රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද රුපියල් කෝටි 1198ක දඩ නියම කළාය.
චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි.
ශ්‍රී ලංකා අධිකර ඉතිහාසයේ විශාලම දඩය මෙය බව සැලකේ.
දඩය නොගෙව්වොත් ඔහුගේ දේපොළ රාජසන්තක කරන බව ද නඩු තීන්දුවේ සඳහන්ය.
වසර පහකට අධික කාලයක් මාහාධිකරණයේ දී මේ නඩුව විභාග වූ අතර එහි දී විත්තිකරුවෝ හතර දෙනෙක් මීට පෙර වරද පිළිගත්හ. තවත් විත්තිකරුවෝ පිරිසක් රට හැර ගොස් සිටිති. මෙතෙක් කල් නඩුව විභාග වූයේ එම සැකරකුවන් නැතිවය.
පැමිණිල්ල වෙනුවෙන් 34 දෙනෙක් සාක්කි දුන්හ.
වරද පිළිගත් සොයිසා ජයතිලක වසර අටක පමණ කාලයක සිට රිමාන්ඩ් භාරයේ පසුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිව්ස් එකට යටින් තියන නිව්ස් එකේ එයට හිමි එයාගේ නමින් ඇති තහනම් කල සියලුම නිශ්චල ,චංචල දේපල සටහන් වෙලා තියනවා ..හොරකම් කරලා ලැජ්ජා නැතිව ඒ මුදල් තමන්ගේ නමින් බැංකුවල දමාගෙන ..?පොලිය ලබාගෙන ජීවත්වෙනවා ..?පුදුම මිනිස්සු. (ස)
මෙයාගේ ජීවිතයම වංචාවක් වගෙයි. (නි)
දැන් ඉතින් මෙයා මේක ගෙවයිද? (නි)
අනේ මේ අපේ රටේ මහජන මුදල් යටි මඩි ගහන හොර ඇමතිලා මන්ත්‍රීලාටත් ඔය වගේ කළා නම් හොඳ නැද්ද? (නි)
මොහමඩ් ෆාරුක් අපිට බණ උගන්වන්න ඇවිල්ලා මෙන්න. මම දන්නවා එංගලන්තයේ හොර වීසා හදාගෙන හොරට වැඩ කරන ඔයාලගේ හුඟක් අයව. (නි)
මම නම් අහන්නේ ඇයි මේ මෙහෙම දඬුවමක් දුන්නේ කියලා.මට හිතාගන්නවත් බැහැ. (නි)
ඒ මනුස්සය කළ වරද පිළිගෙන තිබෙනවා.රටේ ලොකු ලොකු අය කොච්චර ඉන්නවද මුදල් කොමිස් ගහලා වැජඹෙන? කෝ ඒවා නවත්වන්න නීති? (නි)
කණගාටුයි, මේ තීරයට ලියන සම-හරක්ට ලියා තිබෙන දේවත් නොතේරෙන එකට (නි)
එතකොට තව කට්ටිය ඔය යසට ඉන්නේ... (නි)
මම අහන්නේ දැනට මහජන මුදල් තමන්ගේ අම්මල අප්පලගේ බුදලේ වගේ තමන්ට ඕන විදිහට පරිහරණය කරන, පාරවල් වලින් .කොන්ත්‍රාත් වලින් ගසාකන දේසපාලකයන්ට දෙන දඩුවම ගැන කව්රුහරි කියනවද? (ස)
මේවා මොන සොරකම්ද ? මේ මුදල ලොකු ගණනක් නොවේ . අපේ සමහර දේශපාලකයන් අල්ලසින් සහ මැරවරයින් දමා සොයන මුදල් සහ මත් කුඩු ජාවාරමෙන් ලබනා ලාබය . මේවට නඩුත් නෙහැ තින්දුත් නැහැ (ස)
ඔබතුමාට කම්බ හොරා, නීලකාස හොරා කියලා සමහරු අපහාස කළාට මෙහෙමත් චෞර රාජ්‍යයක හොරෙක් නොවී ඉන්නේ කොහොමද? (නි)
