IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වැට් හොරාට කෝටි 1198ක දඩ

රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද රුපියල් කෝටි 1198ක දඩ නියම කළාය.

චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි.

ශ්‍රී ලංකා අධිකර ඉතිහාසයේ විශාලම දඩය මෙය බව සැලකේ.

දඩය නොගෙව්වොත් ඔහුගේ දේපොළ රාජසන්තක කරන බව ද නඩු තීන්දුවේ සඳහන්ය.

වසර පහකට අධික කාලයක් මාහාධිකරණයේ දී මේ නඩුව විභාග වූ අතර එහි දී විත්තිකරුවෝ හතර දෙනෙක් මීට පෙර වරද පිළිගත්හ. තවත් විත්තිකරුවෝ පිරිසක් රට හැර ගොස් සිටිති. මෙතෙක් කල් නඩුව විභාග වූයේ එම සැකරකුවන් නැතිවය.

පැමිණිල්ල වෙනුවෙන් 34 දෙනෙක් සාක්කි දුන්හ.

වරද පිළිගත් සොයිසා ජයතිලක වසර අටක පමණ කාලයක සිට රිමාන්ඩ් භාරයේ පසුවිය.



අදහස් (0)

වැට් හොරාට කෝටි 1198ක දඩ

ප්‍රසාද් Thursday, 08 May 2014 06:16 PM

අනිත් හොරුන්ටත් ඔය වගේ දඩ ගහන්නකෝ. එතකොටවත් ලංකාවේ සිදුවෙන හොර වැඩ අඩු වෙයි (නි)

:       0       0

සෑම් Thursday, 08 May 2014 06:20 PM

ඇර ඇර කියල මාටියා පාර දෙන්න ඇති.(නදී)

:       0       0

ඉන්දික Friday, 09 May 2014 03:30 AM

මොහමඩ් ෆාරුක් අපිට බණ උගන්වන්න ඇවිල්ලා මෙන්න. මම දන්නවා එංගලන්තයේ හොර වීසා හදාගෙන හොරට වැඩ කරන ඔයාලගේ හුඟක් අයව. (නි)

:       0       0

දයා Thursday, 08 May 2014 06:23 PM

මේ වගේ හොරු සිටිද්දී රටක් කොහොමද දියුණු වෙන්නේ.මේ වගේ තව 10 දෙනෙක් සිටියා නම් අපේ රට බංකොලොත්.(නදී)

:       0       0

චාමී Friday, 09 May 2014 04:26 AM

අනේ මේ අපේ රටේ මහජන මුදල් යටි මඩි ගහන හොර ඇමතිලා මන්ත්‍රීලාටත් ඔය වගේ කළා නම් හොඳ නැද්ද? (නි)

:       0       0

චමල් Thursday, 08 May 2014 06:38 PM

හොරකම් කරපු කෙනා හොර සල්ලි ළඟ තියා ගන්නවද වියදම් කරනවා මිසක්? ඒ සල්ලි වලින් ටිකක් වටේ අයටත් දීලා අවුරුදු 3 හරියට ට්‍රිප් එකක් ගියා වගේ සැපට ඉන්න පුළුවන්. (නි)

:       0       0

මහේෂ් Thursday, 08 May 2014 06:41 PM

ඒක තමා දඩය ගෙවුවේ නැත්නම් එයාගේ දේපල රාජසන්තක කරනවා කියලා තියෙන්නේ. හරියට කියවලා බලන්න. කෝටි 1000 ක් කියන එක එයාලට සුළු දෙයක්. ඔය වගේ හොරකම් කරපුවා තව තියෙනවනේ අනේ. (නි)

:       0       0

කුමාරි Thursday, 08 May 2014 06:42 PM

අන්න සාධාරන දඩ මුදලක්. (නි)

:       0       0

කේ. Thursday, 08 May 2014 06:43 PM

සාධාරන තීන්දුවක් (නි)

:       0       0

සුලාරි Friday, 09 May 2014 05:43 AM

දැන් ඉතින් මෙයා මේක ගෙවයිද? (නි)

