බැංකුවලට වඩා වැඩි මුදලක් තමාට ලබා දිය හැකි බව පවසා කොළඹ අවට ප්‍රදේශවල පුද්ගලයින් රවටා වැඩි මුදලට රන් බඩු උගසට ගෙන ඒවා බැංකු වලට උගස්කර මුදල් ලබා ගත්තැයි වරද පිළිගත් පුද්ගලයකු රුපියල් ලක්ෂ දහයක ශරිර ඇප මත මුදා හරින්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් එල් ලියනආරච්චි මහත්මිය නියෝග කළාය.
දෙමටගොඩ මොහොමඩ් තාජුන් මොහොමඩ් අරුෆ් මෙසේ මුදා හැරිණි.
රුපියල් හත්ලක්ෂ තිස් දෙදහසක් වටිනා රන් බඩු මොහු විසින් ලබාගෙන ඒවා බැංකුවලට උගස්කර ඇතැයි අසල්වැසියකු කළ පැමිණිල්ලක් අනුව මේ තැනැත්තා අත්අඩංගුවට ගත් බවත් එවැනි සිද්ධි පිළිබදව නඩු 36 ක් පමණ අලුත් කඩේ,ගල්කිස්ස,කොටුව වැනි මහේස්ත්‍රාත් අධිකරණ රැසක පවතින බව කොළඹ වංචා විමර්ශණ අංශය අධිකරණයට දැන්වීය.
ඔහු විසින් බැංකු වල උගස් කැර තිබු රන් බඩු අයිතිකරුට ලබා දෙන්නැයිද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන් කාලා වගෙයි (නි)
මෙන්න අපේ රටට තවත් ලොකු ආඩම්බරයක්, දැන් මුස්ලිම් සක්විති කෙනෙකුත් ඉන්නවා....(අ)
අපේ මුස්ලිම් සහෝදරයෝ ශරීයා නීතියට අනුව වැඩ කරන බැංකු ඉල්ලුවට, වැඩ කරන්නේ නම් ඒ නීතියට අනුව නොවෙයි වගේ! (නි)
අපේ අයට සති දෙකෙන් ඔක්කොම අමතක වෙනවලු නේ.(නදී)
මාමා අස්මි ජිවතුන් අතර අද හිටියොත් මොහුව බාර දෙන්න තිබුණා (නි)
මේ මුස්ලිම් මෆිව සිහලුන්ව මෝඩයන් කරලා. (නි)