පොතුහැර දුම්රිය අනතුර සම්බන්ධව දැයට කිරුළ දුම්රියේ රියදුරු ඇතුළු පස් දෙනකුගේ වැඩ තහනම් කිරීම පිළිබඳව දුම්රිය රියදුරු සංගමය දැඩි විරෝධය දක්වයි.
සිකුරාදා (2) විශේෂ සාකච්ඡාවක් කැඳවා ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බව ද සංගමය කියයි.
පොතුහැර දුම්රිය අනතුර සම්බන්ධව දැයට කිරුළ දුම්රියේ රියදුරු ඇතුළු පස් දෙනකුගේ වැඩ තහනම් කිරීම පිළිබඳව දුම්රිය රියදුරු සංගමය දැඩි විරෝධය දක්වයි.
සිකුරාදා (2) විශේෂ සාකච්ඡාවක් කැඳවා ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බව ද සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා බබාලා. වැරදි නම් අනිවාර්යයෙන් දඩුවම් විඳිය යුතුයි. මෙපමණ විනාශයක් කරලත් කෑගහනවා. ලංකාවේ මිනිස්සුන්ගේ (රජයේ සේවකයින්) සේවයට තියෙන බැඳීම හා වගකීම් ඉටුකිරීම අන්තිමයි.ඉතින් කොහොමද රටක් හැදෙන්නේ? දේශපලයකයින්ට බනිනවා ඇරෙන්න,තමන්ගේ වගකීම් ඉටුකරනවද කියලා හිතන්න පුරුදුවෙලා නැහැ (නි)
මට මතකයි එම් 9 දුම්රිය එන්ජිමක් දුර දුම්රිය ස්ථානයක සිට මරදානට රැගෙන පැමිණ, එම එන්ජිම පස්වරු 5.55 ගාලු දුම්රියට ඇමුණු අවස්ථාවේ ගාලු දුම්රියේ රියදුරු මහතා දෙස බලා මරදානට එම එන්ජිම රැගෙන ආ රියදුරු මහතා නළලේ අත තබාගත් හැටි. එබැවින් මෙම ඉන්දියානු දුම්රියේ වරද දන්නේ රියදුරු මහත්වරු. වරද ඇත්තේ දුම්රිය එන්ජින් වල නම් ගෙන්වූ අයටයි දඬුවම් කළයුත්තේ. වරද තමන් වෙත පවරාගෙන අස්වන ඇමතිවරු වෙනත් රටවල සිටියාට ලංකාවේ එවැනි අය නැහැනේ. අන්තිමට දුම්රිය වර්ජනයකට ගියොත් ඒකෙන් අමාරුවේ වැටෙන්නෙත් දුප්පතා. (නි)
නිමල්, එක පීල්ලේ දුම්රිය දෙකම ආ එක එන්ජිමේ වරදක් තමා. (නි)
වැඩ වර්ජනය සේවක අයිතියකි. ඒත් මේ ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා. (නි)
සමන්ගේ කතාවට මමත් එකඟයි (නි)
මට හිතෙන හැටියට දුම්රිය ස්ථානයේ ඇති පීලි මාරු කිරීමේ වරදක් වගෙයි පෙනෙන්නේ. රියදුරුට එය කිරීමට බැහැ. (නි)
කෝ ඒ සුදු වෑන් ?වර්ජන වලට නියම එක? (අ)
මේක මාර වැඩක්නේ. දැන් එතකොට මේකට වැරදි මඟීන්ද? (නි)
රියදුරන් නැතුවත් දූම්රිය ගිය හින්දා හොඳ නැද්ද මෙයාලව නැතුවම තිබ්බා නම්? (නි)
මේවට වගකියන්න ඕනෑ දේශපාලකයෝ. 1956 ඉඳලම රක්ෂා දුන්නේ පන්දමට. දක්ෂතාවයට නෙමෙයි.දක්ෂයෝ පෞද්ගලික අංශයට ගියා. ආණ්ඩුවේ ආයතනවල වැඩිය ඉන්නේ අයිස්කාරයෝ.ඉතින් ආයතන වැටෙන එක අහන්න දෙයක්ද? (නි)
මේවට අදහස් දමන්න කලින් ටිකක් ඔලුව පාවිච්චි කරන්න. පොල්ගහවෙල සිට ටැබ්ලට් එක සහිතව එන දුම්රිය පිටත සංඥා කුලුන අසල නැවත්වීමට සංඥා යෙදීම දුම්රිය ස්ථානාධිපතිගේ වග කීමයි. වේදිකාවේ මාතර බලා යන දුම්රිය නවතා ඇති නිසා. එසේ සංඥා යොදා ඇති විට අනුරාධපුර යන දුම්රිය නියත ලෙසම දෙවන මාර්ගයට යොමුවන ලෙස පොයින්ටුව (දුම්රිය මාර්ගය වෙනස් කරන ස්ථානය) සැකසේ. එසේ නොවී තිබුනානම් නවතා තිබූ දුම්රිය මතට යන එක වලක්වනු නොහැක . රියදුරු මොනවා කරන්නද? (අ)
සමන් මහත්තයා,එක දුම්රියක් ඉදිරියෙන් පැමිණෙන දුම්රියට යාම සඳහා නවතා තැබූ දුම්රියක්. අනිත් දුම්රිය දුම්රිය සංඥා අනුව ධාවනය කර තිබෙනවා සඳහන් වන විදිහට. එම දුම්රිය නවතා තිබූ දුම්රිය තිබුන මාර්ගයේ පැමිණියේ රියදුරාගේ වරදින්ද,නැත්නම් මාර්ග වෙන්වන සන්ධිය නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසාද? නියමිත වේගය ඉක්මවා අධික වේගයෙන් ධාවනය වී දුම්රිය පීලි පැන්නා නම් රියදුරු මහතා වෙත වරද පටවන්න තිබුනා.මෙම දුම්රිය එන්ජින් පැදවීම මෙයට පෙරත් රියදුරු සංගමය ප්‍රතික්ෂේප කර තිබුනා. (නි)