:       0       0

කමනී Friday, 09 May 2014 02:23 PM

චන්න බණ්ඩාර මහත්තයා කියන්නේ ඇත්ත. කෝටි 400 ට වැඩිය හොරකම් කරපු කට්ටිය ඕන තරම් ආණ්ඩුවේ ඇති. ඒවාට වගකියන්නේ කව්ද ? (නදී)

:       0       0

දම්ම Thursday, 08 May 2014 06:48 PM

අර අරගෙන යන්නේ එයාවද? (නි)

:       0       0

මෙරංචි Thursday, 08 May 2014 07:02 PM

මෙතන අදහස් දාලා තියෙන සමහරු හරියට බබාලා වගෙයි (නි)

:       0       0

සුදත් Thursday, 08 May 2014 07:03 PM

මොනවා වුණත් ඔහු මේ රටට කර තිබෙන්නේ ලොකු අකටයුත්තක් (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 08 May 2014 07:08 PM

අපේ සීයා කියනවා ඇහිලා තියෙනවා "අම්මපා නීල කාශ හොරු කියලා"මෙන්න මේ වගේ අයට ඒක ගැළපෙනවා.දයා,දහයක් නෙමෙයි මේ වගේ දෙතුන් දෙනයි අවශ්‍ය රට නැත්තටම නැති කරන්න.යන අපුරුව හරියට අපි හොරකම් කළා වගේ. (නි)

:       0       0

ගන්දර සයිමොන් Thursday, 08 May 2014 07:11 PM

මේ වගේ හොරෙක් වංචා කළ මුදල් ඔහුගේ නමින් තබා නොගන්නටත් වග බලා ගනිති. බොහෝ අල්ලස් ,සහ පාගාකරුවන් මෙවැනි වංචාකරුවන් නිතරම මුදල් සහ දේපොළ වෙනත් අයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ නම් වලින් තබා ගනිති (නි)

:       0       0

ගිහාන් Thursday, 08 May 2014 07:12 PM

වැට් බදු යනු ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපාරිකයින් විසින් භාණ්ඩ සහ සැපයීම සේවා මගින් උපයන ලද මුදලට වටිනාකම එකතුකළ ආදායම් බද්දකි. මෙය ඍජුවම ශ්‍රී ලංකා රජයට ලැබෙන බද්දක් නොවන අතර නියමාකාරයෙන් බදු ගෙවන සාර්ථක ව්යාපාරිකයින්හට ඒවා ආපසු තම ආදායම් බදු ගෙවීමේදී ලබාගත හැකිය. මෙම මුදල් කාලයක් තිස්සේ බිලියන හතරක පමණ මුදලක් වංචා කිරීම නිසා එය රජයට විශාල බරක් වන්නේය. එය බරපතල දඬුවම් ලැබිය යුතු අපරාධ ගණයට වැටෙන්නේය. එවන් කෙනෙකුට බිලියන 12 කට ආසන්න දඩයක් නියම කරන්නේ සහ එය නොගෙවුවොත් දේපොළ රාජසන්තක කරන බවට නියෝග කරන්නේ චුදිතයාගේ සියලුම වත්කම් සලකා බලා විය යුතුය. මොහු වංචා කළ බිලියන 4 තුළින් බිලියන 12 කට වැඩිය උපයා ඇතිවාට කිසිදු සැකයක් නැහැ. (නදී)

:       0       0

සිරි Friday, 09 May 2014 06:25 AM

මෙයාගේ ජීවිතයම වංචාවක් වගෙයි. (නි)

:       0       0

සහන් Friday, 09 May 2014 06:46 AM

ඔබතුමාට කම්බ හොරා, නීලකාස හොරා කියලා සමහරු අපහාස කළාට මෙහෙමත් චෞර රාජ්‍යයක හොරෙක් නොවී ඉන්නේ කොහොමද? (නි)

:       0       0

වර්ධන Thursday, 08 May 2014 07:24 PM

එයා කොහොමද අවුරුදු 102ක් හිරේම ඉන්නේ? (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 08 May 2014 07:47 PM

මෙන්න නියම කම්බා හොරෙක්, ඔහු සතු පමණක් නොව හොරකම් කල මුදලින් ගෙන ඇති පවුලේ අයගේ සියලුම දේපොළ රාජ සන්තක කල යුතුමය. මින් ඉදිරියට මෙවන් දේ නොවීමට.(නදී)

