IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වැට් හොරාගේ දේපොළ

රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට නියම කළ රුපියල් කෝටි 1198ක දඩ මුදල නොගෙවන්නේ නම් දැනට තහනම් කර ඇති ඔහුගේ දේපොළ රාජ සන්තක කිරීමට මහාධිකරණය නියෝග කළේය.

 

 



අදහස් (0)

වැට් හොරාගේ දේපොළ

සුරංග Friday, 09 May 2014 03:38 AM

සඟවා තිබෙන ධනය කොහොමට ඇද්ද? (නි)

:       0       0

විජේබා Friday, 09 May 2014 01:50 PM

"තෝරු මෝරු අතරේ ඇතිවෙන පොරය ඉස්සන් හාල්මැස්සන් හට කරදරය " තව කෙළක් හොරු දේශපාලන රැකවරණ යටතේ කාලාන්තරයක් තිස්සේ ඇති. (නදී)

:       0       0

දොන් සරත් Friday, 09 May 2014 03:38 AM

මේ දුෂිත කාලය පටන් ගත්තේ 1977 සිටයි. වැට් බදු වංචාවන් වලට පාර කපා දුන්නේ කවුදැයි දන්නෝ දනිති (නි)

:       0       0

ලසිත් Friday, 09 May 2014 03:42 AM

මොවුන් මෙහෙම නම් ලොකු ලොකු අය ගැන අහන්නත් දෙයක්ද? කන ඔක්කොම සල්ලි අහිංසක මිනිස්සුන්ගේනේ (නි)

:       0       0

ඡායා Friday, 09 May 2014 01:52 PM

අනේ පව් අහිංසකයා. කාගෙවත් වැඩකට බෙල්ල දීලා. (නදී)

:       0       0

සිසර Friday, 09 May 2014 01:53 PM

මේ හොරාට හිරේ යන්නම වෙනවා. මෙතන තියෙන්නේ මිලියන 317 විතර. දඩය මිලියන 11,980. ඉතුරු දඩය මිලියන 11,663. මෙහෙමත් හොරෙක්. මිලියන 4,000ක් හොරකන් කරලනේ. ඉතුරු ඒවත් ඇති කොහේ හරි. මමත් වැට් ගෙව්වා නිසා මටත් ගලක්වත් ගහන්න ඕන ඕකගේ ඔලුවට.(නදී)

:       0       0

ප්‍රදීප් Friday, 09 May 2014 04:01 AM

මේ ඔක්කොම හොරකම් කළ සල්ලි නේද? පඩියෙන් මෙච්චර ඉතුරු කරන්න පුළුවන් නම් අපි කාගේත් ගිණුම් මේ වගේ තමයි. රජයේ මුදල් ගසා ගැනිල්ලට අපායේ වීසා ලැබෙනු ඇත.එම පෝළිමට තව කට්ටිය එකතුවීම ස්ථිරයි.පෝළිමේ බහුතරය දේශපාලුවෝ. (නි)

:       0       0

ඉන්ද්‍රලාල් Friday, 09 May 2014 08:03 PM

පරම්පරාවම ජීවත් කරවන්න වගෙයි මේ සියල්ල කරලා තියෙන්නේ (නි)

:       0       0

සරත් Friday, 09 May 2014 04:32 AM

හොරකම් කළ මුදලින් 25%යි ආවරණය වෙන්නේ. තව අපි වසර 3 කන්න දෙන්නත් ඕනෑ. හොඳම විසඳුම........? (නි)

:       0       0

බන්දුල ‍ Friday, 09 May 2014 04:32 AM

මේ හාල්මැස්සෙක්. මෝරු අල්ලන්නේ කවදාද? (නි)

:       0       0

පවන් Friday, 09 May 2014 05:02 AM

ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

පුබුදු Friday, 09 May 2014 05:02 AM

දේශපාලන සම්බන්ධතාවයක් තිබී නැද්ද? (නි)

:       0       0

මාලා Friday, 09 May 2014 05:09 AM

ඇයි දේශපාලක හොරුන්ට මේ වගේ දඬුවම් දෙන්නේ නැත්තේ ? මේ වගේම විශාල මුදල් වංචා කරන දේශපාලකයෝ කොතරම් මේ රටේ ඉන්නවද? (නි)

:       0       0

ලලිත් Friday, 09 May 2014 05:38 AM

අපි දන්නවා තවත් තැන්වල ඉන්න වංචා දූෂණ හොයන මහත්වරුන්ටත් මේ වගේ දේපළ තියෙනවා. (ස)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 10 May 2014 06:08 AM

