ගිණුම් ඇද්ද? මේ අයට මේ අයගේ විතරක් නෙවෙයි, මේ අයගේ පවුලේ අයගේ හතර වරිගයේම නමට තියෙන දේපල මුදල් සහ ඔවුන්ගේ ආදායම් වත්කම් පරික්ෂා කරන්න ඕන. එහෙම කරලා එ් අයට දඬුවම් දෙන්න ඕන. ඒ අයට සාපෙක්ෂව ඔය වැට් මහත්තයා කර ඇත්තේ බොහොම කුඩා හොර කමක් නේද? අනික මෙයා ආණ්ඩුවට කිසිම සම්බන්ධයක් නැතිව ඇති. (මුදී)
සුපිරි වාහන ගත්තේ මාසේ පඩියෙන්ද? (නදී)
මම ඔහු ගැන බොහොම හොඳට දන්නවා (නි)
මෙයා නූරි අත කොට කල්ලියේ සාමාජිකයෙක් ද දන්නෙනෑ. (ස)
කුම්බලා මාලු කෑවා නම් දුක විඳපන් බළලෝ කිවුවලු (නි)
මේ එක්කෙනෙක් විතරයි..මීට හපන් 225ක් දියවන්නාව ගාව හැමදාම මාළු බානවා..(ස)
මේ මනුස්සය මේ විදියට සුදු ඇඳන් ඉන්න කොට මෙහෙම හොරකම් කලාද කියල මට නම් හිතා ගන්නවත් බැහැ.(ස)
අවංකව සියලුම ජාතික ධනය හොරු අල්ලා, ඔවුන් උපයා ඇති සියලු දේපොළ රාජසන්තක කර , ඒවා රටේ සංවර්ධනයට යෙදුවොත් රට ඉක්මනින්ම ගොඩ ,... (දී)
නියමයි. පරම්පරා 20කට විතර ඇති වෙන්න හොරකම් කරලා ඇති. මේ වගේ අයට මරණ දඩුවම දුන්නත් කමක් නෑ. (ස)
මේ කාලේ හොරු තව අවුරුදු 15-20 කට විතර පස්සේ ඇල්ලී මෙන් වැඩක් නැහැ. තව මෝරු ඉන්නවා මේ කාලේ හොරු කවදාවත් අල්ලන්න බැහැ? (ස)
වරද මේ පුද්ගලයා බාරගැනීමෙන් නඩුව තවදුරටත් ඇසීම නැවතුනා . මේ වත්කම්වල කෝටි 400 ක් නැහැ නේද . වරද බාරගැනීමෙන් මේ මුදල බෙදාගත් අනික් අය හෙලිවීම නැවතුනා කියල මට හිතෙනව . මේ එක්කෙනෙක් විතරයි . මේක තනියම කරන්න හැකි වැඩක් නෙවෙයි .අනික් අය සෙවීමට වහා ක්‍රියාකළ යුතුයි නේද .(ස)
තව මෝරු ඉන්නවා මේ තව හාල්මැස්සෙක්.(නදී)
තිලක්, මේ වංචාව වෙලා තියෙන්නේ දැනට අවුරුදු 15-20 කට විතර ඉස්සර. මේ වංචාවේ අනිත් වැරදිකාරයො සියලු දෙනාම සුළු ජාතික නිෂ්පාදන කර්මාන්ත හිමියන්. ප්‍රධානම සුළු ජාතික ව්‍යාපාරිකයා රට පැනලා ඉන්නේ. (නි)
පරම්පරාවම ජීවත් කරවන්න වගෙයි මේ සියල්ල කරලා තියෙන්නේ (නි)
තව රට පැනලා ඉන්න හොරෙකුත් ඉන්නවා. එයාවත් අල්ලන්න (නි)
පවු අප්පා! දුක හිතෙනවා (නි)
ලොකු ලොකු තවත් වංචාවන් ඇත. නමුත් කිසිම දඩුවමක් නැත (නි)
මේ හාල්මැස්සෙක්. මෝරු අල්ලන්නේ කවදාද? (නි)
හොරකම් කළ මුදලින් 25%යි ආවරණය වෙන්නේ. තව අපි වසර 3 කන්න දෙන්නත් ඕනෑ. හොඳම විසඳුම........? (නි)