:       0       0

අල්විස් Friday, 09 May 2014 08:13 AM

සහන්. ඔබ කියන දේ කියවන අපට ඔබ ගැන හරි හිරිකිතයක් ඇති වෙනවා. ඔබ ඔබ ගැනම අනියම් වශයෙන් කියනවා නොවේදැයි සිතෙනවා. (නදී)

:       0       0

දිනේෂ් Thursday, 08 May 2014 07:51 PM

අවුරුදු 102ක් නෙමෙයි, චෝදනා 34 එකකට 3 බැගින් එකවර ගෙවී යන්න. ඒ කියන්නේ උපරිම අවුරුදු 3යි ඇතුළෙ ඉන්නේ (නි)

:       0       0

මොහොමඩ් Friday, 09 May 2014 08:15 AM

මෙයාගේ දේපල, ගමන් බලපත්‍රය රාජසන්තක කර ලංකාවේ පුරවැසිභාවය නැතිකර පවුලේ කෙනකුගේ සම්බන්ද කමක් නැතිව ජීවිත කාලයටම පවුලේ අය යාළුවන් අසල් වැසියන්ගේ කිසිම සම්බන්දයක් තබා ගෙනීම පවා තහනම් කර මහා පාරේ ඇවිදද විය යුතුය. මෙය මාගේ අදහසයි.(නදී)

:       0       0

ජීවක Thursday, 08 May 2014 07:55 PM

වහාම ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්න. පවුනේ.(නදී)

:       0       0

වින්සන්ට් Thursday, 08 May 2014 08:04 PM

හැමදාම හාල්මැස්සන් නොමැතිව ඉදහිටවත් මෝරෙකුව අල්ලා ගැනීම ගැන රටේම ජනතාව ප්‍රීති විය යුතුය. නිතිය ක්‍රියාත්මක කිරීම සදහා කැප උන සැමට ජනතාවගේ ගෞරවය හිමි වියයුතුය.(නදී)

:       0       0

චන්න බංඩාර Friday, 09 May 2014 08:36 AM

මේ රජයේ නිලදාරියෙක් හොරකන් කරපු ප්‍රමාණය. එතකොට රජයේ මැති ඇමතිවරු හොරකන් කරපු පිල්ලි ගහපු සල්ලි කොච්චර ද? ඒවාට ඒ අය හිරේ යන්නෙත් නැ දඩ ගෙවන්නෙත් නැහැ.(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 08 May 2014 08:05 PM

මේ එක් කෝටි 400 ක් පමණි. මේ වගේ ජනතාවගේ සල්ලි කොපමණ දිනපතාම හොරකම් කරනවා ඇත්ද? (නදී)

:       0       0

රොකි Thursday, 08 May 2014 08:08 PM

ඔන්න ලබන ජනාධිපති ඡන්දෙදි පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්න නියම බඩුව! ජය වේවා! (නදී)

:       0       0

සංජීව Friday, 09 May 2014 08:48 AM

ඇත්තටමද ? (නදී)

:       0       0

රොෂ්චින්ද ද සොයිසා Thursday, 08 May 2014 08:12 PM

උගත් හොරෙක් තන්හාව නිසා දුක ඇතිවේ.(නදී)

:       0       0

වාසනා Friday, 09 May 2014 09:00 AM

විස්වාස කරන්න අමාරුයි කෝටි හාරසියයක් තිබුනානම් ගොඩක් දේවල් හරවන්න තිබුනනේ.(නදී)

:       0       0

හෙට්ටිආරච්චි Friday, 09 May 2014 09:05 AM

මහ ලොකුවට අදහස් දානවා. ඒත් ප්‍රවෘත්තිය කියවලා තේරුම් ගන්න බෑ. මොනවද මේ කියන්නෙ. අවුරුදු 3 න් ගෙදර යාවිලු (ස)