දැන් මෙයාගේ වයසත් අව්රුදු 60ක් පමණ ඇති ? හිරේ ඉන්න අව්රුදු 102 යි , මෙයා කොපමණ නම් වාසනාවන්තද කියල මට අදහ ගන්නවත් බැරි අව්රුදු 162ක් ජීවත් වෙන්න වාසනා කරලා තියනවා ...? මේ අදහස් වල ලියා තියන 34 යි ,3 යි , 102 යි, දැකල මටත් දැන් ටිකක් ඔලුව කරකැවිල්ල වගෙයි ...? (ස)
මොහු ලද පුරුද්ද,කළ පුරුද්ද සහ පළපුරුද්ද තුලින් ඉහලම හිනිපෙත්තට ගමන් කරපු රජයේ "ඒ" ශ්‍රේණියේ දෙපා. වක නිල ආරෝහණ පිරමිඩයේ උඩින්ම වැජඹුණු අයෙක්. මේ ක්‍රියාවලිය තුළ සිදුවන්නාවූ හොඳ වැඩ/ වංචා වැඩ ගැන හොඳ අවබෝධයක්, දැනුමක් තිබුන නිසා ඉතාමත් උපක්‍රමශීලීව මොහු මේ වංචාව කර තිබුනද සිතේ හටගත්තාවූ අධික තන්හාව නිසා කොටි 400 ක් දක්වා ගිය ගමනේ අවසන් ප්‍රතිඵලය වුයේ කොටු වීමයි. මේ සා විශාල මහජන මුදලක් වංචා කරන තුරු හසු කර ගැනීමට අපොහොසත් වන්නට ඇත්තේ විගණන යාන්ත්‍රණයේ සහ සුපරීක්ශාවේ බරපතල දුර්වලතා නිසා බව බව පෙනේ. උතුම් වූ රාජ්‍ය සේවය නින්දාවට පරිභවයට ලක් කළ, සිය දෙමව්පියන්ගේ ගෞරවනීය නාමය කෙලෙසු, තිරස් ජීවියෙකුට නෑකම් කියන මොහු වචනයේ පරිසමාප්ත්ත අර්ථයෙන්ම කම්බා හොරෙකි. (ස)
තව හොරෙක් පිටරට ඉන්නවා. මිනිහව අල්ලා ගන්නේ නැද්ද? (නි)
මේ වගේ ගෞරවනීය තනතුරක ඉඳගෙන මේ වගේ තක්කඩිකමක් කරන්න මොළේ තිබුන මිනිහෙක් සොරකම් කළ ධනයෙන් ඉපයූ මුදල් තමන්ගේ නමින් තියාගන්න තරම් මෝඩ වෙයිද? මෝරගේ වලිගෙ තමයි අල්ලන්න වෙන්නේ. මොනවා ජනසතු කරන්නද? (නි)
නියම හොරා දෙන්ඩ ඕනෑ තැන් වලට දීලා ඩුබායි වල සැපට ඉන්නවා ඇති.මේ කෙනා ඒකවත් කරලා නැහැ. (නි)
අර අහවල් වාර්තාවේ ඉන්න කට්ටිය එක්ක එකතු වෙන්න මෙයාට බැරි වුණේ මොකද? (නි)
නියම තීන්දුවක්.මෙවැනි හොරුන් ගැන නිවැරදි විස්තර (ලියකියවිලි සමග ) දෙන අයට දඩයෙන් 10% තෑගි වශයෙන් දෙනවා කියලා නීතියක් ගෙනවා නම් ආණ්ඩුවට හොඳ අාදායමක් ලබාගත හැක. මෙවැනි ක්‍රම යුරෝපයේ භාවිතා වෙනවා. (නි)
දඩුවමින් පසු ලොකු තනතුරක්වත් ලැබෙයිද? (නි)
අහන්නත් සතුටුයි.දේපල රාජසන්තක කිරීම ඉක්මන් කරන්න. (නි)
මෙහෙමත් වංචා වෙනවද? (නි)
වැඩේ හොඳයි. (ස)
අනේ අල්විස් ලංකාව ගැන හිතල කිව්වම නොවේ ඊස්සර බලුපු නාට්‍යක තිබුන චෞර රජයක චෞරයෙක් නොවී හිටපු කෙනෙකුට වෙච්ච අලකලංචියක් මම හිතන්නේ මහේෂ් කියන එක හරි. අඩුගනනේ කාට හරි ඡන්දෙකට එක කෝටියක් වියදම් කරානම් ඉතුරු ටික බේරාගෙන යසට ඉන්න තිබුන. (ස)
චන්න බණ්ඩාර මහත්තයා කියන්නේ ඇත්ත. කෝටි 400 ට වැඩිය හොරකම් කරපු කට්ටිය ඕන තරම් ආණ්ඩුවේ ඇති. ඒවාට වගකියන්නේ කව්ද ? (නදී)