කුම්බලා මාලු කෑවා නම් දුක විඳපන් බළලෝ කිවුවලු (නි)

:       0       0

චානි Friday, 09 May 2014 02:22 PM

පිටරට වලත් අස්සක් මුල්ලක් නෑර හොයන්න ඕන. ලංකාවේ මෙහෙම නම් පිටරට බැංකු වල කොහොම ගිණුම් ඇද්ද ? මෙයාගේ විතරක් නෙවෙයි පවුලේ අයගේ හතර වරිගයේම නමට තියෙන දේපල මුදල් සහ ඔවුන් ගේ ආදායම් වත්කම් පරික්ෂා කරන්න ඕන. (ස)

:       0       0

ක්‍රිෂාන් Friday, 09 May 2014 05:45 AM

අනෙක් දේවල් කොහොම වුණත් දේපළ රාජසන්තක කරන එක නම් බොහොම හොඳයි. (නි)

:       0       0

රණා Friday, 09 May 2014 08:48 PM

තිලක්, මේ වංචාව වෙලා තියෙන්නේ දැනට අවුරුදු 15-20 කට විතර ඉස්සර. මේ වංචාවේ අනිත් වැරදිකාරයො සියලු දෙනාම සුළු ජාතික නිෂ්පාදන කර්මාන්ත හිමියන්. ප්‍රධානම සුළු ජාතික ව්‍යාපාරිකයා රට පැනලා ඉන්නේ. (නි)

:       0       0

මනෝජ්-සාජා Friday, 09 May 2014 02:34 PM

අනේ ඇත්තට මට දැනෙන සන්තොසෙක තරම. (ස)

:       0       0

ඩිලාන් Friday, 09 May 2014 02:35 PM

ඕන ඔට්ටුවක්. මෙයාගේ දරු පවුලම දැන් පිරටක ඇත්තේ. ළමයින් ඇති ලෝකයේ නොම්මර එකේ විශ්ව විද්‍යාල වල. මෙයාගේ සියලුම නෑදෑයන් ගේ ආදායම් වත්කම් අනිවාර්යයෙන් ම පරික්ෂා කළ යුතුයි. දැනටම තවත් දේපල නෑදෑයන් ගේ නමට හරවලා ඇති. (ස)

:       0       0

ශමින්ද ජයවර්දන Friday, 09 May 2014 09:13 PM

තව මෝරු ඉන්නවා මේ තව හාල්මැස්සෙක්.(නදී)

:       0       0

දුමින්ද බුලත්සිංහල Friday, 16 May 2014 02:54 PM

ඇයි මේ රටේ මීට වඩා ඉහළ හොරුන්ටත් මේ වගේ දඬුවම් දෙන්නේ නැත්තේ? තක්සින් සිනවත‍්‍රාට වුනදේ බලන්ඩ. මේ වගේම විශාල මුදල් වංචා කරන දේශපාලකයෝ කොතරම් මේ රටේ ඉන්නවද? පිටරට වලත් අස්සක් මුල්ලක් නෑර හොයන්න ඕන. ලංකාවේ මෙහෙම නම් පිටරට බැංකු වල කොහොම ගිණුම් ඇද්ද? මේ අයට මේ අයගේ විතරක් නෙවෙයි, මේ අයගේ පවුලේ අයගේ හතර වරිගයේම නමට තියෙන දේපල මුදල් සහ ඔවුන්ගේ ආදායම් වත්කම් පරික්ෂා කරන්න ඕන. එහෙම කරලා එ් අයට දඬුවම් දෙන්න ඕන. ඒ අයට සාපෙක්ෂව ඔය වැට් මහත්තයා කර ඇත්තේ බොහොම කුඩා හොර කමක් නේද? අනික මෙයා ආණ්ඩුවට කිසිම සම්බන්ධයක් නැතිව ඇති. (මුදී)

:       0       0

හේරත් Friday, 09 May 2014 02:48 PM

කොට්ටෝරුව ගස් වලට ඇණ ඇණ ගිහින් අන්තිමට කෙසෙල් ගහට ඇන්න වාගේ වැඩක් මෙයත් කරේ. (ස)

:       0       0

රන්ජිත් Friday, 09 May 2014 07:07 AM

කරුණාකර මේ ගැන මීටත් වඩා පුළුල් ප්‍රචාරයක් මහජනතාවට ලබාදෙන්න (නි)

:       0       0

එච්. Sunday, 11 May 2014 05:49 AM

මම ඔහු ගැන බොහොම හොඳට දන්නවා (නි)