:       0       0

රකිත් Friday, 09 May 2014 09:06 AM

ඔහු සිරභාරයට නියම වී ඇති කාලය වසර 3යි. එකවර ගෙවීම යනු ඔහු ගෙවිය යුත්තේ තමාට වැඩිම සිර දඬුවම ලැබුණු චෝදනාවයි. සෑම චෝදනාවකටම වසර 3 නිසා ඔහු ගෙවිය යුත්තේ වසර 3යි. රිමාන්ඩ් භාරයේ වසර 8ක් සිටි නිසා මගේ මතකයේ හැටියට ඔහු වසර 5ක් වැඩියෙන් සිර දඬුවම් විඳ ඇත. ඔහුට පෙරලා නඩුවක් ගොනු කළ හැක. නියමයි නේද? (නි)

:       0       0

ඒ. ලලිත් Thursday, 08 May 2014 08:27 PM

එහෙම නම් පාර්ලිිමේන්තුවේ පවා ඉන්න කම්බ හොරුන්ට දෙන දඩුවම් මොනවාද? (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Thursday, 08 May 2014 08:30 PM

මොහුගේ මුහුණ දැක්කම දිළිඳු මිනිසෙකුගේ ගතියක් පෙනෙන්නේ.එහෙත් මොහු වංචා කළ මුදල් ප්‍රකෝටියක් පමණ. මිනිසෙකුගේ මුහුණින් ඔහු ගැන වටහා ගැනීම අමාරුයි.බුදු බණ අනුව තණ්හාය ජායති ශෝකෝ ( තණ්හාව නිසා ශෝකයත් බයත් උපදී ) (නි)

:       0       0

මනෝජ්-සාජා Thursday, 08 May 2014 08:31 PM

නැ දිනේෂ් ,චෝදනා 34 ට වසර 3 බැගින් 102 වසරක් එක දිගට හිරේ දාල තියෙන්නේ. චෝදනා 34 ට , එක් චෝදනාවකට වසර 3 බැගින් වසර 102 ක් හිරේට නියම කරළා.(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 09 May 2014 09:27 AM

රජයේ සේවකයෙක් ගෙන් වරදක් වෙලා අධිකරණයෙන් වැරදි කාරයෙකු කලානම් පැන්ෂන් එකටත් තට්ටුවෙලා දරුපවුලත් අනාත වෙනවා මදිවට හිරේ ලගින්නත් වෙනවා. ඔවුන් වැරදි කලානම් දඬුවම් ලබන්න වෙනවා. නමුත් මහජන නියෝජිතයින් වන මැති ඇමතිවරුනුත් රජයේ සේවකයෝ උනාට සොරකම් කිරීමේ වරප්‍රසාද, පොලිසිවලට නිතිය ක්‍රියාත්මක කලයුතු ආකාරය ගැන උපදෙස් දෙන්ට, ඕනෙම චූදිතයෙක් පොලිස් අත්අඩංගුවෙන් මුදවාගැනීමට, මැරවරකම් කිරීමට, මිනිසුන්ට තඩිබෑමට විශේෂ වරප්‍රසාද දීල තියෙනවා. හිරේ ඉඳල පාර්ලිමේන්තුවට එන්ටත් පුළුවන්. ඒ මදිවට අවුරුද පහෙන් හොඳ සාරවත් පැන්ෂන් එකකුත් ලැබෙනවා. පොලිස් නිලධාරීන්ට ඒගොල්ලන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්ට බැහැ. නමුත් සාමාන්‍ය පුරවැසියෙක් පොලිසියකට ගිහිල්ල යුක්තිය වෙනුවෙන් කතාකලොත් බොහෝ වෙලාවට පොලිස්යෙන් ගුටි කාළා රිමාන්ඩ් බාරයේ ඉඳලත් තමයි එන්ට වෙන්නේ. නීතියේ හමුවේ කවුරුත් එක සමාන නම් ඒක එහෙම වෙන්ට බැහැ. ඔය ඉන්න 225 දෙනාගෙන් කාටවත් උවමනාවක් නැහැ ඒවා සංශෝධනය කරලා වගවීම, වගකීම, සහ රටේ නීතියට ගරු කරන්ට බැඳී සිටින බවට පොරොන්දුවන විදියේ සහ එවැනි ක්‍රියාවකට චෝදනාවක් ලැබූ තැනැත්තෙකු තමා නිවැරදි කරුවකු බව තහවුරු වන තෙක් තම තනතුරු සහ ලබන විශේෂ වරප්‍රසාද වලින් ඉවත්වන විදියේ, අඩුම ගනනේ පාර්ලිමේන්තුවට/සභාවට එන්ටත් බැරි වෙන විදියේ සහ දැඩි විනයක් සහිත ගිවිසුමකට අත්සන් කරන යෝජනාවක් ගෙන එන්නට. අපේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයක් හොඳ විනයක් ඇතුව සාමකාමිව ජීවත් වෙන්ට කැමති පිරිසක්. නමුත් අපිව නියෝජනය කරන උදවියගේ හැසිරීම සහ ක්‍රියා කලාපයන් අපිව බොහොම දුකට සහ ලජ්ජාවට පත් කරන සුළුයි. රටේ විධායක සිට කම්කරුවා දක්වා රටේ නිතිය ගරු කිරීමට බැඳී සිටිය යුතුයි. වරප්‍රසාද මුවාවෙන් කාටවත් නීතියෙන් ගැලවී යාමට ඉඩ නොදිය යුතුයි.(නදී)