මේ ඔක්කොම හොරකම් කළ සල්ලි නේද? පඩියෙන් මෙච්චර ඉතුරු කරන්න පුළුවන් නම් අපි කාගේත් ගිණුම් මේ වගේ තමයි. රජයේ මුදල් ගසා ගැනිල්ලට අපායේ වීසා ලැබෙනු ඇත.එම පෝළිමට තව කට්ටිය එකතුවීම ස්ථිරයි.පෝළිමේ බහුතරය දේශපාලුවෝ. (නි)
මොවුන් මෙහෙම නම් ලොකු ලොකු අය ගැන අහන්නත් දෙයක්ද? කන ඔක්කොම සල්ලි අහිංසක මිනිස්සුන්ගේනේ (නි)
මේ දුෂිත කාලය පටන් ගත්තේ 1977 සිටයි. වැට් බදු වංචාවන් වලට පාර කපා දුන්නේ කවුදැයි දන්නෝ දනිති (නි)
සඟවා තිබෙන ධනය කොහොමට ඇද්ද? (නි)
මෙතන කෝටි 8 වත් නැහැ. ඉතුරු කෝටි 1190 කවුද දෙන්නේ? (නි)
තමන් තරවුණා මිසක් දානමානයක්වත් දුන්නද? කුම්බලා මාලු කෑවා නම් දුක විඳපන් බළළෝ කිවුවලු (නි)
ලංකාදීපයට ස්තූතියි! (නි)
ඔච්චර කරලත් අවුරුදු 3 නේ සිරදඩුවම. අපි කළා නම්? (නි)
මේ දන්නේ එක් අයෙක් ගසා කෑ හැටි පමණි.තව මොනතරම් හොරකම් කළ අය ඉන්නවද? (නි)
මෙයාගේ අනික් කට්ටිය මෙයාගේ හැම දෙයක්ම බලා ගනීවි. (ස)
මේවා මේ විදියටම සිද්ද උනොත් නම් අනෙක් හොරුන් පාඩමක් ඉගෙන ගනීවි ..,මගේ රටට දළදා හිමි රැකවරනයි ..!!!! (ස)
හොද වැඩේ. (ස)
ම ම දන්නා දුෂිතම කාලයයි. මංකොල්ල දුෂණ මිනී මැරුම්. අනේ දෙයියනේ මගේ රට . (ස)
මෙික ලංකාව. (ස)
මෙයාගේ නෝනා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සැපට ඉන්නවා නේද? (නදී)
දඩුවම මදි මටනම් හිතෙන්නෙ.හොඳටම මදි. අපේ සොච්චම් පඩියෙන් කපපු පව තමයි මේ. අපි කොච්චර හීල්ලුවද මාසේ අන්තිමේ පඩිපත් අතට අරගෙන. (ස)
තව පිට රටවල බැංකුත් පරික්ෂා කළා නම් හොඳයි. අනිවාර්යෙන්ම බදු පන්නලා ඇති. (ස)
මේවා බලල හොඳ වැඩේ කියන එක නෙමෙයි කළ යුත්තේ. මෙවැනි වරද වල් කිරීමෙන් වැලකීමයි කළ යුත්තේ. පස් පව් කිරීමේ අාදීනව. (ස)
හෘද සාක්ෂිය, සදාචාරය, සාධාරණය, අවංකකම වගේ ගුණාංග මේ මනුස්සයට නැතත්, මේ වගේ දේවල් මේ මනුස්සය කරන කොට අඩුම ගානේ පවුලේ එක පුද්ගලයෙකුටවත් හෘද සාක්ෂියක් හෝ කල්පනාවක් ඇති වුණේ නැතිද දන්නේ නැහැ මේ ගැන හොයල බලන්ට හෝ වලක්වන්ට. මොකද අපි පොඩි කාලේ ඉඳන් හොඳ නරක සම්බන්ධව හොඳ දැනීමක් ලබනවා. පාසල් අධ්‍යාපනය තුළින් සහ දහම් පාසල් වලින්. (ස)