ලොකු ලොකු සොරකම් කරන්නේ ලොකු ලොකු නිලාදාරින් . ලොකු සොරකම් කිරීමට හැකියාවත් ඉඩ පහසුවත් ලැබෙන්නේ නිලය ලොකු වුන තරමට. එහෙත් මොළයත් ලොකුවට තිබ්බා නම් මිනිහට අහු නොවී ඉන්න තිබ්බා. අඩුම ගානේ අහුවෙන්නට කලින් පිට රටකට පනින්න සල්ලි එක්ක. මෙයත් ලොකු නිළදාරියෙක් උනාට මොට්ට පාලයෙක්.(නදී)
මෙයාට දේශපාලන සවියක් තිබුණා නම් ගෙදර ඉන්න තිබුණා(නි)
සමහර වැට් හොරු ඒ කාලෙම වැටෙන් පැනලා කියලා තමයි ආරංචි වුණේ. (ස)
නිශාර්ඩ් ප්‍රිනා. ඔබ කියන දිග කතාව පසු දිනක සුදුසු මාතෘකාවක් එළඹි විට කතා කළ යුතු දෙයක් කියලයි මට හිතෙන්නේ. (නි)
එයාගෙ නමින් රාජසන්තක කරන්න තරම් දේපලක් නැතුව ඇති. දේපල බිරිඳගෙ දරුවන්ගෙ නෑදෑයන්ගෙ නම් වලට හරවල ඇති. ඔය ටික දවසකට හිරේ ඉඳල, වෙසක් දවසක හරි අවුරුද්දට හරි නිදහස්දාට හරි පොදු සමාවක් යටතේ එළියට එයි. (ස)
අවුරුදු 3ක් නම් හොඳටම මදියි. අඩු ගානේ අවුරුදු 20ක් වත් යවන්න තිබුණා. කෝටි 1198ක් නම් අය කර ගන්නා බැරි වෙයි. ඒ වෙනුවට දේපොළ සියල්ල රාජසන්තක වෙයි. (ස)
ඉතාම හොඳ නඩු තීන්දුවක්. (ස)
මරණීය දණ්ඩනය තමා දෙන්න තිබුණේ. (ස)
කෝටි 400 ක්, කොහොමද ගාන. මං මේ මගේ පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙළයි ප්‍රිය බිරියගේ සෙනෙහසයි දාලා පිටරට දුපතක තනි වෙලා, එදා වේල හොයා ගන්න. (නදී)
ඈපෑලෙන් නිදහස් වෙයි නේද? (නදී)
රජයේ සේවකයෙක් ගෙන් වරදක් වෙලා අධිකරණයෙන් වැරදි කාරයෙකු කලානම් පැන්ෂන් එකටත් තට්ටුවෙලා දරුපවුලත් අනාත වෙනවා මදිවට හිරේ ලගින්නත් වෙනවා. ඔවුන් වැරදි කලානම් දඬුවම් ලබන්න වෙනවා. නමුත් මහජන නියෝජිතයින් වන මැති ඇමතිවරුනුත් රජයේ සේවකයෝ උනාට සොරකම් කිරීමේ වරප්‍රසාද, පොලිසිවලට නිතිය ක්‍රියාත්මක කලයුතු ආකාරය ගැන උපදෙස් දෙන්ට, ඕනෙම චූදිතයෙක් පොලිස් අත්අඩංගුවෙන් මුදවාගැනීමට, මැරවරකම් කිරීමට, මිනිසුන්ට තඩිබෑමට විශේෂ වරප්‍රසාද දීල තියෙනවා. හිරේ ඉඳල පාර්ලිමේන්තුවට එන්ටත් පුළුවන්. ඒ මදිවට අවුරුද පහෙන් හොඳ සාරවත් පැන්ෂන් එකකුත් ලැබෙනවා. පොලිස් නිලධාරීන්ට ඒගොල්ලන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්ට බැහැ. නමුත් සාමාන්‍ය පුරවැසියෙක් පොලිසියකට ගිහිල්ල යුක්තිය වෙනුවෙන් කතාකලොත් බොහෝ වෙලාවට පොලිස්යෙන් ගුටි කාළා රිමාන්ඩ් බාරයේ ඉඳලත් තමයි එන්ට වෙන්නේ. නීතියේ හමුවේ කවුරුත් එක සමාන නම් ඒක එහෙම වෙන්ට බැහැ. ඔය ඉන්න 225 දෙනාගෙන් කාටවත් උවමනාවක් නැහැ ඒවා සංශෝධනය