:       0       0

අනුර Friday, 09 May 2014 09:29 AM

ඈපෑලෙන් නිදහස් වෙයි නේද? (නදී)

:       0       0

හිල්මි Thursday, 08 May 2014 08:34 PM

කෝටි 400 ක් ? (නදී)

:       0       0

මිනෝලි Thursday, 08 May 2014 08:35 PM

ඉතාම කාලෝචිත තීන්දුවක් (නි)

:       0       0

කෝලිත Friday, 09 May 2014 09:50 AM

වැඩේ හොඳයි. (ස)

:       0       0

සමන් Thursday, 08 May 2014 08:38 PM

එතකොට අර ඊටත් වඩා ලොකු අය මහජන මුදල් ගසාකන ඒවාට දෙන දඬුවම මොකක්ද? (නි)

:       0       0

ලලිත් - එස්එල් Friday, 09 May 2014 09:55 AM

මරණීය දණ්ඩනය තමා දෙන්න තිබුණේ. (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Friday, 09 May 2014 09:56 AM

ඉතාම හොඳ නඩු තීන්දුවක්. (ස)

:       0       0

හිල්මි Thursday, 08 May 2014 08:48 PM

කෝටි 400 ක්, කොහොමද ගාන. මං මේ මගේ පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙළයි ප්‍රිය බිරියගේ සෙනෙහසයි දාලා පිටරට දුපතක තනි වෙලා, එදා වේල හොයා ගන්න. (නදී)

:       0       0

සත්‍යපාල Friday, 09 May 2014 10:05 AM

අවුරුදු 3ක් නම් හොඳටම මදියි. අඩු ගානේ අවුරුදු 20ක් වත් යවන්න තිබුණා. කෝටි 1198ක් නම් අය කර ගන්නා බැරි වෙයි. ඒ වෙනුවට දේපොළ සියල්ල රාජසන්තක වෙයි. (ස)

:       0       0

මහසෙන් Friday, 09 May 2014 10:13 AM

එයාගෙ නමින් රාජසන්තක කරන්න තරම් දේපලක් නැතුව ඇති. දේපල බිරිඳගෙ දරුවන්ගෙ නෑදෑයන්ගෙ නම් වලට හරවල ඇති. ඔය ටික දවසකට හිරේ ඉඳල, වෙසක් දවසක හරි අවුරුද්දට හරි නිදහස්දාට හරි පොදු සමාවක් යටතේ එළියට එයි. (ස)

:       0       0

උඩුරාවණ Friday, 09 May 2014 10:24 AM

නිශාර්ඩ් ප්‍රිනා. ඔබ කියන දිග කතාව පසු දිනක සුදුසු මාතෘකාවක් එළඹි විට කතා කළ යුතු දෙයක් කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

අරෝෂ් Thursday, 08 May 2014 09:18 PM

මෙහෙමත් වංචා වෙනවද? (නි)

:       0       0

සදුනි Thursday, 08 May 2014 09:18 PM

අහන්නත් සතුටුයි.දේපල රාජසන්තක කිරීම ඉක්මන් කරන්න. (නි)