සාමාන්‍ය මනුස්සයෙක් පොඩි කාර් එකක් ගත්තත් ගෙදරට ලියුම එනවා බදු ගොනුවක් අරින්න කියල. මෙයා මෙච්චර දේපල, මුදල් එකතු කර ගන්නකොට දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් මේ ගැන හෙව්වේ නැද්ද? (නදී)
එක් අයෙකුට අසාමාන්‍ය ධනයක් අයිතිවෙන්න දෙන්න හොඳ නෑ. එහෙම ධනපතියෝ ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම කොතැනක හෝ සමාජ අසාධාරණයක් කරලා තියෙන්න ඕනේ කියා මා හිතනවා. එක්කෝ රාජ්‍ය දේපළක් කොල්ල කාලා නැත්නම් කාගේ හරි ශ්‍රමය සූරාකාලා. නැත්නම් මත්කුඩු වාගෙ දහජරා බිස්නස් එකක් කරලා පරම්පරා පොහොසත්තු කිහන අයත් එහෙම තමා. පරම්පරාවේ කව්රු හරි කවදාහරි අසාධාරණයක් කරලා තියෙනවා. කුහකකමට කිහනවා නෙමෙයි එකම විසඳුම සම සමාජ ක්‍රමයයි. කවදද අපි එතනට යන්නේ.(නදී)
මෙයාව උපදේශක තනතුරකට ගැලපෙනවා.(නදී)
ඔය දෙපාර්තමේන්තු වල තියන පුරප්පාඩු පුරවල නිසි ක්‍රමයට පාලනය කරනවානම් අප රට සිංගප්පුරුවට වඩා යහපත් වෙනවා. මේ හොර කම් සහ දුෂණය අඩුකරන එක පමණක් ඇති මොකද අපේ අය වැඩ කරනවා ගන්න පඩියට හරියව්ඩ. හොරකම් ටික අඩු කලොත් ගොඩ. (නදී)
මෙහෙම ගසාකලා තියෙන්නේ ජනතාවගේ බදු නේද? දේපළ රාජසන්තක කරන එකනම් බොහොම හොඳයි. අනිත් හොරුත් පාඩමක් ඉගෙනනගනීවී මේකෙන්වත්. (නි)
හැමෝගෙම දේපල වත්කම් හොයලා බලලා ඒවත් තහනම් කරන්න පිළිවෙලක් නැද්ද? (නදී)
මේ වංචාව සදහා සාමාන්‍ය ජනතාවගේ මිල මුදල් කොපමන නම් බදු වශයෙන් අරගන ඇද්ද. මහපාරක් අද්දර හෝ අතුරුපාරක එදිනෙදා ජිවනෝපය සදහා යම් සුළු ව්‍යාපාරයක් කරගන යනවා නම් ඒ සදහාද ඔය දෙපාර්තමේන්තුවෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් බදු අය කරගන්නවා. ඒවා අරගන කරන දේවල් තමයි මේ. වසරක් පාසා සියලුම දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ වත්කම් සොයාබැලිය යුතුයි. (නදී)
කරුණාකර මේ ගැන මීටත් වඩා පුළුල් ප්‍රචාරයක් මහජනතාවට ලබාදෙන්න (නි)
අනෙක් දේවල් කොහොම වුණත් දේපළ රාජසන්තක කරන එක නම් බොහොම හොඳයි. (නි)
අපි දන්නවා තවත් තැන්වල ඉන්න වංචා දූෂණ හොයන මහත්වරුන්ටත් මේ වගේ දේපළ තියෙනවා. (ස)
ඇයි දේශපාලක හොරුන්ට මේ වගේ දඬුවම් දෙන්නේ නැත්තේ ? මේ වගේම විශාල මුදල් වංචා කරන දේශපාලකයෝ කොතරම් මේ රටේ ඉන්නවද? (නි)
දේශපාලන සම්බන්ධතාවයක් තිබී නැද්ද? (නි)