:       0       0

ධම්මික Friday, 09 May 2014 09:28 PM

වරද මේ පුද්ගලයා බාරගැනීමෙන් නඩුව තවදුරටත් ඇසීම නැවතුනා . මේ වත්කම්වල කෝටි 400 ක් නැහැ නේද . වරද බාරගැනීමෙන් මේ මුදල බෙදාගත් අනික් අය හෙලිවීම නැවතුනා කියල මට හිතෙනව . මේ එක්කෙනෙක් විතරයි . මේක තනියම කරන්න හැකි වැඩක් නෙවෙයි .අනික් අය සෙවීමට වහා ක්‍රියාකළ යුතුයි නේද .(ස)

:       0       0

පද්මසිරි Friday, 09 May 2014 07:57 AM

මේ වංචාව සදහා සාමාන්‍ය ජනතාවගේ මිල මුදල් කොපමන නම් බදු වශයෙන් අරගන ඇද්ද. මහපාරක් අද්දර හෝ අතුරුපාරක එදිනෙදා ජිවනෝපය සදහා යම් සුළු ව්‍යාපාරයක් කරගන යනවා නම් ඒ සදහාද ඔය දෙපාර්තමේන්තුවෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් බදු අය කරගන්නවා. ඒවා අරගන කරන දේවල් තමයි මේ. වසරක් පාසා සියලුම දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ වත්කම් සොයාබැලිය යුතුයි. (නදී)

:       0       0

රොකී Friday, 09 May 2014 08:02 AM

හැමෝගෙම දේපල වත්කම් හොයලා බලලා ඒවත් තහනම් කරන්න පිළිවෙලක් නැද්ද? (නදී)

:       0       0

චන්දිම Friday, 09 May 2014 03:34 PM

මෙයා උදව් කළා විතරයි අදාල අය රටේත් නැතිව ඇති (දිල්)

:       0       0

චමල් Friday, 09 May 2014 08:40 AM

මෙයාගේ නෝනා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සැපට ඉන්නවා නේද? (නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 09 May 2014 08:46 AM

ඔය දෙපාර්තමේන්තු වල තියන පුරප්පාඩු පුරවල නිසි ක්‍රමයට පාලනය කරනවානම් අප‍ රට සිංගප්පුරුවට වඩා යහපත් වෙනවා. මේ හොර කම් සහ දුෂණය අඩුකරන එක පමණක් ඇති මොකද අපේ අය වැඩ කරනවා ගන්න පඩියට හරියව්ඩ. හොරකම් ටික අඩු කලොත් ගොඩ. (නදී)

:       0       0

සමන් Saturday, 10 May 2014 08:33 AM

මෙයා නූරි අත කොට කල්ලියේ සාමාජිකයෙක් ද දන්නෙනෑ. (ස)

:       0       0

මංජු Friday, 09 May 2014 09:19 AM

මෙයාව උපදේශක තනතුරකට ගැලපෙනවා.(නදී)

:       0       0

බණ්ඩාර Friday, 09 May 2014 09:26 AM

එක් අයෙකුට අසාමාන්‍ය ධනයක් අයිතිවෙන්න දෙන්න හොඳ නෑ. එහෙම ධනපතියෝ ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම කොතැනක හෝ සමාජ අසාධාරණයක් කරලා තියෙන්න ඕනේ කියා මා හිතනවා. එක්කෝ රාජ්‍ය දේපළක් කොල්ල කාලා නැත්නම් කාගේ හරි ශ්‍රමය සූරාකාලා. නැත්නම් මත්කුඩු වාගෙ දහජරා බිස්නස් එකක් කරලා පරම්පරා පොහොසත්තු කිහන අයත් එහෙම තමා. පරම්පරාවේ කව්රු හරි කවදාහරි අසාධාරණයක් කරලා තියෙනවා. කුහකකමට කිහනවා නෙමෙයි එකම විසඳුම සම සමාජ ක්‍රමයයි. කවදද අපි එතනට යන්නේ.(නදී)

:       0       0

සෙලන්සියුස් Friday, 09 May 2014 09:32 AM

සාමාන්‍ය මනුස්සයෙක් පොඩි කාර් එකක් ගත්තත් ගෙදරට ලියුම එනවා බදු ගොනුවක් අරින්න කියල. මෙයා මෙච්චර දේපල, මුදල් එකතු කර ගන්නකොට දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් මේ ගැන හෙව්වේ නැද්ද? (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 09 May 2014 09:50 AM