:       0       0

රකිත් Friday, 09 May 2014 10:44 AM

සමහර වැට් හොරු ඒ කාලෙම වැටෙන් පැනලා කියලා තමයි ආරංචි වුණේ. (ස)

:       0       0

රුවන් කොටුවැල්ලේ Thursday, 08 May 2014 09:25 PM

දඩුවමින් පසු ලොකු තනතුරක්වත් ලැබෙයිද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 08 May 2014 09:29 PM

නියම තීන්දුවක්.මෙවැනි හොරුන් ගැන නිවැරදි විස්තර (ලියකියවිලි සමග ) දෙන අයට දඩයෙන් 10% තෑගි වශයෙන් දෙනවා කියලා නීතියක් ගෙනවා නම් ආණ්ඩුවට හොඳ අාදායමක් ලබාගත හැක. මෙවැනි ක්‍රම යුරෝපයේ භාවිතා වෙනවා. (නි)

:       0       0

මහේෂ්‍ Friday, 09 May 2014 10:54 AM

මෙයාට දේශපාලන සවියක් තිබුණා නම් ගෙදර ඉන්න තිබුණා(නි)

:       0       0

කුසුම් Thursday, 08 May 2014 09:35 PM

අර අහවල් වාර්තාවේ ඉන්න කට්ටිය එක්ක එකතු වෙන්න මෙයාට බැරි වුණේ මොකද? (නි)

:       0       0

සුනා Thursday, 08 May 2014 09:40 PM

නියම හොරා දෙන්ඩ ඕනෑ තැන් වලට දීලා ඩුබායි වල සැපට ඉන්නවා ඇති.මේ කෙනා ඒකවත් කරලා නැහැ. (නි)

:       0       0

සත්‍යයා Thursday, 08 May 2014 09:43 PM

මේ වගේ ගෞරවනීය තනතුරක ඉඳගෙන මේ වගේ තක්කඩිකමක් කරන්න මොළේ තිබුන මිනිහෙක් සොරකම් කළ ධනයෙන් ඉපයූ මුදල් තමන්ගේ නමින් තියාගන්න තරම් මෝඩ වෙයිද? මෝරගේ වලිගෙ තමයි අල්ලන්න වෙන්නේ. මොනවා ජනසතු කරන්නද? (නි)

:       0       0

විජිත් Thursday, 08 May 2014 09:56 PM

තව හොරෙක් පිටරට ඉන්නවා. මිනිහව අල්ලා ගන්නේ නැද්ද? (නි)

:       0       0

විධුෂක Thursday, 08 May 2014 10:48 PM

මොහු ලද පුරුද්ද,කළ පුරුද්ද සහ පළපුරුද්ද තුලින් ඉහලම හිනිපෙත්තට ගමන් කරපු රජයේ "ඒ" ශ්‍රේණියේ දෙපා. වක නිල ආරෝහණ පිරමිඩයේ උඩින්ම වැජඹුණු අයෙක්. මේ ක්‍රියාවලිය තුළ සිදුවන්නාවූ හොඳ වැඩ/ වංචා වැඩ ගැන හොඳ අවබෝධයක්, දැනුමක් තිබුන නිසා ඉතාමත් උපක්‍රමශීලීව මොහු මේ වංචාව කර තිබුනද සිතේ හටගත්තාවූ අධික තන්හාව නිසා කොටි 400 ක් දක්වා ගිය ගමනේ අවසන් ප්‍රතිඵලය වුයේ කොටු වීමයි. මේ සා විශාල මහජන මුදලක් වංචා කරන තුරු හසු කර ගැනීමට අපොහොසත් වන්නට ඇත්තේ විගණන යාන්ත්‍රණයේ සහ සුපරීක්ශාවේ බරපතල දුර්වලතා නිසා බව බව පෙනේ. උතුම් වූ රාජ්‍ය සේවය නින්දාවට පරිභවයට ලක් කළ, සිය දෙමව්පියන්ගේ ගෞරවනීය නාමය කෙලෙසු, තිරස් ජීවියෙකුට නෑකම් කියන මොහු වචනයේ පරිසමාප්ත්ත අර්ථයෙන්ම කම්බා හොරෙකි. (ස)