කරලා වගවීම, වගකීම, සහ රටේ නීතියට ගරු කරන්ට බැඳී සිටින බවට පොරොන්දුවන විදියේ සහ එවැනි ක්‍රියාවකට චෝදනාවක් ලැබූ තැනැත්තෙකු තමා නිවැරදි කරුවකු බව තහවුරු වන තෙක් තම තනතුරු සහ ලබන විශේෂ වරප්‍රසාද වලින් ඉවත්වන විදියේ, අඩුම ගනනේ පාර්ලිමේන්තුවට/සභාවට එන්ටත් බැරි වෙන විදියේ සහ දැඩි විනයක් සහිත ගිවිසුමකට අත්සන් කරන යෝජනාවක් ගෙන එන්නට. අපේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයක් හොඳ විනයක් ඇතුව සාමකාමිව ජීවත් වෙන්ට කැමති පිරිසක්. නමුත් අපිව නියෝජනය කරන උදවියගේ හැසිරීම සහ ක්‍රියා කලාපයන් අපිව බොහොම දුකට සහ ලජ්ජාවට පත් කරන සුළුයි. රටේ විධායක සිට කම්කරුවා දක්වා රටේ නිතිය ගරු කිරීමට බැඳී සිටිය යුතුයි. වරප්‍රසාද මුවාවෙන් කාටවත් නීතියෙන් ගැලවී යාමට ඉඩ නොදිය යුතුයි.(නදී)
ඔහු සිරභාරයට නියම වී ඇති කාලය වසර 3යි. එකවර ගෙවීම යනු ඔහු ගෙවිය යුත්තේ තමාට වැඩිම සිර දඬුවම ලැබුණු චෝදනාවයි. සෑම චෝදනාවකටම වසර 3 නිසා ඔහු ගෙවිය යුත්තේ වසර 3යි. රිමාන්ඩ් භාරයේ වසර 8ක් සිටි නිසා මගේ මතකයේ හැටියට ඔහු වසර 5ක් වැඩියෙන් සිර දඬුවම් විඳ ඇත. ඔහුට පෙරලා නඩුවක් ගොනු කළ හැක. නියමයි නේද? (නි)
මහ ලොකුවට අදහස් දානවා. ඒත් ප්‍රවෘත්තිය කියවලා තේරුම් ගන්න බෑ. මොනවද මේ කියන්නෙ. අවුරුදු 3 න් ගෙදර යාවිලු (ස)
විස්වාස කරන්න අමාරුයි කෝටි හාරසියයක් තිබුනානම් ගොඩක් දේවල් හරවන්න තිබුනනේ.(නදී)
ඇත්තටමද ? (නදී)
මේ රජයේ නිලදාරියෙක් හොරකන් කරපු ප්‍රමාණය. එතකොට රජයේ මැති ඇමතිවරු හොරකන් කරපු පිල්ලි ගහපු සල්ලි කොච්චර ද? ඒවාට ඒ අය හිරේ යන්නෙත් නැ දඩ ගෙවන්නෙත් නැහැ.(නදී)
මෙයාගේ දේපල, ගමන් බලපත්‍රය රාජසන්තක කර ලංකාවේ පුරවැසිභාවය නැතිකර පවුලේ කෙනකුගේ සම්බන්ද කමක් නැතිව ජීවිත කාලයටම පවුලේ අය යාළුවන් අසල් වැසියන්ගේ කිසිම සම්බන්දයක් තබා ගෙනීම පවා තහනම් කර මහා පාරේ ඇවිදද විය යුතුය. මෙය මාගේ අදහසයි.(නදී)
සහන්. ඔබ කියන දේ කියවන අපට ඔබ ගැන හරි හිරිකිතයක් ඇති වෙනවා. ඔබ ඔබ ගැනම අනියම් වශයෙන් කියනවා නොවේදැයි සිතෙනවා. (නදී)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්? (නි)
අන්න සාධාරන දඩ මුදලක්. (නි)
ඒක තමා දඩය ගෙවුවේ නැත්නම් එයාගේ දේපල රාජසන්තක කරනවා කියලා තියෙන්නේ. හරියට කියවලා බලන්න. කෝටි 1000 ක් කියන එක එයාලට සුළු දෙයක්. ඔය වගේ හොරකම් කරපුවා තව තියෙනවනේ අනේ. (නි)