හෘද සාක්ෂිය, සදාචාරය, සාධාරණය, අවංකකම වගේ ගුණාංග මේ මනුස්සයට නැතත්, මේ වගේ දේවල් මේ මනුස්සය කරන කොට අඩුම ගානේ පවුලේ එක පුද්ගලයෙකුටවත් හෘද සාක්ෂියක් හෝ කල්පනාවක් ඇති වුණේ නැතිද දන්නේ නැහැ මේ ගැන හොයල බලන්ට හෝ වලක්වන්ට. මොකද අපි පොඩි කාලේ ඉඳන් හොඳ නරක සම්බන්ධව හොඳ දැනීමක් ලබනවා. පාසල් අධ්‍යාපනය තුළින් සහ දහම් පාසල් වලින්. (ස)

:       0       0

තමිත් Friday, 09 May 2014 11:53 PM

මේ කාලේ හොරු තව අවුරුදු 15-20 කට විතර පස්සේ ඇල්ලී මෙන් වැඩක් නැහැ. තව මෝරු ඉන්නවා මේ කාලේ හොරු කවදාවත් අල්ලන්න බැහැ? (ස)

:       0       0

මංජු Friday, 09 May 2014 09:59 AM

මේවා බලල හොඳ වැඩේ කියන එක නෙමෙයි කළ යුත්තේ. මෙවැනි වරද වල් කිරීමෙන් වැලකීමයි කළ යුත්තේ. පස් පව් කිරීමේ අාදීනව. (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Friday, 09 May 2014 10:01 AM

තව පිට රටවල බැංකුත් පරික්ෂා කළා නම් හොඳයි. අනිවාර්යෙන්ම බදු පන්නලා ඇති. (ස)

:       0       0

හේවාවිතාරණ Saturday, 10 May 2014 12:12 AM

රජකම් කලත් කල කම් පලදේ (දී)

:       0       0

ජයසිංහ Friday, 09 May 2014 10:35 AM

දඩුවම මදි මටනම් හිතෙන්නෙ.හොඳටම මදි. අපේ සොච්චම් පඩියෙන් කපපු පව තමයි මේ. අපි කොච්චර හීල්ලුවද මාසේ අන්තිමේ පඩිපත් අතට අරගෙන. (ස)

:       0       0

මහේන්ද්‍ර මේනක Friday, 09 May 2014 10:36 AM

නියමයි. පරම්පරා 20කට විතර ඇති වෙන්න හොරකම් කරලා ඇති. මේ වගේ අයට මරණ දඩුවම දුන්නත් කමක් නෑ. (ස)

:       0       0

දයා අළහකෝන් Friday, 09 May 2014 10:37 AM

මේවා කරන්න නිකන් බැහැ. සුපිරි දේශපාලන බලවතෙකුගේ සහය අවශ්‍යයි (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 10 May 2014 12:28 AM

අවංකව සියලුම ජාතික ධනය හොරු අල්ලා, ඔවුන් උපයා ඇති සියලු දේපොළ රාජසන්තක කර , ඒවා රටේ සංවර්ධනයට යෙදුවොත් රට ඉක්මනින්ම ගොඩ ,... (දී)

:       0       0

රූපවතී Friday, 09 May 2014 10:49 AM

හරි විදියට නම් රජය මේ දේපල පවරාගෙන රටේ ඉන්න හිටින්න හරි හමන් නිවසක්, කෑම ටිකක් නැති අන්ත දුප්පත් අසරණයින්ට බෙදා දිය යුතුයි. ඒක තමයි මම නම් හදවතින් ම බලාපොරොත්තු වෙන්නේ. (ස)

:       0       0

අමාලි Friday, 09 May 2014 10:50 AM

මෙතන මේ වගේ ගොඩක් දේවල් තව වෙනවා. මේ එකක් විතරයි. (ස)

:       0       0

බණ්ඩාර Friday, 09 May 2014 10:53 AM

මත කුඩු තොග පිටින් රටට ගෙනෙන අයටත් බැරිද මේ විදියටම සළකන්න?(නි)

:       0       0

ගමා Friday, 09 May 2014 10:56 AM

ඇමති හොරු ටිකත් අල්ලා ගන්න මේ විදියටම (නි)

:       0       0

සිරියලතා කෙන්යා Friday, 09 May 2014 06:03 PM

පවු අප්පා! දුක හිතෙනවා (නි)

:       0       0

තිලාන් චමින්ද Friday, 09 May 2014 11:51 AM

මෙන්න නියම හොරු. අල්ලපු කනොට දෙන්න හොඳ තෑග්ගක් කියන්න. (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 09 May 2014 12:00 PM