:       0       0

රූපවතී Thursday, 08 May 2014 11:17 PM

දැන් මෙයාගේ වයසත් අව්රුදු 60ක් පමණ ඇති ? හිරේ ඉන්න අව්රුදු 102 යි , මෙයා කොපමණ නම් වාසනාවන්තද කියල මට අදහ ගන්නවත් බැරි අව්රුදු 162ක් ජීවත් වෙන්න වාසනා කරලා තියනවා ...? මේ අදහස් වල ලියා තියන 34 යි ,3 යි , 102 යි, දැකල මටත් දැන් ටිකක් ඔලුව කරකැවිල්ල වගෙයි ...? (ස)

:       0       0

රූපවතී Thursday, 08 May 2014 11:25 PM

මේ නිව්ස් එකට යටින් තියන නිව්ස් එකේ එයට හිමි එයාගේ නමින් ඇති තහනම් කල සියලුම නිශ්චල ,චංචල දේපල සටහන් වෙලා තියනවා ..හොරකම් කරලා ලැජ්ජා නැතිව ඒ මුදල් තමන්ගේ නමින් බැංකුවල දමාගෙන ..?පොලිය ලබාගෙන ජීවත්වෙනවා ..?පුදුම මිනිස්සු. (ස)

:       0       0

ඡායා Thursday, 08 May 2014 05:15 PM

දඩය අය වෙනවද ,එතකොට හිරේ ඉන්නේ වසර 3 ද ? (නදී)

:       0       0

සහන් Saturday, 10 May 2014 02:36 AM

අනේ අල්විස් ලංකාව ගැන හිතල කිව්වම නොවේ ඊස්සර බලුපු නාට්‍යක තිබුන චෞර රජයක චෞරයෙක් නොවී හිටපු කෙනෙකුට වෙච්ච අලකලංචියක් මම හිතන්නේ මහේෂ් කියන එක හරි. අඩුගනනේ කාට හරි ඡන්දෙකට එක කෝටියක් වියදම් කරානම් ඉතුරු ටික බේරාගෙන යසට ඉන්න තිබුන. (ස)

:       0       0

සිල්වා Thursday, 08 May 2014 11:51 PM

මේවා මොන සොරකම්ද ? මේ මුදල ලොකු ගණනක් නොවේ . අපේ සමහර දේශපාලකයන් අල්ලසින් සහ මැරවරයින් දමා සොයන මුදල් සහ මත් කුඩු ජාවාරමෙන් ලබනා ලාබය . මේවට නඩුත් නෙහැ තින්දුත් නැහැ (ස)

:       0       0

ලලිත් Thursday, 08 May 2014 11:52 PM

මම අහන්නේ දැනට මහජන මුදල් තමන්ගේ අම්මල අප්පලගේ බුදලේ වගේ තමන්ට ඕන විදිහට පරිහරණය කරන, පාරවල් වලින් .කොන්ත්‍රාත් වලින් ගසාකන දේසපාලකයන්ට දෙන දඩුවම ගැන කව්රුහරි කියනවද? (ස)

:       0       0

හේමා Thursday, 08 May 2014 05:17 PM

මේවා ඇත්තටම වෙනවද ? අනේ මන්දා.(නදී)

:       0       0

විතාන Thursday, 08 May 2014 05:19 PM

ඒ කියන්නේ අවුරුදු තුනෙන් ගෙදරද? (නි)

:       0       0

බිහාර Thursday, 08 May 2014 05:23 PM

ඒ කියන්නේ වසර තුනෙන් සියල්ල අවසානයිද? (නි)

:       0       0

කමල් Thursday, 08 May 2014 05:26 PM

ඕක නොගෙවුවොත් එයා කොහොමද අවුරුදු 102ක් හිරේ ඉන්නේ? (නි)

:       0       0

එච්. Thursday, 08 May 2014 05:26 PM

මේචචර දඩයක් ගෙවන්න සල්ලි තියෙනවද? මේවා වෙන වැඩද? අනේ! එහෙම නම් ලංකාව දියුණු වෙලා ගොඩක් කල් (නි)