හොරකම් කරපු කෙනා හොර සල්ලි ළඟ තියා ගන්නවද වියදම් කරනවා මිසක්? ඒ සල්ලි වලින් ටිකක් වටේ අයටත් දීලා අවුරුදු 3 හරියට ට්‍රිප් එකක් ගියා වගේ සැපට ඉන්න පුළුවන්. (නි)
මේ වගේ හොරු සිටිද්දී රටක් කොහොමද දියුණු වෙන්නේ.මේ වගේ තව 10 දෙනෙක් සිටියා නම් අපේ රට බංකොලොත්.(නදී)
ඇර ඇර කියල මාටියා පාර දෙන්න ඇති.(නදී)
අනිත් හොරුන්ටත් ඔය වගේ දඩ ගහන්නකෝ. එතකොටවත් ලංකාවේ සිදුවෙන හොර වැඩ අඩු වෙයි (නි)
අම්මෝ මෙච්චර ගාණක්! (නි)
ඉතින් මෙයා මේක ගෙවයිද? (නි)
එයාා දඩය ගෙවන්නෙ නෑ එක රුපියලක්වත් අවුරුදු 3 න් ගෙදර එන නිසා සැපට ඉඳිවි හිරගෙදරට වෙලා. හොරකම් කරපු ඒ වලින් සොච්චමයි හිරගෙදර ඇතුලෙදි විසිකරන්න ඕනෙ ගෙදරට වඩා සැපට ඉන්න. එකවර ගෙවෙනවා කියන්නෙ වසර 3 බැගින් වූ දඬුවම් 34 ක් පලමු අවුරුදු 3 ඇතුලෙම ගෙවෙනවා.(නදී)
ඔහු මේ රටට කර තිබින්නේ ලොකු අකටයුක්තක්.(නදී)
සාධාරන තීන්දුවක් (නි)
මේකේ අදහස් දමන අය බබ්බු.(නදී)
මේ වගේ තව කොච්චර කට්ටිය මාටියා ගහනවා ඇද්ද. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ.(නදී)
මේ දාලා තියෙන අදහස් බලනකොට පිස්සු හැදෙනවා. වසර 3 න් නිදහස නෙමෙයි චෝදනා 34 ට එකකට වසර තුන ගනනනේ 34*3=102. (නදී)
මේවා ඇත්තටම වෙන වැඩද? (නි)
වසර 3නක් නෙමේ චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර.(නදී)
මේචචර දඩයක් ගෙවන්න සල්ලි තියෙනවද? මේවා වෙන වැඩද? අනේ! එහෙම නම් ලංකාව දියුණු වෙලා ගොඩක් කල් (නි)
ඕක නොගෙවුවොත් එයා කොහොමද අවුරුදු 102ක් හිරේ ඉන්නේ? (නි)
ඒ කියන්නේ වසර තුනෙන් සියල්ල අවසානයිද? (නි)
ඒ කියන්නේ අවුරුදු තුනෙන් ගෙදරද? (නි)
මේවා ඇත්තටම වෙනවද ? අනේ මන්දා.(නදී)
වහාම ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්න. පවුනේ.(නදී)
එතකොට අර ඊටත් වඩා ලොකු අය මහජන මුදල් ගසාකන ඒවාට දෙන දඬුවම මොකක්ද? (නි)
ඉතාම කාලෝචිත තීන්දුවක් (නි)
කෝටි 400 ක් ? (නදී)
නැ දිනේෂ් ,චෝදනා 34 ට වසර 3 බැගින් 102 වසරක් එක දිගට හිරේ දාල තියෙන්නේ. චෝදනා 34 ට , එක් චෝදනාවකට වසර 3 බැගින් වසර 102 ක් හිරේට නියම කරළා.(නදී)
මොහුගේ මුහුණ දැක්කම දිළිඳු මිනිසෙකුගේ ගතියක් පෙනෙන්නේ.එහෙත් මොහු වංචා කළ මුදල් ප්‍රකෝටියක් පමණ. මිනිසෙකුගේ මුහුණින් ඔහු ගැන වටහා ගැනීම අමාරුයි.බුදු බණ අනුව තණ්හාය ජායති ශෝකෝ ( තණ්හාව නිසා ශෝකයත් බයත් උපදී ) (නි)
එහෙම නම් පාර්ලිිමේන්තුවේ පවා ඉන්න කම්බ හොරුන්ට දෙන දඩුවම් මොනවාද? (නි)