අර කට්ටියට දැන් ඊර්ෂ්‍යා ඇති. ඒ කට්ටියට වඩා මෙයා හොරකම් කරලානේ. (නි)

:       0       0

ගයන් Thursday, 08 May 2014 10:06 PM

මෙහෙම ගසාකලා තියෙන්නේ ජනතාවගේ බදු නේද? දේපළ රාජසන්තක කරන එකනම් බොහොම හොඳයි. අනිත් හොරුත් පාඩමක් ඉගෙනනගනීවී මේකෙන්වත්. (නි)

:       0       0

ගයාන් Thursday, 08 May 2014 10:37 PM

මෙික ලංකාව. (ස)

:       0       0

සුමුුදු Friday, 09 May 2014 12:22 PM

කීයක් හරි දීලා ෂේප් වෙන්න බැරි වුනේ මොකද? (නදී)

:       0       0

තිලක් Thursday, 08 May 2014 10:39 PM

ම ම දන්නා දුෂිතම කාලයයි. මංකොල්ල දුෂණ මිනී මැරුම්. අනේ දෙයියනේ මගේ රට . (ස)

:       0       0

අමල් Friday, 09 May 2014 06:29 PM

තව රට පැනලා ඉන්න හොරෙකුත් ඉන්නවා. එයාවත් අල්ලන්න (නි)

:       0       0

ජයන්ත Saturday, 10 May 2014 02:19 AM

මේ මනුස්සය මේ විදියට සුදු ඇඳන් ඉන්න කොට මෙහෙම හොරකම් කලාද කියල මට නම් හිතා ගන්නවත් බැහැ.(ස)

:       0       0

බුහ්ර් Thursday, 08 May 2014 11:18 PM

හොද වැඩේ. (ස)

:       0       0

පහන්දී Thursday, 08 May 2014 11:24 PM

මේවා මේ විදියටම සිද්ද උනොත් නම් අනෙක් හොරුන් පාඩමක් ඉගෙන ගනීවි ..,මගේ රටට දළදා හිමි රැකවරනයි ..!!!! (ස)

:       0       0

බණ්ඩාර Saturday, 10 May 2014 02:24 AM

මේ එක්කෙනෙක් විතරයි..මීට හපන් 225ක් දියවන්නාව ගාව හැමදාම මාළු බානවා..(ස)

:       0       0

අශෝක Friday, 16 May 2014 12:17 PM

සුපිරි වාහන ගත්තේ මාසේ පඩියෙන්ද? (නදී)

:       0       0

පිටිගල Thursday, 08 May 2014 11:34 PM

මෙයාගේ අනික් කට්ටිය මෙයාගේ හැම දෙයක්ම බලා ගනීවි. (ස)

:       0       0

නිෂාම් Friday, 09 May 2014 01:00 PM

අයියෝ මදි මෙයා හම්බකරලා තියන විදියට දඩය තව දෙගුණයක් වෙන්න ඕනා.(නදී)

:       0       0

ගන්දර සයිමොන් Friday, 09 May 2014 01:13 PM

අර ඉස්සර රජ කාලේ වැරදී කරන අයව උල තියනවා වාගේ , මෙවෙනි අයටත් දඬුවම් දෙනවා නම්. මිනිස්සු වැරදී කරන්න බය වෙනවා. හැබැයි පාලකයොත් එම දඬුවම විඳිය යුතුය.(නදී)

:       0       0

සතරසිංහ -ඉතාලිය Friday, 09 May 2014 12:24 AM

මේ දන්නේ එක් අයෙක් ගසා කෑ හැටි පමණි.තව මොනතරම් හොරකම් කළ අය ඉන්නවද? (නි)

:       0       0

අරවින්ද Friday, 09 May 2014 12:37 AM

ඔච්චර කරලත් අවුරුදු 3 නේ සිරදඩුවම. අපි කළා නම්? (නි)

:       0       0

නලීන් Friday, 09 May 2014 01:59 AM

ලොකු ලොකු තවත් වංචාවන් ඇත. නමුත් කිසිම දඩුවමක් නැත (නි)

:       0       0

රොෂාන් Friday, 09 May 2014 02:21 AM

තමන් තරවුණා මිසක් දානමානයක්වත් දුන්නද? කුම්බලා මාලු කෑවා නම් දුක විඳපන් බළළෝ කිවුවලු (නි)

:       0       0

හේමන්ත Friday, 09 May 2014 02:51 AM

මෙතන කෝටි 8 වත් නැහැ. ඉතුරු කෝටි 1190 කවුද දෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 267 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1323 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1592 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2280 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2937 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35251 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24057 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site