:       0       0

දසනායක Thursday, 08 May 2014 05:32 PM

වසර 3නක් නෙමේ චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර.(නදී)

:       0       0

ඩෑම් Friday, 09 May 2014 12:17 AM

එතකොට තව කට්ටිය ඔය යසට ඉන්නේ... (නි)

:       0       0

කුමාර Thursday, 08 May 2014 05:33 PM

මේවා ඇත්තටම වෙන වැඩද? (නි)

:       0       0

අමිල බලංගොඩ Thursday, 08 May 2014 05:34 PM

මේ දාලා තියෙන අදහස් බලනකොට පිස්සු හැදෙනවා. වසර 3 න් නිදහස නෙමෙයි චෝදනා 34 ට එකකට වසර තුන ගනනනේ 34*3=102. (නදී)

:       0       0

සිල්වා Friday, 09 May 2014 01:43 AM

කණගාටුයි, මේ තීරයට ලියන සම-හරක්ට ලියා තිබෙන දේවත් නොතේරෙන එකට (නි)

:       0       0

අනුරාධ Thursday, 08 May 2014 05:49 PM

මේ වගේ තව කොච්චර කට්ටිය මාටියා ගහනවා ඇද්ද. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ.(නදී)

:       0       0

සරත් Friday, 09 May 2014 01:48 AM

ඒ මනුස්සය කළ වරද පිළිගෙන තිබෙනවා.රටේ ලොකු ලොකු අය කොච්චර ඉන්නවද මුදල් කොමිස් ගහලා වැජඹෙන? කෝ ඒවා නවත්වන්න නීති? (නි)

:       0       0

මධුසංක Thursday, 08 May 2014 05:50 PM

මේකේ අදහස් දමන අය බබ්බු.(නදී)

:       0       0

කෝසල Thursday, 08 May 2014 05:53 PM

අනේ ඇත්තට මෙහෙමත් දේවල්? (නි)

:       0       0

අරුණ පතිරාජ Thursday, 08 May 2014 05:56 PM

ඔහු මේ රටට කර තිබින්නේ ලොකු අකටයුක්තක්.(නදී)

:       0       0

නීලා Friday, 09 May 2014 02:30 AM

මම නම් අහන්නේ ඇයි මේ මෙහෙම දඬුවමක් දුන්නේ කියලා.මට හිතාගන්නවත් බැහැ. (නි)

:       0       0

නිමල්-රියාද් Thursday, 08 May 2014 06:00 PM

එයාා දඩය ගෙවන්නෙ නෑ එක රුපියලක්වත් අවුරුදු 3 න් ගෙදර එන නිසා සැපට ඉඳිවි හිරගෙදරට වෙලා. හොරකම් කරපු ඒ වලින් සොච්චමයි හිරගෙදර ඇතුලෙදි විසිකරන්න ඕනෙ ගෙදරට වඩා සැපට ඉන්න. එකවර ගෙවෙනවා කියන්නෙ වසර 3 බැගින් වූ දඬුවම් 34 ක් පලමු අවුරුදු 3 ඇතුලෙම ගෙවෙනවා.(නදී)

:       0       0

මොහොට්ටි Friday, 09 May 2014 01:36 PM

ලොකු ලොකු සොරකම් කරන්නේ ලොකු ලොකු නිලාදාරින් . ලොකු සොරකම් කිරීමට හැකියාවත් ඉඩ පහසුවත් ලැබෙන්නේ නිලය ලොකු වුන තරමට. එහෙත් මොළයත් ලොකුවට තිබ්බා නම් මිනිහට අහු නොවී ඉන්න තිබ්බා. අඩුම ගානේ අහුවෙන්නට කලින් පිට රටකට පනින්න සල්ලි එක්ක. මෙයත් ලොකු නිළදාරියෙක් උනාට මොට්ට පාලයෙක්.(නදී)

:       0       0

අනුරුද්ධ Thursday, 08 May 2014 06:11 PM

ඉතින් මෙයා මේක ගෙවයිද? (නි)

:       0       0

තිලක Thursday, 08 May 2014 06:13 PM

අම්මෝ මෙච්චර ගාණක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 227 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1262 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1541 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 56 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2216 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2906 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35232 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24055 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site