උගත් හොරෙක් තන්හාව නිසා දුක ඇතිවේ.(නදී)
ඔන්න ලබන ජනාධිපති ඡන්දෙදි පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්න නියම බඩුව! ජය වේවා! (නදී)
මේ එක් කෝටි 400 ක් පමණි. මේ වගේ ජනතාවගේ සල්ලි කොපමණ දිනපතාම හොරකම් කරනවා ඇත්ද? (නදී)
හැමදාම හාල්මැස්සන් නොමැතිව ඉදහිටවත් මෝරෙකුව අල්ලා ගැනීම ගැන රටේම ජනතාව ප්‍රීති විය යුතුය. නිතිය ක්‍රියාත්මක කිරීම සදහා කැප උන සැමට ජනතාවගේ ගෞරවය හිමි වියයුතුය.(නදී)
දඩය අය වෙනවද ,එතකොට හිරේ ඉන්නේ වසර 3 ද ? (නදී)
අවුරුදු 102ක් නෙමෙයි, චෝදනා 34 එකකට 3 බැගින් එකවර ගෙවී යන්න. ඒ කියන්නේ උපරිම අවුරුදු 3යි ඇතුළෙ ඉන්නේ (නි)
මෙන්න නියම කම්බා හොරෙක්, ඔහු සතු පමණක් නොව හොරකම් කල මුදලින් ගෙන ඇති පවුලේ අයගේ සියලුම දේපොළ රාජ සන්තක කල යුතුමය. මින් ඉදිරියට මෙවන් දේ නොවීමට.(නදී)
එයා කොහොමද අවුරුදු 102ක් හිරේම ඉන්නේ? (නි)
වැට් බදු යනු ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපාරිකයින් විසින් භාණ්ඩ සහ සැපයීම සේවා මගින් උපයන ලද මුදලට වටිනාකම එකතුකළ ආදායම් බද්දකි. මෙය ඍජුවම ශ්‍රී ලංකා රජයට ලැබෙන බද්දක් නොවන අතර නියමාකාරයෙන් බදු ගෙවන සාර්ථක ව්යාපාරිකයින්හට ඒවා ආපසු තම ආදායම් බදු ගෙවීමේදී ලබාගත හැකිය. මෙම මුදල් කාලයක් තිස්සේ බිලියන හතරක පමණ මුදලක් වංචා කිරීම නිසා එය රජයට විශාල බරක් වන්නේය. එය බරපතල දඬුවම් ලැබිය යුතු අපරාධ ගණයට වැටෙන්නේය. එවන් කෙනෙකුට බිලියන 12 කට ආසන්න දඩයක් නියම කරන්නේ සහ එය නොගෙවුවොත් දේපොළ රාජසන්තක කරන බවට නියෝග කරන්නේ චුදිතයාගේ සියලුම වත්කම් සලකා බලා විය යුතුය. මොහු වංචා කළ බිලියන 4 තුළින් බිලියන 12 කට වැඩිය උපයා ඇතිවාට කිසිදු සැකයක් නැහැ. (නදී)
මේ වගේ හොරෙක් වංචා කළ මුදල් ඔහුගේ නමින් තබා නොගන්නටත් වග බලා ගනිති. බොහෝ අල්ලස් ,සහ පාගාකරුවන් මෙවැනි වංචාකරුවන් නිතරම මුදල් සහ දේපොළ වෙනත් අයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ නම් වලින් තබා ගනිති (නි)
අපේ සීයා කියනවා ඇහිලා තියෙනවා "අම්මපා නීල කාශ හොරු කියලා"මෙන්න මේ වගේ අයට ඒක ගැළපෙනවා.දයා,දහයක් නෙමෙයි මේ වගේ දෙතුන් දෙනයි අවශ්‍ය රට නැත්තටම නැති කරන්න.යන අපුරුව හරියට අපි හොරකම් කළා වගේ. (නි)
මොනවා වුණත් ඔහු මේ රටට කර තිබෙන්නේ ලොකු අකටයුත්තක් (නි)
මෙතන අදහස් දාලා තියෙන සමහරු හරියට බබාලා වගෙයි (නි)
අර අරගෙන යන්නේ එයාවද? (නි)